Pages

Wednesday, March 23, 2011

බ්ලොග් සහ අපාය

ඇතැමෙකුට ජීවිතය අපායකි. තවකෙකුට සුර ලොවකි. ජීවිතය අපායක් හෝ සුරලොවක් වන්නේ ඒ ඒ පුද්ගලයා එය දෙස බලන ආකාරය අනුවය.. කෙසේ වුවත් අතිශය දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය අපායකට හෝ සුර ලොවකට සම කරනුයේ ඒ වචනවල නිසි අරුත බිඳකින් හෝ තේරුම් නොගෙන බවනම් කිව මනාය.. හිටි හැටියේම ලිනක්ස් අමතක වී අපාය හා දිව්‍ය ලෝකය මතක් වීමට මට වූ අලකලංචිය කුමක්දැයි ඔබට සිතෙනවා ඇති..

මා මේ සටහන තබන්නේ blogger.com මගින් හො අන් සේවාවක් මගින් නොමිලයේම දෙන සයිබර් අවකාශය භාවිතාකර,අමිල වූ කාලය නාස්ති කරගෙන,අන්තර්ජාල බිල්පත් තමා විසින්ම ගෙවාගෙන නොමිලයේම අපාගත වීමට ඇතැමුන් පෙලඹී සිටින අයුරු දැකීමෙන් ඇතිවූ සංවේගයෙනි. පසුගිය කාලයේ සිංහල බ්ලොග් අවකාශ අතර හමාගිය ජාතිවාදයේ සහ ආගම් වියරු කුණා‍ටුවේ තරම අපි දු‍ටුවෙමු.එහි ඇතැම් දෝංකාරයන් තවමත් ‍රැව් දෙනු ඇසේ..

මෙය කියවන ඔබ  බොහෝ විට සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි,මුස්ලිම් හෝ දමිල අයකු වන්නට ඇති.. මා සිංහල බෞද්ධයකු බැවින් සැම විටම ඊට මුල් තැන දීම ජාති වාදයක් ලෙස වරදවා වටහා නොගනු මැනවි.. එසේ වූ පලියටම අප අන් සියලු ආගම් හෙලා දැකීමට තරම් පහත්නොවෙමු.. සියල්ලන්ටම තම ආගම ලෝකයේ නිවැරදිම ආගමයි..තම ජාතිය ලෝකයේ ඉහලම ජාතියයි.. එසේ සිතීම මිනිස් ස්වභාවයයි.. අප තේරුම් ගත යුත්තේ එයයි.. සියලු ආගම් හා ජාතීන් වලට අයත් සහෝදර සහෝදරයිනේ ඔබ අන් ආගම් හෝ ජාතීන් හෙලා දකින්නේනම් ඒය පෙන්වන්නේ ඔබේම නිරුවත මිසක ඕබ ජාතියේ හෝ ආගමේ නිරුවතනම් නොවේ..

දැන් තවත් ‍රැල්ලකි.. (මෙය බොහෝ විට යුරෝපයෙන් හිඟාගත් සංකල්පයකි) එනම් තමුන් කිසිම ආගමක් නොපිලිගන්නා බව ආඩම්බරයෙන් කීමයි.. මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ ආගම,කලාව,හා විද්‍යාව (අනාර්ය විද්‍යාව) බිහි කරගත් නිසාවෙනි..ඉදින් ආගමක් නොමැත්තා තම මව පියා පිලිගනීද? තම මව පියා නොමරා සිටීවිද? ආගමක් පිලි නොගන්නේ ආගමක් ගැන නොදන්නා නිසාවෙනි.. පසු කාලීනව එක් එක් කතුවරුන් විසින් විකෘති කල ආගම් දර්ශන වල හෙලුව සයිබර් අවකාශය පුරා වපුරයි..තර්ක ගොඩනගයි..තර්ක බිඳ හෙලයි.. නව න්‍යායන් බිහි කරයි.. උඩ පැන පැන තම හෙලුව පෙන්නයි.. එහෙත් අනිකාට හූ කියයි..

මා පිලිගන්නා එකම සත්‍යය වන නිර්මල බුදු දහමට අපහාස කරන්නා අනිවාර්ය්‍යෙන්ම නිරයේ යයි.. අනෙක්  ආගම් වල ඉගැන්වීම්ද ඔවුන්ගේ කෝණයෙන් මෙම අදහසම දෙයි.. හුදෙක් ජනප්‍රිය වීමට හෝ වෙනත් කවර හෝ අරමුනක් වෙනුවෙන් ආගම් පටලවා ගැනීම වැසිකිළි වලක් කඩා අනුභව කිරීමකටත් වඩා අන්තය.. එක් නොසන්ඩාලයෙක් කියන ගොන්කතා ජනප්‍රිය වීගෙන යන විට කියවන බලන අනෙක් බූරු ‍රැළට ඉවසුම් නොදේ.. ඉදින් ඔවුනුත් ඒ ‍රැළටම එකතු වෙත්.. එක පෙළට සයිබර් අවකාශය පුරා තම නිරුවත අතුරා දමත්.. තමා හෙලුවෙන් සිටින බව අමතක වී අන් කෙනෙකුගේ නිරුවතට හූ කියයි..

ආගම ඇදැහිය යුත්තේ තමාගේත් අන් අයගේත් යපත පිණිසමය.. ඇතැම් විට මෙහි කඳ පිනුම් බඩ පිනුම් ගසන මේ බ්ලොග් චක්‍රවර්තීන් දන්නා ආගමක් හෝ දර්ශනයක් නොමැති වන්නට ඉඩ බොහෝවේ. මාගේ ආගමට හා ජාතියට අවමන් අපහාස කිරීම මට ඉහිලුම් නොදේ.. ඒය අන් අයටත් එසේම වන බව තරයේම විස්වාශ කරමි.. ඔබ ඔබේ විස්වාශයන් ඔබේ හද තුල සු‍රැකිව තබා ගන්න.. අප අපේ විස්වාශයන්ද එසේ කරන්නෙමු.. අප අපේ නිදහස මෙන්ම ඔබේ නිදහසද ගරු කරන්නෙමු.. ඔබගේ අදහස් මතවාද අප නොපිලිගත් පමණින් අපේ අදහස් හෝ මතවාද ඔබ මත පැටවීමට මාන නොබලන්නෙමු.. කරුණාකර වෛරය වපුරන බොල් වෙබ් පි‍ටු අතර අතරමන් නොවන්න.. ඒවට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ අනුබලයක් නොදෙන්න.. වඩාත් සුන්දර වෙබ් අවකාශයක් වෙනුවෙන් පෙනී සිටිමු.. අපි ඔබට ගරු කරන්නෙමු.. මන්ද ඔබත් අප වැනිම වූ මනුෂ්‍යයන් කොටසක් බැවිනි.. අපද එයම ඔබෙන් බලාපොරොත්තු වෙමු..

8 comments:

  1. නිකං කරන්න රස්සාවක් නැති නිසා ගෙදරට වෙලා ඔහේ වල්පල් දොඩවන එවුන්ව මම නම් කොහෙත්ම ගණන් ගන්නෙ නැහැ.

    ඔවුන් තමන්ගේ අනාගත හිතසුව පිණිස ප්‍රයෝජනවත් යමක් කරගැනීමට ඇති කාලයෙන් අනුන්ගේ blog අඩවි වල වල්පල් comments දමා තමන්ට පිස්සුවක්, කාඩ්බෝඩ් ජාතිමාමකත්වයක්, ඇතැයි ප්‍රදර්ශනය කිරීමට බොහෝ කැමති ඇති.

    අනේ මට නම් ඒවට වෙලාවක් නැහැ...

    ReplyDelete
  2. සහතික ඇත්ත සහෝ.. ලංකාවෙ මිනිස්සු ඉගෙන ගත්තට උපන් මෝඩකම් එහෙමමයි..

    ReplyDelete
  3. කතාවනම් හරියට හරි සහෝ.ඔය ගොඩක් ආගම් ගන ලිපිදාන අය(විවෙච්නාත්මක) ලිපීහරියට තම්න්ගේ ආගම ගෑනවත් හරි අවබොදයක් නෑ.බුද්දාගම ගෑන ලිපි දාන අයත් එහෙමයි එකෙන් වෙන්නේ දර්ශනය පිලිබදව වෙනම ආකල්පයක් පාටකයන්ට යාමයි මේක ඇත්තටම ගොඩක් වෑරදි වෑඩක්....

    ReplyDelete
  4. ඇත්ත සහෝදරයා. ඔයා කියන දේවල් වටහාගන්න බැරි තරම් අමාරැ නෑ.
    ඒත් මිනිස්සු මේවා වටහා නොගන්න එකයි වැරැද්ද.

    ReplyDelete
  5. ආගම් ගැන නම් මට කියන්න දෙයක් නැහැ. ඒත් මාත් කැමතියි ආගම් අතර ඈතිවෙන සම්බන්ධතා වලට. මොකද එතකොට අපිට හරියටම තේරුම් ගන්න ලුළඝුවන් අනිත් ආගම් වලින් උගන්වන දේත. මං හිතන්නේ මොනදේ ඉගෙන ගත්තත් පාඩු වෙන්නේ නෑ කියලයි.

    ඔයාගේ linux ටික පාඩම් ටික නම් මට කොපි කරගෙන තියාගන්න වෙනවා. ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  6. ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ


    …ඇස් මහින්ද හිමි මෙව කිව්වෙ කට කහනවට නෙවෙයි නෙ....

    ReplyDelete
  7. කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    …මචන් ජාති වාදය අවුස්සනවා නෙවේ....ඔයගෙ ලිනක්ස් මුල සිටම post ටික කියවන ගමන්...අපි අපෙ සින්හලයන්ට කරන්නෙ නැතිව වෙන කාට කරන්නද..?..අපි දන්න් සොච්චම...අපි අපෙ අයට දෙන්න ඔන මෙහෙම තමයි.

    ජයවෙවා..දන්න දෙ බෙදන මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැහැ...

    ReplyDelete
  8. සමිපුර්ණ ඇත්ත සහෝදරය.. ඡාතිය ආගම හෙළාදැකීම තරම් පහත් දෙයක් තවත් නෑ.. ඡාතිය හා ආගම අපිට මවයි පියයි වගේ.. ඒක හැම ආගමකටම, ඡාතියකටම පොදුයි සිංහළ, දෙමළ, බෞද්ධ හෝ ක්‍රිස්තියන් කියල වෙනසක් නෑ. මේක ගොඩක් උදව්යට තේරැමි ගන්න අමාරුයි.

    ReplyDelete