Pages

Tuesday, March 8, 2011

ලිනක්ස් මුල සිටම 13 කොටස

ගියපාර ලිපියෙ නවත්තපු තැන ඉදල අද කතාව.. මතකයිනේ.. Tarball  ඉන්ස්ටෝල් කරල අනින්ස්ටෝලුත් කරලම තමයි අද නම් නවතින්නේ.. මේකට ගියපාර ලිපියෙ හැඳින්වීම 100%ක්ම සම්බන්දයි.. මෙන්න මේ වැදගත් කාරණා ටික Tarball  ගැන මතක් කරගත්තොත් හොදයි..

Compress කරපු විදිහ ඇරුනම ඕවා ජාති දෙකයිනේ..
 Source tarball සහ Binarry tarball නේ.. ඔකෙන් පලවෙනි එක ටිකක් අමාරුයි.. අපි ඒකෙන් පටන් ගනිමු.. Tarball format  වල හොදකම තමයි ඕනම ලිනක්ස් යකෙක් සපෝට් කරන එක..

අපි පියවර කිහිපයකට මේ කතන්දරේ ලඝු කර ගනිමු ලේසියට.. මේව ටික මම ආයෙම පැහැදිලිව කියන්නම්..

01.) ඉන්ස්ටෝල් කරන්න ඕන ටාර් බෝල් එකක් download කරගන්න..

02.) cd command එක පාවිච්චි කරල එක තියෙන තැනට (User home directory එකනම් වඩා හොදයි) යන්න..

03.)Fedora වගේ පාවිච්චි කරන root ගෙන් ලොග් වෙලා ඉන්න ඈයො මේ command නිකන්ම ගහගෙන යන්න.. Ubuntu,Kubuntu වගේ කට්ටිය root ගෙන් නෙවෙයිනම් ලොග් වෙලා ඉන්නේ, හැම command එකකටම කලින් sudo කියල ගහන්න අමතක කරන්න එපා.. rootගෙ බල තල ලැබෙන්නනම් sudo කියල මුලින් ආදරෙන් අමතන්න ඕන..

04.)දැං මෙයා දිගාරිමු
#ls
තියෙන ෆයිල් ටික බලාගත්තා.. tar එකත් හොයාගත්තා..
#tar -xvf NAME OF THE TAR BALL(මේක දිගාරින කමාන්ඩ් එක)
(අනික් අය $sudo tar -xvf NAME OF THE TAR BALL)
ඔන්න දිගෑරෙනවා..

05.) #ls  ගහන්න.. දැං පේනවා ඇති කලිං තිබුන බෝලෙ නමට directory එකක් හැදිලා.. තව තව එව්වත් හැදිලා..
එතන සමහරවිට තියෙන්න පුලුවං README  හරි INSTALL  කියල ෆයිල් දෙකක්.. තියෙනවනම් එවා කියවල ඒ අනුව වැඩ කරන්න.. නමුත් ගොඩක් වෙලාවට පල්ලේහා විදිහට තමයි කරන්නේ.. විශේෂ යමක් කරන්න උනොත් තමයි අරව අස්සේ උපදෙස් දාන්නේ..

06.)අලුතින් හැදුන බෝලෙ නමට තියෙන subdirectory එක අස්සට යන්න..
# ./configure  කියල ගහන්න (අනික් අය $sudo  ./configure  කියල)
system configuration  බලනවා පේනවා ඇති..

07.)# make
(අනික් අය sudo make)
ගහන්න..දැං ඔක්කොම කම්පයිල් වෙලා ඉන්ස්ටෝල් වෙන්න සුදානම් වෙනවා..

08.)# make install
 අනික් අය $ sudo make install
ගහන්න.. ඔන්න බබා වගේ ඉන්ස්ටෝල් වෙනවා පෙනෙයි..

මෙන්න මේ syntax එක මතක තියාගන්න..
tar option(s) filename

මේකේ Options ටික මෙහෙමයි..
-f Identifies the source as an archive file.

-x Extracts the files in the tarball.

-v Enables verbose mode to list files as they are extracted.

-z Unzips a file compressed with the gzip utility (check for the .gz extension in the file).

-j Unzips a file compressed with the bzip2 utility (check for the .bz2 extension in the file).

ඔය මොනව කිව්වත් කට්ටියට තේරුනේ නෑනේද? මම ටිකක් අමාරුවෙන් හොයාගත්ත වීඩියෝ එකක් දාන්නම්.. හැබැයි මේක මගෙ එකක් නම් නෙවෙයි.. කාගෙ උනත් මේක බැලුවම කතාව හොදට තේරෙයි..


මේ වීඩියෝ එක කීප වතාවක්ම හොදට බලල බලල ඔලුවට දාගන්න ට්‍රයි කරන්න... නොතේරුනත් දුක් වෙන්න එපා.. මේකෙ අන්තිමට තියෙනවා uninstall කරන විදිහත්... තව දෙයක් මේ පෙන්නුවෙ source tarball install කරන විදිහ නේ.. කම්පයිල් කරපු එකක් නම් අන්තිම පියවර කලහම ඉවරයි.. ඇත්තම කතාව මේකයි.. මෙව්වා තම්යි ඉන්ස්ටෝල් කරන්න අමාරුම.. අනික්වා නිකන්ම නිකන් ලේසියි.. හුදෙක් දැන ගැනීම සහ උත්සාහ කරන අය ඉන්නවනම් කරල බලන්න හරි හිතල තමයි  දැම්මේ.. මීට වඩා ලේසි විදි පැකේජ් මැනේජර් භාවිතා කරල බලමු..

6 comments:

  1. ඉතා හොද ලිපි මාලාවක් ... සුබ පතනවා

    ReplyDelete
  2. ඔහේ පලයන්.. ඊයේ බලල අද බලනකොට තවත් එකක්...
    එල එල අයිය.. මාත් තාම හින්චියට හින්චියට linux අත ගාගෙන යනවා. පට්ට වටිනවා ලිපි ටික..

    ReplyDelete
  3. We wish U bro...!

    ReplyDelete
  4. ලොකු කැප කිරීමක්, ඉතාම අගය කරනවා දැනුම මේ ආකාරයෙන් බෙදා හදා ගැනීම සම්බන්ධව.

    ReplyDelete
  5. මේ ගැනනම් මෙලෝ දෙයක් දන්නෙ නෑ මචං.ඒ උනාට උඹේ වැඩේනම් ගොඩක් අගය කරණවා.දිගටම ලියපන් මලේ.ජය.......!!

    ReplyDelete
  6. godak vatinava...articesss set akak update..karapan...jaya wewa

    ReplyDelete