Pages

Friday, March 18, 2011

මගේ බ්ලොග් එකේ අකමැතිම පොස්ට් එකක්.

අප පසුපස හඹා එන්නෝ.තමුන්ගෙ බ්ලොග් එකට හඹා එන්නෝ Follwers වැඩි වෙනවට කවුද අකමැති.. ඒත් කැමති උනත් අකමැති උනත් අපි පසුපස හඹා එන අයත් ඉන්නවා "පින්, පව්" කියල කට්ටියකුත්. 
මේ අය අපේ කැමැත්ත අකමැත්ත ගනන් ගන්නෙ නෑ.. මගේ පස්සෙ උනත් මෙයාල එනව.ඉතින් මේ දවස්වල මම අර දෙවෙනියට කිව්ව කට්ටිය මගෙ පස්සෙ හෝ ගාල පන්නනවා.. මම ඇත්තටම මේ බ්ලොග් එක ලියන්නෙ ශල්‍යකර්මයකට මූනදීල ඒක නිසා ලැබුන අනිවාර්ය විවේකය අතරතුර.. ඒත් අවාසනාවට අරගොල්ල "අතුරු ආබාධ" කියන වේශයෙන් මාව පන්නනවා.. ඉතින් මටත් වෛද්‍යවරු (ඇත්තටම එක්කෙනයි) පස්සෙ පන්නන්න සිද්ධ වෙලා.. ටික දවසකට බ්ලොග් අවකාශයට එන්න වෙන එකක් නෑ.. ඇත්තටම එක ලිපියක් එකතු කරන්න මටනම් සෑහෙන වෙහෙසක් ගන්න වෙලා තියෙනවා.
වැඩිම උනොත් දවස් කිහිපයක් අලුත් ලිපියක් දාන්න වෙන එකක් නෑ.. නමුත් ලැබෙන මේල් සහ කමෙන්ට්ස් වලට ප්‍රතිචාර දක්වන්න උපරීම උත්සාහ දරනවා.. ඉතින් සහෘදයිනේ මේ ලියල තියෙන ලිපි පරිශීලනය කරන එක දවසිකින් ඉවර කරන්නත් බැරි නිසා මගේ  අකුරු මේ බ්ලොග් එකට ඈ‍ඳෙනකන් ඒව පොඩ්ඩක් කියවල එක එක දේවල් කරල බලන්න කියල මම කියන්නම්.. ආයෙමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යහපත් දේවල් ටිකක් මේ බ්ලොග් අවකාශයට  එකතු කරන්න පුලුවන් තරම් ඉක්මනට එන්නම් කියන පොරොන්දුවත් එක්ක අලුත් දේව්ල් ටික දවසකට දාන්න වෙන්නෙ නෑ කියල කණගා‍ටුවෙන් උනත් කියන්න සිද්ධ වෙනවා... මේ වගේ ලිපියක් දාන්න වෙන අන්තිම අවස්ථාව මේක වෙන්න කියල මම මටම ප්‍රාර්ථනා කරගන්නම්.. එහෙනම් කස්ටිය දැනට තියෙන ආයුධ වලින් ලිනක්ස් යකා කෑලි කර කර ඉන්නකෝ.. (කොහොමත් දවස් තුන හතරකින් මේක හරියයි හෙට නැවතත් වෛද්‍ය වන්දනාව..)

12 comments:

  1. ඔබට ඉක්මන් සුවය පතමි...

    ReplyDelete
  2. wish u a speedy recovery :)

    ReplyDelete
  3. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා!

    ReplyDelete
  4. ඉක්මන් සුවය පතනවා ඔබට මිත්‍රයා ...

    ReplyDelete
  5. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා......

    ReplyDelete
  6. මබට ඉක්මන් සුවය මත් ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
  7. අදයි දැක්කේ මේ post එක. සමාවෙන්න. ඉක්මනින්ම සුවය ලබන්න ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  8. මචන් මම නුඹව නොදනිමි...නුඹ මාව ද නොදන්න බව මම දනිමි....නුඹෙ හදවත පිරිසිඳු බව උඹෙ බ්ලොග් පොස්ට් වලින්ම දැනෙ..උඹට නිරොගි සුව..ජය වෙවා...

    ReplyDelete
  9. හොඳ වැඩක් මචෝ උඔට ගොඩක් පිං..

    ReplyDelete
  10. meka adi dekke den oba hodin ethei sithanawa,obata dirgayu pathanawa,digatama liyanna

    ReplyDelete