Friday, July 29, 2011

ජංගම දුරකතන තාක්ෂණය 02

ඔන්න අද තමයි ටිකක් නිදහස් වෙලාවක් හම්බ උනේ.ඉතිං අපි නව්ත්තපු තැන ඉඳල ආයෙමත් පටන් ගනිමු.පිදුරුතලාගල ගිය ගමනත් මරේ මරු.. ලංකාවෙ උසම තැනට යන්න ලැබීමත් ජීවිතේ ලබපු ලොකු වාසනාවක්.ජාතික රූපවාහිනී,චැනල් අයි,ස්වර්ණවාහිනී,හිරු,ගෝල්ඩ්,සන්,සූර්යන්,ඒයාපෝට් ඒවියේශන් රේඩාර් සිස්ටම් එක වගේ ගොඩාක් වැදගත් තැන් බලන්න ලැබුනා.ඒක ගැන ඒ ඇති.දැන් ආයෙමත් අපේ ප්‍රධාන කතාවට බහිමු..

අපි මොන මොන දේටත් පාවිච්චි කරන්න වෙන්නේ රේඩියෝ සංඛ්‍යාත.රේඩියෝ සංඛාත කියනකොට මේක කියවන අපේ කට්ටියට පොඩි අවබෝධයක්නම් තියෙන්න ඕන..
මේවා සාමාන්‍යය විද්‍යුත්චුම්බක තරංග.Radio Spectrum එක සම්බන්ධවත් සාමාන්‍ය තරමක හරි අවබෝධයක් තියෙනවනම් ගොඩක් හොඳයි..
Radio Spectrum ඉතාම සීමිත සම්පතක්..  ඉස්සරම කාලේ එක එක්කෙනාට ඕන ඕන විදිහට ට්‍රාන්ස්මීටර් රිසීවර් හදාගෙන එක එක සංඛ්‍යාත පාවිච්චි කරන්න පුලුවන් කම තිබුනා..ඒත් එක එක්කෙනා කැමති කැමති සංඛ්‍යාත පාවිච්චි කරන්න ගත්තහම මේව අතර interferences එහෙම ඇති වෙලා වැඩ ඔක්කොම ජෝන් බාස්ට යන නිසා ඕනම රටක මේ දේවල් පාලනය කරන්න නෛතික ව්‍යුහයක් තියෙනවා..
ලංකාවෙනම් TRC එක එහෙම නැත්තන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන ආයතනය තමයි ඉන්නෙ..මේගොල්ල තමයි මේ සම්බන්ධ හැම තීරණයක්ම ගන්නෙ..රේඩියෝ,ටීවී,මොබයිල් ෆෝන් ඔපරේටර්ස්ල වගේ හැම කෙනාටම මේක බෙදල දෙන්නෙ මේ කට්ටිය තමයි..

මං දන්න තරමින් මේ පුංචි රටේ රේඩියෝ වලටනම් දෙන්න ඕන ඔක්කොම වගේ දීල ඉවරයි..ආයේ ඒකෙනම් ඉඩක් නෑ.. විශේෂයෙන් කොළඹ වගේ ප්‍රදේශයක ඉන්න කෙනෙක් මොකක් හරි චැනල් එකක් මැනුවලි කරකවලා අල්ලන්න ගියොත් තියෙන අමාරුව ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..පුදුම තදබදයක් තියෙන්නෙ..මොකද අද මොකක් හරි පක්ශයකට හේත්තු වෙලා ආණ්ඩුවට පොඩි තල්ලුවක් දුන්න නම් රේඩියෝ ලයිශන් එකක් ගන්න එක නතිං..
කොහොම කොහොම් හරි ලෝකෙ මේ දේවල් වලට සම්මුතියක් තියෙනවා.. මේ මේ ඒවා මේ මේ වැඩේට කියල වෙන් කරලතමයි තියෙන්නෙ.. නැත්තන් වැඩේ ෆුල් අස්පට් වෙනවනේ... වෙන රටවල ගුවන් යානා සංනිවේදනයට දීල තියෙන බෑන්ඩ් එකක් අපේ රේඩියෝ චැනල් එකකට දුන්නොත් කොහොම හිටියිද?

අපි පොඩ්ඩක් බලමු කොහොමද මේවා ලෝකෙ බෙදාගෙන පාවිච්චි කරන්නෙ කියලා

01.)Broadcasting Services
Broadcast frequencies:
Longwave AM Radio : 148.5 – 283.5 kHz (LF)
Mediumwave AM Radio : 530 – 1710 kHz (MF)
Shortwave AM Radio : 3 – 30 MHz (HF)
රේඩියෝ ටීවී ගැන ගත්තොත් නම් රටින් රටට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.. අපේ රටේ 87.5 – 108 MHz කියල කස්ටිය දන්නවනේ එෆ් එම් කොත්තු කඩ ටිකට දීල තියෙන්නෙ.

02.)Aeronautical Communication මේක තියෙන්නෙ ගුවන් යානා Aircraft systems වල සංනිවේදන කටයුතු සඳහා..voice වලට පාවිච්චි කරන්නේ මේක තමයි..
Frequencies between 108 MHz and 137 MHz.
Airband එහෙම නැත්තං Aircraft Band කියල කියනවා. Air trafic Controllersල Pilotලට කතා කරන්න එහෙම පාවිච්චි කරනවා..
ඒකත් 108 to 117.975 MHz කොටස නැවිගේශන් වලට පාවිච්චි කරනවා.. විශේෂ කැමැත්තක් මේ සම්බන්දව තියෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න.. ලොකු විෂයක්..
ඔක්කොම civil aircraft  කට්ටිය voice commmunication වලට පාවිච්චි කරන්නෙ 118.000 MHz to 135.975 MHz. කියන බෑන්ඩ් එක..ඒත් මේක simplex සිස්ටම් එකක්.. ඒ කියන්නෙ නිකන් පොලිසිය පාවිච්චි කරන වෝකි ටෝකි වගේ.. දෙන්නෙක් කතා කරද්දි එක වතාවකට කතා කරන්න පුලුවන් එක්කෙනාටයි..
121.5 or 243 MHz පාවිච්චි කරනවා හදිසි ඇමතුම් වලට.. 121.5 MHz  තමයි ක්ෂනික..

මට දැන්නම් නිදි මතයි.. ඉතිරි ටික අපි ඉක්මනටම ලියමු.. මේක පටන් ගත්තට මොකද දැං තමයි තේරෙන්නෙ බරපතල කම මෙක කොච්චර ලොකුද කියලා.. කමක් නෑ අපි ලිනක්ස් වලටයි නෙට්වර්කින් වලටයි ආයෙමත් ඉස්සරහදි අත ගහමුකෝ..

Monday, July 18, 2011

ජංගම දුරකතන තාක්ෂණය 01

හැමදාම එකම රාමුවකට කො‍ටු වෙලා ඉන්නවට වඩා හොදයි නේද දවසින් දවස වෙනස් වෙනස් දේවල්  ටිකකට අතගහන එක?
ඉතින් මමත් හිතුවා මම ඉගෙනගත්ත දේවල් වලින් ටිකක් මගෙ බ්ලොග් එක අස්සටත් ඔහෙ ඔබල දාන්න.. ජංගම දුරකතන තාක්ෂණය කිව්ව ගමන් මොනවද ඇත්තටම ඔලුවට එන්නෙ? එක එක බහු බූත මතක් වෙනව නේ? මොබිටෙල්, ඩයලොග්, 2G, 3G, GSM, 4G.... CDMA.... HSDPA... තව අකුරු කීයක්නම් මෙතන දාන්න පුලුවන්ද?

පළවෙනියටම කියන්න ඕන කතාව තමයි මේක දුරකතන අලුත්වැඩියා කිරීම පිළිබඳ ලිපි පෙළක් නම් නෙවෙන වග.. ඔය මුලින් තියෙන අකුරු අස්සෙ හැංගිච්ච කතන්දර එකින් එක දිගෑරල බලමු..
Mobile Communications කියල සුද්දගෙ භාශාවෙන් කියන මේ කතා ඔක්කොම අයිති වෙන්නේ Telecommunication එහෙම නැත්තන් කටේ පහසුවට කියන Telecom කියන සබ්ජෙක්ට් එකට තමයි.. අපි කොහොම කොහොම හරි ඔය ලොකු සබ්ජෙක්ට් එක කෑලි කෑලි ඉගෙන ගන්න බලමු..

පලවෙනි කතාව මොකක්ද මේ Mobile Communication Network එකක් කියන්නෙ ? මේක සිංහලට හරවලම ඉගෙන ගන්න ගියොත් ටිකක් අමාරු වෙන නිසා ඉංගිරිසි කෑලි බෑලි මැදට දාන්න වෙනවා, කොරාන්ට දෙයක්නම් නෑ පුතේ ඒ ගැන නම්.. Mobile Communication Network එකක් කියන්නෙ සන්නිවේදනය සිද්ද වෙද්දි අදාල පාර්ශව දෙක (සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්) අතර කිසිම physical connection  එකක් නැතුව නිදහසේ වැඩේ කරගෙන යන්න පුලුවන් ජාතියෙ එකකට..

පොඩ්ඩක් ප්‍රායෝගික උදාහරණයක් දෙකක් මතක් කර ගත්තනම් වැඩේ තවත් තේරෙයි.. GSM ඩයලොග් , මොබිටෙල් වගෙ ජාල..3G to 4G  ජාල.. CDMA චන්ද්‍රිකා දුරකතන.. රේඩියෝ.. ටී වී...wi-fi...WiMAX.. අරව මේව කීයක්නම් ඇත්ද?

මේකත් එක්ක නිතරම පාවිච්චිවෙන  වචනයක් තමයි ‘Wireless Communication’  කියන එක...එක වගේ පෙනුනට දෙකම එකක් කියල පටලව ගන්න නම් එපා..

Wireless telecommunications  කියන එක බොහොම සරලව කොටස් දෙකකට කඩාගන්න පුලුවන්..
01Mobile Communications
අර අපි මුලින් කතා කරපු එක..
02.Fixed Wireless Communications
ඔය කියපු ජාති දෙකට එක එකාට වෙන්වෙච්ච හොඳ මාකට් එකක් තියෙනවා.. mobile communications මාකට් එකනම් තනිකරම mobility or non-tethered කියන සංකල්ප මත තමයි තනිකරම ‍රැ‍ඳෙන්නෙ.
mobility කියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ "ඕනම වෙලාවක ඕනෑම තැනක සිට සන්නිවේදනය" කියන දේ.. anytime, anywhere communications කියල තමයි කියන්නෙ..

මේ කියන wireless කියන සංකල්පය wired communications  එහෙම නැතිනම් කේබල් සන්නිවේදනයට  හොඳ විකල්පයක්. හොඳට හිතල බලන්න අපි පොඩි කාලෙ ටෙලිකොම් එකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම දුරකතන සම්බන්ධතා දුන්නෙ.. ඉතිං ලංකාව වගේ දුප්පත් රටක හැම ගෙදරකටම තඹ කේබල් අදිනවා කියන එක තාම හීනයක් වගේ නේද? GSM,CDMA,Microwave කියන තාක්ශණ ඒ බාධක ජය නොගත්තන්නම් අදටත් අපි එදා හිටි තත්වෙම තමයි.. අපිටත් වඩා නොදියුණු රටවල CDMA තමයි ගෙවල් වලට දුරකතන පහසුකම් ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රධාන තාක්ශනය.. ලංකාවෙත් ඈත ගම්වලට ගියාම ප්‍රධාන ස්ංනිවෙදන මාධ්‍යය ඒක තමයි.. fixed wireless  කියන තාක්ශණය තමයි මෙතනදි පාවිච්චි වෙන්නෙ. ඉතින් මේකෙදි mobility කියන එක බලාපොරොත්තු වෙන්නෙ නෑ... කොහොම හරි මේ ක්‍රමය කේබල් මාධ්‍යට වඩා ගොඩක් වියදම් අඩුයි.. නමුත් යම් යම් සීමා වලට යටත් වෙන්න නම් වෙනවා..

ලෝකෙ සමහර තැන් තියෙනවා wired communications කියන දේ කරන්න හරිම අමාරු තැන්.. මහ මුහුද මැද්දෙ කාන්තාර, කඳු  වගේ තැන් වලදි ගොඩාක් දුරට මේ දෙවෙනි ක්‍රමය තමයි ප්‍රායෝගික.. ඒකත් ගොඩක් වෙලාවට චන්ද්‍රිකා තාක්ශනය හරහා තමයි..

Mobile Communication Systems ලෝකෙ ප්‍රචලිත වෙන්න පටන් ගන්නෙ 1980 දශකයේ මුල් හරියෙ වගේ..මීට  කලින් මේව නොතිබුනා නොවෙයි.. එදා ඉඳල අද දක්වා ආව මේ ගමනෙ එක එක කාලේ ඇති වෙච්ච තාක්ශණයෙ විප්ලවීය වෙනස්කම් වලට අනුව අපි පරම්පරා කිහිපයකට කඩාගන්නවා,
‘First generation (1G)’
‘Second Generation (2G)’
‘Third generation (3G)’.... සහ ඉන් ඉදිරියටත්..

ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ එක එක පරම්පරාව ගැන තේරෙන බාසාවෙන් පුලුවන් විදිහට සාකච්චා කරන්න.. මුල්ම ලිපිවලින් මම බලාපොරොත්තු වෙන්නෙ මේ  තාක්ශනික කරුණුවල සංකල්ප concepts ටිකක් කතා කරන්න.. මේවයෙ සංකල්ප ඔලුවෙ නැතිව ලොකු ලොකු කතන්දර කතා කරල ඇත්තටම වැඩක් නෑ.. සමහර වෙලාවට තේරෙන්නෙත් නෑ..මුල් ලිපි තේරුමක් නැති වල් පල් කියල හිතෙයි සමහර විට.. ඒත් එහෙම නෑ..

මේ සතියෙ අපි Field Visit එකට යනවා පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේශනාගාරයට සහ ස්වර්ණවාහිනී කිකිළියමාන සම්ප්‍රේශණාගාරයට.. දවස් තුනකට.. ඊලග ලිපිය ලියවෙන්නෙ ඒ ගිහින් ආවට පස්සෙ තමයි.. එහෙනම් ගිහින් එන්නම්..

Tuesday, July 5, 2011

පිටවාන

ඔන්න කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකටත් ඉර පායලා.. පහු ගිය ටිකේම හුස්මක් කටක් නැතුව එක දිගට ඇදගෙන ගිය exame බරත් පැත්තකින් තිබ්බා.. ආයෙ ඉතින් එහෙම එකක් එනව කියල මතක් වෙන්නෙත් තව මාස තුනකින්.. එතකන් අපිටනම් වගේ වගක් නෑ..
ලංකාවෙ උසස් අධ්‍යාපනය නම් කියල වැඩක් නෑ.. අපි දේශන වලට එන්නෙ අත්සන ගහන එක මූලිකම පරම පවිත්‍ර චේතනාව කරගෙන.. ඒ ආවත් ඉඳගත්ත ගමන් මටනම් නැළවිලි ගීත ඇහෙන්න පටන් ගන්නවා.. පුදුම වැඩේ කියන්නේ ගෙදර ඇඳේ නිදි පෙති ගැහුවත් නින්ද යන්නෙ නෑ.. අනෙ අම්මේ ඒ උනාට lecture වල නම් නින්ද යන අපූරුව.. ෆහ්... මතක් වෙද්දිත් සනීපයි..වැඩිය ඕන නෑ හීනත් පේනවා..
හැමදාම lecture ඇවිත් ඉස්සරහම පේලියේ ඉඳගෙන ඇස් කන් අලවගෙන ඉගෙන ගන්න එකත්, කොරන්න තියෙන ඔක්කොම මගෝඩි වැඩ ටික කර කර ඉඳල exame ලං උනාම පශ්චාත් භාගයේ රොකට් එකක් ගහගෙන වැඩ කරල exame කරන එකත් පාස් වෙන්නෙ එකම විදිහට..වෙලාවකට අර කලින් කියපු උන් ගැන දුකකුත් හිතෙනවා..
ජරමර අස්සෙ බර කරත්ත කියල මේ මගෝඩි අස්සෙ මට අවුරුදු 25ක් වෙලා.. ඒකටනම් අඬන්න ඕන.. තාම අම්ම තාත්තගෙන් කන්න වෙලා.. මේකනම් මාර රටක් තමයි.. හික්.. මොනව උනත් තව මාස තුනයි.. එහෙම ඉන්නෙ..
බලාගෙන ගියාම ජීවිතෙත් මාර ඉක්මනට ගෙවිල යන්නෙ.. අතර මගදි මොකක් හරි කරණමක් ගහල ඉක්මනටම ලෑලි පෙට්ටියෙ පැක් වෙන්න සිද්ද නොවුනොත් හරි කාලෙන් කාලෙට ඉවරයක් නැතුව එන ගෑනුන්ගෙ විලාසිතා වගේ, අතොරක් නැතිව එන ලෙඩ කන්දරාවෙන් බේරිලා අන්තිම Chapter එක වෙනකන් හරි කොහොමහරි ගේම ගැහුව කියමු.. උපරිම අවුරුදු 65ක් විතර තමයි.. ඒත් අන්තිම කාලෙ එලොව පොල් ගනන් හිලව් බල බලා එහෙටත් මෙහෙටත් නැතුවනෙ ඉන්න වෙන්නෙ.. ඔයින් මෙයින් බලපුවාම අවුරුදු 25ක් කියන්නෙ ජීවිතෙන් භාගයක් විතර වගේ නේද..

හදිස්සියේම අපි අතරින් වෙන්වෙලා යන්න ගිය දිලුම් සහෝදරයා ගැනත් සටහනක් තියන්නම ඕන.. ඒ තරම් දරුණුවට නොවුනත් මටත් ඊට ටිකක් සමාන අත්දැකීමක් තියෙනවා.. මමත් ප්‍රතිකාර ගත්තෙ ඔහු ප්‍රතිකාර ගත්ත Dr. ශාන්ත පෙරේරා කියන වෙදැදුරු ගෙන්ම තමයි.. එතුමන්ගෙ දක්ශතාව ගැන පෞද්ගලිකවම මමත් දන්නවා..කොයි තරම් වෙදකම හොඳ උනත් ඒවගේ දේවල් නවත්තන්න අමාරුයි... ඉලන්දාරියා ගැන මෙතුවක් මේ බ්ලොග් පි‍ටු අතරෙ නොලියවුනාට.. ඔහුව දැකලවත් නැති උනාට ඒ සමු ගැනීමනම් ගොඩක් තදට දැනුනා... මොනව උනත් අපි කාට කාටත් මේ දේවල් පොදු කාරණා කියන එකනම් කියන්නම ඕන.. පිණි බිංදුවකටත් වඩා හෙලවෙන මේ පුංචි ජීවිත කාලෙ තමන්ටත් හොඳ දෙයක් කරගෙන අනුන්ටත් කරදරයක් නොකර පුලුවන් තරම් හොඳ දේවල් ටිකක් යද්දි ගෙනියන්න එකතු කරගෙන තැනින් තැනට මාරු වෙවී යන ගමන කෙටි කරගන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම දේ..

කියවන කාටවත් වැඩක් නොවුනට පහුගිය ටිකේම හිතේ හිරවෙලා තිබුන දේවල් වලින් ටිකක් තමයි ඔය වාන් දැම්මෙ... ඉතින් ආයෙමත් බ්ලොග් අවකාශය වැහිබර වෙලා.. තටම තටම පොදෙන් පොදේ සීරුවට පටන් අරන් ඉහත්තාවට වහින්නයි හදන්නෙ, අනිවාර්ය ප්‍රතික්‍රියාව විදිහට පිටවාන වාන් දමන්න ඔන්න මෙන්න... ඉතින් මගෙ යාලු මාලුවො ටිකට (Gold fish වත් මතක් උනා.. මාලුවො කිව්ව ගන්මන් මේ යකාට මල පනීද මන්දා.. කමක් නෑ මම කියන්නෙ ටැංකි අස්සෙ ඉන්න මාලු ගැන නෙවෙයි නේ....) බල්ටියක් දෙකක් එහෙම ගහල ලෑස්තිවෙලා ඉන්න කියල කියන්නයි මේ ටික ලිව්වේ... එහෙනම් තේරුමක් ඇති දේකින්ම ආයෙ හම්බවෙමු... ගිහින් එන්නම්..