Pages

වචන

හැමෝටම නොවුනට මේ බ්ලොග් අඩවිය කියවන එක්කෙනකුට දෙන්නෙකුට හරි ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කවුද මේක සංස්කරණය කරන කෙනා කියලා. ඉතින් වචනයක් දෙකක් පෙල ගැස්සුවොත්,මම තාම පූර්ණ කාලීනව විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව හදාරන කෙනෙක්. ඉංජිනේරු තාක්ෂණ ආයතනය (Institute of Engineering Technology - IET) සහ අර්ධ කාලීනව ශ්‍රී ලංකා ඉංජ්ජිනේරු ආයතනයේ (Institution of Engineers Sri Lankaa - IESL) ශිෂ්‍යයෙක්.

මෙහි ලියවෙන දේවල් පිළිබඳව සර්ව සම්පූර්ණ් දැනුමක් මට නැති බව කලින්ම කියන්න ඕන. අනික් කරුණ තමයි වෙන කෙනකුගෙ දේශන මාලවකින් උපුටාගත්ත දේවල් නොවෙන බවත් කියන්න ඕන..අන්තර්ජාලය කියන්නෙ දැනුම ගබඩාවක්.. මූනුපොතේ රස්තියාදු ගහනවට, ටොරන්ට් බානවට,ගේම් ගහනවට වඩා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන තැනක්..මම ඒව නොකරන කෙනෙක් නෙවෙයි. මූනු පොතෙන් නම් සදාකාලිකව සමුගත්තා..හැම නිතරම කම්පියුටර් එකේ විතරක් එල්ලිල උදේ හවස හම්බවෙන එකත් එක්ක චැට් කරනවට වඩා පාරට බැහැල පොලොවෙ පයගයල (නැත්තන් වල බැහැල හරි) යාලුවො ආශ්‍රය කරන එක තමයි වඩා ප්‍රායෝගික කියන එක මගේ හැඟීම..එකඟ වෙන නොවෙන එක ඔබට බාරයි..

මම කියන්න ගියේ සමාන්‍යය තරමක ඉංග්‍රීසි දැනුමක් සහ අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න හැකියාවකින් සන්නද්ධ උනොත් මේ ලෝකෙ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියන එක.. ඒත් භාෂාමය බාධකය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය වගේ අගනා ව්‍යාපෘති නිසා මගහැරීගෙන යන කාලයක් ඉස්සරහට එන්නෙ.

ලිනක්ස් කියන්නෙ මගෙ එක විනෝදාංශයක් විතරයි.. කාට කාට උනත් ප්‍රයොජනවත් දේවල් මගේ සීමාවෙ ඉඳගෙන පළකරන්නයි මගෙ උත්සාහය.. ගුණ දොස් ,හොඳ නරක ඔබේ අදහස් හැම තත්පරේකම මාව දිරිමත් කරනවා.. ඒ සඳහා sudill12.gmail.com ඊමෙල් ලිපිනයත් මෙම බ්ලොග් අඩවියේම කමෙන්ට් තීරුවත් ඕනම වෙලාවක විවෘතව පවතිනවා.. ඉතිං කොහොම කොහොම හරි සුද්දගෙන් අපිට උරුම වෙච්ච සයිබර් අවකාශයෙ කුණු අවුස්සනවට වඩා අධ්‍යාපනික යමක් කරන්න කරන උත්සාහයෙදි මේ දක්වා මාත් එක්ක ‍රැඳුන ඉදිරියටත් ‍රැ‍ඳෙන ඔයාල හැමෝටම ස්තූතියි කියන්නත් මම අමතක කරන්නේ  නෑ.