Pages

Tuesday, January 25, 2011

ලිනක්ස් මුල සිටම 02

අද කතාවෙ දෙවෙනි කොටස.. 

ඇත්තටම ලිනක්ස් OS එක හැදිල තියෙන්නෙ මෙන්න මේ විදිහට කිව්වොත් හරි.. මේක තේරුම් ගන්න පහසු විදිහට හදපු ආකෘතියක්..

පල්ලෙහා තියෙන රූපය ටිකක් බැලුවහම ගොඩක් දේවල් තේරෙයි..





නොතේරෙන ටික තව ටිකක් සරල කරල මෙහෙම කියන්නම්කෝ..

HARDWARE
HARDWARE මෙකනම් නොතේරෙන්න විදිහක් නෑ.. අතට අහුවෙන දේවල් ටිකනේ (අතට අහුවෙන හැම දෙම නෙවේ මෙකට අදාල දේවල් ගැන විතරක් හිතන්න) ඔය හාර්ඩ් එක CPU, RAM, අරවා මෙව්වා එකතු වෙලා OS එකක් දුවන්න ඔන කරන තාලෙට හදාපු දේවල් සෙට් එක..

KERNEL
ඊට පස්සෙ KERNEL (හමුදාවෙ එක්කෙනා නෙවෙයි).. මේක OS එකේ හරය කිව්වොත් හරි..(තෙරෙන භාෂාවෙන් කිව්වොත් මදය,බොක්ක අරක මේක ඕන දෙයක්) මෙයාගෙ වැඩේ තමයි SOFTWARE අනෙක් SOFTWARE කස්ටියයි අතරෙ ඕන කරන සම්බන්ධෙ හදල දෙන එක.. SOFTWARE කස්ටිය හිටියට එයාලට කෙලින්ම ගනු දෙනු කරන්න බෑ අර HARDWARE කස්ටියත් එක්ක.. ඇත්තටම කිව්වොත් ලිනක්ස් කියන්නෙ ඔන්න ඔය කෑල්ලට තමයි.අනික්වා ඔක්කොම ඒකට එකතු කරපු කෑලි බෑලි.. add-ons ඕක හැම නිතරම අප්ඩේට් වෙනවා.. http://www.kernel.org/ එකට ගියොත් අලුත්ම එව්වා පරන එව්වා ඔක්කොම ගන්න පුලුවං.. කොහොම උනත් OS එකේ හදවත කියල කිව්වත් හරි ඕකට..

 SHELL
ඔන්න ඉන්නවා ටිකක් අමුතු හාදයෙක්.. SHELL අර යුද්ධ කාලෙ ගහපුවා නෙවෙයි. හැබැයි කරන්න පුලුවං වැඩ බලපුවහම ඒවත් පරාදයි. මෙයාල සෙට් එක තමයි අපේ නියෝග ටික අරගෙන ගිහින්  KERNELට දෙන්නෙ.. මෙයාල command prompt විදිහට හරි script විදිහට හරි පාවිච්චි කරන්න පුලුවන්.. වින්ඩෝස් පාවිච්චි කරද්දි වැඩ කරපු DOS prompt එක මතක නම් මේත් ඒ වගේ ලිනක්ස් ලොක්කගෙ ගැජට් එක කියල තෙරුනානම් හොදටම ඇති..
මේව්වගෙ ගොඩක්ම ප්‍රසිද්ධ කෙනා තමයි bash (Bourne-Again Shell) කියන්නෙ..ඒක original Bourne shell (sh) එක හැඩ වැඩ කරල ගත්ත එකක්..මළා වින්ඩෝස් වල දන්නෙ එක උනාට මේකෙ අමුතු අමුතු එවුන් ඉන්නවා..
තව තියෙනවා..තව තියෙනවා..
එතකොට tcsh කියලත් එකෙක් ඉන්නවා.. එයා  Berkeley UNIX C-shell (csh)එක හැඩ වැඩ කරල ගත්ත එකක්..
  Daemons 
අර එයාත් එක්කම ඉන්නෙ Daemons  සෙට් එක.. යක්කු.. ඒයාල පසුබිමේ ඉදගෙන OS එක දුවන්න ඕන අඩු වැඩිය හදල දෙන කට්ටිය.. background programs කිව්වත් හරි.. යක්කු කිව්වට නරක නෑ.. මතක නැද්ද වින්ඩෝස්වල Services කියල පැත්තකින් දුවන්නෙ ආ.. වින්ඩෝස් වල එහෙම කිව්වට ලිනක්ස් වල කියන්නෙ යක්කු කියල.. බලාගෙන ගියාම ඔය කොයි යකත් එකයි.. (යක්කු කිව්වෙ මතක තියාගන්න ලේසි වෙන්න මිසක් තාක්ෂණික වචනෙ එහෙම නෙවෙයි..) මෙන්න ඉන්නවා ලිනක්ස් වල එහෙම දුවන යක්කු ටිකක්..
01 SMB/Samba, NFS : ෆයිල්/මුද්‍රණ වලට සම්බන්ධ වැඩ කිඩ..
02.LPR, CUPS : මුද්‍රණ වලට සම්බන්ධව..
03.Apache,Tomcat : වෙබ් සර්වර්..
04.BIND : Domain Name Service (DNS) ඒක තමයි.. සිංහලෙනුත්.
05.Sendmail, Postfix : විද්‍යුත් තැපෑල සම්බන්දව..
06.ipchains, Smoothwall, Astaro, Security Linux : ගිනි බිත්තිය... තේරුනේ නෑ නේ... දන්න විදිහට කිව්වොත්  Firewall එක..
07.Squid : Proxy සර්වර්... ඔය වගේ ඒවා තමයි..


Applications and Utilities
ඊට පස්සෙ Applications and Utilities තමයි ඔය A & U කියල දාල තියෙන්නේ.. මෙව්වයෙන් කොරන්න පුලුවන් වැඩේ තමයි මෙහෙයුම් පද්දතිය අපට ඕන විදිහට වැඩ කරවගන්න පුලුවන් එක.. උදාහරණ දැක්කම නියමෙටම තේරෙයි..
01.Vi, Nano : Text Editors (command-line based)
02.Nautilus GNOMEවල, Konqueror KDEවල : ෆයිල් මැනේජ්ර් නිකන් අර වින්ඩෝස් එක්ස්ප්ලෝරා වාගෙ..
03.OpenOffice, KOffice : නමින්ම තේරෙනවනෙ.. ඔ‍ෆිස් වැඩසටහන් සෙට් එක..
05.GIMP : නිකන් පොටෝශොප් වගේ අයිටම් එකක්..
තව ඉතින් කී දාහක්නම් තියෙනවද..


GUI
GUIඑක කියන්නෙ Graphical User Interface කියන එකට.... අතින් නැතුව මවුස් එකෙන් අත පත ගාන හරිය ඔය අනන් මනං කෑලි බෑලි ඔබල වැඩ කරගන්නෙ.. තවත් ඉතිං පැහැදිලි කරන්නනම් තේරෙන්නෙ නෑ.. wrong යන්නෙ නැතුව ටිකක් හිතල බලන්න.. ලිනක්ස් හැම එකකම වාගෙ වැඩ කරන්නෙ XWindows කියන GUI එක..මේකෙන් ගොඩක් වැඩ කිඩ දාන්න පුලුවං.. එයා වැඩ කරන්නෙ X Client කියන කෙනත් එක්ක.. සර්වර් එකක් විදිහට තමයි දුවන්නත් පුලුවං.. එහෙම වැඩ කරන ගමන් වෙන PCඑකක GUIඑක දුවවන්නත් මෙයාට පුලුවන්.. ගොඩක් ඒවගෙ තියෙන X Client එක තමයි Xfree86 කියන්නෙ.. ලිනක්ස් ඉන්ස්ටෝල් කරලහරි තියෙන අයටනම් මෙව්වා ටිකක් දැකල හරි පුරුදුයි නේද?

 Window Manager/Desktop Environment
Window Manager/Desktop Environment එක කරන වැඩේ තමයි අර කිව්ව X Windows ප්‍රතිදානය GUIඑකට ඕන විදිහට හදල දෙන එක.. අපිට ඕනනම් X Windows output එක වෙනස් කරන්න  window manager වෙනස් කරහම හරි.. මෙව්වා ගොඩක් ම තියෙන්නෙ KDE Kommon Desktop Environment හරි GNOME - GNU Object Model Environment හරි  තමයි..


Windows Emulator
තව තියෙනවා Windows Emulator කියල ජාතියක්.. අපිටනම් මෙව්වා ගොඩාක් ප්‍රයෝජනවත්.. මයික්‍රොසොෆ්ට්ලගෙ ගැජට් වැඩ කරන්නෙ නෑනෙ ලිනක්ස් අස්සෙ.. ඒකට කියාපු ජාතිය තමයි මේ.. මෙයාල කරන්නෙ මයික්‍රොසොෆ්ට්ලගෙ සොෆ්ට්වෙයාර්ස් ගොනාට අන්දන එක.. ඒ කියන්නෙ එව්වාට හිතන්න දෙනවා හා අපි දැං ඉන්නෙ වින්ඩෝස් අස්සෙ.... කියල බොරුවට වින්ඩොස් පරිසරයක් හදල දෙන එක මෙයාලට කරන්න පුලුවන්.. wine කියල නොමිලෙම දෙන එකක් තියෙනවා.. ඒක වෙනස් කරල දියුණු කරපු crossover linux කියල එකකුත් තියෙනවා.. අනේ ඒකනම් නිකන් දෙන්නෙ නෑ.. හැබැයි උත්සාහ කරොත් හොර කොපි හොයා ගන්න පුලුවන්.. බැරි උනොත් කියන්න..ලින්ක් එකක් දෙන්න බැරිය..

Boot Loader
අද අන්තිමට කියන්න හදන්නෙ ගොඩාක් වැදගත් එකෙක් ගැන එයා තමයි Boot Loader ඕන OS එකක තියෙනවා.. BIOS ROM එක බූට් කරාට පස්සෙ (අර ඔන් වෙද්දි යන කලු ස්ක්‍රීන් එකෙ යන මගුල් ටික ගියාට පස්සෙ) මෙයා තමයි බූට් පාටිශන් එකෙන් kernel ලොක්කව ගෙන්නනෙ.. වින්ඩෝස් වැඩ කරන්නෙත් මේ විදිහටම තමයි..
ගොඩාක් ඒවාගෙ වැඩ කරන්නෙ LILO (LInux LOader) කියන එකයි GRUB (GRand Unified Bootloader) එකයි තමයි..

 ඉතිං අදට එච්චරයි... ඊලග සැරේ file type ගැන පොඩ්ඩක් බලමු..

Monday, January 24, 2011

ලිනක්ස් මුල සිටම 01

හරි ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ.. linux මුල සිටම සරලව.. පළවෙනියටම කියන්න ඕන කතන්දරේ තමයි මම ලිනක්ස් ගැන සියල්ල දත් කෙනෙක් නෙවෙයි කියන එක.. වැරදි තියෙයි සමහර තැන්වල.. ලිනක්ස් කිව්වහම එක එක්කෙනාගෙ හිතේ එක එක දේවල් තියෙන්න පුලුවන්.. සමහරුන්ට වාතයක්.. සමහරුන්ට ඒක තමයි දෙයියා.. හරියට බිල් ගෙට්ස් එක්ක ඉඩං නඩුවක් තියෙනවා වාගෙ වින්ඩෝස් වලට වෛර කරන්නෙ.. කමක් නෑ කෝකටත් එක්ක අපි යකා කලුද සුදුද කියල හරි පොඩ්ඩක් බලමුකො.. සමහර විට හිතෙයි තුට්‍ටු දෙකට වින්ඩොස් හොර කොපි තියෙද්දි මොකට මේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නවද කියල..ඒකට උත්තරේ පහු පහු වෙද්දි හම්බ වෙන්නෙ නැතෑ..
ලිනක්ස් කියන්නෙත් එක අතකට අබිං කනවා වගෙ වැඩක්.. ටික කාලයක් ගියහම එකට ඇබ්බැහි වෙනවා.. ලිනක්ස් වලට බැන බැන එකම මත්තෙ නැහෙනවා.. ඇත්තටම ලිනක්ස් කියන්නෙ ලෝකෙ වේගයෙන්ම දියුණුවෙන OS එක කිව්වොත් හරි.. ඒ වගෙම ආරක්ශාකාරී .. ඔක්කොටම වඩා නිකන්ම නිකන් ගෙදරටම ගෙනත් දෙන නැත්තං download කරගන්න දෙන මරු භාන්ඩයක්.. (නිකං දෙන දෙමළ පත්තරෙත් හොදයි වගෙම නිකං දෙන අශ්වයාගෙ දත් ගනං කරන්න යන්නත් හොද නෑ කියලත් ඔය ගමංම පොඩ්ඩක් ඔලුවට දාගන්න..)
ලිනක්ස් ආවෙ ඇත්තටම unix OS එක ආශ්‍රය කරගෙන කිව්වොත් හරි.. 1990 ගනංවල අන්තිම කාලෙ තමයි උපදින්නෙ.. වැඩිදුර ඉතිහාසෙ ඉතිං විකිපීඩියා එක පැත්තෙ කරක්ගැහුවොත් හොයා ගත්තෑකි.. ඇත්තටම ලිනක්ස් මේ විදිහට නොමිලේ ආවේ AT&T එක යුනික්ස් එක අශ්ව ගනං වලට දෙන්න ගියාම මල පනපු හාදයෝ ටිකක් යුනික්ස් වලින් ලිනක්ස් හදපු නිසා.. ඕකට කියන්නෙ වැඩිය කන්න ගිය රටේ කොටිය කෑව .......ටේ කියල තමයි..(හිස්තැන පුරව ගන්න1 අකුරු තුනකින් 18+)
ලිනක්ස් ගැන කතා කරන්න කලියෙං සොෆ්ට්වෙයා ලයිෂන් ගැන පොඩ්ඩක් දැන ගත්තොත් හොදයි නේද.. ( එක අතකට ඊයෙ ගහපු සොෆ්ට්වෙයා එකේ හොර කොපිය අද වෙද්දි බාන රටේ ලයිෂන් කන්නද...  ඒ උනාට නීතියත් පොඩ්ඩක් දැන ගනිමු)
ඉංග්‍රීසියෙන් තියෙන තාක්ශණික වචන එහෙම පිටින්ම සිංහලට හරවන්න ගියොත් ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා.. ඒක නිසා අතරින් පතර කඩු කෑලි එකක් දෙකක් තිබ්බට ගනං ගන්න එපා..
01.Open Source - විවෘත කේත
නම වගේම තමයි සම්පූර්ණයෙන් විවෘතයි. source code එක ඕන කෙනකුට ගන්න පුලුවන්. තමුන්ට ඕන ඕන විදිහට වෙනස් කරගෙන තමුන්ගෙ වගෙ පාවිච්චි කරන්න පුලුවන්. (මරු)
02.Closed Source - සංවෘත කේත
source files කාටවත් දෙන්නෙ නෑ. නිශ්පාදකයා ගාව විතරමයි තියෙන්නෙ. එක් එක්කෙනාට ඕන  ඕන විදිහට කිසිම වෙනස් කිරීමක් කරන්න බැ, අනුමැතියක් නැතිව.. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,ඔ‍ෆිස් පැකෙජ් එක,පොටෝශොප්.. අරවා මේවා.. කොච්චරනම් තියෙනව්ද..
03.Freeware - සංවෘත කේත වෙන්නත් පුලුවන් විවෘත කේත වෙන්නත් පුලුවන් සම්පූර්නයෙන් නොමිලේ තමයි දෙන්නෙ.. දංසැල් වාගෙ.
04.Free Software - මේකෙ Free කියන වචනෙට ‍රැවටෙන්න එපා. Free කියන්නෙ නිදහස් කියන්න. ඒ කියන්නෙ කේත සටහන ගන්න පුලුවන් ඒ වගෙම වෙනස් කරන්නත් පුලුවන් හැබයි නොමිලේ නම් නෙවෙයි දෙන්නෙ.
05.Shareware - නොමිලේ තමයි දෙන්නෙ හැබැයි එක්කෝ කප්පදු කරල කෑලි බෑලි කපල නැත්තන් ඔක්කොම එක්ක සීමිත කාලෙකට තමයි දෙන්නෙ. අනිවාර්යෙන් සංවෘත කේත තමයි. කෑලි බෑලි ඔක්කොම එක්ක හමදාටම ඕන නම් ගාන ගෙවල තමයි ගන්න වෙන්නෙ.. පොඩ්ඩක් රහ බලන්න දුන්නට කන්න දෙන්නෙ නෑ..
05.Artistic License - සංවෘත කේතනම් තමයි වෙනස් කරන්න බෙදාහරින්න ඕන දෙයක් කරන්න පුලුවන් හැබැයි යම් යම් සීමා කිරීම් තියෙනවා.. GNU General Public License එක උදාහරනයක්.. Linux  අයිති වෙන්නෙත් මේ ජාතියට තමයි.. ඉතිං මෙන්න මේ විදිහයි එකෙ හැටි..,
#පාවිච්චි කරාට ගානක් ගන්නෙ නෑ.
#ඕන නම් කේත සටහන උනත් දෙනවා.
#ඕන නම් නොමිලෙ ගත්තට පස්සෙ බෙදාහරින්නත් පුලුවන් නොමිලෙම හරි බෙදා හරිනවට කියල ගානක් කඩා වඩා ගන්න උනත් පුලුවන්.. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
#සල්ලිවලට ගත්තත් නිකන් ගත්තත් අරගෙන ඒවා මෙවා කරල ඇණ ගත්තොත් කවුරුත් වග කියන්නෙ නෑ.. නඩුත් නෑ බඩුත් නෑ.. තම තමන්ම තමයි බලා ගන්න ඕන ( මෙකට බය වෙන්න එපා මොකද සල්ලිවලට දෙන ඒවත් ගොඩක් දුරට එහෙම තමයි.. F8 හරි I Agree හරි ගහල කියවන්නෙවත් නැතිව අපි එකග වෙන කොන්දේසි අස්සෙ නිශ්පාදකයට බේරෙන්න ඕන හරිය දාල තියෙන්නෙ.)
#කපල කොටල හදල අරන් පේටන්ට් එකක් උනත් ගන්න පුලුවන්
#තවත් වැඩි විස්තර ඕනනම් මෙන්න පාර linux.org/info/gnu.html
සාමාන්‍යයෙන් ලිනක්ස් (නෙවෙයි ඕන ජරාවක්) install කරන්න කලියෙං මෙන්න මේ ටිකවත් දැනගන්න ඕන කියල තමයි සම්මතය..
01.Software එකේ තියෙන කෑලි බෑලි අරවා මෙව්වා ටික.
02.තාක්ෂණික සහය,Updates, සහ එකට ඕන කරන අනික් අඩු වැඩිය.
03.Install කරන විදිහ, නඩත්තු කරන විදිහ අබලං වෙලා හරි වැඩේ ජෝන් බාස්ට ගියොත් ආයෙම ගොඩ දාගන්න විදිහ..
ඇත්තටම බැලුවම ඕන දෙයක් ගන්න කලිං ඕන කරන්නෙත් ඔය ටිකම නේද...
හරි අපි වෙන වෙලාවක යකාව කෑලි කරල තියෙන්නෙ මොනවද වැඩ කරන්නෙ කොහොමද කියල බලමුකෝ...

Sunday, January 23, 2011

පලමු වැපිරුම

ඔන්න ඉතින් මමත් හා හාපුරා කියල බ්ලොග් එකක් කරන්න පටන් ගත්තා. මීට කලිං බ්ලොග් කරල තිබුනත් ඒවගෙ තිබුනෙ ලින්ක් එක විතරයි. බ්ලොගර් එකෙන් නිකන් සයිට් එකක් හොස්ට් කරන්න දෙනව කියල මොකක් හරි මැගසින් එකක දැකල තමයි ඒවා කරේ. ඒත් නම විතරයි මගෙ ගොඩක් වැඩ වගෙ ඒවත් පටාන් ගන්නකොටම ලොප් වුනා. මේකනම් පටන්ගත්තේ එහෙම මගදි දමල ගහල නිකන් ඉන්න හිතාගෙන නෙවෙයි.ඒත් ඉතින් මොනව වෙයිද කියල දැනගන්න වෙන්නෙ වැඩේ යන හැටි බලලම තමයි...
මට ඉතිං ඔය HTML,PHP,Joomla, අරවා මෙවා ගැන දැනුමක්නම් නෑ. පුලුවන් පුලුවන් විදිහට අමාරුවෙන් තමයි ගැටගහගෙන යන්නේ. හැබැයි ලිනක්ස්, ජාලකරනය (Networking) අරවා මෙව්වා ගැන දන්න සොච්චමෙන් ටික ටික පටවන්න තමයි අදහස.. අද තමයි කොල්ලටම කියල ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවයක් ගත්තේ.
දැං ඉතිං කැෆේ ගානෙ හොරාට හොරාට ඔ‍ෆිස් එකෙං ජංජාලෙට රිංගපු කාලෙ ඉවරයි.. මූනු පොතේ රස්තියාදු ගහනවට වඩා හොද දෙයක් කරන්නයි බලාපොරොත්තුව.. ඒත් ඉතිං අපේ පවුල් සංස්ථාවටනම් මූනුපොතට රිංගන්න ඕන කියල තමයි කතාව..
මම දන්නෙ නෑ මේක කීදෙනෙක්නම් බලයිද කියලා..ඒත් ඉතිං හුදෙක් ආත්ම තෘප්තිය ගැන හිතල හරි මෙක කරන්න හිතුනා..
අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා....