Pages

Saturday, October 15, 2011

අවාරෙට වැටෙන අඹ

මේ බ්ලොග් එක පටන් ගත්ත දවස්වලනම් හෝ ගාල පොස්ට් වැ‍ටුනට මොකද දැන්නම් එහෙම නෑ කියන්න මමත් පිලිගන්නවා. ඒත් එකට සාධාරණ හේතු තියෙනවා. මේක පටන් ගද්දි මම ඉගෙනගන්නවා ඒ අතරෙ මට අසනීපවෙලා මාස දෙකක් විතර ඇඳට කො‍ටු වෙන්න උනානෙ. කොහොම හරි ඒ එකතැන් වීමෙ ප්‍රතිඵලයක් තමයි මේ.. ඒකෙනුත් යමක් උනානෙ.. හැබැයි මේ වෙද්දි මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා.. පූර්ණ කාලින අධ්‍යාපනය නිමාකරපු මට හිතන්නවත් බැරි තරම් කෙටි කාලයක් තුල හිතන්නවත් බැරි තරම් ඉන්ටවීව් ගානකට මූන දීල ජොබ් එකකුත් සෙට් උනා කියමුකෝ.. කිව්වට මොකද අම්ම තාත්ත දෙන දේ කාල ඉන්න කාලෙට වඩා තමුන්ම හම්බකරගෙන කන්න ගත්තම තමයි ඒකෙ අමාරුව තේරෙන්නෙ. මේ දවස් වලනම් ඇත්තටම ගොඩක් කාර්‍යය බහුලයි.. හැමදේම අලුත් වටපිටාවකට හැඩ ගැහෙන්න කාට උනත් ටික කාලයක් යනවනේ.. මටත් එහෙමයි.. කමක් නෑ මම කරන්නෙ මොනවද වැඩ කරන්නෙ කොහොද කියන කතන්දර වැදගත් නැති නිස මට එතනින් ගොඩාක් ජාති ඉගෙන ගන්න ලැබෙන එකේ ඒව ගැනවත් ඉස්සරහට ලියන්න බලනවා..ඉතින් මේ සටහන ලියාගන්නවත් වෙලාවක් ඇත්තටම අඩුයි..කමක් නෑ අපි ඉක්මනටම හම්බ වෙමු..

Thursday, September 8, 2011

සම්මුඛ පරීක්ෂණ (වෙලාවකට ආතල්)

මේ දවස්වලනම් අම්බානකට වැඩ. මොකද 19 අපේ අවසාන විභාගය පටන් ගන්නවා.. හිතන් හිටියන හොම්බෙන් යන්න දෙන්න නෝට් එකක් දෙකක් බැලුවම තමයි තේරෙන්නෙ වැඩේ කොච්චර අමාරුද කියලා.. ප්‍රොජෙක්ට්,ප්‍රසන්ටේශන්.... අරවා මෙව්වා අන්තිම අවුරුද්ද හින්දද මන්දා ඇට්ටිහැලෙන්න දෙනවා.. කොහොම හරි මේ ලිපිය මන් හිතන්නෙ මාසයක් විතර තිස්සෙ ලිව්වා පොඩ්ඩ පොඩ්ඩ.. අනේ කරුමෙක මහත අන්තිමට මගෙ අතින් ඩිලීට් උනා කොටසක්.. කොහොම කොහොම හරි මෙන්න අන්තිමට මේක බ්ලොග් එකෙත් යනවා..

අද කතාව අධ්‍යාපනයට සම්බන්ධ නැති උනාට ඉගෙන ගත්ත කාට උනත් අන්තිමට මූන දෙන්න වෙන අත්දැකීමක් ගැන.. ඉන්ටව්,ඉන්ටර්වීව්,ඉන්ටෝ.. කිය කිය එක එක්කෙනා එක විදිහට කියන සම්මුඛ පරීක්ශන ගැන තමයි අද කතාව.. HNB එකෙන් පටන් අරන් මම මේ වෙද්දි ඔව්ව දහයකට ආසන්න ගානකටම මට මූන දෙන්න වුනා.. ඒවයින් බාගෙකටත් වඩා මටනම් වෙලා තියෙන්නෙ ආතල් වැඩම තමා.. මේ කතාව මගෙ ජීවිතේ වෙනස් කරපු එකක් සම්බන්දව..
අදාල ආයතනය හරි ඒකට සම්බන්ද කිසිම දෙයක් ගැන මම නොකිය ඉන්නම්..කොහොම හරි අපි ඕවට යද්දි ටිකක් ලස්සනට පිලිවෙලට යන්න හදනවනෙ.. ඉතින් මමත් උදේ පාන්දර නාල කරල (යාලුවෙකුගෙ ගෙදර ඉඳල තමයි ආවෙ) ටයි පොල්ලක් සාක්කුවෙ දාගෙන, ජෙල් පැකට් දෙකක් විතර සාක්කුවෙ දාගෙන ආව අඩව්ව අල්ලන්න, ඒ දවස්වල කොලඹ පාරවල් ගෙන එච්චර නොදන්නව උනාට කොහොමහරි වෙලාවට කලින් හොයාගෙන එන්න පුලුවන් උනා කියමුකෝ.. අදාල ස්පොට් එකට ගල් ඉබ්බා වගේ මාත් ටිකක් කිට්‍ටු කරල බැලුවා.. එක එක කට්ටිය එක එක මූඩ් වල.. සමහරු බිම බලාගෙන සපත්තුවේ පොලිශ් එක බලා ඉන්නවා.. සමහරු මූනට කරුවක් එහෙම ගහගෙන අහස පොලොව ගැටගහන්න ක්‍රමයක් හොයනවා, කස්ටියක් ෆෝන් එකෙන් මැසේජ් කොටනවා.. මමත් බැලුවා පොඩ්ඩක් මූනත් තහඩුව පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න තැනක්.. මෙන්න බොලේ තියෙනව ටොයිලට් එකක්.. රිංගුවා ඇතුලට ටයි පොල්ල දාගෙන ජෙල් පැකට් දෙකම හලාගත්ත කොන්ඩෙ.. ඔය ඉන්නෙ යකා නිකන් මොකාද වගේ,  ඔන්න වැඩේ හමාර උනාට පස්සෙ මමත් සෙට් උනා පෝලිමේ කොනකට.. මගෙ වාරෙ ආවට පස්සෙ රිංගුවා ඇතුලට නිකන් දේවලෙ තිරෙන් අස්සට කපුවට හොරෙ රිංගනවා වගේ..

අක්කර පහක විතර මේසයක් ඉස්සරහ ඉන්නවා රජ ඩයල් දෙකක්. පොරක් කෝල් එකක.. අනිකට ගුඩ් මෝනිං පාරක් දාගෙන මමත් වාඩි උනා.. ඔන්න පටන් ගත්ත කඩ්ඩෙන් කොටන්න.. මාත් එහෙට මෙහෙට වැනි වැනී අතකින් පලිහයි.. අනික් අතින් මොට්ට කඩුවයි එල්ලගෙන පුලුවන් විදිහට කොටනව.. අපි මෑන්ට A කියමු අනිකට B කියමුකෝ මෙන්න මෙහෙම යනව කතාව..

A:-කියන්න බලන්න ඔයා ගැන විස්තර ටිකක්..
මම:- මම සුදර්ශන බංඩාර...(මේ විදිහට පටන් අරන් කට පාඩම් කරගත්ත ටික දිගාරිනවා..)
(B කෝල් එකේ තාම. A ගැජට් එකක් පෙන්වමින්)
A:-මේ මොකක්ද?
මම:-සර් ඕකෙ නමනං දන්නෙ නෑ ඒ උනාට ඕක ඇතුලෙ තියෙන්නෙ .....බ්ලා...බ්ලා...බ්ලා... ඕකෙන් කෙරෙන්නෙ බ්ලා... බ්ලා.. බ්ලා...
(ඔන්න එනව අනික B තව මගුලක් අරන් )
B:- මේක මොකක්ද කියන්න බලන්න එහෙනම්..
මම:- සර් ඕකෙත් නමනං දන්නෙ නෑ ඒ උනාට ඕක ඇතුලෙ තියෙන්නෙ .....බ්ලා...බ්ලා...බ්ලා... ඕකෙන් කෙරෙන්නෙ බ්ලා... බ්ලා.. බ්ලා...
(ඩබලම ටිකක් අප්සට් වගේ)
B:-හරි කියන්න ADSL කියන එකේ තේරුම?
මම:-(මල කෙලියයි ඊයෙ පාඩම් කරන් ආව අද මතක නෑනෙ යකඩෝ.. කිව්ව මෙහෙම තටම තටමා...)
සර් මේ... මේ.. ඇසිංක්‍රෝනස්....ඩි...ඩිජිටල්....ල...ලයින්... (පටන් ගනිද්දිම වැරදි)
B:- නෑ...... නෑ... නෑ... එක වැරදියි....
(ඔන්න අර කෝල් එකේ හිටපු එකා එක එක විකාර අහනවා මාත් එහෙට මෙහෙට පැන පැන බේරෙන්න බලනවා.. ඊලඟට අනිකටත් මොනවහරි අහන්න හිතිලවගේ අහනව මෙහෙම)
A:-ගම බිබිලෙ කිව්ව නේද? බිබිලට කෝච්චි තියෙනව නේද?
මම:-නෑ සර් බිබිලට කෝච්චි නෑ..
A:- නැත්තෙ කොහෙද ඔයා දන්නෙ නැතුව ඇති..
(මල පනිනවනෙ යකෝ මේවට මගෙ ගම ගැන දන්නෙ නැද්ද මම)
මම:-නෑ බිබිලට කෝච්චි නෑ....!
A:-නැත්තෙ කොහෙද බදුල්ල කෝච්චිය හරවන්නෙ බිබිලෙන්නෙ..
මම:-නෑ සර් බදුල්ල කෝච්චිය හරවන්නෙ බදුල්ලෙන්.. එකනෙ එකට බදුලු කෝච්චිය කියන්නෙ.. නැත්තන් කියනවනෙ බිබිල කෝච්චිය කියල..
A:-ඒ උනාට ඉස්සර තිබුන නේද?
(මොන මගුලක්ද මේ යකාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ)
මම:-නෑ ඉස්සර තිබුනෙත් නෑ..
A:-ඉස්සර තිබුනට ඔයා දන්නෙ නැතුව ඇති.
මම:-කෝච්චි පාරක් එහෙම දවසකින් දෙකකින් නැතිවෙලා යන්නෙ නෑනෙ සර්.. තිබුන සලකුනක් හරි තියෙන්න ඕන.. අනික අපෙ අම්මල තාත්තලවත් බිබිල කෝච්චියෙ ගියා කියල කියනවා මට ඇහිල නෑ.. අනික ස්ටේෂන් එකක්වත්, එහෙම තිබුන තැනක්වත් නෑ..
A:-ඒ උනාට බිබිලට කෝච්චි තිබුනා ඔයා දන්නෙ නැ..
(ආයෙ මගුලක් කතා කරනවා ඒ පාර)
මම:-නෑ සර් පරන ලංකා සිතියම් වලවත් එහෙම දෙයක් දැකල නෑ.. බිබිලට කෝච්චි තිබුනෙම නෑ...
A:-බිබිල මඩකලපුව දුවන කෝච්චියක් තිබුනා ඔයා දන්නෙ නෑ...
(පිස්සු හැදෙනවා මූ කියන ඒවට)
මම:- නෑ නෑ බිබිල මඩකලපුව කෝච්චි පාරක් නම් නෑ නිකන් පාරක්නම් තියෙනවා..ඒකත් දැං මහ ඔයෙන් එහාට වහල යුද්ධෙ නිසා..
A:- හා එහෙනම් කියන්න ඒ පාරෙ අංකෙ මොකක්ද කියල?
මම:-B57 (ඔහෙ කටට ආව පලියට කිව්වා)
A:-බිබිලෙ දොඩම් තියෙනව නේද?
(ඒ පාර මෑන් මාව කෝච්චියට අහු කරල මරන්න බැරිකොට දොඩම් වලින් ගහල මරන්න වගේ හදන්නෙ...අතෑරියෙ නෑ එක දිගටම කියල දැම්ම..)
මම:-නෑ ස්ර් බිබිලෙ දොඩම් නෑ.ඉස්සර තිබුනා.. වෛරස් එකක් ඇවිත් මීට අවුරුදු ගානකට කලින් වගාව සම්පූර්නයෙන්ම නැති උනා..දැං ඒ වත්ත තියෙනව. කතාවට මිනිස්සු දොඩම් වත්ත කියල කියනවා, හැබැයි දැන්නම් රබර් හිටවල තියෙන්නෙ.. (අහන්න හදන ඔක්කොම මමම කිව්වා....ඇයි යකෝ....)
A:-අපරාදෙ නේද..
මම:-හ්ම්...
A:- හරි අපි දන්නල එවන්නම්...

මමත් ඉතින් තැන්කූ පාරක් දාල නිකන් දවසම මෙරිගො රවුන්ඩ් ගිය එකෙක් වගේ උතුර දකුන මාරු කරගෙන නැගිටල ආව....
ඔන්න ඔහොමයි කතාව...අපරාදෙ කියන්න බෑ... ඒකෙන් මාව පාස් කරල.... අදටත් මම දන්නේ නෑ මොනවද ඒ උනේ කියන්න....
කොහොම උනත් ලංකාවෙ ඉන්ටවීව් ගැනනම් මට කියන්න තියෙන්නෙ බාගෙට බාගයක් බොරු කියන එක තමයි.. මොන බොරු ප්‍රශ්න ඇහුවත් අන්තිමට ගන්නෙ උන්ට ඕන අය තමයි.. XXXටෙල් එකේදි අහපු දෙවෙනි ප්‍රශ්නෙ තමයි, "බොනවද..?" කියන එක මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව තක්කු මුක්කු වුනාම මෑන් කියනවා "මෙහෙ එනවනම් හොදට ගහන්න ඕන" කියලා.. හික්.. එක ආයතනයක ඉන්ටවීව් එකෙන් පස්සෙ (රජයේ එකක්) එකෙන් ගන්නෙ ඇමතිගෙ ඔඩර්ස් වලට කියල දැනගත්තම මමත් දන්න කියන කෙනෙක් හරහ මෑන්ව ඇල්ලුවා බලන්න.. මෙන්න බොලේ මේ යකා ලක්ශ තුනහමාරක් ඉල්ලනවා.. කොහොම කොහොම හරි අපි දන්න සබ්ජෙක්ට් එකේ අයනු ආයනු වත් නොදන්න ඈයො (සමහරුන්ට සා.පෙ. වත් නෑ)ඇතුලට යන මැජික් එකනම් හොයාගන්නම ඕන.. හෙට දවසෙ මට ඔව්වා දෙකකට ඔලුව දාන්න තියෙනවා.. ඔන්න ඔහෙ යනවා ඒ නාඩගමත් බලන්න.. විබාගෙ එහෙම ඉවරවෙලා (අන්තිම එක) අපි මේක පිලිවෙලකට ලස්සනට කරමු.. එතකන් ගිහින් එන්නම්..

Tuesday, August 9, 2011

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ.....

මා කුඩා අවදියෙහි  අප නිවසෙහි රූපවාහිනියක් නොතිබිණි. මගේ දෙමව්පියන්ට එවැන්නක් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොතිබූ නිසා නොව අප සියල්ලන් සියලු වැඩ පසෙකලා එයටම ඇලී ගැලී සිටිනු ඇතැයි මගේ මවගේ විස්වාශය විය.මගේ මෑණියන් ගුරුවරියක් වූවාය. ඉගැන්වීම ඇයගෙ ‍රැකියාවකට වඩා වගකීමක් ලෙස සැලකූ අතර අප කුඩා කල අපට හමු වූ ගුරුවරුන්ගෙන් 99%ක්ම වාගේ එයම අනුගමනය කළ අය වීම අප ලද භාග්‍යයක්ම විය යුතුය.උපකාරක පංති කලාව කොළඹින් ඉතා දුර බැහර වූ මා උපන් ගම් පියසෙහි ඉතා ළදරු අවධියක පැවතිණ.

 අපට ඇති තරම් විනෝද වීමට කාලය තිබිණ. රූපවාහිනියක් නොතිබීම මහා ලොකු අඩුවක් ලෙස නොදැනුනේ මා හට සම වයසේ ඥාති සහෝදරයින්ගෙන්ද මගේ පවුලේම සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන්ද අඩුවක් නොතිබූ නිසාය. එහෙත් අහල පහල ගෙවල්වලට පැන රූප පෙට්ටියට නෙත් ඇලවීමටද අපි බසුබට නොවීමු. මේ ගැන නම් මගෙ මවගේ කැමැත්තක් නොවුනු හෙයින් අවසන් ප්‍රතිඵලය වූයේ රූපවාහිනියක් අප නිවසටද පැමිණීමය. රූප පෙට්ටිය අප නිවසට පැමිණියද එයට අප නිවස ආක්‍රමනය කිරීමට නොහැකිවූයේ ගෘහ මූලිකත්වය රූපවාහිනී සභාපතිතුමාට දීමට තරම් මගේ මව්පියන් මෝඩ නොවුනු හෙයිනි.

එකල චන්ද්‍රිකා රූපවාහිනී සේවා හෝ කේබල් ටී වී සේවාවන් නොතිබූ අතර ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය හැරුනුවිට අනික් සේවාවන් කොළඹට පමණක් සීමාවිය.පෙර කී සේවාවන්ගෙන්ද අද තරම් කුණුකන්දල් ගලා ඒමක් නොවීය. මට මතක මා නැරඹූ පලමු ටෙලිනාට්‍ය "ලා හිරු දහසක්" විය. "යශෝ රාවය,පලිඟු මැණිකේ,දඬුබස්නාමානය,අකාල සන්ධ්‍යා,මානව වාරන,උතුරුකුරු සටන,කීටයා,කෝපි කඩේ,දූ දරුවෝ,නෑදෑයෝ,සූරියදරුවෝ,කඩවර..... වැනි ටෙලිනාට්‍ය අප නොවරදවා නැරඹුවද රූපවාහිනී සේවා දෙකක් හෝ එකක් පමණක් පැවතීම නිසා පවුලේ සමගියට මහා ලොකු බාධකයක් නොතිබිණ. මෙම ටෙලි නාට්‍ය අප සියල්ලන්ටම එකතු වී නැරඹීමට හැකි තත්වයක තිබූ අතර හවස් වරුවට "පිස්සු පූසා,දොස්තර හොඳ හිත,Zoro,මායා බන්ධන 1,2,රොබින් හුඩ්,....." වැනි අදටත් මතක වැඩසටහන් විකාශනය විය. රූපවාහිනියට වැයකල මුලු පැය ප්‍රමාණය පැය දෙකක් හෝ ඊට මදක් වැඩි වන්නට ඇති නමුත් එය ඉතා සාමාන්‍ය මට්ටමේ වූවක් විය.

මා 10වන වසරේ හෝ 9වසරේ පමණ සිටින අවධියෙහි හිටි ගමන් සිරස නාලිකාව පෙනෙන්නට පටන්ගත්තේය.. එක කොටසක් බලා ඊලග කොටස බලන්නට සතියක් බලා සිටි අපට සතියේ දින පහක් බලන්නට අමුතු තාලයේ කතා පෙළක් ලැබිණ.. "ශාන්ති,ප්‍රගති,දාමිණී" වැනි ඉන්දියානුවන් සහ අඩක් ලාංකික ඉන්දියානුවන් පැමිණ ටිකින් ටික රූපවාහිනිය බදු ගන්නට පටන් ගත් නමුත් එහිද "Texas rangers,සූර පප්පා,කවුද බෝයි,හර්ක්‍යුලීස්," වැනි සිත්ගත් වැඩසටහන් විය. "9.05න් පටන් ගෙන කදමල්ල,තිත්ත ඇත්ත,පාර දිගේ,433333,Dark Room,චැලෙන්ජර්ස්..." වැනි සඟරාමය වැඩසටහන් වලට අමතරව "අන්තර්ජාලය ඔබේ නිවසට" වැනි නවමු ආකාරයේ වැඩසටහන්ද අපෛ ආසාවෙන් නැරඹූවෙමු.

මෙයාකාරයට සෙමෙන් ගලාගිය කතාවේ හැරුම් ලක්ෂ්‍යය කොතැනද යන්න අදටත් මට නොතේරේ..එක්කෝ ඒ තරමටම අප රූපවාහිනිය තුල වල්මත්වී ඇත.එසේත් නැතහොත් රූපවාහිනිය නිරුවත් වීම සෙමෙන් සෙමෙන් අපට නොතේරෙන ආකාරයට සිදුවී ඇත. අද සියලු රූපවාහිනී නිරුවත් වී ඇති සෙයක් මට හැඟේ. රූපවාහිනියේ පෙනී සිටින්නන්ද නිරුවත් වී ඇත ඔවුන් දර්ශන තලයේ අඩ නිරුවතද ඉන් පිටත සම්පූර්ණ නිරුවතද විකුණත්. ටෙලි නාට්‍ය නිලියන් කිහිප දෙනෙක් ගණිකා වෘතියේ යෙදී අසුවී තවත් බොහෝ දෙනාට චෝදනා එල්ල වී ඇත.. පෙනී සිටින්නන් පමණක් නොව වැඩ සටහන් අන්තර් ගතයන්ද නිරුවත්ය..වෙනත් ලෙසකින් කියනවානම් රත්තරන් යැයි සරුව පිත්තල පෙන්නන කාලයක් පැමිණ ඇත. කට ඇරගෙන මව,පියා දූ දරුවන්, සිඟිත්තාගේ සිට මහල්ලා දක්වා සියල්ලෝ ඉන්දියානු අච්චුවේ රඟපාන ගණිකාවන් දෙස බලා සිටිත්.. ඉඳ හිට අස්වල් දර්ශන,අසවල් වචන(තමුසේ...) ඉවත් කරන්න නියෝග කර දේශපානඥයින් ලකුණු දාගනිති. එහෙත් ඊටත් වඩා අසැබි වදන් ඔවුන්ම රියැලිටි වැඩසටහන්වල විනිශ්චයට පැමිණ දොඩත්..වරක් එක් දේශපාලකයෙක් මෙවැනි වැඩසටහනකට පැමිණ තරඟ කාරියකට පැවසුවේ "මට ඔයාගෙ කුක්කු බොන්න හිතෙනවා.." යන්නයි. කුක්කු බීම ගැනනම් අපට ගැටලුවක් නැත.. අප මේ පා නගන ප්‍රපාතයේ ගැඹුර ගැන නම් මහා ගැටලුවක් ඇත.

ලංකාව ඉන්දියාවට ඉතා ආසන්න වීම නිසා රාම රාවණා කාලයේ සිටම ඉන්දියානු ආක්‍රමණවලට ලක් වීමට අපට සිදු විය.. එදා පටන් අද දක්වා සිදුවූ ආක්‍රමන වලින් එක් ආක්‍රමණයක් පමණක් ඉතා සොඳුරු විය. එය මෙයට අවුරුදු 2500කට පමණ පෙර මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකුගෙන් සිදු වූ අතර එයම අප ලැබූ මහා භාග්‍යයම විය..එයින් අප ලැබූ මහාර්ඝ සම්පත් ටිකින් ටික අද ඉන්දියානුවන්ම උදුරාගැනීම එක්තරා ආකාරයක සරදමක්ම වැනිය.. එදා අප බුදු දහමින් ලද පෝශණය කුමන ආක්‍රමනය හමුවේවත් වල ලෑමට අපි දීන නොවීමු..එහෙත් ඒ සියල්ල රූප පෙට්ටියෙන් එන සොරුන්ට සොරාගැනීමට ඉඩ දී අපි නිවටයින් ලෙස බලා සිටින්නෙමු.

නිමල් ලක්ෂපතිආරච්චි පැමිණ Night Time TV නමින් වැඩිහිටියන්ට පමණක් සීමාවූ වැඩ සටහනක් ඇරඹූ අතර එය ඉතා අශාවෙන් ළමා පරපුරම බැලුවද කිසිදු වැඩිහිටියෙක් නැරඹීම තබා එවැන්නක් විකාශනය වූවාද යන්න අදටත් නොදනී. ඔහු එතැනින් නොනැවතී ජාතික රූපවාහිනියට පැමිණ ප්‍රවෘති කියන නිවේදිකාව අඩ නිරුවත් කර නෙස්ටමෝල්ට් පෙව්වේය.. කොතරම් නිර්මාණශීලී වුවත් කුණුගොඩවල් විකිනීමට පටන් ගැනීම මගේ අදහසට අනුවනම් පටන්ගත්තේ සිරස නාලිකාව මගිනි.. මේ කුණු වලට හොඳ ඉල්ලුමක් ආ අතර අනෙක් නාලිකාවන්ද කුණු ආනයනකර හෝ විකිනීමට පටන් ගත් අතර ආලින්දය පුරා දිවා රෑ නැතිවම කුණු දෝර ගලන්නට විය.. පෙර කී පරිදි සිඟිත්තාගේ සිට මහල්ලා දක්වා තරගයට මේ කුණු කති.. මේ කෑ කුණුවල ආනිසංස සුලු රෝග ලක්ෂණ ලෙස දැනට ටිකින් ටික පෙනෙන්නට තිබෙන අතර පිළිකාව තවමත් සු‍රැකිව තිබේ.

අද රටේ භාගයක් ගායකයෝ හා නර්තන ශිල්පියෝ වෙති. දවසකට දෙකකට සුපිරි තරු වන මොවුන්ගේ ගීත සතියක් දෙකක් අසන අප නැවතත් 70,80,90 දශකයේ ගායකයින්ට මාරු වෙන්නේ නිරායාසයෙනි. අද නර්තනයේ විශිෂ්ඨතම අංගය වී ඇත්තේ ලිංගිකත්වයයි.. එය එදා ශෘංගාර රසය යනුවෙන් යම් යම් සීමවන්ට යටත්ව පෙන්වුවද අද කිසිදු හිරිකිතක් නැතිව හුදු ලිංගිකත්වයම විකිනේ.. අද ලාංකිකයෝ තමන්ගේම ආලින්දයේ අතරමංවී යන එන මං නැතුව සිටිති. මග සොයා යා හැකි මව සහ පියා (බොහෝ විට මව) තම දරුවන් පෙර‍ටු කරගෙන බැදි වලම රිංගති.. තරු පහේ කෑම හදන වැඩසටහන් දවස් පහක් නරඹන ගැහැනු එක දවසක් තම පවුලට රහට කෑම නොදෙත්. මව් වරු දූවරු තරගයට යෝගට්,අලිපේර මූණේ උලති. බිත්තර සාරු කෙස් ගල්වති... ඉස්සර අනුභව කළ දෑ මූනේ ගාගෙන අන්ධයන් මෙන් තණ කොල  කති. තම දියණිය සුපිරි තරුවක් කරන්නට විනාඩියකට දෙකකට රූපවාහිනියේ මූණ දාගන්නට කියන ඕනෑම දෙයක් කරති.. අප සිතන්නේ යුරෝපීය ආරටය,අඳින්නේ යුරෝපීය ආරටය,වැඩ කරන්නේ යුරෝපීය ආරටය එහෙත් තවමත් හිත ලාංකිකය.. ගැටෙන්නේ මේ දෙකය.. ලොකයක් ලස්සන කරන්නටනම් පෙරමුණ ගතයුත්තේ මවයි.. අවුරුද්දක් හෝ ඊට වඩා මවුකිරි දරුවන්ට දීමෙන් පමණක් එය කළ නොහේ.. මව දුරස්තපාලකය ‍රැ‍ඟෙන පැය භාගෙන් භාගෙට කුණු කන විට පරම්පරාවක් ඉදිරියෙන් සිටින දරුවෝ පරම්පරාවක් ඉදිරියෙන් එන කුණු කති, ඒ අන්තර්ජාලය,ජංගම දුරකථනය ආදී අනේක මාර්ග වලිනි..

පෙනෙන ආකාරයටනම් අපට මග වැරදී ඇත.. ඉදින් මග සොයාගත යුත්තේද අපමය.. "ටී වී එපා, රූපවාහිනිය සලු ඇඳගනු" වැනි ජනප්‍රිය වැකි සහිත බෝඩ් ලෑලි එල්ලාගෙන පිකටින් කර මග සොයාගත නොහේ.. මහින්ද මාමාට පොඩි එකා ලවා ලියුමක් ලියා හෝ කෝල් එකක් දී හෝ නැවැත් විය නොහැක.. මන්ද මේ සියල්ල පි‍ටුපස මුදල නැමැති සර්වබලධාරී දෙවියා සිටින හෙයිනි.. වල්මත් වී යන උන්ට යන්නට හැර හරි මග යන්නට  මව් වරු පෙරමුණ ගත යුතුය.. එයට රූපවාහිනී යන්ත්‍රය පොළොවේ ගැසිය යුතුය වැනි මෝඩ ‍රැඩිකල් යෝජනාවකින් වැඩක් නැත.. මේ පිලිබඳව පුලුල් කතිකාවතක් ඇති විය යුතුය.. රූපවාහිනියට පවුලේ වාරණයක් අවශ්‍ය වී තිබේ.. ‍රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිත්වය මවට හා පියාට හිමි විය යුතුය.. එයට ඇමතිගෙන් ලියුමක් නම් අවශ්‍ය නොවේ.. අමුතුවෙන් මුදලක්ද වියදම් නොවේ..

Tuesday, August 2, 2011

ජංගම දුරකතන තාක්ෂණය 03

පහු ගිය ලිපියෙන් නවත්තපු තැන ඉඳල අද ඉස්සරහට කතා කරගෙන යමු.

Maritime Communication

නාවික කටයුතු සඳහා රේඩියෝ සංඛ්‍යාත පාවිච්චි කිරීම මේවා හොයාගත්ත කාලෙ ඉඳලම පැවතුනා.. කටහඬ එකතු කරල සංනිවේදනය කරන්න කලින් ඉඳලම මෝස් කෝඩ් එක පාවිච්චි කරගෙන පණිවුඩ හුවමාරුව පැවතුනා. මේවට සිස්ටම් Develop කරන්න ගිහින් අලුතින් හොයාගත්ත දේවල් සමස්තයක් විදිහට හැම Communication Field එකකම දියුණුවට හේතු උනා.GPS සහ චන්ද්‍රිකා තාක්ශනය කොච්චර දියුණු උනත් අදටත් මේ වෙන්කරපු බෑන්ඩ් ඒ විදිහටම තියෙනවා. . 2182 kHz  medium-wave frequency අදටත් හදිසි අවස්තා දැනුම් දෙන්න පාවිච්චි කරනවා.Marine VHF radio වෙරළාශ්‍රිත සංනිවේදන කාර්‍යන් සඳහා යොදා ගන්නවා.ජීවිතාරක්ෂක කටයුතු,වරායන් එක්ක සංනිවේදනයට,වගේ දේවල් උදාහරණ.මේ කියපු VHF Radio band එක 156MHz to 174MHz දක්වා තමයි වෙන් කරල තියෙන්නෙ.

Radar (Radio Detection and Ranging)
රේඩාර් කියන දේ අපිටනම් එච්චර අලුත් නෑ නේ. මතක ඇති යුද්ධ කාලෙ කුරුම්බැට්ටි මැශින් රේඩාර්වලට අහු උනේ නෑ..අරක මේක කිය කියා ලොකු කතාවක් ගියා..දැයට කිරුළ,නිදහස් දිනය වගේ බලන්න ගිය අයනම් අපේ ආරක්ශක අංශ පාවිච්චි කරන රේඩාර් දකින්න ඇති..එයාලනම් ගුවන් යානා වගේ ලොකු වස්තු වගේම කාලතුවක්කු උන්ඩයක් හරි ඉලක්කයට පතිත වෙනවද,නැත්තන් සතුරු කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙන්නෙ කොහෙන්ද කියන එක බලා ගන්න පුලුවන් තරම් දියුණු පද්ධති පාවිච්චි කරනවා.. ගුවන් යානා එන උසත් බලාගන්න පුලුවන් ත්‍රිමාන රේඩාර් වගේම සතුරු රේඩාර් අවුල් කරන්න පුලුවන් ජෑමර්ස් පවා තියෙනවා..
රේඩාර්වලට පාවිච්චි කරන්නේ රේඩියෝ හරි මයික්‍රෝ වේව් තරංග. නිදහස් අවකාශයට මුදාහරින මේ තරංග මොකක්හරි වස්තුවක වැදිල පරාවර්තනය වෙලා එන කොටස් නැවත ඇන්ටනාව මගින් ග්‍රහනය කරගෙන තමයි අදාල මැප් එක පෙන්නන්නෙ.. ගොඩක් අය ‍ෆිල්ම් වලින් එහෙම දැකල තියෙන නිසා වැඩ කරන විදිහත් හැමෝම වගේ දන්න නිසා අපි රේඩාර්වලට තිත තියල ඊලඟ කතාවට යන්.මෙච්චරයි දැනගන්න ඕන රේඩාර් බෑන්ඩ් එකනම් ගොඩක් ලොකුයි කොල්ලනේ. ඉහල සංඛාතවලට කාලගුණික තත්වයන්වලින් ගොඩක් බාධා වෙනවා. නමුත් තොරතුරු වල විස්වාශනීයත්වය ඉහලයි.පහල සංඛ්‍යාත වල ඕකෙ අනික් පැත්ත.

මෙන්න විස්තර

Frequency Band Designation
Specific Radar Frequency Assignment
Typical Application
HF
No Specific Bands
Over the horizon radar
VHF
216-225 MHz
Very long range
Ground penetration radar
UHF
420-450 MHz
902-928 MHz
Very long range
Foliage penetration
L
1.215-1.390 GHz
Long range surveillance
S
2.305-2.385 GHz
2.417-2.483 GHz
2.700 - 3.650 GHz
Long range surveillance
Air traffic control
C
5.250-5.85 GHz
Air surveillance
Air traffic control
Airborne altimeter
X
8.5-10.55 GHz
Long range ground surveillance
Airborne weather radar
Weather observation
Marine radar
Police radar
Ku
13.4-14.0 GHz
1.7-17.7 GHz
Guidance
Medium range ground
surveillance
K
24.05-24.25 GHz
Police radar
Ka
33.4-36.0 GHz
Short range ground surveillance
Targeting
Imaging
V
59-64 GHz
Automotive anti-collision
W
76-81 GHz
92-100 GHz
Imaging
Automotive anti-collision
Airborne wire detection

Wi-Fi
මේ සම්බන්දව වැඩි විස්තර නෙට්වර්කින් නාඩගමේ නටන්න තමයි හිතාගෙන ඉන්නෙ. Wired LAN වලට ‍රැහැන් රහිත හොඳ විකල්පයක්.IEEE 802.11 standards වලට දුවනවා කියල දැනට දැනගත්තම ඇති.
Bluetooth,Wi-Max,Satellite Communication Systems ගැනත් වෙන වෙනම දාන්න ගියොත් මාතෘකාවෙන් ගොඩාක් පිට පනින්නවෙන නිසා ඔක්කොම එකතු කරල පොඩි විස්තරයක් පහලින් දාන්නම්..



Band Number
Symbol
Frequency Range
Wavelength range
Typical Sources

1

ELF

3-30 Hz

10,000-100,000 km

Deeply submerged submarine communication

2

SLF

30-300 Hz

1,000-10,000 km

Submarine communication, AC power grids

3

ULF

300-3000 Hz

100-1,000 km

Earth quakes, Earth mode communication

4

VLF

3-30 kHz

10-100 km

Near surface submarine communication

5

LF

30-300 kHz

1-10 km

AM broadcasting, Aircraft Beacons

6

MF

300-3000 kHz

100-1000 m

AM broadcasting, Aircraft beacons

7

HF

3-30 MHz

10-100 m

Skywave long range radio communication, Shortwave broadcasting, Military Maritime, Amateur Radio

8

VHF

30-300 MHz

1-10 m

FM radio broadcast, television broadcast, Professional Mobile Radio, Digital Video Broadcasting – Terrestrial, Magnetic Resonance Imaging

9

UHF

300-3000 MHz

10-100 cm

PMR, Television broadcast, Microwave oven, GPS, Mobile phone communication (GSM, UMTS, 3G, HSDPA), Cordless phones (DECT), WLAN (Wi-Fi 802.11 b/g/n), Bluetooth

10

SHF

3-30 GHz

1-10 cm

DBS satellite television broadcasting, WLAN (Wi-Fi 802.11 a/n), microwave relays, WiMAX, radars

11

EHF

30-300 GHz

1-10 mm

Microwave relays, Intersatellite links, WiMAX, high resolution radar, directed-energy weapon (Active Denial System), Security screening (Millimeter wave scanner)


මේ ටික දැනට බලන්නකෝ.. ඊලඟ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ Cellular Concepts කියන දේ ගැන..Analog,GSM,3G,CDMA....වගේ හැම දේටම අදාල සංකල්ප ටිකක්..වෙලාව තියෙන විදිහට ලියන්නම්.. බලමු කොච්චර කල් යයිද කියලා..

Friday, July 29, 2011

ජංගම දුරකතන තාක්ෂණය 02

ඔන්න අද තමයි ටිකක් නිදහස් වෙලාවක් හම්බ උනේ.ඉතිං අපි නව්ත්තපු තැන ඉඳල ආයෙමත් පටන් ගනිමු.පිදුරුතලාගල ගිය ගමනත් මරේ මරු.. ලංකාවෙ උසම තැනට යන්න ලැබීමත් ජීවිතේ ලබපු ලොකු වාසනාවක්.ජාතික රූපවාහිනී,චැනල් අයි,ස්වර්ණවාහිනී,හිරු,ගෝල්ඩ්,සන්,සූර්යන්,ඒයාපෝට් ඒවියේශන් රේඩාර් සිස්ටම් එක වගේ ගොඩාක් වැදගත් තැන් බලන්න ලැබුනා.ඒක ගැන ඒ ඇති.දැන් ආයෙමත් අපේ ප්‍රධාන කතාවට බහිමු..

අපි මොන මොන දේටත් පාවිච්චි කරන්න වෙන්නේ රේඩියෝ සංඛ්‍යාත.රේඩියෝ සංඛාත කියනකොට මේක කියවන අපේ කට්ටියට පොඩි අවබෝධයක්නම් තියෙන්න ඕන..
මේවා සාමාන්‍යය විද්‍යුත්චුම්බක තරංග.Radio Spectrum එක සම්බන්ධවත් සාමාන්‍ය තරමක හරි අවබෝධයක් තියෙනවනම් ගොඩක් හොඳයි..
Radio Spectrum ඉතාම සීමිත සම්පතක්..  ඉස්සරම කාලේ එක එක්කෙනාට ඕන ඕන විදිහට ට්‍රාන්ස්මීටර් රිසීවර් හදාගෙන එක එක සංඛ්‍යාත පාවිච්චි කරන්න පුලුවන් කම තිබුනා..ඒත් එක එක්කෙනා කැමති කැමති සංඛ්‍යාත පාවිච්චි කරන්න ගත්තහම මේව අතර interferences එහෙම ඇති වෙලා වැඩ ඔක්කොම ජෝන් බාස්ට යන නිසා ඕනම රටක මේ දේවල් පාලනය කරන්න නෛතික ව්‍යුහයක් තියෙනවා..
ලංකාවෙනම් TRC එක එහෙම නැත්තන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන ආයතනය තමයි ඉන්නෙ..මේගොල්ල තමයි මේ සම්බන්ධ හැම තීරණයක්ම ගන්නෙ..රේඩියෝ,ටීවී,මොබයිල් ෆෝන් ඔපරේටර්ස්ල වගේ හැම කෙනාටම මේක බෙදල දෙන්නෙ මේ කට්ටිය තමයි..

මං දන්න තරමින් මේ පුංචි රටේ රේඩියෝ වලටනම් දෙන්න ඕන ඔක්කොම වගේ දීල ඉවරයි..ආයේ ඒකෙනම් ඉඩක් නෑ.. විශේෂයෙන් කොළඹ වගේ ප්‍රදේශයක ඉන්න කෙනෙක් මොකක් හරි චැනල් එකක් මැනුවලි කරකවලා අල්ලන්න ගියොත් තියෙන අමාරුව ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..පුදුම තදබදයක් තියෙන්නෙ..මොකද අද මොකක් හරි පක්ශයකට හේත්තු වෙලා ආණ්ඩුවට පොඩි තල්ලුවක් දුන්න නම් රේඩියෝ ලයිශන් එකක් ගන්න එක නතිං..
කොහොම කොහොම් හරි ලෝකෙ මේ දේවල් වලට සම්මුතියක් තියෙනවා.. මේ මේ ඒවා මේ මේ වැඩේට කියල වෙන් කරලතමයි තියෙන්නෙ.. නැත්තන් වැඩේ ෆුල් අස්පට් වෙනවනේ... වෙන රටවල ගුවන් යානා සංනිවේදනයට දීල තියෙන බෑන්ඩ් එකක් අපේ රේඩියෝ චැනල් එකකට දුන්නොත් කොහොම හිටියිද?

අපි පොඩ්ඩක් බලමු කොහොමද මේවා ලෝකෙ බෙදාගෙන පාවිච්චි කරන්නෙ කියලා

01.)Broadcasting Services
Broadcast frequencies:
Longwave AM Radio : 148.5 – 283.5 kHz (LF)
Mediumwave AM Radio : 530 – 1710 kHz (MF)
Shortwave AM Radio : 3 – 30 MHz (HF)
රේඩියෝ ටීවී ගැන ගත්තොත් නම් රටින් රටට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.. අපේ රටේ 87.5 – 108 MHz කියල කස්ටිය දන්නවනේ එෆ් එම් කොත්තු කඩ ටිකට දීල තියෙන්නෙ.

02.)Aeronautical Communication මේක තියෙන්නෙ ගුවන් යානා Aircraft systems වල සංනිවේදන කටයුතු සඳහා..voice වලට පාවිච්චි කරන්නේ මේක තමයි..
Frequencies between 108 MHz and 137 MHz.
Airband එහෙම නැත්තං Aircraft Band කියල කියනවා. Air trafic Controllersල Pilotලට කතා කරන්න එහෙම පාවිච්චි කරනවා..
ඒකත් 108 to 117.975 MHz කොටස නැවිගේශන් වලට පාවිච්චි කරනවා.. විශේෂ කැමැත්තක් මේ සම්බන්දව තියෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න.. ලොකු විෂයක්..
ඔක්කොම civil aircraft  කට්ටිය voice commmunication වලට පාවිච්චි කරන්නෙ 118.000 MHz to 135.975 MHz. කියන බෑන්ඩ් එක..ඒත් මේක simplex සිස්ටම් එකක්.. ඒ කියන්නෙ නිකන් පොලිසිය පාවිච්චි කරන වෝකි ටෝකි වගේ.. දෙන්නෙක් කතා කරද්දි එක වතාවකට කතා කරන්න පුලුවන් එක්කෙනාටයි..
121.5 or 243 MHz පාවිච්චි කරනවා හදිසි ඇමතුම් වලට.. 121.5 MHz  තමයි ක්ෂනික..

මට දැන්නම් නිදි මතයි.. ඉතිරි ටික අපි ඉක්මනටම ලියමු.. මේක පටන් ගත්තට මොකද දැං තමයි තේරෙන්නෙ බරපතල කම මෙක කොච්චර ලොකුද කියලා.. කමක් නෑ අපි ලිනක්ස් වලටයි නෙට්වර්කින් වලටයි ආයෙමත් ඉස්සරහදි අත ගහමුකෝ..

Monday, July 18, 2011

ජංගම දුරකතන තාක්ෂණය 01

හැමදාම එකම රාමුවකට කො‍ටු වෙලා ඉන්නවට වඩා හොදයි නේද දවසින් දවස වෙනස් වෙනස් දේවල්  ටිකකට අතගහන එක?
ඉතින් මමත් හිතුවා මම ඉගෙනගත්ත දේවල් වලින් ටිකක් මගෙ බ්ලොග් එක අස්සටත් ඔහෙ ඔබල දාන්න.. ජංගම දුරකතන තාක්ෂණය කිව්ව ගමන් මොනවද ඇත්තටම ඔලුවට එන්නෙ? එක එක බහු බූත මතක් වෙනව නේ? මොබිටෙල්, ඩයලොග්, 2G, 3G, GSM, 4G.... CDMA.... HSDPA... තව අකුරු කීයක්නම් මෙතන දාන්න පුලුවන්ද?

පළවෙනියටම කියන්න ඕන කතාව තමයි මේක දුරකතන අලුත්වැඩියා කිරීම පිළිබඳ ලිපි පෙළක් නම් නෙවෙන වග.. ඔය මුලින් තියෙන අකුරු අස්සෙ හැංගිච්ච කතන්දර එකින් එක දිගෑරල බලමු..
Mobile Communications කියල සුද්දගෙ භාශාවෙන් කියන මේ කතා ඔක්කොම අයිති වෙන්නේ Telecommunication එහෙම නැත්තන් කටේ පහසුවට කියන Telecom කියන සබ්ජෙක්ට් එකට තමයි.. අපි කොහොම කොහොම හරි ඔය ලොකු සබ්ජෙක්ට් එක කෑලි කෑලි ඉගෙන ගන්න බලමු..

පලවෙනි කතාව මොකක්ද මේ Mobile Communication Network එකක් කියන්නෙ ? මේක සිංහලට හරවලම ඉගෙන ගන්න ගියොත් ටිකක් අමාරු වෙන නිසා ඉංගිරිසි කෑලි බෑලි මැදට දාන්න වෙනවා, කොරාන්ට දෙයක්නම් නෑ පුතේ ඒ ගැන නම්.. Mobile Communication Network එකක් කියන්නෙ සන්නිවේදනය සිද්ද වෙද්දි අදාල පාර්ශව දෙක (සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්) අතර කිසිම physical connection  එකක් නැතුව නිදහසේ වැඩේ කරගෙන යන්න පුලුවන් ජාතියෙ එකකට..

පොඩ්ඩක් ප්‍රායෝගික උදාහරණයක් දෙකක් මතක් කර ගත්තනම් වැඩේ තවත් තේරෙයි.. GSM ඩයලොග් , මොබිටෙල් වගෙ ජාල..3G to 4G  ජාල.. CDMA චන්ද්‍රිකා දුරකතන.. රේඩියෝ.. ටී වී...wi-fi...WiMAX.. අරව මේව කීයක්නම් ඇත්ද?

මේකත් එක්ක නිතරම පාවිච්චිවෙන  වචනයක් තමයි ‘Wireless Communication’  කියන එක...එක වගේ පෙනුනට දෙකම එකක් කියල පටලව ගන්න නම් එපා..

Wireless telecommunications  කියන එක බොහොම සරලව කොටස් දෙකකට කඩාගන්න පුලුවන්..
01Mobile Communications
අර අපි මුලින් කතා කරපු එක..
02.Fixed Wireless Communications
ඔය කියපු ජාති දෙකට එක එකාට වෙන්වෙච්ච හොඳ මාකට් එකක් තියෙනවා.. mobile communications මාකට් එකනම් තනිකරම mobility or non-tethered කියන සංකල්ප මත තමයි තනිකරම ‍රැ‍ඳෙන්නෙ.
mobility කියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ "ඕනම වෙලාවක ඕනෑම තැනක සිට සන්නිවේදනය" කියන දේ.. anytime, anywhere communications කියල තමයි කියන්නෙ..

මේ කියන wireless කියන සංකල්පය wired communications  එහෙම නැතිනම් කේබල් සන්නිවේදනයට  හොඳ විකල්පයක්. හොඳට හිතල බලන්න අපි පොඩි කාලෙ ටෙලිකොම් එකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම දුරකතන සම්බන්ධතා දුන්නෙ.. ඉතිං ලංකාව වගේ දුප්පත් රටක හැම ගෙදරකටම තඹ කේබල් අදිනවා කියන එක තාම හීනයක් වගේ නේද? GSM,CDMA,Microwave කියන තාක්ශණ ඒ බාධක ජය නොගත්තන්නම් අදටත් අපි එදා හිටි තත්වෙම තමයි.. අපිටත් වඩා නොදියුණු රටවල CDMA තමයි ගෙවල් වලට දුරකතන පහසුකම් ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රධාන තාක්ශනය.. ලංකාවෙත් ඈත ගම්වලට ගියාම ප්‍රධාන ස්ංනිවෙදන මාධ්‍යය ඒක තමයි.. fixed wireless  කියන තාක්ශණය තමයි මෙතනදි පාවිච්චි වෙන්නෙ. ඉතින් මේකෙදි mobility කියන එක බලාපොරොත්තු වෙන්නෙ නෑ... කොහොම හරි මේ ක්‍රමය කේබල් මාධ්‍යට වඩා ගොඩක් වියදම් අඩුයි.. නමුත් යම් යම් සීමා වලට යටත් වෙන්න නම් වෙනවා..

ලෝකෙ සමහර තැන් තියෙනවා wired communications කියන දේ කරන්න හරිම අමාරු තැන්.. මහ මුහුද මැද්දෙ කාන්තාර, කඳු  වගේ තැන් වලදි ගොඩාක් දුරට මේ දෙවෙනි ක්‍රමය තමයි ප්‍රායෝගික.. ඒකත් ගොඩක් වෙලාවට චන්ද්‍රිකා තාක්ශනය හරහා තමයි..

Mobile Communication Systems ලෝකෙ ප්‍රචලිත වෙන්න පටන් ගන්නෙ 1980 දශකයේ මුල් හරියෙ වගේ..මීට  කලින් මේව නොතිබුනා නොවෙයි.. එදා ඉඳල අද දක්වා ආව මේ ගමනෙ එක එක කාලේ ඇති වෙච්ච තාක්ශණයෙ විප්ලවීය වෙනස්කම් වලට අනුව අපි පරම්පරා කිහිපයකට කඩාගන්නවා,
‘First generation (1G)’
‘Second Generation (2G)’
‘Third generation (3G)’.... සහ ඉන් ඉදිරියටත්..

ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ එක එක පරම්පරාව ගැන තේරෙන බාසාවෙන් පුලුවන් විදිහට සාකච්චා කරන්න.. මුල්ම ලිපිවලින් මම බලාපොරොත්තු වෙන්නෙ මේ  තාක්ශනික කරුණුවල සංකල්ප concepts ටිකක් කතා කරන්න.. මේවයෙ සංකල්ප ඔලුවෙ නැතිව ලොකු ලොකු කතන්දර කතා කරල ඇත්තටම වැඩක් නෑ.. සමහර වෙලාවට තේරෙන්නෙත් නෑ..මුල් ලිපි තේරුමක් නැති වල් පල් කියල හිතෙයි සමහර විට.. ඒත් එහෙම නෑ..

මේ සතියෙ අපි Field Visit එකට යනවා පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේශනාගාරයට සහ ස්වර්ණවාහිනී කිකිළියමාන සම්ප්‍රේශණාගාරයට.. දවස් තුනකට.. ඊලග ලිපිය ලියවෙන්නෙ ඒ ගිහින් ආවට පස්සෙ තමයි.. එහෙනම් ගිහින් එන්නම්..

Tuesday, July 5, 2011

පිටවාන

ඔන්න කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකටත් ඉර පායලා.. පහු ගිය ටිකේම හුස්මක් කටක් නැතුව එක දිගට ඇදගෙන ගිය exame බරත් පැත්තකින් තිබ්බා.. ආයෙ ඉතින් එහෙම එකක් එනව කියල මතක් වෙන්නෙත් තව මාස තුනකින්.. එතකන් අපිටනම් වගේ වගක් නෑ..
ලංකාවෙ උසස් අධ්‍යාපනය නම් කියල වැඩක් නෑ.. අපි දේශන වලට එන්නෙ අත්සන ගහන එක මූලිකම පරම පවිත්‍ර චේතනාව කරගෙන.. ඒ ආවත් ඉඳගත්ත ගමන් මටනම් නැළවිලි ගීත ඇහෙන්න පටන් ගන්නවා.. පුදුම වැඩේ කියන්නේ ගෙදර ඇඳේ නිදි පෙති ගැහුවත් නින්ද යන්නෙ නෑ.. අනෙ අම්මේ ඒ උනාට lecture වල නම් නින්ද යන අපූරුව.. ෆහ්... මතක් වෙද්දිත් සනීපයි..වැඩිය ඕන නෑ හීනත් පේනවා..
හැමදාම lecture ඇවිත් ඉස්සරහම පේලියේ ඉඳගෙන ඇස් කන් අලවගෙන ඉගෙන ගන්න එකත්, කොරන්න තියෙන ඔක්කොම මගෝඩි වැඩ ටික කර කර ඉඳල exame ලං උනාම පශ්චාත් භාගයේ රොකට් එකක් ගහගෙන වැඩ කරල exame කරන එකත් පාස් වෙන්නෙ එකම විදිහට..වෙලාවකට අර කලින් කියපු උන් ගැන දුකකුත් හිතෙනවා..
ජරමර අස්සෙ බර කරත්ත කියල මේ මගෝඩි අස්සෙ මට අවුරුදු 25ක් වෙලා.. ඒකටනම් අඬන්න ඕන.. තාම අම්ම තාත්තගෙන් කන්න වෙලා.. මේකනම් මාර රටක් තමයි.. හික්.. මොනව උනත් තව මාස තුනයි.. එහෙම ඉන්නෙ..
බලාගෙන ගියාම ජීවිතෙත් මාර ඉක්මනට ගෙවිල යන්නෙ.. අතර මගදි මොකක් හරි කරණමක් ගහල ඉක්මනටම ලෑලි පෙට්ටියෙ පැක් වෙන්න සිද්ද නොවුනොත් හරි කාලෙන් කාලෙට ඉවරයක් නැතුව එන ගෑනුන්ගෙ විලාසිතා වගේ, අතොරක් නැතිව එන ලෙඩ කන්දරාවෙන් බේරිලා අන්තිම Chapter එක වෙනකන් හරි කොහොමහරි ගේම ගැහුව කියමු.. උපරිම අවුරුදු 65ක් විතර තමයි.. ඒත් අන්තිම කාලෙ එලොව පොල් ගනන් හිලව් බල බලා එහෙටත් මෙහෙටත් නැතුවනෙ ඉන්න වෙන්නෙ.. ඔයින් මෙයින් බලපුවාම අවුරුදු 25ක් කියන්නෙ ජීවිතෙන් භාගයක් විතර වගේ නේද..

හදිස්සියේම අපි අතරින් වෙන්වෙලා යන්න ගිය දිලුම් සහෝදරයා ගැනත් සටහනක් තියන්නම ඕන.. ඒ තරම් දරුණුවට නොවුනත් මටත් ඊට ටිකක් සමාන අත්දැකීමක් තියෙනවා.. මමත් ප්‍රතිකාර ගත්තෙ ඔහු ප්‍රතිකාර ගත්ත Dr. ශාන්ත පෙරේරා කියන වෙදැදුරු ගෙන්ම තමයි.. එතුමන්ගෙ දක්ශතාව ගැන පෞද්ගලිකවම මමත් දන්නවා..කොයි තරම් වෙදකම හොඳ උනත් ඒවගේ දේවල් නවත්තන්න අමාරුයි... ඉලන්දාරියා ගැන මෙතුවක් මේ බ්ලොග් පි‍ටු අතරෙ නොලියවුනාට.. ඔහුව දැකලවත් නැති උනාට ඒ සමු ගැනීමනම් ගොඩක් තදට දැනුනා... මොනව උනත් අපි කාට කාටත් මේ දේවල් පොදු කාරණා කියන එකනම් කියන්නම ඕන.. පිණි බිංදුවකටත් වඩා හෙලවෙන මේ පුංචි ජීවිත කාලෙ තමන්ටත් හොඳ දෙයක් කරගෙන අනුන්ටත් කරදරයක් නොකර පුලුවන් තරම් හොඳ දේවල් ටිකක් යද්දි ගෙනියන්න එකතු කරගෙන තැනින් තැනට මාරු වෙවී යන ගමන කෙටි කරගන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම දේ..

කියවන කාටවත් වැඩක් නොවුනට පහුගිය ටිකේම හිතේ හිරවෙලා තිබුන දේවල් වලින් ටිකක් තමයි ඔය වාන් දැම්මෙ... ඉතින් ආයෙමත් බ්ලොග් අවකාශය වැහිබර වෙලා.. තටම තටම පොදෙන් පොදේ සීරුවට පටන් අරන් ඉහත්තාවට වහින්නයි හදන්නෙ, අනිවාර්ය ප්‍රතික්‍රියාව විදිහට පිටවාන වාන් දමන්න ඔන්න මෙන්න... ඉතින් මගෙ යාලු මාලුවො ටිකට (Gold fish වත් මතක් උනා.. මාලුවො කිව්ව ගන්මන් මේ යකාට මල පනීද මන්දා.. කමක් නෑ මම කියන්නෙ ටැංකි අස්සෙ ඉන්න මාලු ගැන නෙවෙයි නේ....) බල්ටියක් දෙකක් එහෙම ගහල ලෑස්තිවෙලා ඉන්න කියල කියන්නයි මේ ටික ලිව්වේ... එහෙනම් තේරුමක් ඇති දේකින්ම ආයෙ හම්බවෙමු... ගිහින් එන්නම්..

Saturday, June 4, 2011

සංවේගයෙන් දැනුම් දීමයි..!

ගොඩාක් වෙලාවට මේ title එකෙන් එන්නෙ මරණ දැන්වීම් නම් තමයි.. මම මගේ බ්ලොග් එක මරල දාන්න නම් තාම තීරනය කරල නෑ..

කොහොම උනත් ටික කාලයකට බ්ලොග් එක නිදි කරවන්න වෙනවා.. සමහරු කියන්න පුලුවන් දැං මාසයක් විතර තිස්සෙ බ්ලොග් එක තිබුනෙ මැරිල වගේ නිසා ඕක අමුතුවෙන් නිදි කරවන්න දෙයක් නෑ කියල.. හරි හරි කලබල වෙන්න දෙයක් නෑ, ඒ නිල නොවන විදිහට නේ..

මම හිතුව නිල වශයෙන්ම ටික කාලයකට බ්ලොග් එක නිදි කරවල තියන්න.. ඇයි දන්න ඔක්කොම දැන් ලියල ඉවරද? හූ හූ.. ගාල ඔලොක්කුවට වගේ හිනාවෙන්න එපා.. මට දැං සිද්ද වෙලා තියෙනවා කොම්පුටර් ගැජට් බැජට්ද නැත්තන් ඉගනීමද කියන දෙකෙන් එකක් ‍තෝරගන්න..එක විදිහකට මේකත් එක්තරා ඉගනීමක් තමයි.. ඒත් මේ සකල සිරින් පිරි සිරිලංකාවේ අපිට ඕන අපි කැමති දේම ඉගෙනගන්න හම්බවෙන්නෙත් නෑනෙ..

කොහොම කොහොම හරි මගෙ පූර්ණ කාලීන ඉගනීමේ මේ ගෙවෙන්නෙ අන්තිම මාස හතර.. දැං ඉතින් බෙල්ල මුලින්ම හිර වෙලා අවසාන විභාග වලට ලක ලැහැස්ති වෙනවා.. ඊට පස්සෙ දිගටම මේක බදාගෙන ඉම්මු.. දැනට පොඩ්ඩක් සමාවට භජනය කරන සේක්වා...

මම කියන්නෙ නෑ මාස හතරක් යනකන් මොනවත් දාන්නෙ නෑ කියලා, පුලුවන් පුලුවන් වෙලාවට මොකක් හරි බහුබූතයක් දාන්නම්.. එහෙනම් කණගා‍ටුවෙන් උනත් ටික දවසකට මට සමු ගන්න වෙනවා.. ගිහින් එන්නම්.....

Monday, May 16, 2011

ශ්‍රී සම්බුද්ධාභිෂේක වන්දනා..

ගයාවේ බෝ මැඩ මුල දස මර සේනා ඔද තෙද බිඳ දමමින් උතුම්  සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ගෞතම සම්බුදු සමිඳුන්ගේ 2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරෙනා මේ පින්බර වෙසක් පුන් පොහෝ දිනයේ දෙව් මිනිසුන්හට පින් කෙත් බඳු වූ කන්ද උඩරට කුණ්ඩසාලේ සිරි ගෞතම සම්බුදු මහා සෑය පූජනීය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සඟ රුවනේ මූලිකත්වයෙන් තුන්ලොව සියලු පින්වත් දෙවි මිනිසුන්ගේ වන්දනමාන උදෙසා විවර වන වගයි...

[උපුටා ගැනීම මහාමේඝ 9වන කලාපය]

Thursday, May 5, 2011

ලිනක්ස් මුල සිටම 23 කොටස

මට තේරෙන්නෙත් නෑ කොහෙන් කොහොම පටන් ගන්නද කියලා.. අඩුම තරමින් මමවත් මගෙ බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙ නෑ.. අනික්වා ගැන නම් කවර කතාද? අතිශයින්ම කාර්ය බහුල වෙලා.. කවදාවත් නැති විදිහට..කමක් නෑ කොහොම හරි අද ගියපාර ලිපියෙන් වෙච්ච පොරොන්දුව ඉ‍ටු කරල ඉන්නම් .. වැඩි කතා ඕන නෑ.. මොනවද මේ Power Management Commands කියන්නේ?
ලිනක්ස් දෙවිදිහකට Power Management වලට සපෝට් කරනවා..
01.APM (Advanced Power Management)
02.ACPI (Advanced Configuration Power Interface)
 ඔය දෙවෙනියට කියපු එක තමයි අලුත් එක..
BIOS වලින් ඕක කරනවට වඩා හොඳට මම අර දෙවෙනියට කිව්ව එක මගින් OS එකටම වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙන එක තමයි වාසිය..
APM daemon  එක තමයි apm කියල කියන්නේ.. මෙන්න මේ කියන  apm කමාන්ඩ් එකෙන් APM එකේ හැසිරීම පාලනය කරගන්න පුලුවන්..
මට අමතක උනා මේව ගොඩක්ම වටින්නේ ලැප් ටොප් වලට වගේ තමයි..
apm කමාන්ඩ් එක එහෙම නැත්තන් service එකගන්න නම් එයාව enable කරන්න ඕන..ඊට පස්සෙ boot-up එකේ ස්ටාට් වෙන්න දෙන්නත් ඕන..මේක මම නම් දාගෙන නෑ, මොකද මම පාවිච්චි කරන්නෙ ඩෙස්ක්ටොප් එකක් නිසා ඔය වැඩි වැඩ  ඕන නැති නිසා.. මේක ගොඩක් පැරාමීටර්ස් හදන්න ඕන..කමක් නෑ ආස අය කරල බලන්න..

මේ apm කමාන්ඩ් එක පාවිච්චි කරද්දි ගොඩක් වැදගත් වෙන ස්විචස් ටිකක් තියෙනව මම ඒ ටික දාන්නම්
-i
මේක පාවිච්චි කරාම මැශින් එක AC Power වලින් වැඩකරන කොට APM සිග්නල්ස් නොසලකා හරිනවා..(කමාන්ඩ් එකත් එක්ක ස්විච් එක පාවිච්චි කරන්න ඔයාලට මේ වෙද්දි පුලුවන් වෙලා තියෙන්න ඕන..)
-m
මේක පාවිච්චි කරාම බලාගන්න පුලුවන් ඉතිරි වෙලා තියෙන බැටරි ටයිම් එක..
-n
මම මුලින්ම දුන්න ස්විච් එකෙන් AC power  තියෙන කොට APM සිග්නල්ස් නොසලකා හරින එක නැති කරගන්නෙ මේකෙන්.. ඒ කියන්නෙ හැම වෙලාවෙම ඒ ගැන අවධානයෙන් ඉන්නවා කියන එක..
-s
සිම්පල් එස්... ඒ කියන්නෙ මැශින් එක suspend mode එකට දානවා..
-S
කැපිටල් එස්.. මැශින් එක standby mode එකට දානවා..
අපි ඔය කතා කරපු සීන් ටික තියෙන්නෙ BIOS වලින් කරන රචනාවකනේ..  ACPI  රචනාවෙදි ඔය ජොබ් එක operating system එකම බාරගන්නවා.. ඒත් ඒකටනම් kernel එක rebuild කරගන්න ඕන..
CONFIG_ACPI  කියන ඔප්ශන් එක පාවිච්චි කරලා 'y' කිඅයල දුන්නම ACPI daemon  එක  /usr/local/sbin කියන ස්පොට් එකේ ඉන්ස්ටෝල් වෙනවා.. වැඩේට ඇලට් එකේ ඉන්න ඕන triggering event ටිකනම්  /proc/acpi/events කියන තැන හොයාගන්න පුලුවන්..
acpictl කියන එක පාවිච්චි කරල පුලුවන් අපිට මෑන් එක්ක  communicate කරන්න.. -b කියන ඔප්ශන් එකෙන් බැටරියෙ විස්තර බලාගන්න පුලුවන්..
මේ ගැන වැඩි විස්තර පස්සෙ බලාගන්න බැරිය.. අදට මම යනවා.. ලිපිය කෙටි උනාට සමාවෙන්න.. හප්පේ වැඩ කඳු පිටින් ගොඩ ගැහිලා...

Tuesday, April 19, 2011

ලිනක්ස් මුල සිටම 22 කොටස

අපි 21 කොටසෙන් බලාගත්තනෙ කොහොමද Process බලාගන්නෙ කියලා.. ඒක ටර්මිනල් එකෙන් එහෙම උනාට, Graphical ගැජට් එහෙමත් තියෙනව කියල දැනගන්න ඕන.. එවනම් එක එක ලිනක්ස් ඒවල එක එක ජාතියෙ ඒවා තියෙනවා.. හරි කොහොමහරි කමක් නෑ අපි ඔය කියන Process බලාගත්තට විතරක් වැඩක් නෑනෙ, එහෙම නේද?

අපි අද බලන්න හදන්නෙ ඒ Process අපිට ඕන කරන විදිහට හසුරුවගන්නෙ කොහොමද කියන එක.. මේකත් කියන්නම ඕන මේ කරන දේවල් වලින් සීයට අනූවකටත් එහා වැඩ Graphical ගැජට් කෑලි වලිනුත් කරන්න පුලුවන් කියන එක.. නැත්තන් කට්ටිය කෑ ගහයි ඕව කරන්න ඔච්චර මැරෙන්න ඕනද ඕකට අරක තියෙනව මේක තියෙනව කිය කියා.. මොනව උනත් ටර්මිනල් එක පුරුදු උනොත් එහෙ මෙහෙ වැනෙන්න ඕන නෑනෙ.. ඒකයි මම කම්මන්ඩ් වලින්ම මේ ඇදගෙන යන්නෙ..


හරි මෙන්න අද දවසෙ බඩු ටික..
#kill PID
මෙතන PID කිව්වෙ  process ID number නම්බර් එකට මිසක PID කියල ටයිප් කරන්න එහෙම නේවෙයි..මේකෙන් වෙන්නෙ අදාල process  එක (අර නම්බර් එකට අදාල එක) නවතින එක.. නමුත් පොල්ලෙන් ගැහුවා වගේ එක පාරටම මග හිටින්නෙ නෑ.. එයාගෙ execution එක පිලිවෙලකට නවත්තල තමයි මෙයා යන්න යන්නේ.. ඒත් එහෙම කියල ඒකට වරු ගනන් ගන්නෙ නෑ.. තත්පර ගානකදි වෙනවා.. මේ උදාහරණය බලන්න..
#kill 6754
#kill -9 PID
හරි

#kill -s SIGKILL PIDමේක අරකට වඩා වෙනස්.. process  එක නතර වෙනවා තමයි, හැබැයි නිකන් පොල්ලකින් ගැහුවා වගේ එක තැනම හිටිනවා.. එයා මොන තත්වයෙන් හිටියත්, මොනව කර කර හිටියත් ඒ කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව එක පාරටම නවත්තල දානවා..උදාහරණය බලන්න..
#kill -9 6754
හරි
#kill -s SIGKILL 6754
මෙන්න ඊලග කමාන්ඩ් එක...

#killall processname
මේකෙදි වෙන්නෙ නමට අදාල ඔක්කොම processes  ටික නවත්තන එක.. උඩදි පාවිච්චි කරේ PID එක නේ.. මේ නම පාවිච්චි කරල කරන විදිහ... උදාහරණය බලන්න...
#killall atd


#xkillමේකත් මරේ මරු අයිටම් එකක්.. GUI එකේ not responding  වෙන උන්ව නවත්තන්නෙ මේකෙන්..
cursor එක පාවිච්චි කරල වහන්න ඕන වින්ඩොව සිලෙක්ට් කරගන්න පුලුවන්..


ps කමාන්ඩ් එක සහ kill කමාන්ඩ් එක ගැන තව දුරටත් දැනගන්න ඕන ටිකක් තියෙනවා.. මේන්න ඒ ටික..
kill කමාන්ඩ් එක පාවිච්චි කරද්දි උඩ එක කමාන්ඩ් එකක 9 පාවිච්චි කරානේද? ඉතින් හිතෙන්නෙ නැද්ද මොකටද ඒක දැම්මෙ කියලා.. ඒකටත් හේතුවක් තියෙනව කොල්ලනේ..  terminate signal  නම්බර් එක තමයි ඒ.. ඒක අංක1 ඉඳල 64 දක්වා තියෙනවා.. 64 මායම් වගේ.. ඔක්කොමනම් කියන්න මන් දන්නේ නෑ.. අනික දැනගත්ත කියල ඒ හැටි වැඩකුත් නෑ.. ටිකක් දාන්නම්.. ඉතින් අර උඩදි දුන්න කමාන්ඩ් එක වෙනස් වෙනවා අංකයට අනුව මෙන්න මෙහෙම..
1 = process  එක නවතිනවා.. නැවතිලා ඒ PID එකෙන්ම අයෙ පටන් ගන්නවා.. රිස්ටාට් වෙනවා කියල කිව්වත් හරි..
2 = මේකෙදි වෙන්නෙ interrupt signal  එකක් යවනවා process එකට. kill සිග්නල් එක තදබල විදිහට නෙවෙයි යන්නෙ. ඒත් අන්තිමට process එක නවතිනවා..
3 = process එක නවතිනවා.. නමුත් memory එකේ තිබුන  process information  ටික හාඩ් එකට දාල තමයි නවතිනව කියන්නෙ..
15 =  process එක gracefully නවත්තනවා.. මේක තමයි සාමාන්‍ය kill සිග්නල් එක..
9 = මෙක මම උඩත් දීලනෙ තියෙන්නෙ.. වෙඩි තිව්වා වගෙ නවතිනවා..


තව ඉතින් තියෙන්නෙ Power Management Commands ටික දැනගන්න විතරයි.. ඒක එච්චර දිග රචනාවක් නෙවෙයි.. ඒකත් දැනගත්තට පස්සෙ අපි ටිකක් විතර දරුණු කතන්දර ටිකක් බලමු Kernel ලොක්ක ගැන එහෙම.. එහෙනන් අපි ගියා..

Monday, April 18, 2011

නෙට්වර්කින් නාඩගම (01 කොටස)

ඔන්න අපි කාලයක් තිස්සෙ ලිනක්ස් යකා කෑලි කර කර හිටියනෙ.. ගොඩක් අයට මේක මතක "ලිනක්ස් මුල සිටම" කියන හෙඩිමත් එක්කනෙ.. කොහොමහරි කමක් නෑ කවුරු හරි හිතනවනම් එක අදින් ඉවරයි කියලා එක වැරදියි..ඉස්සර තරම් සීඝ්‍රයෙන් ලිපි වැටෙන්නෙ නෑ කියන එක නම් මාත් පිලිගන්නවා.. ඒකට ඉතින් ගොඩක් හේතු තියෙනවනෙ.. හැමදාම අසනීප වෙලා ඉන්නවනම් සට පට ගාල ලියන්න පුලුවන්.. හික්ස්.. හරි මේ පටන් ගන්න වැඩේ ගැන පොඩි හැදින්වීමක් තමයි මේ කරන්න හදන්නෙ..මේක "නෙට්වර්කින් නාඩගම" කියල පටන් ගත්ත නිසා එවලට ආස නැති අය හිතන්න එපා මේක තනිකරම එහෙමම රචනාවක් කියලා.. මම හිතන් ඉන්නෙ ලිනක්ස් ලිපි පෙළෙදි මගහැරල දාපු ගොඩාක් සරල කියල හිතෙන ඒත් ගොඩාක් අය හරියටම නොදන්න දෑ ගැනත් ගොඩක් සරලව ලියන්න.. හාඩ්වෙයා, සොෆ්ට්වෙයා, පෝර්ට් මෙකී නොකී සියලුම දෑ ගැන සරලව හෙමි හෙමිහිට අපි ඉගෙන ගනිමු..

නෙට්වර්කින් කියන තැනට අපිට හරියටම බහින්න තව ලිපි පනහක් වත් යයි කියල මේ ලිපියෙන්ම මතක තියාගන්න.. ගොඩාක් දුරට මම හිතල තියෙන්නෙ මේක Cisco පැත්තෙන් දක්කගෙන යන්න, ඕන වෙන තැනදි ලිනක්ස්, වින්ඩෝස් කියන චරිත වගෙම සාමාන්‍ය භාවිතයි තියෙන ADSL Router කෑලි උනත් ඇදල දාමු..

කොහොමහරි කමක් නෑ වැඩේ යන විදිහ බලමුකෝ.. ඔන්න අද අපි කතාවට බහින්නයි හදන්නෙ..ප්‍රශ්නයක් නැද්ද ඇයි දෙය්යනේ මේ Networking කියල මලදානයක් ලෝකෙට ආවෙ කියලා? ඒකටනම් මට එක එල්ලේ උත්තරයක් දෙන්න අමාරුයි.. මොකද පැහැදිලි කරන්න ගියොත් තව ගොඩක් වැල් වටාරම් කියන්න වෙන නිසා.. අද ලෝකෙ හැම තැනම මොකක් හරි නෙට්වර්ක් එකකින් කවර් වෙලා නේද තියෙන්නෙ බලාගෙන ගියාම.. අඩුම රේඩියෝ කෑල්ලක් හරි වැඩ කරනවනෙ..මොබයිල් ෆෝන් එක නැතුව වැසිකිලියටවත් යාගන්න බැරි තරමට අද අපි හැමෝම ලෝකෙත් එක්ක සම්බන්ද වෙලා.. හිතන්න එකම එක මැසේජ් එකක් කෝල් එකක් වත් නාවම, මේල් එකක්වත් නැති උනාම.. වැඩිය ඕන නෑ කා එක්ක හරි වචන්වලින් හරි කතා නොකරම දවසම නිකන් මස්තබාල්දු උනා වගේ නේද? ඕකෙ තියෙන වැදගත් කමනම් ආයෙ කවර කතාද?

කෝකටත් කලින් අපි Computer යන්තරේ ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමු..මේක ගැන නම් කියන්න කොච්චර දේවල් තියෙනවද? ඒත් කියන්න ගියාම මොකවත් නෑ.. එක එක හේතු වලට එක එක තැන් වල එක එක විදිහට නානාප්‍රකාර ජාති ජාති වලින් එක එක සයිස් වලට මේවා තියෙනවනෙ.. මේ මොකේ උනත් මෙන්න මේ කොටස් තුන ගැන අපි මුලින්ම අඳුර ගන්න ඕන..

01.Hardware
ඔන්න ඉතින් මෙව්වා අතගාන්න පුලුවන් ජාතියෙ කොටස් කියල මතක තියාගන්න.. (පාඩමට අදාල දේවල් විතරක් හිතුවොත් හොඳයි..) මීට වඩා යමක් මම කියන්න යන්නෙ නෑ..!

02.Operating System.
මේකත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්.. මේකත් ඇත්තටම computer programs වල එකතුවක්.. ඒකෙන් කෙරෙන්නෙ අර කලින් කිව්ව Hardware ටික හසුරුවල වැඩක් කරගන්න පුලුවන් තත්වයට අර කෑලි බෑලි  manage කරගන්න එක තමයි.. මෙයා හරහා අර උඩ කිව්ව ඒවල සියලු සම්පත් පාලනය කරගන්න පුලුවන් කම ලැබෙනවා.. වින්ඩෝස් මුල ඉදල වින්ඩෝස්7 දක්වා එව්වා.. උබුන්‍ටු,කුබුන්‍ටු,රතුතොප්පි ලිනක්ස් අරව මේව්වා ඔක්කොම අයිති වෙන්නෙ මේ ගොඩට තමයි..

03.Application Software
මොකක් හරි විශේෂ වැඩක් කරගන්න පුලුවන් වෙන විදිහට හදපු, අර දෙවෙනියට කිව්ව කෙනා මත දුවන එව්වා තමයි මේ.. ලියුමක් ටයිප් කරගන්න තැන ඉදල, සින්දු අහන,බලන, නෙට් යන තැන ඉදල අන්තර් මහාද්වීපික මිසයිල පවා පාලනය කරන තැන් දක්වා මේව විහිදෙනවා.. අපිට එච්චර උඩ යන්න ඕන නෑ..

මේ රචනාවෙ අපි අදුරගන්න ඕන Local application සහ Network application කියන දෙක වෙන වෙනම පැහැදිලිව..

 Local application  එකක් කියන්නේ දේශීය කියන එක එහෙම නෙවෙයි.. කොම්පුටර් යන්තරේම දාල තියෙන  hard disk එකේ ඉදන් ඒකෙ විතරක් වැඩ කරන ඒව තමයි මේ..
Network application එකක් කිව්වම කතාව ටිකක් වෙනස්.. මේව හදල තියෙන්නේ  network එකක් පුරා වැඩ කරගන්න පුලුවන් වෙන විදිහට..කොටස් දෙකක් අඳුරගන්න පුලුවන්.. කොටසක් මේ local computer එකේමත් තව කොටසක් remote computer එකකත් දුවනවා.. අද ලෝකෙ තියෙන ගොඩාක් ඒවල මේ කොටස් දෙකම අන්තර්ගත වෙලා තියෙනව දකින්න පුලුවන්..

මේ කියන අරුමෝසම් ප්‍රදාන ජාති කීපයක් අඳුරගන්න අපිට පුලුවන්..
01.Mainframes
02.Servers
03.Desktops
04.Workstations
05.Laptops
06.Hand-held portable devices
මේ කියන එක එකක් ඒ අදාල කාර්ය්‍යට අදාල විදිහට තමයි හදල තියෙන්නේ..

අද ආරම්භය නිසා මෙතනින් නවත්තන්න වෙනවා මට ටිකක් නිදිත් මතයි.. අපි ඉස්සරහට බලමු.. මොනව උනත් ලිනක්ස් වලට වඩා මම ආස සබ්ජෙක්ට් එක තමයි මේ.. වැඩ එන්න එන්නම වැඩි වෙන එක තමයි කරුමෙ..ඊලග ලිපිය ලිනක්ස් ගැන බලමු.. මේකත් හෙමිහිට ඇදගෙන යමු..

Friday, April 15, 2011

ලිනක්ස් මුල සිටම 21 කොටස

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...! කියල වැඩේ පටන් ගන්නම්.. මොනව උනත් අපේ ඇත්තම අවුරුද්ද ලබන්නෙ ලබන වෙසක් මාසෙ වෙසක් පෝය දවසට කියල කවුරු කවුරුත් හොඳට හිතට ගන්න.. මේ පාර ඒකෙත් ලොකු විෂේශත්වයක් තියෙනවා.. පෝස්ට් වැටෙන වේගය අඩාල වීමට මගෙ කාර්ය බහුලත්වය වග කියන්න ඕන.. අවුරුදු තුනයි මාස තුනක් තිස්සෙ හදාරපු  තව මාස නවයක් බැහැගෙන හදාරන්න තියෙන එක නිසා දැං නහවත් බේරගන්න බෑ..  හරි අපි පුලුවන් පුලුවන් විදිහට ලිනක්ස් යකා කෑලි කරමු.. මම හිතන්නෙ දැං ඔයාලට හොද ආරම්භයක් ලැබිල තියෙන්නෙ.. දැං වැඩේ අල්ලන් යන්න.. මමත් පුලුවන් සප් එකක් දෙනවා.. මෙහෙමම අපි නෙට්වකිං වලට අද හෙටම අත ගහමු..

මේ ලිපිය එහෙම පිටින්ම ලිනක්ස් මුල සිටම 20 කොටසත් එක්ක සම්බන්ධයි.. ඒක නිසා ඒක බලල තමයි මෙව ට්‍රයි කරන්න ඕන.. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වගේනම් පස්සෙ පොඩි උදව්වක් කරන්නම්.. සරල පැහැදිලි රචනාවක් ලියල බලමු.. හරි කොහොම හරි අද අපි බලන්නෙ Viewing Processes Commands ඒකියන්නෙ  Processes ටික බලාගන්න කමාන්ඩ් ටික.. ඕව බැලුව කියල හානියක් වෙන්නෙ නම් නෑ.. ඒක නිසා ඔය කමාන්ඩ් ඇත්තටම ගහ ගහ බලන්න පුලුවන්නම් කට්ටියට ගොඩක් වටිනවා..

ගොඩ වෙලාවට ps command  කමාන්ඩ් එක තමයි මේකට ගන්නෙ.. නමුත් පොඩි පරහක් තියෙනවා මේ ps command  එකේ.. මෙන්න මේකයි කතාව එක එක Linux distributions වල  එක එක versions තියෙන ගතියක් තියෙනව.. කොහොම හරි හැම එකකටම පොදු වෙන විදිහට ඉගෙන ගනිමු.. කලින් වගෙම තමයි මෙන්න බලාගන්න කමාන්ඩ් ටිකයි විස්තර ටිකයි..

# ps
මෙකෙන් දැනට ලොග් වෙලා ඉන්න් user ගෙ සහ  terminal එකට අදාල processes  ටික බලාගන්න පුලුවන්..

#ps -A
හරි
#ps -e
සියලු processes ටික පෙන්නනවා.. මෙතනම තව දෙයක් කියන්නම් වින්ඩෝස් වල වගේ නෙවෙයි ලිනක්ස් වල කමාන්ඩ් ගහද්දි සිම්පල් කැපිටල් වෙන වෙනම තමයි අදුරගන්නෙ.. මෙතන A සහ a කියන්නෙ දෙන්නෙක් විදිහට තමයි එයා අදුරගන්නේ..

# ps -a
අර  foreground processes කියල ජාතියක් කිව්වෙ.. අන්න ඒ ටික බලාගත්ත හැකි. ඇත්තටම එතන  other users  සෙට් එකේ processes  සෙට් එකයි terminal  එකට attached  වෙච්ච් ටිකයි තමයි පෙන්නන්නේ...


#ps -f
මේකෙන් බලාගන්න පුලුවන් processes වල ඔක්කොම විස්තර ටික..

#ps -u
user ID එකට අනුව processes  ටික බලාගන්න පුලුවන්...

 #ps -l
processes  ටික long format එකෙන් බලාගන්න පුලුවන්.. මෙතන තව විස්තර ටිකක් බලාගන්න ඕන.. මෙහෙමයි මෙතන එක එක processes එක ඉන්නෙ මොන තත්වයෙන්ද කියල කියන්න ඒකට අදාල අකුර බලල කියන්න පුලුවන්...
(S) කියන්නෙ process  එක sleeping  කියන එක ..
(r)  කියන්නේ running  කියන එක..
(t) කියන්නෙ වෙන process එකකින් traced  වෙලා කියන එක..
(Z) කියන එකෙන් මේක zombie (Z) process. එකක්ද කියල උනත් අදුරගන්න පුලුවන්..

#ps -x
controlling terminal එකට ඇතුලත් නැති processes  ටික බලාගන්න පුලුවන්.. terminal association එකක් නැතුව  system start up  එකේදිම පටන් ගන්න  daemon processes  ටික බලාගන්න මේක පාවිච්චි කරන්න පුලුවන්...

#ps -aux
අපි උඩ කතා කරපු  -a ,-u ,-x ස්විචස් ඔක්කොම එක පාර දාල ලියල නේද තියෙන්නෙ, බලන්න එතකොට output එක මොකක්ද කියලා..


# pstree
කමාන්ඩ් එක ගැනත් හොදට දැන ගන්න.. ගොඩාක් දුරට  ps -f  කමාන්ඩ් එකට සමානයි.. ලොකුම වාසිය තමයි  hierarchical display  එකක් දෙන එක.. මේක ගොඩක් වටින්නෙ parent/child process relationships වගෙම ඒව තියෙන විදිය ගැන හොද අවබෝදයක් ගන්න පුලුවන් වීම..  මේ පින්තූරෙ බලලම ඉන්නකෝ..




මෙතන -G option එකත් පාවිච්චි කරල තියෙනවා.. ඒකෙන් තමයි solid lines පාවිච්චි කරල VT100 line-drawing characters  කියන ක්‍රමයට පින්තූරෙ ලස්සන කරල තියෙන්නෙ..

තව හොදට බොක්කටම වදින්න common pstree options ටික මෙන්න බලා ගන්න..

-a
processes සෙට් එක launch  කරද්දි පාවිච්චි කෙරුන command line argument  ටික බලාගන්න ස්විච් එක..
-c
identical subtrees පෙන්නන ස්විච් එක..
-G
මෙන්න අර උඩ කිව්ව VT100 line-drawing characters  ගන්න ස්විච් එක..
-p
මේකෙන් ඔය ඔක්කොම එක්ක  PIDs  ටිකත් බලාගන්න පුලුවන්..

__________________________________________________________________________________



#vmstat
කමාන්ඩ් එකෙන් physical and swap memory  තත්වය බලාගන්න ලේසි කරනවා.. බලන්න පින්තූරය.. ඒත් ඒක ඇත්තටම පාවිච්චි කරන්නෙ information on a number of processes බලාගන්න තමයි..

මෙතන එක එක අකුරෙන් පෙන්නන දේවල් විස්තර සහිතව මම පහල දක්වලා තියෙනවා..


r = The number of processes waiting to run.
b = The number of sleeping processes.
w = The number of processes in swap memory.
swpd = The amount of swap memory (in kilobytes).
free = The amount of free physical memory.
buff = The amount of memory used by buffers (in kilobytes).
cache = The amount of physical memory used by caches.
si = The amount of memory (in kilobytes) swapped in from the disk per second.
so = The amount of memory (in kilobytes) swapped out from the disk per second.
bi = The number of blocks sent to block devices per second.
bo = The number of blocks received from block devices per second.
in = The number of CPU interrupts sent per second.
cs = The number of CPU context changes per second.
us = The CPU user time.
sy = The CPU system time.
id = The CPU idle time.

මේ ටික හොදට පුරුදුවෙලා ඉන්න.. ඊලග ලිපියෙන් මේ බලාගත්ත එව්වාට වැඩ කිඩ දාමු.. එහෙනන් හය්යෙන් මතක තියන් ඉන්න.. ලගදීම තව ලිපියකින් හමු වෙමු..