Friday, February 25, 2011

ලිනක්ස් මුල සිටම 08 කොටස

කලින් ලිපි දෙකෙන්ම මම ලිනක්ස්වල පාටිශන් කතන්දරේ අයින් කරලනෙ තිබුනෙ.. ඔන්න අද තමයි එකට හොද දවස.. පාටිශන් ගැන අපිට තේරෙන භාශාවෙන් මුල ඉදලම ඉගෙන ගනිමු.. එතකොට ලිනක්ස්
Fedora ද  Ubuntu ද අරකද මේකද කිය කියා ලත වෙන්න ඕන නෑනෙ.. Theory එක දන්නවනම් ඕන ඕන විදිහට අඹරලා පාවිච්චි කරන්න පුලුවං..

ඇත්තටම පාටිශන් එකක් කියන්නෙ මොකක්ද කියන තැනින්ම පටන් ගනිමුකෝ..

මොකක්ද මේ පාටිශන් එකක් කියන්නේ?

එක Hard drive එකක් logical drives කිහිපයකට කඩන එකට තමයි පාටිශන් කරනවා කියන්නේ.. කොහොම උනත්  system  එක ඒවා අදුරගන්නේ වෙන වෙනම independant disk විදිහටයි.

ඉතිං මොකටද එහෙම කරන්නෙ.. කහනවට නෙවෙයිනේ.. එහෙම කරන්න ගොඩක් හේතු තියෙනවා කිහිපයක් මම පල්ලෙහා දාන්නම්..

01.අපේ ඩේටා Encapsulate කරන්න පුලුවං.. හිතන්න ඩිස්ක් එකම තනී ඒකකයක් විදිහට තිබිලා මොකක් හරි මොන්ගලයක් කෙලල ඩිලීට් හරි ෆෝමැට් හරි උනොත් කාලයක් තිස්සෙ එකතු කරපු වැදගත් ඩිජිටල් කුනු ගොඩවල් ඔක්කොම අපිට නැති වෙනවා නේද?..ඒත් පාටිශන් කරල ඒවා වෙන වෙන බ්ලොක්ස් වලට දාල තිබුනනම් අපිට නැතිවෙන්නෙ ඒ පොඩ්ඩ විතරයි නේ.

02.ඩිස්ක් එකේ ඉඩ කාර්යක්ෂම විදිහට පාවිච්චි කරන්න පුලුවං..

03.System එකේ Virtual මෙමරි එකට වෙනම් කොටසක් දෙන්න පුලුවං.. ලිනක්ස් වල Swap partition කියල කියන්නේ ඒකට තමයි..Swap ගැන පස්සෙ වෙලාවක හෙමිහිට හොදට ඉගෙනගනිමු..

4.Multi boot ඒ කියන්නේ එක පාර OS කිහිපයක් එකම හාඩ් එකේ ඉන්ස්ටෝල් කරන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද?.. තව ඉතිං නා නාප්‍රකාර හේතු සහ වාසි තියෙනවා පොඩ්ඩක් හිතලම බලන්නකෝ..

එතකොට පාටිශන් ජාති ගැනත් පොඩ්ඩක් දැන ගත්තොත් නරකද..

01.Foreign Partition Types කලබල වෙන්න එපා.. අපි ඉන්නේ ලිනක්ස් ලෝකෙ නේ.. ඉතිං ඌට අදාල නැති අනික් උන් ඔක්කොම විදේශ බලවේග තමයි.. තේරෙන විදිහට කිව්වොත් microsof and apple වගේ OS පාවිච්චිකරන පාටිශන් ජාති..FAT වලින් පටන් ගත්තම කීයක්නම් ජාති තියෙනවද..

02.Primary Partitions
ඉස්සර ඉතිං ගිගා බයිට් ටෙරා බයිට් ගනං හාඩ් තිබුනේ නෑනේ.. ඉතිං Intel-based system වල පර්ටිශන් කරන්න පුලුවන් ගාන ගොඩක් සීමිත කරල තමයි තිබුනේ.. original partition table එක ඉන්ස්ටෝල් කරේ boot sector එකේම කොටසක ඊට පස්සෙ එයාල පාටිශන් කරන්න දුන්නෙ ඔක්කොම කොටස් හතරකට විතරයි.(එක ඩිස්ක් එකක් ඇතුලේ). දැං Primary Partitions කියල කියන්නේ මෙව්වටම තමයි.. මෙව්වා ගොඩක් වැදගත් system install කරන්න ගියහම.. අනික ඊලගට කියන්න යන Logical Partitions තියෙන්නේ මේ කියන එකක් අතුලෙම තමයි..

03.Logical Partitions
primary partition එකක් ආයෙම පාටිශන් කරාම හැදෙන්නෙ මුං.. අර කලිං කිව්ව නීතියට අනුව පාටිශන් හදන්න පුලුවං හටරයි නේ.. ඒ සීමාව පනින්න පුලුවං මේ ජාතියෙ එව්වා හදල.. එතකොට primary partition ඇතුලේ තව තව පාටිශන් හද හදා පාටිශන් ගාන වැඩිකරගන්න පුලුවන් කම තමයි ලොකුම වාසිය... Primary Partitions එක එකාගෙන් සම්පූර්නයෙන් වෙන් වෙන් වෙලා හිටියට මුං එහෙම නෑ..එකටම ඉදගෙන වෙන් වෙලා වගේ පෙන්නනවා..සාමාන්‍යයෙන් මෙව්වා ඕන තරමක් හදන්න පුලුවං.. ඒත් ලිනක්ස් කාරයා ඔව්වට සීමා මායිම් දාල තියෙන්නේ.. ඒත් ඉතිං අපේම හොදට තමයි..

04.Swap Partitions
සමහරුන්ට මේක හරිම ප්‍රශ්නයක් මොකක්ද මේ ස්වැප් පාටිශන් එක කිය්න්නේ..මෙන්න මෙතනින් ඒක හරියටම ඉගෙන ගන්න.. system එක වැඩ කරද්දි RAM එකේ Blocks කෑලි කෑලි මතකයට පාවිච්චි කරනවා.. මොකද මේවා හරිම වේගවත්නේ..මේ blocks වලට pages කියල කියනවා.. ඊලගට ඊලගට ඉක්මනට ඉක්මනට ලග ලග පාවිච්චි වෙන process වල page set එකට කියන්නේ working set කියල.. මෙව්වා ටිකනම් පුලුවං තරම් RAM එකේ තමයි තියාගන්න උත්සාහ කරන්නේ.. ඒත් ඉතිං processes ගොඩාක් එක පාර දුවන්න ගත්තහම kernel ලොක්කා උත්සාහකරනවා මෙව්වා කොටසක් (පේජස්) හාඩ් එකට දාන්න.. පොඩ්ඩක් slow උනාට හාඩ් එකත් මතකයක් නේ.. ඉතිං Swap කෑල්ල එන්න ඕන ඔතනදි තමයි..සාමාන්‍යයෙන් RAM එකට වඩා සිය ගුනයක් Slow උනත් මේකෙන් තියෙන වාසිය තමයි, එක පාර run කරන්න පුලුවං process ගාන වැඩි  කරන්න් පුලුවං කම..

හොදයි මේක ටිකක් දිග මාතෘකාවක් උනාට කෑල්ලෙන් කෑල්ල අපි ගොඩ දාගන්න බලමු.. ඔය කියපු පාටිශන් වලින් ලිනක්ස් දාගන්නනම් මොනවද තියෙන්න ඕන..?

අනිවා primary partition එකක් තියෙන්න ඕන..

swap partitions එකක් හරි කිහිපයක් උනත් කමක් නෑ.. (එකක් තිබුනම හොදටම ඇති)

තව අමතර primary/logical partitions ඕනනම් හදාගන්න නැතිඋනා කියල ප්‍රශ්නයකූත් නෑ..

එතකොට අමතර හාඩ් තියෙනවනම් එව්වගෙ  Swap හදන්න යන්න ඕන නෑ.. primary/logical partitions ඕන ඕන විදිහට හදාගන්න එකයි ඇත්තේ..

එතකොට කතාව තව දිගට ඇදගෙන ගියොත් Boot Partition එක වෙන්න ඕන අනිවා  primary partition එකක්ම තමයි.. logical partition එකක බෑ..
Swap එකටනම් ඔය කොයිකත් එකයි..

Swap එක ගැන කියනකොට හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි size එක කොච්චරවෙන්න ඕනද කියන එක.. ලිනක්ස් අතගහපු මුල් කාලෙනම් කියන්නෙ Swap එක RAM එක වගේ දෙගුනයක් වෙන්න ඕන් කියල.. ඒත් RAM එක ගානටම ඒක තිව්වත් අවුලක් නෑ.. මගෙ  System එකෙත් එහෙම තමයි.. දැං තියෙන් ගිගා ගනං ‍රැම් එක්ක Swap එක පාවිච්චි වෙන්නෙ නම් ගොඩක් අඩුවෙන් කියල මමත් නිරීක්ශනය කරල තියෙනවා..

ඕක පැහැදිලිව කොටස් හතරකට කඩල කියන්නම්..

01.අඩු RAM එකයි අඩු HDD එකයි නම් තියෙන්නේ.. (512MB RAM and 30GB HDD වගේ නම් RAM එකට සමානව කඩන්න..

02.1.අඩු RAM එකයි ලොකු HDD එකයි නම් තියෙන්නේ.. (512MB RAM and 80 or 100GB HDD වගේ නම් RAM එකට දෙගුනයක් කඩන්න..1GB විතර එතකොට..

03.ලොකු RAM එකයි අඩු HDD එකයි නම් තියෙන්නේ.. (2GB RAM and 30GB HDD වගේ නම් RAM එකෙන් භාගයක් කඩන්න.1GB විතර එතකොට..

04.ලොකු RAM එකයි දඩ HDD එකයි නම් තියෙන්නේ.. (2GB RAM and 100GB HDD වගේ නම්) 2GB විතර කැඩුවම එළ..

මෙකට ඉතිං නීතියක් නෑ..
 
රායිට්.. අදට ඇතිනේ.. ලබන පාර ලිපියෙන්.. අපි බලමු ඔය
/dev/fd0
/dev/sda
/dev/hda
/dev/hdb කිය කියා අර  ඉන්ස්ටෝල් කරන්න යනකොට මැනුවල් පාටිශන් දැම්ම්මම පෙන්නන එව්වා ගැන.. ඒ ටික දැන ගත්තම දෙය්යනේ කියල ලිනක්ස් ඉන්ස්ටෝල් කරගන්න රූප බල බලා දගලන්න ඕන නෑ..

තව ඔයාල දැන ගන්න ඕන ලිනක්ස් වල පාටිශන් කරන වැඩසටහන් ගැනත් කියල දෙන්නම්.. Graphical user inteface වල නම් කජු කනවා වගේ සරලයි..  command  පාවිච්චි කරල කරන විදිහත් දාන්නම්. ටිකක් දරුනුයි හැබැයි එව්වානම්.. අපි පිලිවෙලට යමු ලිනක්ස් පාටිශන් කරගෙන  OS එක දාල.. software install uninstall  කරල network  පැත්තටත් අතගහන්න බලමු.. ගොඩක් කල් යනවා.. මොකද හැමෝටම තේරෙන විදිහට දාන්න එපැයි.. අනික බොරු දාන්නත් බෑනෙ..  ඔයගොල්ලන්ට හිතෙනවනම් මේ යන විදිහෙ මොකක් හරි වෙනසක් වෙන්න ඕන කියල කමෙන්ට් එකකින් හරි මේල් එකකින් හරි එවන්න..

Thursday, February 24, 2011

ලිනක්ස් මුල සිටම 07 කොටස



පහු ගිය ලිපියෙන් Ubunu ඉන්ස්ටොල් කරන විදිහ ලාවට බලපු එකේ මේ පාර Fdora දාන විදිහ පොඩ්ඩක් බලමු.. Linux Distribution එකෙන් එකට ඉන්ස්ටෝල් කරන විදිහ දාන්න ගියොත් ඒකම තමයි කර කර ඉන්න වෙන්නෙ.ඒක නිසා මේ ලිපියෙන් විතරයි Screenshots භාවිතා කරල කියන්නේ.. ඊලග ලිපියෙ දැනගන්න ඕන මූලික වැදගත් දෙවල් ටික දාන්නම්.. එතකොට Linux යකා කොයි විදිහෙ වෙස් මූනක් දාගෙන ආවත් ඌත් එක්ක ඔට්‍ටු වෙන්න පුලුවං.. හරි ෆෙඩොරා දානකොට එන පලවෙනිම  බයිලාව මෙන්න මෙහෙමයි..



එතනින් text mode එකනම් තොරන්න යන්න එපා දැංමම..  ඊටපස්සෙ වල්කං කියාගෙන ලෝඩ් වෙනවා..

ඊලගට එනව අමුතු එකක් මෙකෙන් පුලුවං අපි ඉන්ස්ටෝල් කරන්න යන CD or DVD එක චෙක් කරගන්න.. මොකද නැත්ත්ං මගදි කියන්න පුලුවන්නෙ අරක දාන්න බෑ මේක දාන බෑ කිය කියා..


ඔන්න අයෙම Graphic මෝඩ් එක රන් වෙනවා..


භාෂාව දාන්න.. (ඕකනං අපේ අයට අමුතුවෙං කියන්න ඕන නෑනෙ.)


යතුරු පුවරුව තොරන්න එනවා..



කොයි පාටිශන් එකටද දාන්න අහනවා( මෙව්වා ගැන වැඩි විස්තර ඊලග ලිපියෙදි බලමු)










මෙන්න අර කලිං කිව්ව Root user කතාව ෆෙඩොරා වල කෙලින්ම එයාව අපිට දෙනවා..
මේකෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඉන්ස්ටෝල් කරන පැකේජ් සෙට් එක අපිට ඕන විදිහට ‍තෝරගන්න පුලුවංකම..

බලන්න ඕන Desktop Env එක උනත්කලින්ම ‍තෝරගන්න දෙනවා..







ඔන්න ඔහොමයි ෆෙඩෝරගෙ කතාව.. Screenshots පාවිච්චි කරාටනම් සමාවෙන්න ඕන.. මම විශ්වාස කරන විදිහටනම් මේ වගේ රූප බල බලා ලිනක්ස් නෙවෙයි ඕන එකක් තෙරුම් ගන්නනම් බෑ කියන එක.. බැරිවෙලා හරි ඊලඟ එකේ රූපේ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් කෙලිය තමයි තාප්පෙටම.. ඉතිං ඒක නිසා අපි ඊලඟ ලිපියෙ ඔය ඔතන වෙච්ච බයිලා ටික තේරුම් ගන්න බලමු.. මට ඕන උනේ පොඩ්ඩක් යකාගෙ හැටි පෙන්නන්න විතරමයි..
තව කාරනාවක් කියන්න ඕන මේ ලියවෙන විදිහෙ වෙනසක් වෙන්න ඕන නම් පොඩි කමෙන්ට් එකක් දැම්මට කමක් නෑ..

Wednesday, February 23, 2011

ලිනක්ස් මුල සිටම 06 කොටස

ඔන්න අද කතන්දරේ ලිනක්ස් ඉන්ස්ටෝල් කරන විදිහ ගැන. සමහර විට හිතෙයි අය්යෝ ඕකනම් මොකක්ද CDඑක ගත්තා 1st boot CD කියල bios හැදුවා එන එන විදිහට දුන්නා වැඩේ කියලා.. ඒත් ගෙනාව,ගත්ත,දැම්මා කියන්නෙ නිකන් ඔහේ පොට්ටෙ කරන වැඩක්නෙ.එක නිකං අර පෙලක් dialog box වලට yes or no  ඔහේ ක්ලික් කරනවා වගේ වැඩක්නේ.. අදනම් මාත් ලොකු අමාරුවක වැ‍ටුනා මොකද ලිනක්ස් ඉන්ස්ටෝල් කරන විදිහ  එක එක distrubution එකේ එක එක විදිහයි. මේ ලිපි ලිනක්ස් ගැන පොදුවෙ සාකච්චා කරන නිසා  ubuntu හරි Fedora හරි installing screenshots ටිකක් දාල මල්ලෙන් ගහල ශේප් වෙන එක හරි මදි.. ඇත්තටම මේ වගෙ බ්ලොග් එකක ඔහේ මේක කරන්න මෙ command එක ගහන්න අරක කරන්න අර command එක ගහන්න කියල ආතල් දීල තෙරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ..අන්තිමට ගොනා වගේ කවුරුහරි කියන කියන තාලෙට කරන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව තමයි වැඩ කරන්න වෙන්නෙ.. එහෙම නෙවෙයි අපි ඔය කතන්දරේ සරලව තේරුම් ගන්න බලමු screenshots ටිකකුත් දාන්නම්.. හැබැයි තේරුමක් නෑ මොකද ඇස් පේන ඕන කෙනකුට තමුන්ගෙ system එකේ ඒක ආවම කියවල බලල කරනදේ කරන්න පුලුවන්නේ.. ඉස්සරවෙලාම ඉන්ස්ටෝල් කරන්නනම් තමුං කැමති ජාතියේ ලිනක්ස් disteibution එකක් ‍තෝරගන්න එපාය..මම කියන්නෙ නෑ අරක  හොදයි මේක හොදයි කියල, ඒක ඉතිං එක එක්කෙනාගේ කැමැත්ත තමයි.. ‍තෝරාගන්න ගොඩක් distribution තියෙනවා. හිතන්න එපා ලිනක්ස් කියන්නෙ Ubuntu වලට විතරයි කියලා. ඒකට පොඩි උදව්වක් කරන්නම් http://distrowatch.com/ කියන සයිට් එකට ගියානම් තමුන්ට හරියන යකාව ‍තෝරගන්න පුලුවං.. පොඩ්ඩක් අන්තර් ජංජාලෙ කරක් ගහල බැඳගන්න යන යකා ටිකක් කොයි වගේද කියලත් හොයල බලන්න අමතක කරන්න එපා. දැනට ලිනක්ස් පාවිච්චි කරලම නැත්තං එකපාරටම Windows වලට පයිං ගහල ලොක්ක වගෙ ලිනක්ස් විතරක් දාගන්න එපා.. ඊට පස්සේ හුරු නැති නිසා ටික දවසකින් ලිනක්ස් හදාපු අයගෙ අම්මලා තාත්තල විතරක් නෙවෙයි ආච්චිටත් අමතල තමයි නවතින්නේ..
ඉන්ස්ටෝල් හැඳින්වීම පොදුවෙ කරල RedHat පවුලෙන් Fedora සහ Debian පවුලෙන් Ubuntu ඉන්ස්ටෝල් කරන විදිය පෙන්නන්නම්..

සාමාන්‍යයෙන් ලිනක්ස් ඉන්ස්ටෝල් කරද්දි ඕන OS එකක පොදු පියවරවල් ටිකක් තියෙනවා.. සමහර OS වල ඒවා එකින් එක පෙන්නනවා.. සමහර ඒවල නෑ. දැං දැං ලිනක්ස් ගොඩක් desktop usersලවත් ඉලක්ක කරන නිසා ඉන්ස්ටෝල්  ක්‍රියාවලිය ගොඩාක් පහසු විදියට හදල තියෙන්නේ. මම කලින් කිව්වනේ ලිනක්ස් කියන්නෙ එකතු කරපු පැකේජ් සෙට් එකක් කියලා. ඉතිං ඉන්ස්ටෝල් කරද්දි අපට පේන installer එකත් කගෙ හරි නිර්මාණයක්.. ගොඩක් RedHat base ඒවගෙ annaconda කියල එකක් තමයි තියෙන්නේ. හරි මොනවද මේ OS එක ඉන්ස්ටෝල් වෙද්දි වෙන්නේ..

01. Boot in to Linux
ලිනක්ස් වලට බූට් වෙන්න ඕන.. දැංනං ඕකට ගොඩක් ක්‍රම තියෙනවා.. ඉස්සර Bootable Floppy disk හදල එකෙන් බූට් කරා Ms98 එහෙම දැම්ම මතක ඇති සමහරුන්ට.. එතොකොට අපි පොඩි ළමයිනෙ.. CDඑකෙන් එහෙම නැත්තං Network boot හරි USB Flash drive  එකක් පාවිච්චි කරල උනත් ඕක කරන්න පුලුවං..

02. ඊට පස්සෙ ඔය time zone එක ‍තෝරන්න වගෙ පොඩි පොඩි settings ටිකක් දෙන්න ඕන මේ පිලිවෙල එක එක distribution එකට එක එක විදිහක් කියලත් මතක තියාගන්නකෝ.. ඒ බයිල ටික ඉවර උනාම එනවා ගොඩක් වැදගත් තැනකට Partitionig and format..  මෙව්වා ගැන පැහැදිලිව මේ ලිපියෙම පහල තියෙනවා.. මෙතන පොඩි හදින්වීමක් කරේ යන පිලිවෙල.

03. Choose packages and install selected.. මේ පියවර උබුන්‍ටු  CD එකෙන් විතරක් දාපු අයටනම්  පුරුදු නැතුව ඇති.. ඒත් සල්ලි වලට ගත්ත linux distribution හැම එකකම වාගෙයි DVD එක පුරවලා ෆුල් පැකේජ් සෙට් එකත් එක්ක එන එව්වගෙයි අපිට ‍තෝරන්න පුලුවං ඕන කරන පැකේජ් තම තමංට ඕන ඕන විදිහට එතන ඉතිංmultimeadia,office,browsers,විතරක් නෙවෙයි ඕන නං desktop env එක උනත් තොරන්න පුලුවං සමහර එව්වගෙ..Ubuntu studio දාපු අයට අහුවෙලා ඇති නැත්තං fedora

04. සමහර එව්වගෙ නෙට්වර්ක් එකේ සෙටිංස් දෙන්නත් ඕන.

05. X windows configuration තියෙන්න පුලුවං

06. Create root user password
උබුන්‍ටු විතරක් අතගාල තියෙන අයටනම් මේක ටිකක් අලුත්. මොකද එකෙ root යුසර්ව අපිට දෙන්නෙ නැති නිසා. root user ගැන කතාව ඇදිච්ච නිසා මෙතනම කියන්නම් root user කියන්නෙ full administrtive rights තියෙන එකාට ඌට පුලුවං system එකට ඕන කෙලියක් කරන්න.. උබුන්‍ටු කාරය අපිට එක කරන්න දෙන්නෙ නෑ Graphical User interface එකේ.. ඕනම නං කරන්න ක්‍රම සහ විදි තියෙනවා.. rootගෙං ලොග් උනාම terminalඑකෙ වැට්වෙන්නෙ$ මාක් එක නෙවෙයි # මාක් එක..උබුන්‍ටු එහෙම උනාට ෆෙඩෝරා වල එහෙම නෑ.. ඉස්සරහට අපි බලමුකෝ Root බැරිනං බීට් රූට් හරි කමු..

07.  ඔය අලකලංචි පෙරහැර ගියාට පස්සේ අහනවා රිබූට් කරන්න.. එතකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි..

මට මේ පරිච්චේදය ලියන්න හරිම අමාරු උනා මොකද මෙව්වා එක එක එව්වගෙ එක එක විදිහ නිසා
ඉස්සෙල්ලම Ubuntu Graphical mode installation එක බලල ඉම්මු. ඕනනං මෙන්න මේ ලින්ක් එකෙන් වීඩියෝ එකක් තියෙනවා බලන්න : http://www.youtube.com/watch?v=w8a-smrPlvE&hd=1 තව ඉතිං වීඩියෝ ඕන නං youtue එක පැත්තෙ රවුමක් දාන්න.. ඕන තරං ඇති.. බනින්න එපා ලින්ක් එකක් දාල ශේප් උනා කියල පොඩ්ඩක් හි‍ටු..
ඔන්න ඉතිං නමෝ විත්තියෙං මං අර කිව්වා වගේ තමුන්ට ගැලපෙන යකාව තොරගත්ත කස්ටියගෙන් Ubuntu ගත්තනම් පල්ලෙහා විදිහට තමයි වැඩෙ දුවන්නෙ.. අනිවා කරන්න ඕන වැඩේ දන්නවානෙ Boot priority එක CD එකට දෙන්න සමහර PC වල  temporary boot device කියල ‍තෝරන්න පුලුවං එතකොට ඒ සැරෙ විතරයි ඒකෙං බූට් වෙන්නේ
හරි කමක් නෑ කොහොම හරි මුලිං යන බයිලා ටිකට පස්සෙ වල්කං කියාගෙන එනවා උබුන්ටා මෙන්න මෙහෙම
ඊට පස්සෙ time zone එක ‍තෝරමු



ඊට පස්සෙ keyboard layout එක  ‍තෝරන්න ඕන.. සමහරවිට හිතෙයි මොකටද එහෙම පියවරක් කියලා.. ලෝකෙ හැම keyboard එකක්ම එකම ව්දියට නෑ සමහරුනම් දැකල අති අකුරු එහෙ මෙහෙ මාරු වෙලා පිස්සු හැදෙන එව්වා.. ඔය පිටරට පාවිච්චි කරපු කොම්පියුටර් ලඩි වල එහෙම බලාගත්ත හැකි


ඊට පස්සෙ ඩිස්ක් එක සූදානම් කරගන්න එනවා.. මෙතන පලවෙනි එක තේරුවම ඌ කරන්නෙ වින්ඩෝස් පාටිශන් අස්සෙ ඉඩ තියෙන තියෙන හැටි හැටියට  අයිනකින් OS එක දාගන්න එක.. එතකොට වින්ඩෝසුත් තියෙනව අන්තිමට..
දෙවෙනි එකනං පරිස්සමිං ‍තෝරන්නෙ.. මොකද මුලු හාඩ් එක පුරාම ලිනක්ස් ඔබන්නෙ.. කලින් තිබුන ඔක්කොම යනවා... වින්ඩෝස්, සිංදු, ගේම්...ළමා චිත්‍රපට හික්.... ඔක්කොම යනවා..

මැනුවල් පාටිශන් ‍තෝරපුවහම පාර්ටිශන් අපිට ඕන විදිහට කරගන්න පුලුවං..







මෙතනදි මම මැනුවල් පාටිශන් කරන විදිහ ගැන skip කරා. ගොඩක් වැදගත් පියවරක් ඒක ගොඩක් විස්තර ඇතුව හොද පිලිවෙලකට තේරෙන්න ඉගෙන ගන්න ඕන නිසා, එක වෙනමම ලිපියකින් සවිස්තාරාත්මකව කියල දෙන්නම්.. Swap කියන්නෙ මොනවද /sda, /sda1 කිය කියා තියෙන එව්වා ගැන ඉස්සරහට කියන්නම්..

 

user name and password අරවා මෙව්වා අහන එව්වාට උත්තර දුන්නහම ඊලඟට වැඩේ යනවා..






ඔන්න රිබූට් කරන්න අහනවා.. දැං වැඩේ අහවරයි..


බැලුවම ඇති දෙයකුත් නෑ නේද.. මේ ලිපියෙන් මම කියන්න උත්සාහ කරේ ඉතාම කෙටියෙන් උබුන්‍ටු ඉන්ස්ටෝල් පියවර ටිකක්..
මෙහෙම දෙයකුත් තියෙනවා එක එක උබුන්‍ටු ජාති වල මීට වඩා වෙනස් විදි තියෙනවා.. ගොඩක් එව්වා ඕන නම් විඩෝස් වලින් ලොග් වෙලා නිකන් ගේම්1ක් දානවා වගෙ වින්ඩොස් ඇතුලට ඉන්ස්ටෝල් කරන්නත් පුලුවං.. එතකොටනම් add/remove programme ගිහින් ලිනක්ස් එපානම් අයිං කරන්නත් පුලුවං.. නැත්තං virtual machine manager කෙනෙක් දාල එයා හරහා windows අස්සෙ virtually ලිනක්ස් දාන්නත්
පුලුවං.. 
සාමාන්‍යයෙන් ඕන ලිනක්ස් distribution එකක් හොද support එකක් දෙනවා එයාලගෙ යුසර්ලට.. වැඩිදුර විස්තර එයාලගෙ හෝම් පේජ් එකට ගියාම බලාගන්නත් පුලුවං..එහෙනම් හැමෝම එහෙ ගිහිං හැමදේම ඉගෙන ගන්න කියල මම මාරු වෙන්න නෙවෙයි කිව්වේ.. හැම දේම ඉතිං බ්ලොග් එකෙං කියල දෙන්න අමාරුයි නේ.. 

ඉතිං කට්ටිය බලයි කෝ Fedora කියල, එයා දාන විදිහ ඊලග ලිපියෙනුත්.. පාටිශන් කරන විදිහ විස්තර ඇතුව ඊලග ලිපියෙනුත් ලියන්නයි බලාපොරොත්තුව..

ඊට පස්සෙ ගොඩක් දෙවල් තියෙනවා ඉගෙන ගන්න.. Grub Boot loader එක ගැන.. dual boot ගැන වින්ඩෝස් ඉස්සර වෙලා දාල පස්සෙ ලිනක්ස් දාන්න නැත්තං ඕක මාරු කරල කරන්න swap කඩන්න shell commands සොෆ්ට්වෙයා පැකේජ් වර්ග එක එක ජාතියෙ එව්වා දාන අයින් කරන හැටි.. අඩෙ අප්පා කීයක්නම් ජාතිද.. එහෙනම් Fedora install කරන විදිහෙන් හම්බ වෙනකන් අපි ගියා..

Tuesday, February 22, 2011

ලිනක්ස් මුල සිටම 05 කොටස

ලිනක්ස් මුල සිටම කිව්වට සමහරවිට හිතෙයි කෝ මෙකේ software install/uninstall කරන හැටි partitioning වගේ එදිනෙදාට අවශ්‍යය කරන ටිකක් ජනප්‍රිය මාතෘකා නෑනෙ කියලා. ටිකක් ඉවසල ඉම්මු.. එව්වත් ඉස්සරහට එනවා.. මුල ඉඳලම පිලිවෙලකට යන්න ඕන නිසා අපි පසුබිමින් ඇහෙන වැදගත් කතන්දර ටිකත් දැනගෙනම ගමන යමු.. එහෙම හොඳයි නේ..

අද අපි බලන්න යන්නේ ලිනක්ස් ලොක්කගෙන් ගන්න පුලුවං වැඩ ගැන තමයි..
සාමාන්‍යයෙන් ලිනක්ස් පාවිච්චි කරන්න පුලුවං විදි පල්ලෙහා තියෙන විදිහට කෑලි තුනකට කඩන්න පුලුවං (පරිස්සමිං)

01.Desktop: නිකං ගෙදර පාවිච්චියට වගේ.. සිංදු අහන්න, වීඩියෝ බලන්න, ගේම් ගහන්න, අන්තර්ජංජාලෙ රස්තියාදු ගහන්න වගේම ඔ‍ෆිස් වැඩ ටිකත් කරගන්න තමයි.
එතකොට
Graphical desktop එකක්

Web browser  ඉස්සරනං ගිනි නරියයි KDE ලගෙ එකයි විතරයි වගෙ තිබුනෙ ඒත් දැංනං ඕන තරම් මටනම් හොදටම අල්ලලා ගියෙ Google Chrome තමයි.

Productivity tools  නිකං අර Open officeවගෙ එව්වා..

Sound, graphics, and video support  අනිවා.. ගොලුවො බීරෝ වගේ ඉන්නයැ..
Gaming support  (සමහරු හිනාවෙයි ගේම් නෑ ලිනක්ස් වල හරි හැටි එකක් කියලා.. එත් ම්යික්‍රොසොෆ්ට් ගේම් ගොඩක් දැං ලිනක්ස් වල ගහන්න ක්‍රම තියෙනවා.. wine විතරක් නෙවෙයි ඒක පාදක කරගෙන හදපු පට්ට සිරා emulator දැං තියෙනවා.. ඉස්සරහට බලමුකෝ..)
ඔන්න ඔය ගැජට් ටික අනිවා ඕන..

02.Workstation එකක් විදිහටත් පුලුවං.

03.Server එකක් විදිහටත් පුලුවං
 එතකොට ඔන්න ඔය පල්ලෙහා තියෙන ගැජට් එනවා..
Mail services
Routing
Proxy service
FTP service
Web services
Network file system (NFS) (for file sharing)
Storage (e.g., an appliance server)
Database services (for storing client information, for example)

ඔන්න ඒකත් හරි..
 එතකොට මේ ලිනක්ස් අපි අතට එන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් බලමු..
මයික්‍රොසොෆ්ට් හරි ඇපල් වගෙ නෙවෙයි ලිනක්ස් වල කතන්දරේ.. ලිනක්ස් OS එකක් කියන්නෙ අපි ගනිමු Ubuntu, Fedora, Debian...හරි මොකක් කීවත් ඒක  Linux distribution  එකක්.. ඒ කියන්නෙ  මේක ඇතුලෙ තියෙන කෑලි බෑලි (කලින් ලිපියක පිංතූරයක් දාලම පැහැදිලිව දාල තියෙනවා.) එක එක්කෙනා වෙන වෙනම හදපු ඒවා..
 Ubuntu හරි RedHat හරි මොකා උනත් කරන්නෙ එව්වා ගොඩක් එකතු කරල එක පැකේජ් එකක් හදල බෙදා හරින එකයි. එක එකාල එක එක විදියට හදපු පැකේජ් හසුරුවන්න ගියාම ඔන්න ඉතිං ලොක්කෙක් ඕන වෙනවා.. package manager කියල කියන්නෙ එයාට තමයි.. ඔන්න ගොඩක් වැදගත් තැනකට ආවේ.
ඉතිං ඔය කියන හාදයා හින්දා වෙනස් වෙච්ච ප්‍රධාන ලිනක්ස් පවුල් ගොඩක් අපිට දකින්න පුලුවං.. පල්ලෙහා පොඩි විස්තරයක් තියෙන්නෙ උන් ගැන ..

01RPM කස්ටිය
ඉස්සර ලිනක්ස් ලෝකෙ හොල්ලගෙන හිටියෙ මෙයාල තමයි.. මම්ත් ඉස්සර පාවිච්චිකරපු OS මේ පවුලෙ ඒවා..දැං නං debම තමයි. Red Hat package manager තමයි මෙයාලගෙ පැකේජ් හසුරුවන්නේ.. Red Hat, Fedora, CentOS, Suse වගේ ගොඩක් ඉන්නවා මේ පවුලෙත්..

02Debian පවුල..
කියද්දිත් නිකන් ආතල්.. ඉස්සරම මෙයට හිටියේ Debian OS එකයි Xandros
,Linspire, වගෙ ටික දෙනෙක්.. මමත් කාලයක් Xandros පාවිච්චි කරා, නරකම නෑ. ඔහොම ඉද්දි තමයි මෙයාගෙ පවුලෙන් විප්ලවකාරයෙක් ඇවිත් මුලු ලිනක්ස් ලෝකෙම හෙල්ලුවේ.. (දැං ටික ටික windows ලෝකෙත් මෙයා නිසා හෙල්ලෙන්න පටං අරන්..) වෙන කවුරුත් නෙවෙයි ගෙදරටම නිකං ගෙනත් දෙන Ubuntu ලොක්කා.. හරිනම් නොබෙල් දෙන්න ඕන ඉරාකෙට දාගෙන ගහන ඔබාමට නෙවෙයි මෙන්න මෙයාලට..Debian package manager තමයි කස්ටිය පාවිච්චි කරන්නෙ.. එලම එල OS ගොඩක් දැං තියෙනවා.. මමත් පාවිච්චි කරන්නෙ මෙයලගෙ KDE desktop env එන Kubuntu කියන OS එක.. මටනම් ඉහටත් උඩිං.. (වෙලාවකට පොඩි පොඩි වද දෙනවා ඒත් ඉතිං බිල් ගේට්ස් කියන සුද්දට ණයත් නෑ බයත් නෑනෙ)

03.tar.gz/.tgz/Slackware පවුලට package manager කෙනෙක් නෑ tarball or gzip tarball files පාවිච්චි කරල තමයි පැකෙජ් ගොඩ දාන්නේ.. CollegeLinux, VectorLinux ,SLAX , BuffaloLinux කියල අය ඉන්නවා බොරු කියන්න ඕන නෑ මමනං අතගාලවත් නෑ ( අහන්න එපා අනික් ඒව අත ගෑවෙ කොහොමද කියල)
04Source-based distributions
මෙයාල කෙලින්ම source code එකත් එක්ක තමයි වැඩකරන්නෙ.. ඇප නෑ.. Gentoo කියල හාදයෙක් ලාවටවත් අහල නැද්ද..

ඉතිං ඔය කියපු එව්වයෙ සල්ලි වලට දෙන එව්වා පාවිචිචි කරන්න හරි පහසුයි දැං දැං Ubuntu එහෙම ආවට පස්සෙ කෝකත් එක වාගෙ වේගෙන එන්නේ..

දැං නං නිදිමතයි.. අදට ඇති වගේ.. ඊලඟ ලිපියෙන් අපි බලන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරන විදිහ තමයි. ඊට පස්සෙ තමයි රචනා ඉවර වෙලා කෙලි පටන්ගන්න යන්නෙ..
ඇත්තටම මම හිතුවෙ මේක එච්චර තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියල.. ඒත් ප්‍රතිචාර් එක දෙක එද්දි සිරාවටම ගටක් එනවා.. ලිනක්ස් කෙලියනම් හිතන තරම් ලේසියට ඉවර කරන්න බෑ.. මමපුලුවං තරං සරලව හැම දේම වගේ ආවරණය වෙන විදිහට ලියන්න තමයි උපරිම ට්‍රයි කරන්නෙ..
ඉස්සරහට ලිනක්ස් කියන යකාව බැඳගෙන වැඩ ගන්න මන්තර ටිකක් එහෙම ඉගෙන ගන්නත් තියෙනවා.. ඇත්තටම මගෙ ඊලඟ ආසම මාතෘකාව තමයි Networking ඒ කියන්නෙ Cisco, GSM, 3G ,අරවා මෙව්වා ගොඩක් දේවල් ගැන ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.. ඒත්  මේ අල්ලගත්ත ලිනක්ස් කොටි වලිගෙ අතාරින්න තව ගොඩක් කල් යන එක තමයි ප්‍රශ්නෙ.. ලිනක්ස් ගැන තාම හරියට පටං ගත්තෙවත් නෑ කිව්වොත් හරි.. පියවරෙන් පියවර වෙලාව තියෙන විදිහට අපි ඉස්සරහට යමුකෝ..

Monday, February 21, 2011

ලිනක්ස් මුල සිටම 04 කොටස

බ්ලොග් එක පටන් ගත්තට මොකද ලිපි 3යි දාන්න හම්බ උනේ මාසයක් විතර වගේ අයේ මුකුත් දාන්න බැරි උනා. ඇත්තටම මෙහෙම උනේ හ්දිස්සියෙම රෝහල් ගතවෙන්න උන නිසා.. අස්නීප කියන්නෙ කාටත් පොදු දෙයක්නෙ.. ඒව ගැන හිත හිත ඉදල වැඩක් නෑ ආයෙමත් සුපුරුදු විදිහට වැඩටික කරගෙන යන්න තමයි හදන්න්නෙ. කොහොම උනත් කොළඹ ජාතික රොහලේ කාර්‍යමණ්ඩලය ගැන නම් වචනයක් කියන්නම ඕන.. එයාලගෙ සේවයට තුති මල් පොකුරක් දෙන ගමන්ම පිං දෙන්නත් ඕන කරපු උපකාර වලට.. ඒ වගෙම මං වෙනුවෙන් මහන්සි උන හොයා බලපු හැම දෙනාටමත් පිං.. හරි අතුරු වාර්තා දැං ඇතිනේ.. අපි කෙලින්ම වැඩේට බහිමු..
මේ පාර කියන්න හදන දේවල් ටික පහුගිය ලිපියත් එක්ක කෙලින්ම සම්බන්දයි.. ගියපාර ලිපියෙ file ගැන ඉගෙන ගත්ත දේවල් අපිට පේන විදිහට systemඑක ඇතුලෙ තියෙන විදිහයි අද බලන්න යන්නෙ.
මුලින්ම බලමු microsoft ලෝකෙ root directories ගොඩක් තියෙනවා නේද.. බලන්න හැම volume එකකටම එයාගෙම කියල root directory එකක් තියෙනවා
C:\
D:\
E:\...... කියලා.drive letter  එකත් එක්ක root directory එක පටලවා ගන්න එපා \ : back slash එක ගහල අපි යන්නෙ ඔය කියන root directory එකට තමයි.. අන්න ඒවා තමයි microsoft ලොක්කා ගාව එක එක  volume එකට එක එක ගානෙ තියෙන්නෙ. ඒත් ලිනක්ස් වලදි කතාව ගොඩක් වෙනස්.. තියෙන්නෙ එක root directory එකක් විතරයි.ඇත්තටම මේක unix වල සංකල්පයක්.. unified directory කියල තමයි unix වල ඕකට කියන්නෙ.
මේ කියන හරුපෙ තවත් හොදට තේරෙන්න google image  වලින් search කරල හොයාගත්ත පිංතූරයක් මං දාන්නම්කො පහලින්..

ලිනක්ස් පලවෙනි වතාවට පාවිච්චි කරන්න ගියම ඔලුව අවුල් වෙන්නෙ system එකට ගියාට පස්සේ හැම තැනම files, folders... තමයි පේන්න තියෙන්නෙ.. CD or DVD ROM එක අනික් partitions, Flash drive... අරවා මෙව්වා කොයි ලෝකෙ තියෙනවද කියල හිතාගන්න බැරුව යනවා (ඒත් දැං තියෙන file browsers ගොඩාක් user friendly විදිහට හදල තියෙන නිසා වැඩි අවුලක් නෑ) සමහර විට හිතෙන්න පුලුවං ටිකක් ලිනක්ස් පාවිච්චි කරල තියෙන කෙනකුට graphical file browsers තියෙද්දි මොකට ඕව ගැන හොයනවද කියලත්.. එත් system එක එක්ක හරඹ කරන්න නම් මෙව්වත් ටිකක් දැනගන්න එක හොදයි..

ඉතිං කොහොම හරි root එක අස්සෙ උඩින් තියෙන රූපෙ විදිහට එක එකට විශේෂිත වෙච්ච ව්දියට තව directories සෙට් එකක් තියෙන්න තමයි ලින්ක්ස් යුනික්ස් file system එක ගොඩනගල තියෙන්නෙ.. මේක standard ඒ කියන්න සම්මතයක් විදිහටයි තියෙන්නෙ.මොකද යුනික්ස් එක පාදක කරගෙන ලිනක්ස් එන්න කලින් යුනික්ස් අච්චුවෙ system ගොඩක් ලෝකෙට බිහි උනා, ඒත් ඒව හදපු කට්ටිය එයලට ඕන ඕන විදිහට system එක සැලසුම් කරපු නිසා එවා එක එකක් එක්ක compatibable උනේ නෑ. ඉතිං ලිනක්ස් වලට ඔය සෙතේ වෙන්න කලින් linux community එක මේක standardized සම්මතකරනය කරල තියෙන්නෙ The file system hierarchy standard (FHS) කියල තමයි ඔකට කියන්නෙ.

ලිනක්ස් unified file system  එකක් නිසා එයාට තියෙන්නෙ එක root directory එකක් කියල අපි කලින් කිව්වනේ, ඉතිං එතකොට අනික් පාටිශන් කෑලි බෑලි කොහෙද තියෙන්නෙ.. ඒ හැම දෙයක්ම  root directory එක යටතෙ තම්යි mount  කරල තියෙන්නෙ.. මේ හැම දේම තීරණය කරන FHS එක Linux standards base (LSB) කියන සෙට් එක තමයි පාලනය කරන්නෙ. මෙයාල බලගෙන ඉන්නව ලෝකෙට එන Linux පද්දති වල සම්මතය.. මොකද එයාලගෙ සම්මතයට වැඩ කරොත් තමයි  Linux-Linux එක එක පදති අතර  compatibility එක තියෙන්නෙ.
හරි අපි බලමු ඔය root අස්සෙ තියෙන එව්වයෙ තියෙන්නෙ මොනවද එව්වයෙන් වෙන්නෙ මොනවද කියලත්...

/
මෙයාගෙන් කියවෙන්නෙ Linux system එකේ root directory එක කියන එකයි.. මෙයා තමයි ලොක්කා.. මෙයා යටතෙ තමයි අනික් හැමෝම mount වෙලා ඉන්නෙ..

/bin
මේක ඇතුලෙ තියෙන්නෙ binary commands මෙව්වා හැම User කෙනකුටම අදාල සෙට් එක..

/boot
ඔන්න මේක අස්සෙ තමයි අර මෙච්චර දවසක් කිව්ව  kernel  එක තියෙන්නෙ ඊට අමතරව boot loader files ටික තියෙන්නෙත් මෙතන තමයි..

/dev
device files දාලතියෙන්නෙ මේක අස්සෙ.

/etc
අදාල පද්ධතියටම පමනක් විශේෂ වෙච්ච දේවල් දාල තියෙන තැන

/home
ගෙදර වගේ.. අපට ඕන කරන අපි දාන දේවල් තියෙන තැන  user home directories තමයි මෙතන තියෙන්නෙ..

/initrd
system එක boot කරද්දි මුලින්ම ගන්න RAM image එක තමයි තියෙන්නෙ.. මොකද අපි හැමොම දන්නවනේ system එක power ඔෆ් උනාම RAM එකෙ තිබුන ඔක්කොම නැතිවෙලා යනව කියල

/lib
පුස්තකාලෙ.. shared program libraries ටිකයි kernel modules ටිකයි..

/media
CD-ROM and floppy drives,removeable media එහෙම තියෙන්නෙ මෙතන..

/mnt
media එකේ තිබුන ඒව ඉස්සර මේකෙ  තමයි තිබුනෙ.. ඒත් system එක අලුත් වෙද්දි එව්ව /media එකට දාල..

/opt
අමතර  programs එන්නෙ මෙහෙට තමයි.. අපි අලුතින්ම දාන සමහර එව්වා එන තැන,

/proc
system state and processes ගැන තොරතුරු ත්යෙන්නෙ මෙහෙ..

/root
මේක කලින් කියපු root එක්ක පටලගන්න එපා.. මේ තමයි root user ගෙ home directory එක. මෙක directory එකක් මිසක් අර කලින්ම කිව්ව root එහෙම නෙවෙයි..

/sbin
system binary commands ටික

/srv
servers වලට එහෙම ඕන කරන file උදා: FTP and Web

/sys
මේක අලුතින් එකතු වෙච්ච එකක්.. ඉස්සර  /proc එකේ තිබුන සමහර එව්වා දැං මේකට දාල
/tmp
පද්ධතිය වැඩ කරද්දි හැදෙන temporary files තියෙන්නෙ මෙහෙ.
/usr
system commands and utilities තම්යි තියෙන්නෙ.. මේක ඇතුලෙ
/usr/bin
/usr/lib
/usr/local
/usr/sbin
/usr/X11R6 (for the X Window system)
 කියල තව කට්ටියකුත් ඉන්නව ස්මහර එව්වගෙ /usr/doc  හරි /usr/share/doc subdirectory කියල එකකුත් තියෙනවා හැම user කෙනකුටම access  කරන පුලුවං docs දාපු.
/var
හැම නිතරම වෙනස් වෙන එව්වා දාන්නෙ මෙහේ.. උදා:
/var/mail (holds e-mail in boxes)
/var/spool (holds files waiting for processing, such as print jobs or scheduled jobs)
/var/www (holds www or proxy cache files)
ඔන්න ලාවට ලාවට වගේ මෙව්වා දැන ගත්ත එකේ ලිනක්ස් පාවිච්චි කරන්න කරන විදිහ ගැන ඉදිරි ලිපි වලින් බලාගමු..

Thursday, February 3, 2011

ලිනක්ස් මුල සිටම 03 කොටස

ලිනක්ස් ගැන ඉගෙන ගනිද්දි ගොඩාක් වැදගත් දෙයක් තමයි එකෙ file system එක ගැන හරි අවබෝධයක් ලබා ගන්න එක. මොකද ඒ මත තමයි ලිනක්ස් අණ්ඩර දෙමළයක් වෙනවද නැත්තන් තේරෙනවද කියන දෙකෙන් එකක් තීරණය වෙන්නෙ.

 මුළින්ම කියන්න ඕන අපි බිල් ගෙස්ට් ගෙ වින්ඩෝස් අච්චුවෙ මෙක තෙරුම් ගන්න ගියොත් නන්නත්තාර වෙනවා. ඉතිං අපි ලිනක්ස්, ලිනක්ස්  විදිහටම තෙරුම් ගත්තොත් හරි..

මෙතනදි කියන්න ඕන අනික් කාරණය තමයි ලිනක්ස් ලිනක්ස් කියල කෑගැහුවට එයාගෙ අප්පා වෙච්ච යුනික්ස් විදිහට තමයි මෙයත් හැදිල තියෙන්නෙ. ඒ කියන්නෙ මේ කියන්න හදන දේවලින් ගොඩක් දේවල් ඒ දෙන්නටම පොදුයි.හැම දේම නෙවෙයි.

මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්.. මොකක්ද? ලිනක්ස් වලදි හැම දේම ෆයිල් එකක් විදිහට තමයි ගනන් ගන්නෙ.. අර වින්ඩෝස් වල files and directories වගෙ නෙවෙයි.. හැම දේම කිව්වාම හැම දේම... කෑලි බෑලිත් sound card, video card, HDD, FDD, serial port,  අරවා මෙව්වා හැම දේම මූ හිතං ඉන්නෙ ෆයිල් කියල..(ටිකක් අමුතුයි නේද?)

මේක විකාරයක් වගේ හිතුනට එහෙම කරල තියෙන්නෙ හේතුවක් ඇතුව.
පොඩ්ඩක් හිතල බලන්න එහෙම උනාම OS එකට මතක තියාගන්නයි කරන්න පුලුවං වෙන්නයි ඕන පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.. එයාට,

01. file ඕපන් කරන්න
02. file කියවන්න
03. file එකක ලියන්න
04. file එකක් වහන්න....  දැනගත්තම ඇති නේද.. මාර සංකල්පයක් තමයි..

දැං හැම දේම file එකක් විදිහටනම් මෙයා ගනන් ගන්නෙ වින්ඩෝස් වලදීට වඩා ෆයිල් වර්ග ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද..?

වින්ඩෝස් හරි ලිනක්ස් හරි ඔව්වා අතුලේ fille types නම් කීයක් ත්යෙනවද ඇත්තට.. 100ක්, 1000ක්, 10000000ක්... ඇත්තටම කියන්න බෑ නේද? පටලවාගන්න එපා ඒවා එක එක විදිහට තිබුනට ඇත්තටම තියෙන්නෙ ජාති දෙකයි.

01. Directories
02. Normal Files තමයි ඒ....

Directories කියන්නෙත් file ජාතියක් කිව්වම නිකං මොකක්දෝ වගෙ නේද, ඒත් ඇත්ත මේකයි.. එව්වත් file තමයි එවවා ඇතුලෙ තව තව files හරි directories වලට හරි ඕන කරන entries තමයි තියෙන්නෙ.. (වැඩේ තේරුනාද මන්දා) ඉතිං ඔය කියන directories  හැරුනාම අන්කික්වා ඔකොම normal file තමයි. බලන්න කොච්චර සරලද.. මෙවවා binaries, hexa, executable..... බ්ලා බ්ලා බ්ලා විදිහට තියෙන්න පුලුවං.. දැං හරිනේ..

දැං අයෙමත් ටිකක් අමාරු හරියක්.. හිතන්න මූ හැම දේම හිතන්නෙ file1ක් කියල නම්( මතක් කරගන්න HDD,FDD, Porrts.... etc. ) මුගෙ file වල inputs and outputs තියෙන්නත් ඕන file විදිහටම නේද.. හුටා.. ඔන්න එනව විෂේශ ෆයිල් Special Files කියල හාදයො ටිකක්.. එයාලට කියන්නෙ links (සම්බන්දක) කියල. දැංනං ටිකක් හරි වගේ.. මේගොල්ල ජාති දෙකයි..

01. Hard Links
02. Symbolic Links (sym links)

මෙව්වා ගැන මීට වඩා කියන්න ගියොත් වැඩේ ගොඩක් අයට තෙරෙන්නෙ නැතුව යයි.. වැඩිදුර ඉගෙන ගන්න ඕන අයට පොඩ්ඩක් අන්ත්ර් ජංජාලෙ කරක් ගැහුවනං හොයගන්න පුලුවන්.

ඔය කියපු link හාදයො ඇරුනම තව ඉන්නවා Special  කස්ටිය

01. Charictor files මෙයාල අනුමත කරන්නෙ එක වෙලාවකට එක ජාතියක දේවල් විතරයි.. හික්.. උදාහරණ බැලුවම තේරෙයි.. Soun Card, Video Card, Serial Port, Key Board.... etc.

02. Block Files මෙයාලට අනුමත වෙන්නෙ block  පිටින් ගත්තම තමයි.. පොඩ්ඩ පොඩ්ඩ බෑ ගොඩක් වෙලාවට දත්ත ගබඩා කරන කස්ටිය.. නිකං CD ROM, HDD, FDD, වගෙ උං..

03. Pipes නමෙම තියෙනවනෙ පයිප්පෙ.. පයිප්පෙ.. මෙයාල තමයි Application අතරෙ තොරතුරු හුවමාරු කරන්නෙ.

04. Sockets මෙයාලත්  පයිප්ප වගෙම තමයි හැබැයි ගනු දෙනු කරන්නෙ Network Applications එක්ක තමයි..

හිතල බැලුවම මෙයාල devices තමයි ඒත් system එකේදි files.. (හරිම සාධාරණයි බැලුවම Linux නම් ඇයි ඉතිං කාටවත් වෙනසක් කරන්නෙ නෑනෙ.. ඔක්කොම file තමයි.


මේ කියපුවා වැඩිය තේරුනේ නැති උනාට ගනං ගන්න එපා.. ඊ ලග කොටසෙන් ඔව්ව Linux වල තියෙන විදිහ බැලුවම නොතේරෙන එව්වත් එළ කිරි වාගෙ තේරෙයි..