Pages

Monday, July 18, 2011

ජංගම දුරකතන තාක්ෂණය 01

හැමදාම එකම රාමුවකට කො‍ටු වෙලා ඉන්නවට වඩා හොදයි නේද දවසින් දවස වෙනස් වෙනස් දේවල්  ටිකකට අතගහන එක?
ඉතින් මමත් හිතුවා මම ඉගෙනගත්ත දේවල් වලින් ටිකක් මගෙ බ්ලොග් එක අස්සටත් ඔහෙ ඔබල දාන්න.. ජංගම දුරකතන තාක්ෂණය කිව්ව ගමන් මොනවද ඇත්තටම ඔලුවට එන්නෙ? එක එක බහු බූත මතක් වෙනව නේ? මොබිටෙල්, ඩයලොග්, 2G, 3G, GSM, 4G.... CDMA.... HSDPA... තව අකුරු කීයක්නම් මෙතන දාන්න පුලුවන්ද?

පළවෙනියටම කියන්න ඕන කතාව තමයි මේක දුරකතන අලුත්වැඩියා කිරීම පිළිබඳ ලිපි පෙළක් නම් නෙවෙන වග.. ඔය මුලින් තියෙන අකුරු අස්සෙ හැංගිච්ච කතන්දර එකින් එක දිගෑරල බලමු..
Mobile Communications කියල සුද්දගෙ භාශාවෙන් කියන මේ කතා ඔක්කොම අයිති වෙන්නේ Telecommunication එහෙම නැත්තන් කටේ පහසුවට කියන Telecom කියන සබ්ජෙක්ට් එකට තමයි.. අපි කොහොම කොහොම හරි ඔය ලොකු සබ්ජෙක්ට් එක කෑලි කෑලි ඉගෙන ගන්න බලමු..

පලවෙනි කතාව මොකක්ද මේ Mobile Communication Network එකක් කියන්නෙ ? මේක සිංහලට හරවලම ඉගෙන ගන්න ගියොත් ටිකක් අමාරු වෙන නිසා ඉංගිරිසි කෑලි බෑලි මැදට දාන්න වෙනවා, කොරාන්ට දෙයක්නම් නෑ පුතේ ඒ ගැන නම්.. Mobile Communication Network එකක් කියන්නෙ සන්නිවේදනය සිද්ද වෙද්දි අදාල පාර්ශව දෙක (සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්) අතර කිසිම physical connection  එකක් නැතුව නිදහසේ වැඩේ කරගෙන යන්න පුලුවන් ජාතියෙ එකකට..

පොඩ්ඩක් ප්‍රායෝගික උදාහරණයක් දෙකක් මතක් කර ගත්තනම් වැඩේ තවත් තේරෙයි.. GSM ඩයලොග් , මොබිටෙල් වගෙ ජාල..3G to 4G  ජාල.. CDMA චන්ද්‍රිකා දුරකතන.. රේඩියෝ.. ටී වී...wi-fi...WiMAX.. අරව මේව කීයක්නම් ඇත්ද?

මේකත් එක්ක නිතරම පාවිච්චිවෙන  වචනයක් තමයි ‘Wireless Communication’  කියන එක...එක වගේ පෙනුනට දෙකම එකක් කියල පටලව ගන්න නම් එපා..

Wireless telecommunications  කියන එක බොහොම සරලව කොටස් දෙකකට කඩාගන්න පුලුවන්..
01Mobile Communications
අර අපි මුලින් කතා කරපු එක..
02.Fixed Wireless Communications
ඔය කියපු ජාති දෙකට එක එකාට වෙන්වෙච්ච හොඳ මාකට් එකක් තියෙනවා.. mobile communications මාකට් එකනම් තනිකරම mobility or non-tethered කියන සංකල්ප මත තමයි තනිකරම ‍රැ‍ඳෙන්නෙ.
mobility කියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ "ඕනම වෙලාවක ඕනෑම තැනක සිට සන්නිවේදනය" කියන දේ.. anytime, anywhere communications කියල තමයි කියන්නෙ..

මේ කියන wireless කියන සංකල්පය wired communications  එහෙම නැතිනම් කේබල් සන්නිවේදනයට  හොඳ විකල්පයක්. හොඳට හිතල බලන්න අපි පොඩි කාලෙ ටෙලිකොම් එකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම දුරකතන සම්බන්ධතා දුන්නෙ.. ඉතිං ලංකාව වගේ දුප්පත් රටක හැම ගෙදරකටම තඹ කේබල් අදිනවා කියන එක තාම හීනයක් වගේ නේද? GSM,CDMA,Microwave කියන තාක්ශණ ඒ බාධක ජය නොගත්තන්නම් අදටත් අපි එදා හිටි තත්වෙම තමයි.. අපිටත් වඩා නොදියුණු රටවල CDMA තමයි ගෙවල් වලට දුරකතන පහසුකම් ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රධාන තාක්ශනය.. ලංකාවෙත් ඈත ගම්වලට ගියාම ප්‍රධාන ස්ංනිවෙදන මාධ්‍යය ඒක තමයි.. fixed wireless  කියන තාක්ශණය තමයි මෙතනදි පාවිච්චි වෙන්නෙ. ඉතින් මේකෙදි mobility කියන එක බලාපොරොත්තු වෙන්නෙ නෑ... කොහොම හරි මේ ක්‍රමය කේබල් මාධ්‍යට වඩා ගොඩක් වියදම් අඩුයි.. නමුත් යම් යම් සීමා වලට යටත් වෙන්න නම් වෙනවා..

ලෝකෙ සමහර තැන් තියෙනවා wired communications කියන දේ කරන්න හරිම අමාරු තැන්.. මහ මුහුද මැද්දෙ කාන්තාර, කඳු  වගේ තැන් වලදි ගොඩාක් දුරට මේ දෙවෙනි ක්‍රමය තමයි ප්‍රායෝගික.. ඒකත් ගොඩක් වෙලාවට චන්ද්‍රිකා තාක්ශනය හරහා තමයි..

Mobile Communication Systems ලෝකෙ ප්‍රචලිත වෙන්න පටන් ගන්නෙ 1980 දශකයේ මුල් හරියෙ වගේ..මීට  කලින් මේව නොතිබුනා නොවෙයි.. එදා ඉඳල අද දක්වා ආව මේ ගමනෙ එක එක කාලේ ඇති වෙච්ච තාක්ශණයෙ විප්ලවීය වෙනස්කම් වලට අනුව අපි පරම්පරා කිහිපයකට කඩාගන්නවා,
‘First generation (1G)’
‘Second Generation (2G)’
‘Third generation (3G)’.... සහ ඉන් ඉදිරියටත්..

ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ එක එක පරම්පරාව ගැන තේරෙන බාසාවෙන් පුලුවන් විදිහට සාකච්චා කරන්න.. මුල්ම ලිපිවලින් මම බලාපොරොත්තු වෙන්නෙ මේ  තාක්ශනික කරුණුවල සංකල්ප concepts ටිකක් කතා කරන්න.. මේවයෙ සංකල්ප ඔලුවෙ නැතිව ලොකු ලොකු කතන්දර කතා කරල ඇත්තටම වැඩක් නෑ.. සමහර වෙලාවට තේරෙන්නෙත් නෑ..මුල් ලිපි තේරුමක් නැති වල් පල් කියල හිතෙයි සමහර විට.. ඒත් එහෙම නෑ..

මේ සතියෙ අපි Field Visit එකට යනවා පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේශනාගාරයට සහ ස්වර්ණවාහිනී කිකිළියමාන සම්ප්‍රේශණාගාරයට.. දවස් තුනකට.. ඊලග ලිපිය ලියවෙන්නෙ ඒ ගිහින් ආවට පස්සෙ තමයි.. එහෙනම් ගිහින් එන්නම්..

6 comments:

  1. මමත් අලුත් ලිපිය බලන්නයි ආවේ ..


    සුබ ගමන් මචං ..

    ReplyDelete
  2. හොඳ වැඩක්... දිගට ලියමු සහෝ...

    ReplyDelete
  3. නියමයි මල්ලී දිගටම ලියමු. දන්න සොච්චමෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් නේද? මටත් ඒ ගැන තේරුනේ IET ඉන්න දවස් වලමයි. ලිනකස් ගැනත් දිගටම ලියමු. 2G, 3G, HSDPA, HSPA, තව ගොඩක් තියෙනවානේ එත එත වචන ඒවගෙ Speed (ලොකු ලොකු අංක)ඒවා ගැනත් ලියන්න. සුබ ගමන්..... මමත් පිදුරුනම් ගිහිල්ලා නෑ.

    ReplyDelete