Thursday, March 24, 2011

ලිනක්ස් මුල සිටම 19 කොටස

ලිනක්ස් මුල සිටම 19 කොටස.
ලිනක්ස් මුල සිටම දැන් ගොඩක් දුර ඇවිත් නේද? මේ ලියන තරමටම කියවනවද කියලත් වෙලාවකට සැකයි.. ඒත් ලියන එකනම් දිගටම තියෙයි. මේක තව ටිකක් දුරට ඇදගෙන ගිහින් වෙන වෙන් වැදගත් මාතෘකා වලටත් යොමුවෙන්න අදහසක් තියෙනවා.. කෝකටත් කලින් අපි කලින් ලිපියෙ නව්ත්තපු තැනින් ඉදිරියට යමු..

අපි මේ කතා කරන්න යන දේවල් System එකට කෙලින්ම බලපාන දේවල් නිසා පොඩ්ඩක් පරිස්සමින් අතපත ගෑවොත් හොඳා.. අපි දැන් ඉගෙන ගන්න යන්නෙ Init Commands and Files කියන කෙරුවාව.. මේක එහෙමම පිටින් ගිය ලිපියෙ කතා කරපු බයිලාවලට සම්බන්දයි..

ඒක කියවල එන්න.. අපි කෙලින්ම කමාන්ඩ් වලට බහිමු..

# chkconfig --list
services එහෙම නැත්තන් යක්කු ඔක්කොම සෙට් එකයි එයාලගෙ Runlevel එකයි බලාහ්ගන්න පුලුවන්..

# runlevel
දැනට ඉන්න Runlevel එක බලාගන්න පුලුවන්..

# init <runlevel>
# telinit <runlevel>
Runlevel එක වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුලුවන්.. උදාහරණය බලන්න.
# init 0
runlevel එක බින්දුවට ගේනවා.. ක්ෂණික ප්‍රතිඵලය තමයි system එක shutdown වෙන එක.. කිසිම හානියක් නම් නෑ..
# init 1
Runlevel එක එකට ගේනවා.. single-user mode එකට තමයි එන්නේ.. ගොඩක් වෙලාවට මේක් පාවිච්චි කරන්නෙ system එකේ maintenance වැඩ කරන කොට තමයි..

# init q
# init Q මේකමාන්ඩ් දෙකෙන්ම inittab file එක re-examine  කරනවා.

මේවට සම්බන්ද තව කමාන්ඩ් තියෙනවා, නමුත් ලියන්න අදහස් කරන්නෙ නෑ.. මොකද එච්චර දරුණු වෙන එක දැන්ම සුබ නෑ..

ඒ අපි කතාකරපු හරුපෙ කොරනකොට ඇත්තටම වෙන්නෙ සමහර Services නවතින එකත් සමහර Services පටන්ගන්න එකත් නේද? හරි අපි දැන ගනිමු Runlevel වෙනස් නොකර කොහොමද Services නවත්තන්නෙ... පටන්ගන්නේ.. අරවා මෙව්වා කරන්නෙ කියලා..

මේක පුංචි පහේ කතාවක් උනාට වැදගත් කමනම් කියල වැඩක් නෑ.. අපි මෙතනදි කරන්නෙ මොකක් හරි service එකකට අදාලව තියෙන shell script  එක execute කරන එක හරි close කරන එක හරි.. මෙයාල ගොඩාක් වෙලාවට ඉන්නෙ /etc/rc.d/init.d කියන Location එකේ කියල මතක තියාගන්න..

# /etc/rc.d/init.d/<servicename>  <option>
මේ කමාන්ඩ් එකේ Option කියන එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුලුවන්..
start
stop
status
restart
reload
*
ඉතින් එතකොට ඒ කියල තියෙන එක තමයි වෙන්නේ.. * මාක් එක ගැහුවම තියෙන ඔක්කොම options ටික බලාගන්න පුලුවන්.. service name එකනම් දැනගෙන තමයි ගහ්න්න ඕන..

උදාහරණ එකක් දෙකක් දෙන්නම්..
#/etc/rc.d/init.d atd start

#/etc/rc.d/init.d atd restart

ඔන්න ඔහොමයි වැඩේ..

# service --status-all මේ කමාන්ඩ් එක පාවිච්චිකරලා තියෙන ඔක්කොම Services ටිකයි ඒවල status එකයි බලාගන්න පුලුවන්..


අද ලිපිය කෙටි උනේ මෙකටම තව එකක් ඈඳන්න හිතුනේ නැති නිසා..  මොකද එතකකොට නිකන් අච්චාරුවක් වගේ වෙන නිසා.. ඒ උනාට මගේ වැඩ බොහොමයක් අච්චාරු වගේ තමයි.. අපි ඊලඟ ලිපියෙන් බලන්න යන්නේ.. Process Management පැත්ත.. ඒක ඉතින් ගොඩක් වැදගත් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. කට්ටිය හිතයි මේ යකා හැම එකටම ගොඩක් වැදගත්, ගොඩක් වැදගත් කිය කියා කියන්වනේ කියලා.. එහෙම වෙන්නෙ මම මෙව්වා ගොඩක් දුරට Filter කරලනෙ දාන්නේ.. ඉතින් වැදගත් කියල හිතෙන හොඳම හරිය තමයි දාන්නෙ.. කොහොම උනත් ඊලඟ ලිපිය හදන්න නම් මට ගොඩක් මහන්සි වෙන්න වෙයි..

උබුන්‍ටු භාවිතා කරමු (Ubuntu Guide) 02 කොටස.

අද අපි බලන්න යන්නේ උබුන්‍ටු වල Software Center කියන ගැජට් එක ගැන.. මුලින්ම මේක ගැන කියන්න හිතුවෙ වෙන නිතරම නිතරම මේක පාවිච්චි කරන්න වෙන භාණ්ඩයක් නිසා. මේක by default OS එකත් එක්ක හම්බ වෙන එකක්.මේක ගොඩාක් User Friendly විදිහට හදල තියෙන එක නම් අවිවාදයෙන්ම පිළිගන්න ඕන. මෙන්න මෙහෙමයි ඕක ඉස් ඉස්සර වෙලාම ගත්තම පේන විදිහ..

අනේ මන්දා මේ වගේ එකක් ගැන නම් මට විස්තර කරන්නත් ලැජ්ජයි. මේක එච්චරටම සිම්පල්.. ඔයාලට පේනවනේ එක එක වර්ගීකරණ කාණ්ඩ යටතේ ඕන කරන පැකේජ් එක  ‍තෝරගන්න පහසු කම අපිට සලසල තියෙන විදිහ.. මම ඔයාලට මම වැඩ කරපු විදිහ කියන්නම්කෝ ඉස්සර වෙලාම.

මෙහෙමයි හිතන්නකෝ මට මොකක්හරි පැකේජ් එකක් ඕන වෙලා තියෙනවා කියලා.. අපි හිතමු Video Converter එකක් කියලා.. ඉතින් ලිනක්ස් වලට තියෙන පැකේජ් සාගරේ අවුස්සල හරි යන එකක් හොයාගන්නවා කියන්නේ, අනිවා පණ යන වැඩක්.. ඉතිං මම කරන්නේ what is the best video converter for ubunu වගේ key word එකක් පාවිච්චි කරල පොඩ්ඩක් අපේ Google ලොක්කගෙන් අහල බලන එක, එයා එක එක විකාර කියනවනේ, ඒවයින් Ubuntu forum එක ගොඩක් විශ්වාසයි. ඉතින් ඕව ටිකක් කියවල මට හොඳයි කියල හිතෙන එකක් Ubuntu Software Center එකේ ගහල search කරනවා. ගොඩාක් වෙලාවට අපිට හම්බවෙනවා එතනින්ම. එතකොටනම් මුකුත් අවුලක් නෑ ඉන්ස්ටෝල් වෙන්න දීල බලා ඉන්නවා. එහෙම උනේ නෑ කියමු එතකොට පැකේජ් එක ඩවුන්ලෝඩ් කරන්න හොයාගන්නවා.. මමනම් ගොඩක් වෙලාවට ‍තෝරගන්නේ .deb පැකේජ.. ඒව කරදර ගොඩක් අඩුයි, නැත්තන් APT ලොක්ක දාල වැඩේ ගොඩ දාගන්නවා. (මේව ගැන අනික් ලිපි පෙලේ හොදට කතා කරලනේ තියෙන්නේ)
ඔන්න මේ උදාහරණයට මම search කරහම මට හම්බ උනා ConvertIT කියල ගැජට් එකක්.. හොයාගෙන බලන්න.. මම තවත් පාවිච්චි කරන හොඳ එකක් තියෙනවා http://www.miksoft.net/mobileMediaConverterDown.htm කියන තැන.. ඒකනම් ගොඩක් දුරට හොඳ Mobile Phone වලට Convert කරගන්න ඕන උනහම තමයි..

මේකෙ තියෙන තව හොඳක් තමයි Youtube එකේ තියෙන එව්වත් ඕක හරහම බාගෙන අපිට ඕන ෆෝමැට් එකකින් හදාගන්න පුලුවන් වීම..

ඔයාල පොඩ්ඩක් ඔය ගැජට් එක අතපත ගාල බලන්නකෝ.. අපිට හරි පහසුවෙන්ම ඕකෙන්ම package remove කරන්නත් පුලුවන්.. වම් පැත්තෙ ඉහලින්ම පේනව ඇතිනෙ Installed Software කියල ටැබ් එකක්. එකට ගියහම ඉන්ස්ටොල් කරල තියෙන ඒව ටික පෙන්නනවා.. ඉතින් Remove කියල දුන්නම පට් පට් ගාල ඕන නැති ඒව අයින් කරගන්න පුලුවන්..


System > Administration > Software Sources. කියන තැනින් ඕන නම් මේ සොෆ්ට්වෙයා ගබඩාවට තව තව සම්මදම් එකතු කරගන්න පුලුවන්..



(මෙම ලිපි පෙල Ubuntu සහ ලිනක්ස් සඳහා ආධුනිකයින් සඳහා බව කරුණාවෙන් සලකන්න. ඇතැම් විට ඔබට මෙම කරුණු ඉතා සරල බව හැ‍ඟෙනු ඇත.)



Wednesday, March 23, 2011

බ්ලොග් සහ අපාය

ඇතැමෙකුට ජීවිතය අපායකි. තවකෙකුට සුර ලොවකි. ජීවිතය අපායක් හෝ සුරලොවක් වන්නේ ඒ ඒ පුද්ගලයා එය දෙස බලන ආකාරය අනුවය.. කෙසේ වුවත් අතිශය දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය අපායකට හෝ සුර ලොවකට සම කරනුයේ ඒ වචනවල නිසි අරුත බිඳකින් හෝ තේරුම් නොගෙන බවනම් කිව මනාය.. හිටි හැටියේම ලිනක්ස් අමතක වී අපාය හා දිව්‍ය ලෝකය මතක් වීමට මට වූ අලකලංචිය කුමක්දැයි ඔබට සිතෙනවා ඇති..

මා මේ සටහන තබන්නේ blogger.com මගින් හො අන් සේවාවක් මගින් නොමිලයේම දෙන සයිබර් අවකාශය භාවිතාකර,අමිල වූ කාලය නාස්ති කරගෙන,අන්තර්ජාල බිල්පත් තමා විසින්ම ගෙවාගෙන නොමිලයේම අපාගත වීමට ඇතැමුන් පෙලඹී සිටින අයුරු දැකීමෙන් ඇතිවූ සංවේගයෙනි. පසුගිය කාලයේ සිංහල බ්ලොග් අවකාශ අතර හමාගිය ජාතිවාදයේ සහ ආගම් වියරු කුණා‍ටුවේ තරම අපි දු‍ටුවෙමු.එහි ඇතැම් දෝංකාරයන් තවමත් ‍රැව් දෙනු ඇසේ..

මෙය කියවන ඔබ  බොහෝ විට සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි,මුස්ලිම් හෝ දමිල අයකු වන්නට ඇති.. මා සිංහල බෞද්ධයකු බැවින් සැම විටම ඊට මුල් තැන දීම ජාති වාදයක් ලෙස වරදවා වටහා නොගනු මැනවි.. එසේ වූ පලියටම අප අන් සියලු ආගම් හෙලා දැකීමට තරම් පහත්නොවෙමු.. සියල්ලන්ටම තම ආගම ලෝකයේ නිවැරදිම ආගමයි..තම ජාතිය ලෝකයේ ඉහලම ජාතියයි.. එසේ සිතීම මිනිස් ස්වභාවයයි.. අප තේරුම් ගත යුත්තේ එයයි.. සියලු ආගම් හා ජාතීන් වලට අයත් සහෝදර සහෝදරයිනේ ඔබ අන් ආගම් හෝ ජාතීන් හෙලා දකින්නේනම් ඒය පෙන්වන්නේ ඔබේම නිරුවත මිසක ඕබ ජාතියේ හෝ ආගමේ නිරුවතනම් නොවේ..

දැන් තවත් ‍රැල්ලකි.. (මෙය බොහෝ විට යුරෝපයෙන් හිඟාගත් සංකල්පයකි) එනම් තමුන් කිසිම ආගමක් නොපිලිගන්නා බව ආඩම්බරයෙන් කීමයි.. මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ ආගම,කලාව,හා විද්‍යාව (අනාර්ය විද්‍යාව) බිහි කරගත් නිසාවෙනි..ඉදින් ආගමක් නොමැත්තා තම මව පියා පිලිගනීද? තම මව පියා නොමරා සිටීවිද? ආගමක් පිලි නොගන්නේ ආගමක් ගැන නොදන්නා නිසාවෙනි.. පසු කාලීනව එක් එක් කතුවරුන් විසින් විකෘති කල ආගම් දර්ශන වල හෙලුව සයිබර් අවකාශය පුරා වපුරයි..තර්ක ගොඩනගයි..තර්ක බිඳ හෙලයි.. නව න්‍යායන් බිහි කරයි.. උඩ පැන පැන තම හෙලුව පෙන්නයි.. එහෙත් අනිකාට හූ කියයි..

මා පිලිගන්නා එකම සත්‍යය වන නිර්මල බුදු දහමට අපහාස කරන්නා අනිවාර්ය්‍යෙන්ම නිරයේ යයි.. අනෙක්  ආගම් වල ඉගැන්වීම්ද ඔවුන්ගේ කෝණයෙන් මෙම අදහසම දෙයි.. හුදෙක් ජනප්‍රිය වීමට හෝ වෙනත් කවර හෝ අරමුනක් වෙනුවෙන් ආගම් පටලවා ගැනීම වැසිකිළි වලක් කඩා අනුභව කිරීමකටත් වඩා අන්තය.. එක් නොසන්ඩාලයෙක් කියන ගොන්කතා ජනප්‍රිය වීගෙන යන විට කියවන බලන අනෙක් බූරු ‍රැළට ඉවසුම් නොදේ.. ඉදින් ඔවුනුත් ඒ ‍රැළටම එකතු වෙත්.. එක පෙළට සයිබර් අවකාශය පුරා තම නිරුවත අතුරා දමත්.. තමා හෙලුවෙන් සිටින බව අමතක වී අන් කෙනෙකුගේ නිරුවතට හූ කියයි..

ආගම ඇදැහිය යුත්තේ තමාගේත් අන් අයගේත් යපත පිණිසමය.. ඇතැම් විට මෙහි කඳ පිනුම් බඩ පිනුම් ගසන මේ බ්ලොග් චක්‍රවර්තීන් දන්නා ආගමක් හෝ දර්ශනයක් නොමැති වන්නට ඉඩ බොහෝවේ. මාගේ ආගමට හා ජාතියට අවමන් අපහාස කිරීම මට ඉහිලුම් නොදේ.. ඒය අන් අයටත් එසේම වන බව තරයේම විස්වාශ කරමි.. ඔබ ඔබේ විස්වාශයන් ඔබේ හද තුල සු‍රැකිව තබා ගන්න.. අප අපේ විස්වාශයන්ද එසේ කරන්නෙමු.. අප අපේ නිදහස මෙන්ම ඔබේ නිදහසද ගරු කරන්නෙමු.. ඔබගේ අදහස් මතවාද අප නොපිලිගත් පමණින් අපේ අදහස් හෝ මතවාද ඔබ මත පැටවීමට මාන නොබලන්නෙමු.. කරුණාකර වෛරය වපුරන බොල් වෙබ් පි‍ටු අතර අතරමන් නොවන්න.. ඒවට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ අනුබලයක් නොදෙන්න.. වඩාත් සුන්දර වෙබ් අවකාශයක් වෙනුවෙන් පෙනී සිටිමු.. අපි ඔබට ගරු කරන්නෙමු.. මන්ද ඔබත් අප වැනිම වූ මනුෂ්‍යයන් කොටසක් බැවිනි.. අපද එයම ඔබෙන් බලාපොරොත්තු වෙමු..

Tuesday, March 22, 2011

ලිනක්ස් මුල සිටම 18 කොටස

ඔන්න අදනම් ගොඩක්ම ගොඩාක් වැදගත් මාතෘකාවකට තමයි අපි අතගහන්න හදන්නේ.. මේකට Init and Runlevels කියල සුද්දගෙ භාෂාවෙන් කිව්වට මටනම් සින්හල එකක් ගලපගන්න තේරෙන්නෙ නෑ. කොහොමහරි කමක් නෑ අපි මේ කතාකරන්න හදන්නේ System එකේ ක්‍රියාකාරීත්වයට සම්බන්ද දෙයක්.. කතා කරගෙන යද්දි හොදට තේරෙයි..

පහුගිය ටිකේම ලිපි දැම්මෙත් නෑනෙ.. එව්වත් අල්ලන්න දැං ඩබල් එකේ ලියන්න වෙලා..
දැන් මගෙ සෞඛ්‍යය තත්වයත් යහපත් අතට හැරිල තියෙන නිසා ඉස්සරහට අපිට දිගටම වැඩේ කරගෙන යන්න පුලුවන්වෙයි..පොඩි පරහක් නැතුවමත් නෙවෙයි මොකද ඉස්සරහට මගෙ අධ්‍යයන කටයුතු සඳහා වැඩි අවධානයක් යොදවන්න සිද්දවෙලා තියෙන නිසා..

කොහොම හරි හැම දේම කරන්නත් එපැයි, මම බ්ලොග් එකෙන් ඉවත් වෙලා හිටපු දවස්වල මට මේල් කරපු, කමෙන්ට්ස් වලින් මාව දිරිමත් කරපු හැම දෙනාටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා වගේම ගොඩාක් පින්.. හරි ඒවල ණය ගෙවෙන්නත් එක්ක අපි වැදගත් පාඩමක් ලස්සනට ඉගෙන ගනිමු.

මොකක්ද මේ init කතාව. ඇත්ටටම මේ init කියල කෙටි කරල තියෙන්නෙ initial කියන එක.. ඒ කියන්නෙ මේකෙන් අපි කතා කරන්නෙ ලිනක්ස් system එක  load  වෙද්දිම වෙන බයිල ටිකක්.. ඉතින් කොහොමද මේ ලිනක්ස් system  එකක් boot වෙන්නෙ කියල ඉස්සර වෙලාම අපි තේරුම් ගනිමු.

01.)POST Bootstrap

02.)Boot loader

03.)Kernel

04.)Init

ඔන්න පියවර හතරකට සරල කරා..
මෙතන 01. සිද්ද වෙන්නෙ BIOS වල.. ඔයාල දන්න්වනේ මොකා Boot වෙන්නත් කලින් Boot වෙන්නෙ BIOS නේ, හරියට ගෙදරක අම්ම කෙනෙක් වගේ.. කවුරුත් නැගිටින්න කලින් නැගිටල අපේ ලඟටම තේ එකයි,ඊට පස්සෙ කන්නයි හදල දෙන්නෙ.. මේකත් අපේ අම්ම වගේ තමයි .. එයා ඉස්සර උනේ නැත්තන් ඔක්කොම වැඩ අඩාලයි.. අඩාලයි නෙවෙයි ඇත්තටම අනික් මොකවත් නෑ..

02.දි Boot Loader එක කරලියට එනවා. වින්ඩොස් Boot loader එකනම් වින්ඩෝස් බූට් කරනවා..ලිනක්ස් වල නම් GRUB කියල එකෙක් තමයි ඉන්නෙ.. මෙයානම් අපිට Options කිහිපයක් දෙනවා.. Multi Boot System එකක් නම් ලිනක්ස් ද නැත්තන් විඩෝස්ද කියල ‍තෝරන්න පුලුවන්.. මේක ගැන අපි වෙනම දවසක කතා කරමු. කොහොම හරි මූ ඊලගට ඉන්න Kernel කාරයව ඇහරවල ඌව Boot කරන් එක තමයි කරන්නේ.. හරි ඌත් නැගිට්ටට පස්සෙ තමයි අපේ අද කතාවෙ කතා නායකය කරලියට එන්නේ..

මේක ඇත්තටම initial process එක, වෙන විදිහකට කිව්වොත් අනික් Process ඔක්කොගෙම ලොක්ක, බුවා කිව්වොත් හරි.. අපි අර මුලම කතා කරපු daemon කියන යක්කු ටික මතකද? (මතක නැත්තන් බලන්න් වෙයි ඒවා..), මෙයා තමයි ඒ daemon යක්කු ඔක්කොම ඇහැරවන්නේ,

එතකොට තමයි system  එක useable state එකකට එන්නේ.. මේ රාජකාරිය කොරන්න්ට මෙයා පාවිච්චි කරනවා /etc/inittab (init table) configuration file කියන එක..

ඔන්න ඊලගට එනවා Run Levels ක්යන කතන්දරේ.. හයියෙන් අහගෙන හොඳට තේරුම් ගන්න ඕන කතාවක්. හරි මේ Run Level එකක් කියන්නේ collection of services  එකක් ඒ කියන්නේ services සෙට් එකක් එකතු කරගෙන specific system state එකක් නිර්මාණය කරගන්න හදාපු සීන් එකක්. තේරුනේ නෑ නේ.. මෙහෙම කියන්නම් ඔයාලට මතකද අර වින්ඩෝස් පාවිච්චි කරද්දි හුටස් පටස් ගාල දෙතුන් පාරක් ලයිට් ගියාම එහෙම ඊලඟට System එක ඔන් කරද්දි එන්නෙ Safe mode යන්නද නැත්තන් පුරුදු පරණ විදිහට කිය කියා එන කතාව, ඒ කියන්නෙ ඒ ඒ එක එක option එකට අදාලව එකම system එක ඒත් වෙනස් තත්වයන් කිහිපයක නේ දුවන්න දෙන්නෙ, මේකත් ඒකම තමයි.. ඊට වඩා අපිට ‍තෝරාගැනීම් වැඩියි.. ඉතින් ලිනක්ස් වල run level හතක් විතර තියෙනවා අපි තේරුම් ගන්න ඕන. පල්ලෙහා බලන්න..

Runlevel 0
මේකට කියන්නෙ halt state කියල.. ඒකියන්නෙ  ඔක්කොම වැඩ නවත්තනවා.. නිකමට terminal එකේ #init 0 කියල ගහන්න බලන්න. (Root  බලතල ඕන) System එක Shut down වෙලා යනව නේද.. ඇත්තටම මේකෙදි daemons ඔක්කොම යන්න යනවා. /etc/rc.d/rc0.d කියන තැන තමා ෆයිල් එක තියෙන්නෙ.

Runlevel 1
Runlevel s
Runlevel S
Runlevel single
මේ ඔක්කොම නම් කියන්නෙ Runlevel 1 කියන එකට. මේක single user mode එක.  මෙතනදි System එක ලෝඩ් කරන්නෙ single user වැඩ කරන්න ඕන් යක්කු ටික විතරයි.. හැබැයි ඉතින් User කිව්වට Root විදිහට තමයි ඉන්න පුලුවන්. /etc/rc.d/rc1.d කියන තැන තමයි ෆයිල් එක..

Runlevel 2
මේක multi-user mode එක. multiple usersලට ලොග් වීමට අවසර දෙනු ලැබේ.. networking services  පවා වැඩ ඒත් Network File System වැඩ නෑ.. ඉන්නෙ /etc/rc.d/rc2.d කියන තැන..

Runlevel 3
මේක extended multi-user mode කියන එක.. නමේ හැටියට තමයි වැඩත්, එයා multi-user mode එක extend කරනවා all network services වැඩ කරන තැනට.. Network File System පවා වැඩ.. මූ ඉන්නෙ /etc/rc.d/rc3.d කියන ෆයිල් එකේ..

Runlevel 4
මේක පාවිච්චි වෙන්නෙ නෑ.. ඒක අපිට ලියල දීපු එක.. අපිට ඕන විදිහට manually හදාගන්න පුලුවන්..

Runlevel 5
මෙන්න අපේ එකා.. graphical mode එක දුවන්නෙ මේකෙ.. extended user mode එකේ තිබ්බ ඔක්කොම හැකියාවන් තිබේ.. අයෙ අමුතුවෙන් කියන්න් ඕනත් නෑ.. මොනවද කරන්න පුලුවන් කියල හැමෝම දන්න්වනෙ ඉතින්.. /etc/rc.d/rc5.d කියන ෆයිල් එකේ තියෙන්නෙ..

Runlevel 6
මේක reboot runlevel එක.. මේකට එහෙම සෙට් කරොත් හුටා ත්මයි System එක එයා විහින්ම re-start කරගන්නවා.. කීයටවත් පුතේ මේකටනම් සෙට් කරන්න එපා..



 /etc/rc.d එක තියෙන විදිහ පහත රූපෙ විස්තර කරක්ල තියෙනවා..


මේකෙ තව කොටසක් අඩුයි.. ඒ කියන්නේ අපි කොහොමද ඕකෙන් වැඩ ගන්නෙ කියන එක.. ලිපිය ගොඩක් දිග වෙන නිසා ඒ කොටස ඊලඟ ලිපියෙන් අපි බලාගනිමු..

ලිනක්ස් මුල සිටම 17 කොටසෙ අන්තිමට වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන්න තමයි මේ ඊලඟට හදන්නේ..


මේක ලිනක්ස් වල File System එකට සම්බන්ද කතාවක්.. මෙහෙමයි මේක වින්ඩෝස් වල තියෙන කතාවක් නෙවෙන නිසා කට්ටියට ටිකක් අලුත් වෙයි..
"ලිනක්ස් වල තියෙන ඕනම file එකක් හරි directory එකක් හරි අනිවා Userකෙනකුට සහ Group එකකට අයිතියි"
අපි කලින් ඉගෙනගෙන තියෙනවනේ ලිනක්ස් වල හැමදේම File එකක් කියලා.. ඉතින් ඒක නිසාම මේ කියන කතන්දරේ ගොඩාක් වැදගත්.. එහෙම නේද? ඔයාල හදන හැම file එකකටම මේ කතන්දරේ අදාලයි...

permissions ගැන කතා කරොත් ජාති තුනයි..
User කෙනකුට අයිති වෙන්න පුලුවන්...
Group එකකට  අයිති වෙන්න පුලුවන්...
Other එහෙම නැත්තන් ඕන කෙනකුට අයිති එකක් වෙන්න පුලුවන්...

User (owner) permissions
Group (group owner) permissions
Other (everyone on the Linux system) permissions

Permission ගැන කතා කරනවනම් තව තුන් විදිහකට අඳුනගන්න පුලුවන්..

Read = r ඕපන් කරන්න කියවන්න තහනමක් නෑ..execute  කරන්නත් පුලුවන්.. Add, delete, and rename  කරන්න වගෙම execute කරන්නත් පුලුවන්..
Write = w  ඕපන් කරන්න, කියවන්න, එඩිට් කරන්න අවසර තියෙනවා..
Execute = x Execute  කරන්න පුලුවන්.. අනික් මොකවත් බෑ.. තියෙන තැනට ගිහින් වැඩේ කරගන්න පුලුවන්..

අපි කලින් ls කමාන්ඩ් එක ගැන විස්තර කරපු තැන ඒ වැඩ කරල බැලුවනම් ඕය අකුරු කෑලි දකින්න ඇති..


මේ කතාව තව දරුණුවට යනවා මීට එහා ගියොත්.. ඒක නිසා දැනට ඕය ටික ඇති...ඕන උනොත් පස්සෙ වැඩි විස්තර බලමු... වෙනමම ලිපියක් ඉදිරියෙදි දාන්නම්.

Friday, March 18, 2011

මගේ බ්ලොග් එකේ අකමැතිම පොස්ට් එකක්.

අප පසුපස හඹා එන්නෝ.තමුන්ගෙ බ්ලොග් එකට හඹා එන්නෝ Follwers වැඩි වෙනවට කවුද අකමැති.. ඒත් කැමති උනත් අකමැති උනත් අපි පසුපස හඹා එන අයත් ඉන්නවා "පින්, පව්" කියල කට්ටියකුත්. 
මේ අය අපේ කැමැත්ත අකමැත්ත ගනන් ගන්නෙ නෑ.. මගේ පස්සෙ උනත් මෙයාල එනව.ඉතින් මේ දවස්වල මම අර දෙවෙනියට කිව්ව කට්ටිය මගෙ පස්සෙ හෝ ගාල පන්නනවා.. මම ඇත්තටම මේ බ්ලොග් එක ලියන්නෙ ශල්‍යකර්මයකට මූනදීල ඒක නිසා ලැබුන අනිවාර්ය විවේකය අතරතුර.. ඒත් අවාසනාවට අරගොල්ල "අතුරු ආබාධ" කියන වේශයෙන් මාව පන්නනවා.. ඉතින් මටත් වෛද්‍යවරු (ඇත්තටම එක්කෙනයි) පස්සෙ පන්නන්න සිද්ධ වෙලා.. ටික දවසකට බ්ලොග් අවකාශයට එන්න වෙන එකක් නෑ.. ඇත්තටම එක ලිපියක් එකතු කරන්න මටනම් සෑහෙන වෙහෙසක් ගන්න වෙලා තියෙනවා.
වැඩිම උනොත් දවස් කිහිපයක් අලුත් ලිපියක් දාන්න වෙන එකක් නෑ.. නමුත් ලැබෙන මේල් සහ කමෙන්ට්ස් වලට ප්‍රතිචාර දක්වන්න උපරීම උත්සාහ දරනවා.. ඉතින් සහෘදයිනේ මේ ලියල තියෙන ලිපි පරිශීලනය කරන එක දවසිකින් ඉවර කරන්නත් බැරි නිසා මගේ  අකුරු මේ බ්ලොග් එකට ඈ‍ඳෙනකන් ඒව පොඩ්ඩක් කියවල එක එක දේවල් කරල බලන්න කියල මම කියන්නම්.. ආයෙමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යහපත් දේවල් ටිකක් මේ බ්ලොග් අවකාශයට  එකතු කරන්න පුලුවන් තරම් ඉක්මනට එන්නම් කියන පොරොන්දුවත් එක්ක අලුත් දේව්ල් ටික දවසකට දාන්න වෙන්නෙ නෑ කියල කණගා‍ටුවෙන් උනත් කියන්න සිද්ධ වෙනවා... මේ වගේ ලිපියක් දාන්න වෙන අන්තිම අවස්ථාව මේක වෙන්න කියල මම මටම ප්‍රාර්ථනා කරගන්නම්.. එහෙනම් කස්ටිය දැනට තියෙන ආයුධ වලින් ලිනක්ස් යකා කෑලි කර කර ඉන්නකෝ.. (කොහොමත් දවස් තුන හතරකින් මේක හරියයි හෙට නැවතත් වෛද්‍ය වන්දනාව..)

Wednesday, March 16, 2011

ලිනක්ස් මුල සිටම 17 කොටස.

අද අපි root User Account එක ගැන තව ටිකක් වැඩි දුර කතා කරන්නයි හදන්නේ. User management ගැන ගිය පාර ටිකක් කතා කරාට මම Group management ගැන ස්කිප් කරා. ඩෙස්ක්ටොප් කම්පුටර් වල වැඩිය පාවිච්චි කරන්න ඔන වෙන්නෙ නැති නිසා. අපි Networking වලට අත ගහපු වෙලාවක ඒවත් ඉගෙන ගනිමු..
අද කතාව පටන් ගන්න කලින් පොඩි දෙයක් කියල ඉන්නම්. මම site එකට එන අයගෙ Statics පොඩ්ඩක් චෙක් කරා.. ගොඩක් අය කියවන්නෙ පරණ ලිපි, ඇත්තටම මේ ලිපි දාන ඉක්මනට කියවගෙන වැඩ අත්හදා බල බල ඉගෙන ගන්න අමාරු බව මාත් පිලිගන්නවා.. ඒ උනාට දුක හිතෙන කතන්දරේ තමයි 80%කටත් වඩා වැඩි අය ඇවිත් තියෙන්නෙ වින්ඩෝස් පද්දති වල ඉදල කියල තමයි පෙන්නුම් කරන්නෙ. දැන් නම් කට්ටියගෙ ලිනක්ස් යකාට තියෙන බය ඇරිල තියෙන්න ඕන.. දැං කට්ටිය ගොඩක් දියුණුයි නේ.. හරි කමක් නෑ කවද හරි කාට හරි ප්‍රයෝජනවත් වෙයිනෙ..

කට්ටිය මේ වෙද්දි Root ගැන පොඩ්ඩ පොඩ්ඩ දන්නවනේ. Ubuntu පාවිච්චි කරන අය ගොඩදෙනෙකුට root user ගැන එච්චර අත්දැකීම් නැතුව ඇති. එයාලටත් Root user ඕනම නම් අන්ලොක් කරගන්න පුලුවන්.. Ubuntu කට්ටියනම් අවවාද කරන්නෙ  root ගෙන් ලොග් වෙන්න එපා කියල තමයි.

කොහොම කොහොම හරි Root කියන්නෙ  Linux system superuser කියන කෙනාට. නමින්ම තේරෙනවනේ කොහොම පොරක්ද කියලා. මෙයා අමුතුවෙන් හදන්න දෙයක් නෑ installation process එකේදි ඉබේම හැදෙනවා. account number 0 (zero) තමයි අනිවා ලැබෙන්නෙ. root user  කෙනෙකුට ඕනම task එකක් perform කරන්න පුලුවන්.. මෙන්න මේ කාරණේ නිසා තමයි Root user එකවුන්ට් එක දන්න කියන වැඩ කිඩ ඔක්කොම දාල පරිස්සම් කරන්න ඕන.සාමාන්‍යයෙන් මේ කාරණා පිලිපදින්න ඕන කියල තමයි සම්මතය,

01.)ඔබ administrator නම් එදිනෙදා පාවිච්චියට Root එකවුන්ට් එක පාවිච්චි කරන්න එපා. වෙන User Account එකක් හදාගෙන ඒක පාවිච්චි කරන්න.

02.)root user account එකේ බලතල ඕන වෙන වෙලාවට  su command  එක පාවිච්චි කරන්න. එතකොට Root account එකට switch වෙනවා. ඕන කරන වැඩේ ඉවර උනාම exit  ගහල ඒ මෝඩ් එකෙන් අයින් වෙන්න අමතක කරන්න එපා..

03.)එහෙම නැත්නම් sudo කමාන්ඩ් එක පාවිච්චි කරන්න root ගේ බල තල ලබාගන්න.. මීට කලින් වතාවල උදාහරණ පෙන්නල තියෙනවා..

මේ sudo කමාන්ඩ් එකේ Configurations /etc/sudoers කියන තැන තමා තියෙන්නේ.. ඔන නම් Gedit පාවිච්චි කරල පොඩ්ඩක් බලා ගන්න පුලුවන්..

අපි බලමු terminal එකේ කොහොමද වෙන කෙනෙක් විදිහට ලොග් වෙන්නේ කියලා..

$su -l name
උදාහරණ
$ su -l root
$su - root
$su -
$su -l
මේ කමාන්ඩ් හතරෙන්ම යන්නෙ root ට අනික් අයට නම්
$ su -l pitawana විදිහට තමයි පාවිච්චි කරන්න ඕන..

මෙන්න තව වැදගත් (එක අතකට නොවැදගත්) කමාන්ඩ් දෙකක්..
$who -u  මේ වෙලාවෙ ලොග් වෙලා ඉන්න ඔක්කොම අය පෙන්නනවා..
$whoami දැං ලොග් වෙලා ඉන්නෙ කවුරු හැටියටද කියල පෙන්නනවා..

අපි ඊලගට කතා කරන්න හදන්නෙ Password ගැන..අපි පොඩ්ඩක් දැන ගනිමු කොහොමද මේවා system එකේ තියෙන්නෙ කියලා.. ලිනක්ස් වල passwords තියෙන්න ඕන /etc/passwd  කියන තැන. ඒත් ඒක security hole එකක් නේ. ඕන කෙනකුට ගන්න පුලුවන් නිසා. (අමාරුවෙන් හරි) මෙක වහන්න මෙයාල පාවිච්චි කරනවා shadow password file කියල ක්‍රමයක්. අතන තියෙන්න ඕන පාස්වර්ඩ් ටික අරගෙන encrypt කරල /etc/shadow file කියන තැනට දානවා. මේ ක්‍රමය ඉන්ස්ටෝල් කරන කොට ඉබේම පිලිපදින දෙයක්.. අපිට අමුතුවෙන් හදන්න ඕන නෑ. shadow passwords  ක්‍රමය enable හරි නැති කරල දාන්න හරි ඕන නම් මේ කමාන්ඩ් පාවිච්චි කරන්න.. (දැන ගැනීම සඳහා පමණයි.)

# pwconv  ඔන් කරා..
#grpconv  ගෲප්ස් වලට ඔන් කරා..
#pwunconv ඕෆ් කරා..
#pwunconv ගෲප්ස් වලට ඕෆ් කරා

අපි කවදාකවත් පිලිනොපදින ඒත් පොතේ හැටියට නම් Paasword එකක් දාද්දි පිලිපදින්න ඕන මෙන්න මේ කරුණු.

01.අඩුම තරමින් characters අටක් වත් පාවිච්චි කරන්න ඕනලු.
02.සිම්පල් කැපිටල් මාරු කර කර පාවිච්චි කරන්නලු...
02patterns පාවිච්චි කරන්න එපාලු. වචන,වර්ෂ, අරවා මෙව්වා..
03.සංකේතත් පාවිච්චි කරන්නලු..
......
.........
........ ... .. .. .. ..
මේ විදිහට බයිල ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම කරන්න ගියොත් හැදෙන්නෙ password එකක් නෙවෙයි රචනාවක්.. අනික ඕක අපිටවත් මතක තියාගන්න පුලුවන් වෙයිද කියල සැකයි.. හික්..
අපි Password කමාන්ඩ් ටික ඉගෙන ගනිමු,

#passwd name
User කෙනකුට paasword එකක් දාන්න/වෙනස් කරන්න. password එක අහනවා.
උදාහරණ.
#passwd pitawana
# passwd කමාන්ඩ් එකෙන් පුලුවන් current user ගෙ paasword එක මාරු කරන්න.

#passwd -d name
user කෙනෙක්ගෙ password එක අයින් කරන්න පුලුවන්..

#passwd -x # name
මේ කමාන්ඩ් එකෙන් පුලුවන් කවුරු හරි User කෙනකුට තියෙන password එක තියෙන්න ඕන දින ගාන තීරණය කරන්න පුලුවන්..
උදාහරණ
#passwd -x 40 pitawana පිටවාන කියන user ගෙ password එක දවස් 40කට පස්සෙ ඉවරයි.. මරු නේ..

passwd -n # name
User කෙනකුට password එකක් වෙනස් කරන්න බැරි වෙන්න දවස් ගානක් දෙන්න පුලුවන්.
උදාහරණ.
#passwd -n 10 pitawana පිටවාන කියන User ට එයාගෙ password එක දවස් දහයක් යනකන් මාරු කරන්න බෑ.

#passwd -w # name
password එක expire වෙන්න කලින් user ට දන්වන්න පුලුවන්..
උදාහරණ.
#passwd -w 2 pitawana පිටවාන කියන user ගෙ password එක expire වෙන්න දවස් දෙකකට කලින් එයාට warning මැසේජ් එකක් දෙනවා.

passwd -i # name
password එක මාරු නොකලොත් එකවුන්ට් එක අහෝසි වෙනවා.
උදාහරණය.
#passwd -i 7 pitawana පිටවාන කියන user කියපු විදිහට pasword එක මාරු නොකලොත් දවස් හතකට පස්සෙ එකවුන්ට් එකට කෙලවෙනවා..

#usermod -L name
#passwd -l name
 මේ කමාන්ඩ් දෙකෙන්ම පුලුවන් එකවුන්ට් එකක් ලොක් කරල දාන්න.. නමුත් ඇත්තටම වෙන්නෙ pasword එකට කලින් ! මාක් එක එකතු වෙන එක විතරයි..
උදාහරණය,
#passwd -l pitawana

ලොක් කරපු එක ඇර ගන්නත් දැනගන්න එපාය. මෙන්න ඒක..
#usermod -U name
#passwd -u name
උදාහරණය
#passwd -u pitawana

ඔන්න මන් නියම ආයුධ ටිකක් දුන්න. වඳුරට දැලිපිහිය අහු උනා වාගෙ එහෙ මෙහෙ කපා කොටාගෙන මට එහෙම කෑ ගහන්න එපා..හික්..
මේවයින් ගන්න ඕන වැඩ දන්න ඈයො දන්නවා.. සිරා ගේම් ටිකක් ගෙදර කම්පියුටර් එකට උනත් දෙන්න පුලුවන් කට්ටිය හොල්මන් වෙන්න.. ඔතනදි අමාරුම කාරණය තමයි හැමෝම ලිනක්ස් පාවිච්චි කරන්න එකඟ කරගන්න එක..
ඊලඟ ලිපියෙන් අපි කතා කරන්න් යන්නෙ Linux File Permissions ගැන.. පොඩි ඉඟියක් පහල තියෙන රූපෙ බැලුවම පේනවා..


 ඊලඟ ලිපියෙන් ලිනක්ස් යකාව තව හොදට අදුර ගනිමු..

උබුන්‍ටු භාවිතා කරමු (Ubuntu Guide) 01

"ලිනක්ස් මුල සිටම" ලිපි පෙල දැං ගොඩක් දුර ගිහින් නිසා, මම හිතුව ලිනක්ස් පාවිච්චි කරන්න උත්තේජනයක් ලබා දෙන්න.. මේ ලිපි පෙල ගොඩක් දුරට ඉලක්ක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන අයව. ඒ අතරිනුත් 50%ක් විතර පාවිච්චි කරන්නේ Ubuntu linux නිසා අපි මේක උබුන්‍ටු පාවිච්චි කරන අයට ආධාරකයක් විදිහට තමයි පෙල ගස්වන්නෙ. එතකොට තව දෙයක්, ලිනක්ස් මුලසිටම ලිපි පෙල නවතින්නෙ නෑ.. ඒකත් දිගටම යනවා.. ඒක නිසා ඒකට ඇලී ගැලී ඉන්න අය බය වෙන්න එපා ඒක නවතී කියලා...
උබුන්‍ටු ගැන වැඩි දුර තොරතුරු කිය කියා කාලෙ නාස්ති කරන්න මම අදහස් කරන්නෙ නෑ.. වැඩිදුර විස්තර ඕන අය ubuntu.com වලින් හරි විකිපීඩියා එකෙන් හරි බලාගන්න.. විකිපීඩියා එකේ නම් ලස්සනට සරලව විස්තර කරල තියෙනවා.. ගිහින් බලන්ඩෝ....

පෙරවදන එච්චරයි.. දැං කෙලින්ම වැඩ.. උබුන්‍ටු වලදි වැඩ කරගන්න  Graphical User Interface (GUI) වගෙම command-line interface (CLI) එකත් පාවිච්චි කරන්න පුලුවන්.. මෙකෙන් Graphical User Interface (GUI)  එක ගොඩක් සරල සහ පොඩ්ඩක් වැඩ කරද්දි අල්ල ගන්න පුලුවන් නිසා මේක Terminal එකට බර වෙලා තමයි ලියවෙන්නෙ.. අනික පාවිච්චි කරන Desktop env. එකින් එක්ටත් සමහර Version වලටත් ඒව වෙනස් වෙන නිසා එවා පැහැදිලි කරන්න ගියොත් ටිකක් සංකීර්ණ සහ පැටලිලි සහගත වෙන්න පුලුවන්. කමක් නෑ ටිකක් හුරු උනාම terminal එකත් නිකක් කඩුවක් වගේ තමයි. මේක Menu -> Applications -> Accessories -> Terminal. කියන තැන තමයි සාමාන්‍යයෙන් තියෙන්නෙ..

ලිනක්ස් යකා කෑලි කරමු ලිපි වර්ගයෙදි අපි සාකච්චා කරානෙ අපි ලොග් වෙන්නේ Root user විදිහට නෙවෙයි, ඒක නිසා අපිට Root බල තල ගන්න නම් sudo කියල මුලින් ගහල තමයි කමාන්ඩ් ගහන්න වෙන්නෙ කියල.. ඒක ඉතින් එහෙමම මතක තියා ගන්න..

තව අලුත් දෙයකුත් තියෙනවා.. gksudo පාවිච්චි කරන්න පුලුවන් Graphical Application එකක් terminal එක හරහා ඕපන් කරද්දි..
උදාහරණ.
$gksudo nautilus
එහෙම් නැත්තන්,
$sudo nautilus

තවත් දෙයක් ,
"man" command එක පාවිච්චි කරල කමාන්ඩ් එකකට help manual  එක ගන්නත් පුලුවන්.. ඒක ගොඩාක් ප්‍රයොජනවත්..
උදාහරණය
$man sudo

මේ ලිපි වල වෙනමම APT ගැන විස්තර කරන්න යන්නෙත් නෑ.. ඒව අනික් ලිපි වල හොදට විස්තර කරල තියෙනවනෙ,ඕනෙමනම් නිකමට මතක් කරන්නම් පැකේජ් එකක් දාන විදිහ..මේව ඉතිං අපේ කොල්ලන්ට( ඒ වගෙම කෙල්ලන්ටත්) දැං හොදට හුරු පුරුදු වෙන්න ඕන..
උදාහරණය.
$sudo apt-get install package

ඔයාල පැකේජ් ‍තෝර ගනිද්දි 32bit නම් i386 ‍තෝරගන්න. 64bit එකනම් පාවිච්චි කරන්නෙ amd64 ‍තෝරගන්න..

කෝකටත් කලින් තමුන් පාවිච්චි කරන Ubuntu version එක බලා ගනිමු.
$lsb_release -a

එතකොට කර්නල් එකේ...
$uname -a

උබුන්‍ටු release කරන්නෙ සෑම  මාස හයකටම වතාවක්.. Lucid Lynx (10.04) කියන උබුන්‍ටු එක 2010 හතරවෙනි මාසෙ... බලන්න ඒක අදුරගන්න පුලුවන් නේද නම දිහා බැලුවම.. එතකොට උබුන්‍ටු Karmic Koala (9.10) එක බලන්න 2009.10මාසෙ තමයි Release වෙලා තියෙන්නේ.. දැනට තියෙන අලුත්ම Ubuntu 10.10 (Maverick Meerkat) එක 2010.10 මාසෙනම් අපිට පේනවා ඊලග එක Release වෙන්න තියෙන්නෙ 2011 අප්‍රේල් වල. තව කතන්දරයක් සමහර උබුන්‍ටු Version එනවනෙ LTS කියලා.. ඒ කියන්නේ Long Term Support කියන එක.. මේව ගොඩක් ස්ථායී වගෙම ගොඩක් හොද Version කියල අත්දැකීමෙන්ම කියන්න පුලුවන්..

ලිනක්ස් පාටිශන් ගැන ගොඩක් කතා කරල තියෙන නිසා ඒ ගැන ආයෙම කතා නොකර ඉමු.. නමුත් ඔයාල ලිනක්ස් වින්ඩෝස් දෙකම පාවිච්චි කරනවනම් ගොඩක් අය කරන්නෙ වින්ඩෝස් දාල ලිනක්ස් දාන එක නේද..එතනදි වින්ඩොස් දාද්දි ඕන විදිහට පාටිශන් කඩාගන්න කවුරුත් හොදටම දන්නවනෙ. ඉතින් ඕන විදිහට කඩාගන්න ලිනක්ස් දාන්න හිතාන ඉන්න් කොටස Free Space එකක් විදිහට තියන්න, ලිනක්ස් දාද්දි ඒ කොටස ‍තෝරල දෙන්න. ඒක අලුත් අයට ලේසි ක්‍රමයක්.. ඕන නම් වින්ඩොස් වලින් ලොග් වෙලා Administrstive tools වල Storage තොරල Free Space එකක් හදා ගන්න උනත් පුලුවන් නේ..

මේ දේවල් ගැන "ලිනක්ස් මුල සිටම" ලිපි වල ඉස්සරහට දීර්ඝව කතා කරන්නත් ඕන..තව වැදගත් දෙයක්..ගොඩක් අය දන්නෙ නෑ ලිනක්ස් දාල පස්සෙ වින්ඩොස් දැම්මම කොහොමද Boot loader එකට ලිනක්ස් ගන්නෙ කියන එක.. ගොඩක් වෙලාවට මේක වෙන්නෙ, අපි ලිනක්ස් පාවිච්චි කරනවා වින්ඩොසුත් දාගෙන.. ඔන්න ඉතින් කාලයක් යද්දි කොහෙන් හරි වයිරස් එකක් කඩා පාත් වෙලා විඩෝස් වලට කෙලවෙනවා.. ඔන්න වින්ඩෝස් Format කරල අලුතින් දාන්න වෙනවා, එතකොට ලිනක්ස් දුක් මහන්සියෙන් හදාගත්ත විතරයි.. කොහොමද අයෙ ලිනක්ස් බූට් කරගන්නෙ...?

ඒකට EasyBCD හරි BCD Edit වගෙ එකක් පාවිච්චි කරොත් ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවං. මෙන්න එකකට ලින්ක් එක
http://neosmart.net/dl.php?id=1

අදට මෙච්චරයි කතා කරන්න වෙන්නෙ. ඉතිරි හරිය ටික ට්ක අපි ඉගෙන ගනිමු.. අද මේක පටන් ගත්ත විතරයි නේ.. අපි අනික් ලිපි පෙලත් එක්ක සමගාමීව මේකත් ඇදගෙන යමු..එහෙනම් ආයෙ හමු වෙනකන් අපි ගියා..

Tuesday, March 15, 2011

ලිනක්ස් මුල සිටම 16 කොටස

අපේ කට්ටියට දැං නම් ලිනක්ස් සම්බන්දව සෑහෙන්න තරමේ දැනුමක් ලැබිල ඇති කියල මම උපකල්පනය කරනවා.. දැං දැං ලැබෙන ප්‍රතිචාර අඩු වෙන ගතියක් පේන්නෙ කට්ටියට මේවා තේරෙන්නේ නැති මට්ටමට ඇවිත්ද  කියලත් වෙලාවකට සැක හිතෙනවා.. මෙහෙමයි වින්ඩොස් OS දාගෙන අවාරෙට අඹ වැටෙනවා වගේ ලිනක්ස් වලින් ලොග් වෙනවනම් මේ ලියන ඒව ඔහේ කියවගෙන විතරක් යනවනම් තේරුමක් නෑ කොල්ලනේ.. පීනන්න ඕන නම් එන්න ඇවිත් වතුරට බහින්න.. බයවෙන්න එපා ගිලෙන්නේ නෑ..ඡන්දෙත් ටික ටික ලං වෙන නිසා මම හිතුව අද බල තල බෙදීම ගැන කතා කරන්න..

ලිනක්ස් පාවිච්චි කරද්දි අන්තර් ජංජාල කනෙක්ශන් එකක් නම් නැතුවම බෑ.. ඉතිං ඔයාලට මම කියන්නෙ ලිනක්ස් පාවිච්චි කරන් එන්න.. මොකක් හරි ප්‍රශ්නයක් ආවම පොඩ්ඩක් ජංජාලෙ හොයල බලන්න.. ෆෝරම්ස් කියවන්න.. හෙල්ප් ගයිඩ් කියවන්න.. ඔ‍ෆිශියල් ඩොකියුමන්ටේශන් එකක් හැම ලිනක්ස් කට්ටියක්ම පවත්වාගෙන යනවා. ඉතිං ඒවා කියවන්න.. අහල නැද්ද කියවීම මොකාද එකා සම්පූර්ණ කරයි කියලා.. (කියවනවා කියන්නේ මෙලෝ රහක් නැතිව එක එක්කෙනා එක්ක වල් පල් කියවන එක එහෙම නෙවෙයි..) කමක් නෑ අපිත් වල් පල් නවත්තල කතාවට බහිමු නේද?.. මේ කියන දේවල් වලින් සමහර විට ඔයාලට වැඩක් ගන්න බැරි වෙයි. ඒත් ලිනක්ස් පාවිච්චි කරද්දි අනිවා දැනගන්න ඕන සංකල්ප ටිකක් තමයි අපි ඉගෙන ගන්න හදන්නේ..

ලිනක්ස් වල User and Groups ගැන අපි පොඩ්ඩක් දැන කියා ගනිමු..
මොකක්ද මේ User accounts එකක් කියන්නේ ?
User accounts එකකින් තමය්යි system එකට ලොග් වෙන්න අපිට අවස්ට්ථාව ලබල දෙන්නේ.. ඒ ඇරුනම resources පාවිච්චි කරන්න පුලුවං සීමා මායිම් හදල දෙන්න.. එවා පාලනය කරන්න.. වෙන වෙන Users ලව පාලනය කරන්න, අලුතින් දාන්න... අරව මේවා දාහක් දේ කරන්න මේ User Accunts වලින් පුලුවං.. එහෙම නේද?

Groups කියල කියන්නේ Users ල එකතු කරල හදපු සෙට් එකක්..ගොඩක් වෙලාවට  administrative purposes  වලට තමයි මෙහෙම කරන්නේ.. හිතල බලන්න අපි ලොක්ක  වෙලා (Root)  අනික් උන්ට එක එක නීති සීමා මායිම් දාන්න වෙන වෙලාවල් එනවනේ.. එතකොට group එකක් හැදුවනම් ඔක්කොටම ලොට් එකේ නීති රීති ටික දාල අරින්න පුලුවන්..

මෙන්න මේකත් ටිකක් මතක තියාගන්න. ලිනක්ස් වල එක එක යුසර්ට user ID (UID) එකක් සහ group ID (GID) එකක් අංකයකින් දාල තියෙන්නෙ.. මේක ගොඩක් වෙලාවට automatically ම system  එකෙන්ම තමයි හදල දෙන්නෙ.. සමහර වෙලාවට අපිටත් දෙන්න සිද්ද වෙනවා..
ගොඩක්ම වැදගත් කාරණේ තමයි root ගෙ UID  එක 0 කියල මතක තියාගන්න.. අනික් අයට 1 ඉදල 500ක් උනත් ඕන නම් ඊට වඩා උනත් දෙන්න පුලුවං..

Users  දෙකොට්ටාශයක් ඉන්න පුලුවන්.. ඒ එයාලගෙ සාමාජිකත්වය අනුව..

01.)Primary group (also called the private group).

02.)Secondary groups.

කලින් එකනම් අපි යූසර් කෙනෙක් හදද්දි ඉබේම හැදෙන ගෲප් එක.. අනික අපි විහින්ම ගෲප් එකක් හදල දාන එක කියල ලාවට ලාවට දැනගත්තනම් ඇති..

මොනව උනත් අපි මේ කතා කරන හැම ගති ගුණ්යක්ම ලිනක්ස් යකාට ඇවිත් තියෙන්නේ උගෙ අප්ප වෙච්ච Unix ගෙන් කියලත් මතක තියාගන්නකෝ.. ලිනක්ස් වල ගොඩක් දේවල් වගේම User Database එකත් තියෙන්නෙ සරල text file එකක් විදිහට..
මේ රහස් ඔක්කොම වගේ තියෙන්නේ..
User files = /etc/passwd සහ
Group files = /etc/group කියන තැන..

මෙතන තියෙනව User names,Grops,Shells,Password වගෙ අතිශය වැදගත් සහ රහස්‍යය තොරතුරු ගොන්නක්ම.. හුටා කෙලිය නේද.. හිතුවද ඕන කෙනකුට මේක කියවන්න පුලුවන් කියල.. මතක නේ ලිනක්ස් කියන්නේ ආරක්ශිතම යකානේ.. ඒක නිසා එහෙම බෑ.. එයාලගෙ පාස්වර්ඩ් එහෙම ආරක්ශිතව දාල තියෙන්නෙ Shadow files කියල ජාතියක encrypt කරල කාටවත් හොරකන් කරන්න බැරිවෙන්න..
/etc/shadow කියන තැනයි /etc/gshadow කියන තැනයි මේව තියෙන්නේ.. root ලොක්කට විතරයි කියවන්න පුලුවන්.. අනික් අයට  හුලං තමයි..

user managment එක කරන්න GUI එකේ උනත් කරන්න පුලුවන්.. CLI එකේ මේක ටිකක් විතර මොලේ කොලොප්පං වෙන වැඩක්.. කොහොම උනත් මේක මගෑරලා යන්න මට හිතුනේම නෑ.. ඒ නිසා දැම්මා.. ඕන කෙනෙක් ඉන්නවනම් විතරක් වැඩක් ගන්න..
කමාන්ඩ් ටික දාගෙන යන්නම් විස්තරයකුත් එක්ක..

# useradd name
User කෙනෙක් එකතු කරන්න පුලුවන්.. name කිව්වෙ කැමති නමකට.. මෙයාගෙ Home directory එක  /home/username. කියන තැන ඉබේ හැදෙනවා..
උදාහරණ: #useradd pitawana
කියල ගැහුවම pitawana කියල User කෙනෙක් හදනවා..


#useradd -c 'text' name
User කෙනෙක් හදනවා text කියල කමෙන්ට් එකකුත් එක්ක.. උදාහරණය බලන්න..
useradd -c "For internet use only" pitawana මෙතන pitawana කියල account  එකක් හදනවා For internet use only කියල කමෙන්ට් එක එනවා..



#useradd -d path name
User කෙනෙක් හදනවා හැබැයි එයාගෙ home directory එක අපිට ඕන තැනයි දාන්නේ..
උදාහරණය: #useradd -d /tmpusr/pitawana pitawana
pitawana කියල User කෙනෙක් හදනවා.. /tmpusr/pitawana කියන තැන තමයි, home directory එක තියෙන්නෙ..


#useradd -u ID name
මේකෙන් පුලුවන් අපිට ඕන ID එකක් දාල User කෙනෙක් හදාගන්න..මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ එක්කෙනෙක්ගෙ දේවල් වලට තව කෙනකුටත් අයිති වෙන විදිහට account හදන්න ගියාම..
උදාහරණය: #useradd -u 789 pitawana තේරෙනවනේ මෙයාගෙ UID එක 789..


#usermod -l newname name 
මේක පාවිච්චි කරල අපිට ඉන්න User  කෙනෙක්ව Rename  කරගන්න පුලුවන්.. බැලු බැල්මට තේරෙනවනේ..
උදාහරණය: #usermod -l pitawana -d /home/pitawana -m sudaa මෙතනදි ගොඩක් වැඩ වෙලා.. බලන්න pitawana කියන එකවුන්ට් එක sudaa කියල rename වෙන ගමන් එයාගෙ home directory එකේ තිබුන සබ්බ සකලමනාවම sudaa කියන home directory එකටත් ගිහින්..

#userdel name
මේකනම් අමුතුවෙන් කියන්න ඕන නෑ.. user කෙනෙක්ව අයින් කරල දාන්න පුලුවන්.. හැබැයි එයාගෙ home directory එකනම් තියෙනවා..
උදාහරණ..#userdel pitawana මෙහෙම ගැහුවම පිටවාන යන්න යනවා..

#userdel -r name
මේක දුන්නම user උගෙ home directory  එකත් එක්කම යන්න යනවා..

මම දන්නෙනම් නෑ අද කියල දුන්න ඒවා කොයි තරම් දුරට ප්‍රයෝජනවත් ද කියන්න නම් මන් දන්නේ නෑ.. ඇත්තටම මේවයෙ බැලුවොත් ඇති මගුලකුත් නෑ.. අද පටන් ගත්ත බයිලාවෙ තව කොටස් දෙකක් තියෙනවා..Groups ගැනයි මේ ඔක්කොලගෙම පාස් වර්ඩ් පාලනය කරන එකයි. ඒ ටික දැන ගත්තම නීරස හරිය ඉවරයි.. ඊට පස්සෙ ඉවරයක් නෑ ඉතින්.. තව ටික දුරක් මේ විදිහට නීරස වෙයි.. අනේ මන්දා කවුරුත් මේවා කියවන්න කැමති වෙයිද කියලත් හිතෙනවා.. මගෙ බලා පොරොත්තුවක් තියෙනවා මේ බ්ලොග් එකට ලඟදිම ලොකු වෙනසක් කරන්න.. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

Sunday, March 13, 2011

ලිනක්ස් මුල සිටම 15 කොටස

අපි මේ වෙනකොට dpkg සහ rpm කට්ටිය ගැන කතා කරපු නිසා වැදගත් දෙයක් ගැන කතා කරන්න පුලුවන්.. ඒක මම මෙහෙම පටන් ගන්නම්.. මේ කියන කතාව හොදටම තේරෙන්න නම් ලිනක්ස් වල rpm එකක් හරි .deb එකක් හරි download කරල දාන්න උත්සාහ කරල තියෙන්න ඕන.. කොහොමද නිකන් චුයින්ගම් එකක් කටේ දාගත්ත වගේනේ.. ඔන්න A කියල එකක් දාන්න ගියාම ඌ කියනව මට B,C,D, නැතුව බෑ එයාලව කලින් දාන්න කියල.. දුක් විදල උන් හොයාගෙන දාන්න ගියාම කියනවා E නැතුව බෑ කියල.. ඌව දාන්න ගියාම තව එකක්.. තව එකක්... තව... තව.... තව එව්වා ඕන වෙනව.. ඔන්න ඔය වෙලාවට අපිට මල පැනල දමල ගහල වෙන දෙයක් බලා ගන්න හිතෙනවානේ...ඔය ප්‍රශ්නෙ එන්නෙ ලිනක්ස් වල dependency කතන්දරේ නිසා..

ඕක අපිට කලින් ලිනක්ස් පාවිච්චි කරපු උදවියට ආව, ඉතිං එව්වො අපි වගෙ දමල ගහල නිකං ඉන්නෙ නැතුව ඒකට විසඳුමක් හොයාගන්න ට්‍රයි කරාම  .deb කට්ටියට හොද විසඳුමක් ලැබුනා.. අද අපි ඉගෙන ගන්න යන්නෙ අන්න ඒක.. අපිටත් ගොඩක් වැදගත් දෙයක්..

ඉතිං deb කට්ටිය මේකට පොඩි ටූල් එකක් හැදුවා.. ඒක තමයි APT (Advanced Packaging Tool) කියන එක..ලිනක්ස් පොඩ්ඩක් හරි අතගාපු අයට මතක් වෙයි අර apt get install කිය කියා ටයිප් කරේ.. මේයා කරන්නෙ package අයිතිකාරයො ඒව දාල තියෙන තැන් ගැන Source List එකක් තියා ගන්න එක.. හිතන්න කලින් කතන්දරේ අපි A දාන්න ගියා කියල apt පාවිච්චි කරල.. අපි apt -get install pakagename කියල (පස්සෙ කමාන්ඩ් ටික දෙන්නම්.) දුන්නම ඌ කරන්නේ කලින් ලිපියක කියපු අර header එක කියවල ඕන කරන අනික් උන් ටික හොයා ගන්නවා.. එයාලනේ B,C,D,E..... කිය කිය කලින් උදාහරණේ කිව්වේ.. ඉතිං මූ ඇවිත් අපිට කියනවා "මචං A වැඩ කරන්න නම් මේ B,C,D,E... කිය කියා තව් සෙට් එකක් ඕන උන් ටිකත් දාන්නද කියලා.." අපිට තියෙන්නෙ මගෙ මොකෝ කියල හා කියන්න විතරයි.. මූ කොයි ලෝකෙන් හරි (Local machine එකෙන් හරි Local network එකෙන් හරි එහෙම නැත්තං ජංජාලෙට රිංගලා කොහෙ හරි FTP server එකක හරි කොහෙ හරි server එකකින් හරි ගෙනත් බානවා..) කට්ටිය ගෙනැත් දාල අපිට ඕන එකාව දාල දෙනවා.. මාරයි නේ..මේ apt එක කමාන්ඩ් ලයින් වල එකක් නේ.. එක පාවිච්චි කරල හදපු graphical එකක් තියෙනවා Synaptic package manager කියලා.. (උබුන්ටොලට මතකද?) ඉතිං අද කාලෙ ගොඩක් system වල මොකක් හරි ගැජට් එකක් එනවා ඔවා ලේසි කරන්න..software cener, software manager,software installer.... වගේ මොකක් හරි නමකින් ටූල් එකක් එනවාමයි..

.deb කට්ටිය apt එක හදාගත්තම ඒ විදිහට තව තව ටූල් ආව..mandrake linux ගෙ urpmi එක RedHat ගෙ yum එක ඒ වගේ ඒවා..

මේක ඇත්තටම ලිනක්ස් ලෝකෙ ලොකු විප්ලවයක් කිව්වත් හරි.. මේ නිසා තමයි අද අපිට ජංජාල කනෙක්ශන් එකක් එක්ක ලිනක්ස් සීඩී එකක් තිබුනම අනික් ඔක්කොම කරගන්න පුලුවන් කම ලැබිල තියෙන්නේ..

අපි කලිං කිව්ව source list එක තියෙන්නෙ /etc/apt කියන තැන.. ඕනනම් ගිහින් බලන්න රූට් අස්සෙ.. ඔන්න අපි මෙයාව පාවිච්චි කරන්න හදන්නෙ..

මෙතනදි මම මේකත් කියන්න ඕන. මේ කතා කරන්නෙ යන්තං වැඩ ගොඩ දාගන්න පුලුවන් වෙන තරමට මිසක් මේ ගැන හරියට කතා කරන්න නම් ලිපි 20ක් 30ක් වත් යයි.. අපි ඒ ගැන පස්සෙ වෙලාවක බලමුනේද..

දැනට අපි වැඩ ටික කර්ගන්න බලමු..

තියෙන ඔක්කොම පැකේජ් අප්ඩේට් කරමු..
# apt -get update
හරි
$ sudo apt -get update

අප්ග්‍රේඩ් කරමු...

# apt -get upgrade
හරි
$ sudo apt -get upgrade
මේ වෙලාවෙ මෙයා අලුතින් පැකේජ් නොදා අප්ග්‍රේඩ් කළ හැකි එවා විතරක් කරනවා..

මුලු Distribution එකම ඊලග Version එකට අප්ග්‍රේඩ් කරමු..

#apt -get dist -upgrade
හරි
$sudo apt -get -upgrade
ගහන්න.. මේක ටිකක් පරිස්සාමට කොරන්ඩෝ...මෙකට කියනවා ස්මාට් අප්ග්‍රේඩ් කියලත්.. මොකද මුලු system එකම ඊලඟ එකට අප්ග්‍රේඩ් කරන්වා..

මෙකේ තියෙන වාසිය තමයි, එකපාරකට එකක් හරි කිහිපයක් හරි උනත් ඉන්ස්ටොල් වෙන්න කියන්න පුලුවන් කම..(පෙලගස්සන්න පුලුවන්.. ඒත් ලිනක්ස් වල ඇත්තටම ඉන්ස්ටෝල් වෙන්නෙ එක වතාවකට එකයි)

පැකේජ් එකක් දාමු..
#apt-get install nautilus

     Reading Package Lists... Done
     Building Dependency Tree... Done
     The following extra packages will be installed:
       bonobo libmedusa0 libnautilus0
     The following NEW packages will be installed:
       bonobo libmedusa0 libnautilus0 nautilus
     0 packages upgraded, 4 newly installed, 0 to remove and 1  not upgraded.
     Need to get 8329kB of archives. After unpacking 17.2MB will be used.
     Do you want to continue? [Y/n] ඔන්න ඔහොමයි වෙන්නේ..


පැකේජ් එකක් අයින් කරමු...
#pt-get remove gnome-panel

     Reading Package Lists... Done
     Building Dependency Tree... Done
     The following packages will be REMOVED:
       gnome-applets gnome-panel gnome-panel-data gnome-session
     0 packages upgraded, 0 newly installed, 4 to remove and 1  not upgraded.
     Need to get 0B of archives. After unpacking 14.6MB will be freed.
     Do you want to continue? [Y/n] ඔන්න ඔහොමයි එන්නේ...

දැනට ඔය ටික කරල බලන්න.. මම මේ ඔක්කොම එකට සාරාංශ කරල දෙන්නම්..

APT Command = apt-get update

YUM Command = yum list
-------------------------------------------------------------------
APT Command = apt-get upgrade

YUM Command = yum update
-------------------------------------------------------------------
APT Command = apt-get dist-upgrade

YUM Command = yum update
-------------------------------------------------------------------
APT Command = apt-get dist-upgrade

YUM Command = yum upgrade
--------------------------------------------------------------------
APT Command = apt-get install package name

YUM Command = yum install package name
---------------------------------------------------------------------

Saturday, March 12, 2011

ලිනක්ස් මුල සිටම 14 කොටස

හුඟ දවසකින් අද තමයි ජංජාලෙ පැත්තෙ ආවෙත්..අපිට ඉතිං තව වෙන වෙන වැඩත් කප්පරක් තියෙනවනේ.. කාලෙකින් හරි කමක් නෑ.. නවත්තපු තැනින් අද පටන්ගනිමු.. ටාර් බෝලෙ කට්ටිය කොහොම දාගත්තද දන්නෙ නෑ.. අද නම් ලේසි දේවල් ටිකක් කියල දෙන්න හදන්නේ..Package Managers භාවිතා කරල කොහොමද ලේසි විදිහට වැඩ කරගන්නෙ කියල බලමු..

මොනවද මේ Package Manager කියල කියන්නේ..
ඒකත් එක software application එකක්. එයාට software අරගෙන installs and maintains කරන්න පුලුවං.. ඒ ඇරුනම එයා software information  වල
database එකක් පවත්වාගෙන යනවා..


ප්‍රධාන ජාති දෙකයි..
RPM සහ DPKG

ඉස්සරවෙලාම බලමු මේ Package Managers වල වාසිය මොකක් ද කියලා.. කොයි Package Manager ට උනත්  dependency සහ version ට්‍රැක් කරන්න පුලුවන්.. ඒක තමයි ලොකුම වාසිය.. මට මතක විදිහට පරණ ලිපියක කොහෙ හරි dependancy ගැන පොඩි විස්තරයක් ඇති.. මෙතන ආයෙ විස්තර කරන්න අමාරුයිනේ.. පොඩ්ඩක් ඒක බලන්න..එතකොට අනික් කාරණේ තමයි කොහොමද මෙයාල හැදිල තියෙන්නේ කියන එක..
මේ අයගෙ තියෙනවා header කියල කොටසක්.. මෙකෙ තමයි තියෙන්නේ මේ Package Manager ගෙ ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක..
නම.. version එක.. ඕන කරන dependencies ටික.. වගේම තව ඕන කරන අනික් විස්තර ටිකත් ඕක අස්සෙ දාල තියෙනවා..බැලු බැල්මට අපිට මේවා පේන්නේ නෑ කියලත් මතක තියාගන්න,

අපි දැනටම දන්නවනෙ Package Managers ප්‍රධාන ජාති දෙක.. rpm එකයි dpkg එකයි නේ.. අපි පොඩ්ඩක් උදාහරණයක් අරන් නමේ ඉඳල කෑලි කරගෙන යමු.. හිතන්න මන් ගාව
package-1.1.i386.rpm
කියල පැකේජ් එකක් තියෙනවා කියල.. ඕක කෑලි කරල බැලුවොත් package කියල කියන්නේ එයාගෙ නම.. ඒක අවුලක් නෑනේ.. එතකොට 1.1 කියල එන්නේ version එක..ඒකෙන් බලා ගන්න පුලුවන් මේක අලුත් ද පරණද අරකද මේකද හදන එකා විස්තර දාන්නෙත් ඔය version එකට අදාලවනේ.. හරි එතකොට i386 කියන්නේ මෙයා සපෝට් කරන  processor platfom එක.. මේ නම් ඉන්ටෙල් පවුලෙ එකක්.. මේක වෙනස් වෙන්න පුලුවන් 32 බිට් 64බිට්, amd වලට තව විදිහක් ඒ ගැන විස්තර වෙනමම දාන්න වෙනවා.. පස්සෙ බලමු.. ඔය මොකවත් නැතුව ඕක src කියල එන්නත් පුලුවං.. ඒකෙන් කියන්නේ source package එකක් කියන එක.. තව එක එක distribution එකට වෙනමම් හදපු එකක් නම් එකේ නමේ කෑල්ලකුත් තියෙන්න පුලුවං.. ඔන්න ඔහොමයි නමේ හැටි.. මේක ඩේබියන් පවුලේ එකක් නම් නමේ අන්තිමට .rpm වෙනුවට .deb කියල එනව..



අපි දැං පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරන්න බලමු.. මෙතනදි මම යමක් කියන්න ඕන.. මම rpm වලට විස්තර කරගෙන යන්නම්.
.deb වැඩ කරන්නෙත් ඒ විදිහටම තමයි.. එකත් දාන්නම්. තව එකක් root නැති කට්ටිය sudo කියලත් ගහන්න අමතක කරන්න එපා.. rpm එක root අස්සෙත් .deb එක එහෙම නැතිවත් දාන්නම්.. ඕන විදිහට ගලපල ගන්න.. අපි උදාහරණ දෙකක් ගනිමු..

world cup එකත් මතක් වෙන්න
iccworld.i386.rpm සහ iccworld.i386.deb කියල පැකේජ් දෙකක් ගනිමු.. මෙතන iccworld කිව්වෙ නිකංම නිකං කට කහනවට ගත්ත නමක් විතරයි..

rpm එක ඉන්ස්ටෝල් කරමු.
# rpm -i iccworld.i386.rpm

.deb එක  දාමු..
$ sudo dpkg - i iccworld.i386.deb

Uninstall කරමු..

# rpm -e iccworld.rpm

අනික...,

$ sudo dpkg -e iccworld.i386.deb

අපි මෙතන පාවිච්චි කරේ "i"  කියන switch එකනෙ ඉන්ස්ටොල් කරන්න.. හිතන්න අපි දැනට ඕකෙ පරන එක දාගෙන ඉන්නවා දැං අලුත් එක හම්බ උනා.. කොහොමද අරක අප්ඩේට් කරගන්නෙ කියලා..  එතකොට "i" වෙනුවට "U" හරි "F" හරි පාවිච්චි කරන්න..

rpm එක ඉන්ස්ටෝල් කරමු.
# rpm -U iccworld.i386.rpm

.deb එක  දාමු..
$ sudo dpkg - U iccworld.i386.deb

මතක තියාගන්න ඒ දෙකම කැපිටල්.. තව දෙයක් මේU සහ F අතරත් වෙනසක් තියෙනවා..

-U දැම්මාම එයා අප්ඩේට් කරනවා.. හිතන්න ඒ පැකේජ් එක නෑ කියල එතකොට අප්ඩේට් කරන්න එකක් නෑනෙ.. මේ යකා හිතනවා අපිට මේක ඕනමයි කියල එයාව ඉන්ස්ටෝල් කරල දානවා..

-F දැම්මම පරන එකක් නැත්තං කෙලින්ම කියනවා පරන එකක් නෑ කියල, නිකන් ඉන්නවා..

දැං ඔයාල නිකමට හරි පැකේජ් එකක් දාන්න ගියානම් ප්‍රශ්න වැලක් එන්න ඇති.. පොඩ්ඩක් ඉන්න ඔක්කොටම උත්තර දෙන්නම්.. අර කමාන්ඩ් ගහල දාන්න ගියාම ඒක ඉන්ස්ටොල් උනාද නැද්ද කියල හිතා ගන්න බැරි වෙන්න ඇති. මොකද progress එක වත් මොකවත් පේන්න නැති නිසා.. එකට අපි තව switches ටිකක් පාවිච්චි කරමු මේ විදිහට..

-v verbose
-h hashmarks (to show progress) උදා හරණයක් විදිහට

#rpm -ivh iccworld.i386.rpm

අනික
$sudo dpkg -ivh iccworld.i386.deb කියලා..

මේ v සහ h දෙන්නම F සහ U එක්කත් පාවිච්චි කොරන්ට පුලුවං..

දැං ඔයාල මොකක් හරි පැකේජ් එකක් හොයාගෙන ඉන්ස්ටොල් කරන්න ගියානම් ප්‍රශ්න ගොඩක් එන්න ඕන.. එහෙම තමයි ප්‍රශ්න එන්න එන්න තමයි ඉගෙන ගන්න් පුලුවන් වෙන්නේ.. ඔය ප්‍රශ්න ගොඩක් එව්වට උත්තර APT එක හරි YUM එක හරි ලඟ තියෙනවා.. ඊලඟ ලිපියෙන් අපි ඉගෙන ගන්න යන්නෙ ඒව ගැන... තව දෙයක් ඉන්ස්ටොල් කරපු ඒවා මොනවද, මොකක් හරි නමක් ගහල ඒක දැනට ඉන්ස්ටොල් කරලද තියෙන්නේ අරවද මේවද ඔක්කොම බලමු.. ට්‍රයි කරල බලන්න ප්‍රශ්න ආවම උත්තරත් නෙට් එකෙන් හොයන්න බලන්න, නැත්තං ඊලඟ ලිපිය එනකං බලන් ඉන්න. ඒකෙන් APT සහ YUM  දැන ගත්තම නිට්ටාවටම රෝග සුව වෙනවා..

Tuesday, March 8, 2011

ලිනක්ස් මුල සිටම 13 කොටස

ගියපාර ලිපියෙ නවත්තපු තැන ඉදල අද කතාව.. මතකයිනේ.. Tarball  ඉන්ස්ටෝල් කරල අනින්ස්ටෝලුත් කරලම තමයි අද නම් නවතින්නේ.. මේකට ගියපාර ලිපියෙ හැඳින්වීම 100%ක්ම සම්බන්දයි.. මෙන්න මේ වැදගත් කාරණා ටික Tarball  ගැන මතක් කරගත්තොත් හොදයි..

Compress කරපු විදිහ ඇරුනම ඕවා ජාති දෙකයිනේ..
 Source tarball සහ Binarry tarball නේ.. ඔකෙන් පලවෙනි එක ටිකක් අමාරුයි.. අපි ඒකෙන් පටන් ගනිමු.. Tarball format  වල හොදකම තමයි ඕනම ලිනක්ස් යකෙක් සපෝට් කරන එක..

අපි පියවර කිහිපයකට මේ කතන්දරේ ලඝු කර ගනිමු ලේසියට.. මේව ටික මම ආයෙම පැහැදිලිව කියන්නම්..

01.) ඉන්ස්ටෝල් කරන්න ඕන ටාර් බෝල් එකක් download කරගන්න..

02.) cd command එක පාවිච්චි කරල එක තියෙන තැනට (User home directory එකනම් වඩා හොදයි) යන්න..

03.)Fedora වගේ පාවිච්චි කරන root ගෙන් ලොග් වෙලා ඉන්න ඈයො මේ command නිකන්ම ගහගෙන යන්න.. Ubuntu,Kubuntu වගේ කට්ටිය root ගෙන් නෙවෙයිනම් ලොග් වෙලා ඉන්නේ, හැම command එකකටම කලින් sudo කියල ගහන්න අමතක කරන්න එපා.. rootගෙ බල තල ලැබෙන්නනම් sudo කියල මුලින් ආදරෙන් අමතන්න ඕන..

04.)දැං මෙයා දිගාරිමු
#ls
තියෙන ෆයිල් ටික බලාගත්තා.. tar එකත් හොයාගත්තා..
#tar -xvf NAME OF THE TAR BALL(මේක දිගාරින කමාන්ඩ් එක)
(අනික් අය $sudo tar -xvf NAME OF THE TAR BALL)
ඔන්න දිගෑරෙනවා..

05.) #ls  ගහන්න.. දැං පේනවා ඇති කලිං තිබුන බෝලෙ නමට directory එකක් හැදිලා.. තව තව එව්වත් හැදිලා..
එතන සමහරවිට තියෙන්න පුලුවං README  හරි INSTALL  කියල ෆයිල් දෙකක්.. තියෙනවනම් එවා කියවල ඒ අනුව වැඩ කරන්න.. නමුත් ගොඩක් වෙලාවට පල්ලේහා විදිහට තමයි කරන්නේ.. විශේෂ යමක් කරන්න උනොත් තමයි අරව අස්සේ උපදෙස් දාන්නේ..

06.)අලුතින් හැදුන බෝලෙ නමට තියෙන subdirectory එක අස්සට යන්න..
# ./configure  කියල ගහන්න (අනික් අය $sudo  ./configure  කියල)
system configuration  බලනවා පේනවා ඇති..

07.)# make
(අනික් අය sudo make)
ගහන්න..දැං ඔක්කොම කම්පයිල් වෙලා ඉන්ස්ටෝල් වෙන්න සුදානම් වෙනවා..

08.)# make install
 අනික් අය $ sudo make install
ගහන්න.. ඔන්න බබා වගේ ඉන්ස්ටෝල් වෙනවා පෙනෙයි..

මෙන්න මේ syntax එක මතක තියාගන්න..
tar option(s) filename

මේකේ Options ටික මෙහෙමයි..
-f Identifies the source as an archive file.

-x Extracts the files in the tarball.

-v Enables verbose mode to list files as they are extracted.

-z Unzips a file compressed with the gzip utility (check for the .gz extension in the file).

-j Unzips a file compressed with the bzip2 utility (check for the .bz2 extension in the file).

ඔය මොනව කිව්වත් කට්ටියට තේරුනේ නෑනේද? මම ටිකක් අමාරුවෙන් හොයාගත්ත වීඩියෝ එකක් දාන්නම්.. හැබැයි මේක මගෙ එකක් නම් නෙවෙයි.. කාගෙ උනත් මේක බැලුවම කතාව හොදට තේරෙයි..


මේ වීඩියෝ එක කීප වතාවක්ම හොදට බලල බලල ඔලුවට දාගන්න ට්‍රයි කරන්න... නොතේරුනත් දුක් වෙන්න එපා.. මේකෙ අන්තිමට තියෙනවා uninstall කරන විදිහත්... තව දෙයක් මේ පෙන්නුවෙ source tarball install කරන විදිහ නේ.. කම්පයිල් කරපු එකක් නම් අන්තිම පියවර කලහම ඉවරයි.. ඇත්තම කතාව මේකයි.. මෙව්වා තම්යි ඉන්ස්ටෝල් කරන්න අමාරුම.. අනික්වා නිකන්ම නිකන් ලේසියි.. හුදෙක් දැන ගැනීම සහ උත්සාහ කරන අය ඉන්නවනම් කරල බලන්න හරි හිතල තමයි  දැම්මේ.. මීට වඩා ලේසි විදි පැකේජ් මැනේජර් භාවිතා කරල බලමු..

Monday, March 7, 2011

ලිනක්ස් මුල සිටම 12 කොටස

ලිනක්ස් ගැන කියල දෙන්න ගත්තට මොකෝ මටත් හරි අමාරුයි කොහෙන් කොහොම පටන් ගන්නද කියලා.. මෙහෙමයි ඔක්කොම Background Stories කියල ඉවරවෙලා වැඩ වලට අත ගහන්න ගියොත් මේ ලිපි කියවන්න අන්තිමට දහ දෙනෙක් වත් ඉතිරි වෙන එකක් නෑ.. ඒක නිසා මම හිතුවා පහුගිය ලිපියෙන් කට්ටිය terminal එකටත් හුරු වුන නිසා steps කිහිපයක්ම පන්නලා software packages install කරන තැනට පැරශූට් එකෙන් පනින්න.. කියවන අයටනම් සතු‍ටු හිතුනට මගෙ හිතටනම් හරි නෑ.. කොහොහොම හරි කමක් නෑ අර මගහැරල ආව පියවරවල් ටිකත් අපි හෙමිහිට ඉගෙන ගනිමු.. කොහොමද වින්ඩෝස් වල ඕව කරන්නේ කියල අමුතුවෙන් ඉගෙනගන්න දෙයක්නම් නෑ නේද? අපි කවද්ද ඒ උනාට original OS and softwares පාවිච්චි කරේ නේද? කොහෙන් හරි මගුලක් හොයාගෙන double click කරල install කරල තව කාටහරි ඕන විදිහට පොට්ටේ crack කරපු එක නේ කලේ.. මටනම් වින්ඩොස් එපා උනේ අංක එක වයිරස් ප්‍රශ්නේ..ඊලඟට crack කරපු OS පාවිච්චි කරල update කරන්න අරව මේව කරන්න ගියහම එන ප්‍රශ්න.. අනික් අතට අපි නොදැනුවත්ව උනත් කරන්නේ හොරකමක් නේද කියලත් හිතෙනව.. මමත් වින්ඩෝස් XP ඉදල win7 වෙනකං Original OS එක එක  විදිහට crack කර කර පාවිච්චි කරා.. ඒත් මාස දෙකකට වතාවක්වත් format කරල system එක අලුතින් දාන්න වෙනවා මයි.. මුකුත් හිතන්න එපා මමත් තාම 100%ක්ම වින්ඩොස් වලින් ගැලවෙලා නෑ.. හැබැයි 98% විතරම පාවිච්චි කරන්නේ ලිනක්ස්.. ඉතිරි 2%න් කරන්නේ මොනවද කියල දැං අහන්න යන්න එපා.. පෙරවදන ඇතිනේ.. දැං බහිමු වැඩේට..

වින්ඩෝස් වලනම් ගොඩක්වෙලාවට හම්බවෙන්නේ exe filesනෙ, ඉතිං ලිනක්ස් වලනම් එහෙම එකක් කියල නෑ.. කලින් වගේම කතන්දරේ සරලවම පටන්ගමු.. සාම්ප්‍රධායික විදිහටනම් ලිනක්ස් වල ඔව්වා එන්නේ source code  එක විදිහට.. ඊට පස්සෙ අපි තමයි compile කර ගන්න ඕන installation process එකේම කොටසක් විදිහට.. ඒ ඉතිං කෝපි කාලේ.. වැඩකාරයන්ට අදටත් එහෙම ඕන නම් කරගන්න් පුලුවන්.. දැං එන්නේ ගොඩක් ඒව pre-compiled binary programs  විදිහට, package manager කෙනෙක් පාවිච්චි කරල ලේසියෙන්ම මෙයාලව ඔබාගන්න පුලුවං..(කලින් ලිපියක package manager ගැන කියල ඇති) හරි කමක් නෑ..ප්‍රධානම විදි දෙකක් අදුරගන්න පුලුවන් packages එන.. (තව ඒව නැතුවමත් නෙවෙයි..පස්සේ එවත් බලමු..)

01. Tarballs
මෙවා ඇත්තටම compress කරපු archive of files සෙට් එකක්, source code  එක විදිහට වෙන්නත් පුලුවන්, pre-compiled binary විදිහට වෙන්නත් පුලුවන්.. ගොඩක් වෙලාවට source code  තමයි.. extension එක දිහා බලල මේවා ආයෙම කොටස් තුනකට කඩාගන්න පුලුවන්..

a.)  .tar extension
b.) .gz extension  මෙයාල gzip utility එකෙන් තලපු කස්ටිය..
c.) .bz2 extension මෙයාල  bzip2 utility එකෙන් ..

කොහොම උනත් මගෙනම් වැඩිපුර ඇයි හොදයි කමක් මෙයාලත් එක්ක එච්චරටම නෑ..මොකද එච්චර ඕන උනේ නෑ..


02.Package managers


මෙන්න බුවාල..ප්‍රධාන කට්ටිය දෙගොල්ලයි..

a.)RPM--Red Hat Package Manager (.rpm extension)

b.)DPKG--Debian Package Manager (.deb extension)


මං හිතන්නේ ඔයාලට දැං අවබෝධයක් තියෙන්න ඕන තමුං පාවිච්චි කරන ලිනක්ස් පවුල අයිති කාටද කියල.. ඉතිං ඒ අනුව තමන්ට ඔට්‍ටු වෙන්න වෙන කෙනා කවුද කියල ඔයාලම අදුරගන්න ඕන..

අර කලින් කිව්ව Tarballs කට්ටියගෙ අවාසි ටිකක් තියෙනවා ඒවා මග හැරල හදපු මෙයාලගෙන් මෙන්න මේ වාසි තියෙනවා....

Software version number

දැනට ඉන්ස්ටෝල් කරල තියෙන එකේ Version එක database එකක තියන් ඉන්නේ.. අලුත් එකක් දාද්දි මැදින් පැනල අහනව මචෝ උඹ ගාව පරන එක තියෙනවා ඒක අප් ඩේට් කරන්නද කියලා...
නැත්තං පරණ එකක් දාන්න ගියාම අහනවා තොට පිස්සුද කියලා.. හික්..

Software release information

Installation date 

Dependency tracking (ensuring the appropriate software libraries and programs are present to run the software)ගොඩක් වැදගත් දෙයක්.. ඔයාල දන්නවනේ OS එක විතරක් තිබුනට මදිනේ, Software එකක් දුවන්න ඊට අදාල තව තව progs, libs, associations, අරව මෙව්වා ගොඩක් ඕන වෙනවනේ.. මතක නේ windows වල dotnetfx එහෙම දාපු කාලේ. ඉතිං ඒ වගේ ලිනක්ස් වල ඒවට කියන්නේ Dependencies කියල.. ටාර් බෝල් දාන්න ගියාම වෙන වාතේ තමයි එව්වා වෙනම දාන්න වෙන එක.. package manager එකක් පාවිච්චි කරාම ඌ ඒව හොයල දාගන්නවා අයෙ අපි දුක් විදින්න ඕන නෑ..


හදිස්සියෙ ලැබුන විවේකයක තමයි ලිව්වෙ.. මෙයල install කරන විදිහ ඊලග ලිපියෙන් බලමු.. ලිපියෙන් කිව්වට ලිපි 4ක් 5ක් වත් යයි ඉවර කරගන්න.. එතකොට අපිට කලින් මග හැරුන ගොඩක් වැදගත් කොටසක් මෙකේ අන්තිමට දාන්නම්..


හැම ලිපියකින්ම වගේ මග හැරුන ලිනක්ස් file system එක ගැන කතාව. හැමදාම වගේ අපි අදත් පොඩි තැනින්ම පටන්ගනිමු.. එහෙම හොදයි නේ.. කතා කරන්න පටාන් ගන්නකොටම ප්‍රශ්නයක් නේද?

මොකක්දමේ මහලොකු file system එකක් කියන්නේ?

ඇත්තටම file system එකක් කියන්නේ කම්පියුටර් එකක් එයාගේ file සෙට් එක ගබඩා කරල තියාගන්න ක්‍රමයට කියල අපිට සරලව කියන්න පුලුවං.

ඉතිං ඔය කියන කතන්දරේ ගොඩක් ලොකු මාතෘකාවක් නිසා අපිට සමහර සමහර අමතර කාරනා අතහැරල තමයි කතා කරන්න වෙන්නේ.. හිතල බලන්න file system භාවිතා වෙන තැං අනුව වෙනස් වෙනවනේ..

HDD,CD,DVD,Network අරවා මේවා කීයක්නම්ද?
අපි ඔතනින් Disk file systems වලට විතරක් අදට කතාව කරගෙන යමු.. ඒකෙනුත් ලිනක්ස් වලට අදාලව..

ඉතිහාසෙ ගැනත් වැඩිපුර කතා කරන්න වෙන එකක් නෑ, මට පරන ලිපි බැලුවම හිතෙනවා ස්මහර තැංවල මම ඕන නැති කතන්දර කියල වැඩිත් වගේ කියලා.. Disk file systems නම් ගොඩක් තියෙනව්නේ..  FAT (FAT12, FAT16, FAT32, exFAT), NTFS, HFS and HFS+, HPFS, UFS, ext2, ext3, ext4, btrfs, ISO 9660, ODS-5, Veritas File System, VMFS, ZFS, ReiserFS and UDF නාල වරෙන්කො.. ඔය ඔක්කොම ගැන කතා කරන්න ගියොත් වෙන දේ අයේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..
සාමාන්‍යයෙන් ලිනක්ස් filesystem ගොඩකට සප් එක දුන්නට ext කියන සෙට් එක තමයි idle ඉතිං අපි එයාල ගැන දැන ගනිමු.. එක අතකට මෙව්වා ගැන දැන ගත්ත කියල වැඩකුත් නෑ, තනිකරම වාගෙ කතන්දර ගොඩක් තමයි. කෝකටත් කියල බලමු මේ ext කියන්නේ කවුද කියලා.

ext කියන්නේ Extended file system කියන එක කෙටි කරලා. 1992 විතර තමයි මේක භාවිතයට ඇවිත් තියෙන්නේ.. ලිනක්ස් වලටම කියල වෙනමම හදපු එකක්..  Unix File System (UFS) කියන එකටයි Minix file system එකටයි විකල්පයක් විදිහට ඒවගෙ අඩුපාඩුත් මකාගෙන තමයි ext ආවෙ.. Xiafs කියන එක තමයි මෙයාගෙ ලොකුම තරගකාරයා.. ඒ Minix වල එකක්.. ඒක නම් මං දන්න තරමින් යල් පැනල ගිහිං..

ඔන්න ඉතිං ලිනක්ස් දවසින් දවස දියුණු වෙන එකේ ඊලගට ආව මෙයාගේ දෙවෙනි පරම්පරාව.. ext2 කියන්නේ එයා. second extended filesystem කියල තමයි සම්පූර්න තේරුම.. මේකනම් Debian and Red Hat Linux ගොඩක් Linux distributions වල default filesystem එක විදිහට ආවා..

ඊට පස්සේ එයවත් කපාගෙන  ext3 or third extended filesystem කියන එක ආවා.. මේක අරිට වඩා දියුණුයි.. මම ගොඩාක් වැඩි විස්තර දාන්න යන්නෙ නෑ. කොහොම හරි මේක ගොඩක් ප්‍රචලිත උනා.. වාසිය තමයි කලින් එක මේකට කෙලින්ම අප්ග්‍රේඩ් කරන්න පුලුවන් වුන එක..

 ext4 or fourth extended filesystem එනවා 2008 විතර.. මේක තම්යි සාර්තකම..(අනික්වා අසාර්තක නෑ කියලත් මතක තියාගන්න) මෙයා storage limits කඩාබිඳ දාල performance  ගොඩක් වැඩි කරගත්ත කෙනෙක්..

මේක ගැන දැනට ඔය ඇති කියලයි මට හිතෙන්නේ..
ඊලග ලිපියෙන් මම බලා පොරොත්තු වෙනව ටාර් බෝලෙත් එක්ක ඔට්‍ටුවෙන්න.. නිට්ටාවටම ඒක සුව කරගෙන RPM වලටයි DPKG එකටයි යමු.. එතකොට දෙය්යනේ කියල ගොඩක් දේවල් කරගන්න ඔයාලට පුලුවන් වෙයි..

Saturday, March 5, 2011

ලිනක්ස් මුල සිටම 11 කොටස

ගියපාර ලිපියෙන් Shell ගැන අඳුරගත්තනේ.. දැං ෂෙල් වෙඩි වගේ ෂෙල් වලින් වැඩගන්න තමයි හදන්නේ.. මුලින්ම කියන්න ඕන මේ දේවල්නම් නිකන් කියවගෙන ගියාටම වැඩක් නෑ, ලිනක්ස් දාගෙන ඒවා කරලම බලන්න ඕන. නැත්තන් නිකන් අර තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්තා වගේ වෙනවා..

මෙතනින් එහාට ලියවෙන දේවල් ප්‍රායෝගිකවම අත් විඳලම බලන්න ඕන.. එතකොට තමයි හරියට ඔලුවට යන්නේ.. මුලින්ම සරල command ගහල පුරුදුවෙලා ලොකු ලොකු වැඩ කරන්න පස්සේ යමුකෝ.. (තව දෙයක් කියන්න ඕන ලිනක්ස් වල file  format එක් ගැන කතා කරන්න මුල ඉදලම මගහැරුනා, අර ext,ext2,ext3,ext4... කියන රචනාව.ඒකත් Comming Soon....)

ලිනක්ස් වල command ගහන්නේ කොහොමද කියන එකනම් අමුතුවෙන් කියන්නත් ඕන නෑ මං හිතන්නේ.. terminal එකක් ඕපන් කරගෙන හරි ලොකු වැඩ කාරයෙක් නම් Graphical mode නැතුව ලොග් වෙලා හරි පුලුවං.. එක එක Linux Distribution වල එක එක terminals තියෙන්න පුලුවන්.. එකක් හරි කිහිපයක් හරි.. ඕකත් ඉතිං ලිනක්ස් යකාගේ පොඩි කෑල්ලක් විතරයිනේ. මතක නැතිනම් කලින් ලිපි පොඩ්ඩක් බලන්න ඒවයෙ  තියෙන concepts ගොඩක් වැදගත්.

කමක් නෑ කොහොම හරි terminal එකේ # මාක් එක වැටිලනම් තියෙන්නේ ඔයා ලොග් වෙලා ඉන්නේ root user විදිහට සම්පූර්ණ බලතල සහිතව, fedora එහෙම පාවිච්චි කරන අය හුරේ දායි.. $ මාක් එකනම් වැටිල තියෙන්නේ ඔයා ඉන්නේ root විදිහටනම් නෙවෙයි.. Ubuntu පාවිච්චි කරන අයට පේනවා ඇති.. දැං ඉතිං අප්සට් හා අපිට සම්පූර්ණ බල තල නෑනෙ කියල.. කලබල වෙන්න එපා Ubuntu පාවිච්චි කරන අය root විදිහට ලොග් නොවුනට එයාලට ඕන කරන බලතල ඔක්කොම වගේ දීල තියෙන්නේ.. එයාල root විදිහට අපිට ලොග් වෙන්න නොදෙන්නෙත් අපේම හොඳට, මොකද root විදිහට ගිහින් පිස්සු කෙලියොත් system එක චකබ්ලාස්ට් වෙනකන් දන්නේ නෑ.. ඕන නම් ඔය root unlock කරගන්නත් පුලුවං.. ඕන උනොත් පස්සෙ කරමු..
මම type කරන්න ඕන command ටික # මාක් එකට පස්සෙ හරි $ මාක් එකට පස්සෙ දාන්නම්.. ඉතිං  ඔය මාක් දෙකම නොදා Type  කරන්න..
කෝකටත් කියල Terminal එකක් ඕපන් කරන් පහල තියෙන එවා ගහල බලන්නකෝ..

# date
හරිම සරලයි, දවස බලාගන්න පුලුවං..

# whoami
ඔයා ලොග් වෙලා ඉන්නෙ කවුරු විදිහටද කියල පෙන්නයි..

# pwd
ගොඩක් වැදගත් එකක්,  Print Working Directory කියන එක තමයි කෙටි කරල තියෙන්නේ.. මෙකෙන් ඇත්තටම බලා ගන්න පුලුවං "මම කොහෙද මේ ඉන්නේ? '' කියන එක..

# cd
තවත් වැදගත් එකක් Change Directory කියන එක තමයි කෙටි කරල තියෙන්නේ.. උදා හරණයක් විදිහට # cd /home/username කියල ගැහුවම පාත් එකට අනුව තියෙන තැනට යනවා.. ඊලග command  එකෙන් පස්සේ මෙක පාවිච්චි කරන්න ලේසි වෙනවා..

#ls
listing කියන එක තමයි මේ.. windows වල dir command එකට සමානයි..තමුන් දැං ඉන්න directory එකේ තියෙන හැංගිලා නැති ඔක්කොම ජාති පෙන්නනවා.. ගහල බලන්න පාට පාට මාර ජාති.. පාට පාටින් ඕව පෙන්නන්නේ තේරුමක් ඇතිව, එක පාටකට එක තේරුමක් තියෙනවා.

#ls -l
long listing කියන එක තමයි තේරුම.. කලින් එකේදි පෙන්නුවේ එක ගොඩේනෙ. දැං එහෙම නෑ. අර -rw-rw-r-x වගේ පෙන්නන notation ගැන එච්චර හිතන්න යන්න එපා.. පස්සෙ කියල දෙන්නම්.. විස්තර ගොඩක් පැහැදිලිව බලා ගන්න පුලුවන්නේ..

#ls -a
ඔය කලින් කියපු දෙකේදිම පෙන්නන්නේ හැංගිලා නැති එවා කිව්වනේ.. මෙන්න මේකෙන් තමයි ඔක්කොම උන් අල්ල ගන්න පුලුවං..ඒත් එක ගොඩේ නේද පේන්නේ. ට්‍රයි කරමු switches දෙකම එකපාර දෙන්න..

# ls -la
එහෙම නැත්තං ls -al කිව්වත් හරි.. බලන්න කලින් පියවර වල පාවිච්චි කරපු switches දෙකම අපි එකපාර පාවිච්චි කරපු හැටි.. -a කියන එකත් -l කියන එකත් එකපාර ගත්තා.. දැං hidden and non hidden files ඔක්කොම පිලිවෙලට පෙන්නන හැටි බලන්න..

මෙන්න මෙතනදිම තව වැදගත් දෙයක් ඔයාලට කියන්න ඕන බලන්න හැංගිච්චා  ඔක්කොම පෙන්නන්නේ .filename කියලනේ.. ඩොට් එකක් ඊට පස්සෙ නම උදා: leaf කියන එක හැංගිලානම් තියෙන්නේ ඒක අර කෝඩ් එක ගැහුවම පෙන්නනෙ .leaf කියල නේද.. ඔන්න අපිට ගොඩක් වැදගත් දෙයක්.. මොකද අපේ file හංගන්න වෙන වෙලාවලුත් තියෙනවනේ.. ඕක වින්ඩෝස් වල කරන්නේ attribute එකක් විදිහට.. ඒ කියන්නේ වින්ඩෝස්ල හන්ගන්නේ attribute එක මාරු කරනවා hidden කියල.. එතකොට attrib -h කියන කෝඩ් එකෙන් ඒව බලා ගන්න පුලුවන් කියල කට්ටිය දන්නවනේ.. ලිනක්ස් වල හන්ගන්නනම් file name එකට කලින් ඩොට් එකක් දාන්න එච්චරයි..

cd ගැන තව දුරටත් ටිකක් වෙනමම කතා කරමු..

# cd /path
මෙන්න අර කලින් ලිපියක කියපු absolute path බයිලාව.. මෙහෙම ගැහුවම current working  directory දිලා තියෙන පාත් එකට root ගෙ ඉදන් identifie කරගන්නවා..

#cd path
current working directory එකේ ඉදල තමයි පල්ලට යන්නේ.. මේක තමයි relative path එක..

#cd ..
එක ලෙවල් එකක් උඩට යන්න පුලුවන්.. දෙකක් යන්න ඕන නම් cd ../..  ඒ විදිහට  තුනක් ඕන නම් හදල ගන්න..

#cd
#cd ~
මෙන්න මේ දෙකෙන් කෝක ගැහුවත් user's home directory එකට බුග් ගාල පනින්න පුලුවං එක පාරම..

ඔන්න දැං ඉතිං  Home work ගෙදර වැඩ තමයි.. ඔන්න ඔය කියපු command ටික හොදට පුරුදුවෙලා එන්න.. එල කිරි වගේ..මේ වගේ පොඩි පොඩි කමාන්ඩ් වලින් පටන් අරගෙන පැකේජ් ගලවල, අමුතුවෙන් දාල, කර්නල් එක පවා මාරු කරන්න අපි හෙමිහිට ඉගෙන ගනිමු..
 linux file format එක ගැන ඊලග එකෙන් බලන්න වෙනවා.මොකද දැනටමත් මේ ලිපිය හිතුවට වඩා ගොඩක් දිග වෙලානේ.. තව ඉගෙන ගන්න දේවල් එහෙමමයි.. මෙච්චර දවස් ලිපි ටික නිකන් කියව කියව විතරක් හිටියනම් දැං ඉතිං කම්මැලි කඩලා ලිනක්ස් දාගෙන වැඩ පටන් ගන්න හොද වෙලාව... ආ..

ඊලඟ ලිපියෙන් හමු වෙමු.. (Practice කරන්න අමතක කරන්න එපා. නැත්තං පස්සෙ අමාරු වෙනවා..)

Wednesday, March 2, 2011

ලිනක්ස් මුල සිටම 10 කොටස

ලිනක්ස් පාටිශන් සහ ෆෝමැට් ගැන වැඩි දුරටත් ඉදිරියේදි සාකච්චා කරන්න ඕන. ඒත් එකම දේ කතා  කර කර ඉන්න එකත් නීරස නිසා අපි පියවරක් ඉස්සරහට යමු.. අද කතා කරන්න හදන්නේ ඇත්තටම ලිනක්ස් වල කතා නොකරම බැරි වැදගත් මාතෘකාවක් ගැන..shell කියන ජාතිය තමයි අද කතාව, ඇත්තටම ලිනක්ස් යකාව බැදගෙන අපිට ඕන ඕන විදිහට වැඩ කරන්න නම් මෙවා ගැන හොදට දැන ගන්න ඕන.. ඉතිං අපි සරලව තේරුම් ගන්න බලමු මේ shell ගැනත්..

මොනවද මේ shell කියන්නේ ඇත්තටම..?
Shell  කියල කියන්නේ  user  සහ operating system එක අතර අතුරු මුහුනතක් කියල කිව්වොත් හරි.. ඉතිං ඔය කියන එකා පාවිච්චි කරල   users  ලට වගේම programs වලට kernel එකට අණ දෙන්න පුලුවං.. kernel එක ලිනක්ස් වල හදවතනම් ඌව පාලනය කරන්න Shell පාවිච්චි කරල පුලුවන්නම් වැදගත් කම ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. අණ දෙනවා කිව්වම ටිකක් අවුල් වගේ නම් kernel එකට Commands යවනවා කිව්වාම තේරෙයි.. මේක ඉතිං graphical interface තියෙන prog. වලින් වගේම CLI ටැලිපෝං එකේ CLI නෙවෙයි Command line interfaces කියන එව්වයිනුත් කරනවා.. අපි  system එක පාවිච්චි කරද්දි නිතරම වගේ එක එක Prog. වලින්  අපිට නොතේරුනාට සිද්ධවෙන ක්‍රියාවලියක් තමයි ඔය.. මේක මෙහෙම කිව්වට පලවෙනි වතාවට අහන කෙනකුට පොඩ්ඩක් අවුල් වගේ නම් DOS වල command interpreter එක මතක් කරගත්තනම් හරි.. DOS prompt  එක ඕපන් කරන් එක එක කෝඩ් ගහල වැඩ ගන්නවා වගේම ලිනක්ස් වල terminal session  එකක් අරගෙන ඊටත් වඩා වැඩ ගන්න පුලුවං.

කොහොම කොහොම හරි දැං දැං ගොඩක් ලිනක්ස් OS වල Grapical user interface එකටත් වැඩි අවදානයක් යොමු කරල තියෙන නිසා, system එක පාලනය කරන්න පුලුවන් පොඩි පොඩි Utilities දාල් එවන නිසා command පාවිච්චි කරන්නෙ නැතුව පහසුවෙන් වැඩ ටික කරගන්න පුලුවං.. ඒත් ඉතිං ලිනක්ස් යකගෙ බෙල්ල මුලිං අල්ලල වැඩ  පෙන්නන්න නම් Shell සහ commands ගැන දැන ගන්න එක හොදයි..
ඔය කියපු Graphical utilities ජාති Distributions එකින් එකට වෙනස් වෙන්න පුලුවං.. ඒක ඉතිං ලිනක්ස් OS කිහිපයක් ඔට්‍ටු වෙච්ච අය දන්නවා ඇති.. ඒත් ඉතිං commands වල හොඳ කම තමයි ගොඩාක් වෙලාවට එකම  තමයි යෙදෙන්නේ.

අපි මේ ඔට්‍ටු වෙන Shell  මූලික වශයෙන් ජාති දෙකකින් එනවා..
01.Bourne shells
Steve Bourne කියන හාදයා Unix වලට හදාපු ජාතියක් ඒ නිසාම  syntax and conventions ටික  UNIX shell වලට ගොඩාක් සමානයි..sh  කියන එක තමයි ඔරිමජිනල් එක.. ඒත් ඉතිං නිකං ඉන්න බැරි උං එකතුවෙලා ඕක දියුනු කරල හදල තියෙනවා bash shell (Bourne-again shell) කියල ජාතියක්.. (නොතේරුනාට එහෙම කලබල වෙන්න එපා ඉස්සරහට යමු.. එතකොට වංගු දිගෑරිල එයි) ඉතිං ඔය කිව්ව අලුත් ජාතිය තමයි ගොඩක් Linux Distributions වල තියෙන්නෙ.

02.C-shells දෙවෙනි ජාතිය.. මේකෙ  syntax  ගොඩාක් දුරට  C programming language එකේ ඒවට සමානයි.. මෙකත් එක එක්කෙනා දියුනු කරල tcsh, zsh, and ksh වගේ Powerful ඒවා හදල තියෙනවා

ලිනක්ස් වල අනික් හැමදේම වගේම shells කියන්නේත් තව එක කෑල්ලක් විතරයි.. ඉතිං තම තමන්ට හොදයි කියල හිතෙන එකක් හරි කිහිපයක් හරි ඉන්ස්ටෝල් කරගෙන වැඩ දන්න කාගෙන්වත් තහනමක් නෑ..

/etc/shells කියන තැන තමයි මෙයාල ඉන්නෙ කියලත් මේ ගන්මන්ම මතක තියාගන්න..

තව ටිකක් ඉස්සරහට ගියොත් මෙයාලට පොඩුවෙච්ච කාරණා ටිකක් තියෙනව..
01.ඔය කොයිකත් kernel එකත් එක්ක interfaces වෙනවා.. ඒත් එයාගෙන් ස්වායක්තයි/ස්වාදීනයි..
02.Users ලට shell's commands පාවිච්චි කරල එයාලවත් customize කරන්න උනත් පුලුවං..
03.Shells User ගෙ අනුදැනුමක් ඇතුව එයා විසින්  interactively  හරි එයාගෙ අනුදැනුමකින් තොරව system. එකෙන් උනත් භාවිතා වෙන්න පුලුවන්
මට හිතෙන්නේ එයාල ගැන දැනට ඇති කියලා.. කොහොම උනත් අපි ඉදිරි ලිපි වලින් එයාල පාවිච්චි කරල commands execute කරන්න ඉගෙන ගනිමු..

කොහොම කොහොම හරි මෙයාල පාවිච්චි කරද්දි මෙන්න මේටික මතක තියාගත්තොත් ඔයාලට පහසුවක් වෙයි..

01.commands ගහන්න ඕන command + switches + options කියන පිලිවෙලට.. (පාවිච්චි කරද්දි තේරෙයි..)
02.screen එක clear කරන්න clear කියන command  එක පාවිච්චි කරන්න..
03.command එකේ බාගයක් ගහල ටැබ් එක ගැහුවම ආසන්නම command එක auto එනවා.. ඒක නෙවෙයි නම් ඕන ආයෙම ටැබ් එක ගහන්න එතකොට ඊලඟ එක එනවා.. CCNA එහෙම කරල Cisco router එක්ක ඔට්‍ටු වුන අයටනම් පුරුදු ඇති.. (දුක් වෙන්න එපා අපිත් එව්වත් එක්ක ඔට්‍ටු වෙමු මේ Blog එකෙන්ම..)
04.මීට කලින් ගහපු command ආයෙ ගහන්න ඕන උනාම ටයිප් කර කර ඉන්න ඕන නෑ.. Arrow keys පාවිච්චි කරල පරන කොමාන්ඩ්ස් ආයේ ගන්න පුලුවං..
දැං දැං ටික ටික අමුතු මාතෘකා තමයි කතා කරන්න වෙලා තියෙන්නේ. මොනව කරන්නද ලිනක්ස් මුල සිටමනේ.. (පුහ්..) හරි කමක් නෑ මේ කියන එව්වා පුලුවන් තරම් හොදට තේරුම් ගන්න බලන්න.. මේ කතන්දර තේරෙන්නත් ටිකක් computer එක්ක ඔට්‍ටු වෙලා තියෙන්න ඕන.. බය වෙන්නත් එපා..විවෘත මනසකින් බලපුවහම නොතේරෙන දෙයක් මේ ලෝකේ නෑ.. මම ගැනත් කිව්වොත් ආඩම්බරයි කියන්න මම කිසිම Computer course එකක් කරල නෑ.. Linux, Windows, Ms Office තියා කිසිම එකක් පංති ගිහින් ඉගෙන ගෙන නෑ.. Linux course එකක් කරන්න නම් ගොඩක් ආසාවෙන් හිටියා ඒත් ලංකාවෙ කරන්න හරියට තැනක් නෑ.. අතේ සල්ලිත් නෑ.. ඉතිං එහෙම කියල අතෑරියෙත් නෑ අතාරින්නෙත් නෑ.. මම දැනට පූර්ණ කාලිනව විද්‍යුත් හා විදුලිසංදේශ ඉංජිනේරු විද්‍යාව හදාරනවා, නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න ඉංජිනේරු තාක්ශන ආයතනයේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IET and IESL).  ඒත් මේවා ඒවයින් ඉගෙන ගත්ත ඒවත් නෙවෙයි.. හරියටම කියන්න බෑ මෙන්න මේකෙන් කියල.. අඩුම තරමේ මේ මෑතක් වෙනකන් මටම කියල Computer එකක් තිබුනෙත් නෑ.. ඕනෑකමයි කැප කිරීමයි තියෙනවනම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ..

මම මේ දේවල් කිව්වෙ මගෙ පම්පෝරියට නෙවෙයි මේ මාතෘකා නොතේරුනා කියල වැඩේ අතාරින එක එපා කියන්න..( මේ දේවල් වලට අලුත් අයට විතරයි අදාල) තව දෙයක් කියන්න ඕන ලිනක්ස් විතරක්ම අල්ලගෙන මේ බ්ලොග් එක පුරවන්න මගෙ අදහසක් නෑ.. මේ එක්කම තව ආස හිතෙන මාතෘකා ටිකකටත් අත ගහන්නයි කල්පනාව..

හරි අතුරු කතා ඇති.. ලිනක්ස් ගැන කතා කරද්දි තව ගොඩක් වැදගත් මාතෘකාවකට බහිමු..
File Paths..
වින්ඩෝස් වල වගේ නෙවෙයි මේක ටිකක් අමුතු දෙයක්.. මොකක්ද මේ Path එකක් කියන්නේ.. තේරෙන විදිහට කිව්වොත් මොකක් හරි object එකක් file or folder or whatever  file system එකේ තියෙන තැන තමයි..
එතකොට තවත් වැදගත් දෙයක් තමයි මේ PATH variable කියල කියන්නෙත්.. PATH variable එක තමයි command execute කරද්දි directories list එක ගබඩා කරගෙන ඉදල  absolute or relative path භවිතා නොකර path එක දෙන්නෙ..( බර වැඩිද මන්දා)

මේකම්නම් අනිවා තේරෙනවා.. Working Directory ඒ කියන්නෙ අපි terminal එකේ හරි මොකේ හරි කොමාන්ඩ් ගහද්දි දැනට අපි ඉන්න directory එක කියන එක..
මතක තියගන්න pwd කියන කොමාන්ඩ් එකෙන් ඒක බලා ගන්න පුලුවං.. ලිනක්ස් වලනම් ඉන්නේ බල බලා ඉන්නෙ නැතුව දැංම terminal එකක් ඇරල ඕක ගහල බලන්න..
මොනව මොනව  කිව්වත් වින්ඩොස් වල වගේ නෙවෙයි ලිනක්ස් වල path ජාති දෙකක් තියෙනවා..

01Absolute path ඒ කියන්නේ root (/)  ගේ ඉදලම මොකක් හරි file or directory එකකට තියෙන ෆුල් පාත් එක..
උදාහරනයක් විදිහට hdw1 කියල මොකක් හරි device එකක් තියෙනවා කියල හිතමු.. /dev/tty1 කියන්නේ එයාගෙ Absolute path එක.. තව උදාහරනයක් කිව්වොත් /usr/X11R6/lib  කියල කියන්නෙ X Windows components තියෙන  libraries  සෙට් එකේ  Absolute path එක..

02.Relative path
අපේ current location එකට සාපේක්ශව directory tree  එකේ අපි ඉන්න තැන.. තේරුනේ නෑනේ.. මටත් කියන්න තේරෙන්නේ නෑ.. හික්.. උදාහරනයකින් තේරුම් ගන්න බලමු.. හිතන්න අපි දැං ඉන්නේ  /usr/X11R6/lib කියන එකේ කියලා එතකොට ඒකෙ තියෙනවනම් test කියල ෆයිල් එකක් එයාගෙ පාත් එකේ perent directory එක විදිහට ගන්නේ  /usr/X11R6/lib කියන එක මිසක් rootගෙ ඉදල එන මුලු පාත් එකම නෙවෙයි.. මේකෙ වාසිය තමයි working directry  එක විදිහට root ගෙ ඉදලම නොගන්න නිසා virus, trojens ලට root එකටම ක්‍රියා කරන්න බැරි වෙන එක.. කොටින්ම මෙහෙම දෙයක් තියෙනවා ඒ ආරක්ශක පියවරක් විදිහට කියල මතක තිය ගත්තනම් ඇති..

නරක දෙයක් කිව්වනම් සමාවෙන්න ඕන මම මේ හැමදේම කියන්න උත්සාහ කරන්නේ ලිපි පෙල අස්ම්පූර්න විදිහට පෙල ගැහෙන එක වලක්වන්න ඕන ඕන අයට අමතර කාරනා අයින් කරල අවශ්‍යයම ටික තේරුම් ගත්තට මගෙනම් තරහක් නෑ.. ට්‍රයි කරල බලන්න,,

ලිනක්ස් මුල සිටම 09 කොටස

පහුගිය ලිපියෙන් වෙච්ච පොරොන්දුව ඉශ්ඨ කරන්න තමයි අද හදන්නේ..
hda1,hdb0 වගේ නම් වලින් HDD වගේ ඩිවයිසස් ලිනක්ස් වල පෙන්නන නිසා කලින් වතාවල වගේ මේකත් හරියටම මෙතනින් අල්ල ගනිමු.. ඇත්තටම ලිනක්ස්වල පිලිවෙල ටිකක් අමතක කරල මැදින් පැනල තමයි මේක කියල දෙන්න වෙන්නේ..
කමක් නෑ කොහොමහරි මේක අදාල වෙන්නේ ලිනක්ස් වල Device File Names කියන කොටසට තමයි.. ගොඩාක් දුරට Storage devices  තමයි මෙතන කියවෙන්නේ.. මේකෙදි මම SATA ගැන වෙනම කියන්න හදන්නේ නෑ මොකද IDE වලට ගොඩක් සමානව තමයි එයාලත් හැසිරෙන්නේ.. වෙනසකට තියෙන්නේ IDE වලට එක Channel එකක dvices දෙකයි එක පාරකට දාගන්න පුලුවං. එකක් master වෙලා අනිකා slave වෙන්නේ ඒකයි.. SATA  වල ඔව්වා නෑ.. වැඩි දුර අපි වෙන  වෙලාවක කතා කරමු.. කොහොමහරි කමක් නෑ මේ කියන Device files තියෙන්නේ  /dev කියන තැන.. මෙතන තමයි හැම ජාතියකම devices වලට අදාල files තියෙන තැන.. සමහර එව්වා system එකේ ඇත්තෙත් නැති වෙන්න පුලුවං. ඒත් අදාල ෆයිල් ටික තියෙනවා.. මේ file devices represent  කරනවා විතරක් නෙවෙයි ඒ device එකෙන්data transfer වෙන විදිහත් විස්තර කෙරෙනවා..

මූලිකම විදිහට මේවා ජාති 2ක් අදුරගන්න පුලුවන්..
01. block devices
මේගොල්ල data receive කරන්නෙ block විදිහට transfer කරන්නේ memory එක පාවිච්චිකරල buffer  එකක් හදාගෙන..
02.character devices
මෙයාල එහෙම නෑ  data  එහෙ මෙහෙ අරින්නේ character විදිහට උදාහරණයක් විදිහට keyboard එක සලකන්න පුලුවන්..

ඔන්න  ඒ ටිකත් හරි.. මේ කොටස කොටස් කොටස් වලට කඩල කෝක ආවත් යොදා ගන්න පුලුවං විදිහට මම මෙහෙම කියන්නම්..

01./dev/hdxn
(මේකෙ x අකුරයි n අකුරයි විචල්‍ය.. ඒ කියන්නේ x = a,b,c,d...... විදිහටත් n = 1,2,3,4,....... විදිහටත් වෙනස් වෙනවා.. උදා hda0,hda1,hdb0... ඔය විදිහට.. පල්ලෙහා කොටස් වලත් එහෙම තමයි කියල මතක තියාගන්න..)
hd කියල අදුරගන්නෙ  IDE devices තමයි..
පල්ලෙහා තියෙන උදාහරණ ටික පරිස්සමට කියවල පිලිවෙල ඔලුවට දාගන්න උත්සාහ කරන්න..
hda1 : primary master IDE device (a)  එකේ පලවෙනි පාටිශන් එක.
hdb3 ; primary slave IDE device (b) එකේ තුන්වෙනි පාටිශන් එක.
hdc2 : secondary master IDE device (c) එකේ දෙවෙනි පාටිශන් එක.
hdd1  : secondary slave IDE device (d) එකේ පලවෙනි පාටිශන් එක.

මං හිතන්නේ දැං රටාව අල්ලගන්න ඇති කියලා.. IDE CD/DVD ROM හැසිරෙන්නෙත් ඔහොම තමයි..

02./dev/sdxn
sd කියල අදුරගන්නේ SCSI hard drives තමයි..
කලින් වගේම තමයි මේකත් නම් වෙන්නේ.. එක උදාහරනයක් දෙන්නම් ඒ ඇති..
sdc1 කියල කිව්වොත් ඒ කියන්නේ the third lowest ID number (c) එකේ SCSI drive  එකට අදාල පලවෙනි පාටිශන් එක.. එතකොට sda1 කිය කියා තියෙන එව්වා හිතාගත්ත හැකිනේද?

03./dev/cdrom
CD ROM එක වෙනමම අදුරගන්න හදපු නමක් උනත් මෙයා ඇත්තටම system එකේ ඉන්නේ කලින් කියපු hdx or scdx කියන නොටේශන් එකේ තම්යි..

04./dev/fdn
floppy drives තමයි.. fd0,fd1.... කිය කියා.. දැංනං බල්ලට ගිහින් මෙව්වා..

05./dev/lpn
parallel ports වල ID එක n = 0,1...

06./dev/usb/file_name කියන්න ඕන නෑනෙ අමුතුවෙං.. දැං ලොකු ලමයිනේ.. USB devices තමයි..

07./dev/psaux
PS/2 මවුස් එක..

ඔන්න ඉන්ස්ටෝල් කරද්දි එන බයිලාවලට අමතරව දේවල් ටිකකුත් කිව්වා..