Pages

Thursday, March 24, 2011

ලිනක්ස් මුල සිටම 19 කොටස

ලිනක්ස් මුල සිටම 19 කොටස.
ලිනක්ස් මුල සිටම දැන් ගොඩක් දුර ඇවිත් නේද? මේ ලියන තරමටම කියවනවද කියලත් වෙලාවකට සැකයි.. ඒත් ලියන එකනම් දිගටම තියෙයි. මේක තව ටිකක් දුරට ඇදගෙන ගිහින් වෙන වෙන් වැදගත් මාතෘකා වලටත් යොමුවෙන්න අදහසක් තියෙනවා.. කෝකටත් කලින් අපි කලින් ලිපියෙ නව්ත්තපු තැනින් ඉදිරියට යමු..

අපි මේ කතා කරන්න යන දේවල් System එකට කෙලින්ම බලපාන දේවල් නිසා පොඩ්ඩක් පරිස්සමින් අතපත ගෑවොත් හොඳා.. අපි දැන් ඉගෙන ගන්න යන්නෙ Init Commands and Files කියන කෙරුවාව.. මේක එහෙමම පිටින් ගිය ලිපියෙ කතා කරපු බයිලාවලට සම්බන්දයි..

ඒක කියවල එන්න.. අපි කෙලින්ම කමාන්ඩ් වලට බහිමු..

# chkconfig --list
services එහෙම නැත්තන් යක්කු ඔක්කොම සෙට් එකයි එයාලගෙ Runlevel එකයි බලාහ්ගන්න පුලුවන්..

# runlevel
දැනට ඉන්න Runlevel එක බලාගන්න පුලුවන්..

# init <runlevel>
# telinit <runlevel>
Runlevel එක වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුලුවන්.. උදාහරණය බලන්න.
# init 0
runlevel එක බින්දුවට ගේනවා.. ක්ෂණික ප්‍රතිඵලය තමයි system එක shutdown වෙන එක.. කිසිම හානියක් නම් නෑ..
# init 1
Runlevel එක එකට ගේනවා.. single-user mode එකට තමයි එන්නේ.. ගොඩක් වෙලාවට මේක් පාවිච්චි කරන්නෙ system එකේ maintenance වැඩ කරන කොට තමයි..

# init q
# init Q මේකමාන්ඩ් දෙකෙන්ම inittab file එක re-examine  කරනවා.

මේවට සම්බන්ද තව කමාන්ඩ් තියෙනවා, නමුත් ලියන්න අදහස් කරන්නෙ නෑ.. මොකද එච්චර දරුණු වෙන එක දැන්ම සුබ නෑ..

ඒ අපි කතාකරපු හරුපෙ කොරනකොට ඇත්තටම වෙන්නෙ සමහර Services නවතින එකත් සමහර Services පටන්ගන්න එකත් නේද? හරි අපි දැන ගනිමු Runlevel වෙනස් නොකර කොහොමද Services නවත්තන්නෙ... පටන්ගන්නේ.. අරවා මෙව්වා කරන්නෙ කියලා..

මේක පුංචි පහේ කතාවක් උනාට වැදගත් කමනම් කියල වැඩක් නෑ.. අපි මෙතනදි කරන්නෙ මොකක් හරි service එකකට අදාලව තියෙන shell script  එක execute කරන එක හරි close කරන එක හරි.. මෙයාල ගොඩාක් වෙලාවට ඉන්නෙ /etc/rc.d/init.d කියන Location එකේ කියල මතක තියාගන්න..

# /etc/rc.d/init.d/<servicename>  <option>
මේ කමාන්ඩ් එකේ Option කියන එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුලුවන්..
start
stop
status
restart
reload
*
ඉතින් එතකොට ඒ කියල තියෙන එක තමයි වෙන්නේ.. * මාක් එක ගැහුවම තියෙන ඔක්කොම options ටික බලාගන්න පුලුවන්.. service name එකනම් දැනගෙන තමයි ගහ්න්න ඕන..

උදාහරණ එකක් දෙකක් දෙන්නම්..
#/etc/rc.d/init.d atd start

#/etc/rc.d/init.d atd restart

ඔන්න ඔහොමයි වැඩේ..

# service --status-all මේ කමාන්ඩ් එක පාවිච්චිකරලා තියෙන ඔක්කොම Services ටිකයි ඒවල status එකයි බලාගන්න පුලුවන්..


අද ලිපිය කෙටි උනේ මෙකටම තව එකක් ඈඳන්න හිතුනේ නැති නිසා..  මොකද එතකකොට නිකන් අච්චාරුවක් වගේ වෙන නිසා.. ඒ උනාට මගේ වැඩ බොහොමයක් අච්චාරු වගේ තමයි.. අපි ඊලඟ ලිපියෙන් බලන්න යන්නේ.. Process Management පැත්ත.. ඒක ඉතින් ගොඩක් වැදගත් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. කට්ටිය හිතයි මේ යකා හැම එකටම ගොඩක් වැදගත්, ගොඩක් වැදගත් කිය කියා කියන්වනේ කියලා.. එහෙම වෙන්නෙ මම මෙව්වා ගොඩක් දුරට Filter කරලනෙ දාන්නේ.. ඉතින් වැදගත් කියල හිතෙන හොඳම හරිය තමයි දාන්නෙ.. කොහොම උනත් ඊලඟ ලිපිය හදන්න නම් මට ගොඩක් මහන්සි වෙන්න වෙයි..

6 comments:

  1. ගොඩක් හොද සේවයක් ඔයා කරන්නේ... මමත් ලිනක්ස් ගැන් ඉගනගන්න කැමති.... පුංචි දෙයක් ඉල්ලන්නද? පොස්ට් ලියද්දි ලයින් බ්‍රේක් දාලා ලීවනම් අලුත් අයට පැරණි ලිපි සොයා ගන්න ලේසි වේවි නේද?

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.. මේ ලිපි වලට... කාලයක් තිස්සේ bookmarks අස්සේ තිබිල අද තමයි කියෙව්වේ.. එකක් කියෙව්වම කුඩු ගැහුව වගේ.. ඔක්කොම කියවල තමයි නැවතුනේ...

    ලබන මාසෙ වෙනකොට ලින්ක්ස් දාල අවුරුද්දයි.. ඒ අවුරුද්දෙම ඉගෙන ගත්තට වඩා දේවල අද ඉගෙන ගත්තා..

    දිගටම ලියන්න කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ... නියම linux user කෙනෙක් හැටියට තමන්ගේ දැනුම බෙදා දෙන එක අලුත් අයටත් ආදර්ශයක් වෙයි කියල හිතනවා...

    බොහොම පිං.

    ReplyDelete
  3. එන්න පරක්කු උනා ....තව ඩිංගෙන් මට මේපාර පාඩම මිස් වෙනවා .ෆීඩ් බැනර් එකට සෙට් වෙන්න ඕන එතකොට කොහොම හරි ලිපි ටික මගේ අතටම එනවනේ .. කොහොමත් ලිපියක් බැලුවනම් මම ඒගැන හොඳඳ නරකද කියලා යමක් කියලයි යන්නේ ....

    මේ ක්‍රමේ ගොඩක් හොඳයි ඔයා විස්තරාත්මකව දීල තියන නිසා ප්‍රායෝගිකව කරන්න ගොඩක් පහසුයි

    ReplyDelete
  4. anith 1th ikmanata danna

    ReplyDelete