Pages

Wednesday, March 16, 2011

ලිනක්ස් මුල සිටම 17 කොටස.

අද අපි root User Account එක ගැන තව ටිකක් වැඩි දුර කතා කරන්නයි හදන්නේ. User management ගැන ගිය පාර ටිකක් කතා කරාට මම Group management ගැන ස්කිප් කරා. ඩෙස්ක්ටොප් කම්පුටර් වල වැඩිය පාවිච්චි කරන්න ඔන වෙන්නෙ නැති නිසා. අපි Networking වලට අත ගහපු වෙලාවක ඒවත් ඉගෙන ගනිමු..
අද කතාව පටන් ගන්න කලින් පොඩි දෙයක් කියල ඉන්නම්. මම site එකට එන අයගෙ Statics පොඩ්ඩක් චෙක් කරා.. ගොඩක් අය කියවන්නෙ පරණ ලිපි, ඇත්තටම මේ ලිපි දාන ඉක්මනට කියවගෙන වැඩ අත්හදා බල බල ඉගෙන ගන්න අමාරු බව මාත් පිලිගන්නවා.. ඒ උනාට දුක හිතෙන කතන්දරේ තමයි 80%කටත් වඩා වැඩි අය ඇවිත් තියෙන්නෙ වින්ඩෝස් පද්දති වල ඉදල කියල තමයි පෙන්නුම් කරන්නෙ. දැන් නම් කට්ටියගෙ ලිනක්ස් යකාට තියෙන බය ඇරිල තියෙන්න ඕන.. දැං කට්ටිය ගොඩක් දියුණුයි නේ.. හරි කමක් නෑ කවද හරි කාට හරි ප්‍රයෝජනවත් වෙයිනෙ..

කට්ටිය මේ වෙද්දි Root ගැන පොඩ්ඩ පොඩ්ඩ දන්නවනේ. Ubuntu පාවිච්චි කරන අය ගොඩදෙනෙකුට root user ගැන එච්චර අත්දැකීම් නැතුව ඇති. එයාලටත් Root user ඕනම නම් අන්ලොක් කරගන්න පුලුවන්.. Ubuntu කට්ටියනම් අවවාද කරන්නෙ  root ගෙන් ලොග් වෙන්න එපා කියල තමයි.

කොහොම කොහොම හරි Root කියන්නෙ  Linux system superuser කියන කෙනාට. නමින්ම තේරෙනවනේ කොහොම පොරක්ද කියලා. මෙයා අමුතුවෙන් හදන්න දෙයක් නෑ installation process එකේදි ඉබේම හැදෙනවා. account number 0 (zero) තමයි අනිවා ලැබෙන්නෙ. root user  කෙනෙකුට ඕනම task එකක් perform කරන්න පුලුවන්.. මෙන්න මේ කාරණේ නිසා තමයි Root user එකවුන්ට් එක දන්න කියන වැඩ කිඩ ඔක්කොම දාල පරිස්සම් කරන්න ඕන.සාමාන්‍යයෙන් මේ කාරණා පිලිපදින්න ඕන කියල තමයි සම්මතය,

01.)ඔබ administrator නම් එදිනෙදා පාවිච්චියට Root එකවුන්ට් එක පාවිච්චි කරන්න එපා. වෙන User Account එකක් හදාගෙන ඒක පාවිච්චි කරන්න.

02.)root user account එකේ බලතල ඕන වෙන වෙලාවට  su command  එක පාවිච්චි කරන්න. එතකොට Root account එකට switch වෙනවා. ඕන කරන වැඩේ ඉවර උනාම exit  ගහල ඒ මෝඩ් එකෙන් අයින් වෙන්න අමතක කරන්න එපා..

03.)එහෙම නැත්නම් sudo කමාන්ඩ් එක පාවිච්චි කරන්න root ගේ බල තල ලබාගන්න.. මීට කලින් වතාවල උදාහරණ පෙන්නල තියෙනවා..

මේ sudo කමාන්ඩ් එකේ Configurations /etc/sudoers කියන තැන තමා තියෙන්නේ.. ඔන නම් Gedit පාවිච්චි කරල පොඩ්ඩක් බලා ගන්න පුලුවන්..

අපි බලමු terminal එකේ කොහොමද වෙන කෙනෙක් විදිහට ලොග් වෙන්නේ කියලා..

$su -l name
උදාහරණ
$ su -l root
$su - root
$su -
$su -l
මේ කමාන්ඩ් හතරෙන්ම යන්නෙ root ට අනික් අයට නම්
$ su -l pitawana විදිහට තමයි පාවිච්චි කරන්න ඕන..

මෙන්න තව වැදගත් (එක අතකට නොවැදගත්) කමාන්ඩ් දෙකක්..
$who -u  මේ වෙලාවෙ ලොග් වෙලා ඉන්න ඔක්කොම අය පෙන්නනවා..
$whoami දැං ලොග් වෙලා ඉන්නෙ කවුරු හැටියටද කියල පෙන්නනවා..

අපි ඊලගට කතා කරන්න හදන්නෙ Password ගැන..අපි පොඩ්ඩක් දැන ගනිමු කොහොමද මේවා system එකේ තියෙන්නෙ කියලා.. ලිනක්ස් වල passwords තියෙන්න ඕන /etc/passwd  කියන තැන. ඒත් ඒක security hole එකක් නේ. ඕන කෙනකුට ගන්න පුලුවන් නිසා. (අමාරුවෙන් හරි) මෙක වහන්න මෙයාල පාවිච්චි කරනවා shadow password file කියල ක්‍රමයක්. අතන තියෙන්න ඕන පාස්වර්ඩ් ටික අරගෙන encrypt කරල /etc/shadow file කියන තැනට දානවා. මේ ක්‍රමය ඉන්ස්ටෝල් කරන කොට ඉබේම පිලිපදින දෙයක්.. අපිට අමුතුවෙන් හදන්න ඕන නෑ. shadow passwords  ක්‍රමය enable හරි නැති කරල දාන්න හරි ඕන නම් මේ කමාන්ඩ් පාවිච්චි කරන්න.. (දැන ගැනීම සඳහා පමණයි.)

# pwconv  ඔන් කරා..
#grpconv  ගෲප්ස් වලට ඔන් කරා..
#pwunconv ඕෆ් කරා..
#pwunconv ගෲප්ස් වලට ඕෆ් කරා

අපි කවදාකවත් පිලිනොපදින ඒත් පොතේ හැටියට නම් Paasword එකක් දාද්දි පිලිපදින්න ඕන මෙන්න මේ කරුණු.

01.අඩුම තරමින් characters අටක් වත් පාවිච්චි කරන්න ඕනලු.
02.සිම්පල් කැපිටල් මාරු කර කර පාවිච්චි කරන්නලු...
02patterns පාවිච්චි කරන්න එපාලු. වචන,වර්ෂ, අරවා මෙව්වා..
03.සංකේතත් පාවිච්චි කරන්නලු..
......
.........
........ ... .. .. .. ..
මේ විදිහට බයිල ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම කරන්න ගියොත් හැදෙන්නෙ password එකක් නෙවෙයි රචනාවක්.. අනික ඕක අපිටවත් මතක තියාගන්න පුලුවන් වෙයිද කියල සැකයි.. හික්..
අපි Password කමාන්ඩ් ටික ඉගෙන ගනිමු,

#passwd name
User කෙනකුට paasword එකක් දාන්න/වෙනස් කරන්න. password එක අහනවා.
උදාහරණ.
#passwd pitawana
# passwd කමාන්ඩ් එකෙන් පුලුවන් current user ගෙ paasword එක මාරු කරන්න.

#passwd -d name
user කෙනෙක්ගෙ password එක අයින් කරන්න පුලුවන්..

#passwd -x # name
මේ කමාන්ඩ් එකෙන් පුලුවන් කවුරු හරි User කෙනකුට තියෙන password එක තියෙන්න ඕන දින ගාන තීරණය කරන්න පුලුවන්..
උදාහරණ
#passwd -x 40 pitawana පිටවාන කියන user ගෙ password එක දවස් 40කට පස්සෙ ඉවරයි.. මරු නේ..

passwd -n # name
User කෙනකුට password එකක් වෙනස් කරන්න බැරි වෙන්න දවස් ගානක් දෙන්න පුලුවන්.
උදාහරණ.
#passwd -n 10 pitawana පිටවාන කියන User ට එයාගෙ password එක දවස් දහයක් යනකන් මාරු කරන්න බෑ.

#passwd -w # name
password එක expire වෙන්න කලින් user ට දන්වන්න පුලුවන්..
උදාහරණ.
#passwd -w 2 pitawana පිටවාන කියන user ගෙ password එක expire වෙන්න දවස් දෙකකට කලින් එයාට warning මැසේජ් එකක් දෙනවා.

passwd -i # name
password එක මාරු නොකලොත් එකවුන්ට් එක අහෝසි වෙනවා.
උදාහරණය.
#passwd -i 7 pitawana පිටවාන කියන user කියපු විදිහට pasword එක මාරු නොකලොත් දවස් හතකට පස්සෙ එකවුන්ට් එකට කෙලවෙනවා..

#usermod -L name
#passwd -l name
 මේ කමාන්ඩ් දෙකෙන්ම පුලුවන් එකවුන්ට් එකක් ලොක් කරල දාන්න.. නමුත් ඇත්තටම වෙන්නෙ pasword එකට කලින් ! මාක් එක එකතු වෙන එක විතරයි..
උදාහරණය,
#passwd -l pitawana

ලොක් කරපු එක ඇර ගන්නත් දැනගන්න එපාය. මෙන්න ඒක..
#usermod -U name
#passwd -u name
උදාහරණය
#passwd -u pitawana

ඔන්න මන් නියම ආයුධ ටිකක් දුන්න. වඳුරට දැලිපිහිය අහු උනා වාගෙ එහෙ මෙහෙ කපා කොටාගෙන මට එහෙම කෑ ගහන්න එපා..හික්..
මේවයින් ගන්න ඕන වැඩ දන්න ඈයො දන්නවා.. සිරා ගේම් ටිකක් ගෙදර කම්පියුටර් එකට උනත් දෙන්න පුලුවන් කට්ටිය හොල්මන් වෙන්න.. ඔතනදි අමාරුම කාරණය තමයි හැමෝම ලිනක්ස් පාවිච්චි කරන්න එකඟ කරගන්න එක..
ඊලඟ ලිපියෙන් අපි කතා කරන්න් යන්නෙ Linux File Permissions ගැන.. පොඩි ඉඟියක් පහල තියෙන රූපෙ බැලුවම පේනවා..


 ඊලඟ ලිපියෙන් ලිනක්ස් යකාව තව හොදට අදුර ගනිමු..

14 comments:

  1. මේකත් ප්‍රින්ට් කරලා තියාගන්න ඕන ...

    මචෝ මට මීට කලින් ලිනක්ස් ඉගන ගන්න උනක් තිබ්බට ඉගන ගන්න තැනක් තිබ්බේ නෑ


    මේ බ්ලොග් එකට මම ණයයි ...

    ReplyDelete
  2. ඔබගේ බ්ලොග් එක සහ මෙම ලිනක්ස් ගැන සටහන් පෙල දැක්කේ අද. ඇත්තටම මේක හොද පාඩම් පෙලක් කියල කියන්න පුළුවන්. අපි සමහර වෙලාවට ආසාවට ලිනක්ස් එක්ක වැඩ කරාට ඒකෙන් උපරිම ඵල ‍නෙලාගන්නේ නැති බව මටත් හිතිලා තියෙනවා. මමත් ලිනක්ස් භාවිතා කරන කාලයට යම් යම් දෙවල් සොයා ගෙන වැඩකරත් යටි හිතෙන් වැඩි කැමැත්ත වින්ඩෝස් වලට නිසා ඒ දැන ගත්ත දේත් කෙටි කාලයකින් අමතක‍ වෙලා යනවා. මේ ලිපි පෙල මුල සිටම කියවන්න ඕන. දිගටම ලියන්න. ඔබට ජය!

    ReplyDelete
  3. එළකිරි. තව දාන්ඩෝ

    ReplyDelete
  4. මට පොඩි දෙයක් දැන ගන්න ඕන කරලා තියෙනවා ubuntu ගැන. koha කියන software එක install කර ගන්නා ආකාරය ගැන දැනගන්න. ඒක live CD එකකින් install කරලා පස්ෙස් හරියට printer එක connect කර ගන්න බැරි වුණු නිසා version upgrade එකක් දැම්මා. එ්ක අතර මගදී හිට්ටා ෙන්. දැන් system එක ෙගාඩ දාගන්න කමයක් නෑෙන්. උදවුවක් කරන්න පුලුවන්ද ම ෙචා්.

    ReplyDelete
  5. මම ඒක බැලුවා.. ඒක tar.gz එකක් නේ. ලිනක්ස් මුල සිටම 13 කොටස බලන්න. ඒකෙ ත්යෙනවා විස්තරේ.. කොහොමද කරන්නේ කියලා.. හැබැයි එතන තියෙන්නෙ
    source tar ball එකක් කරන විදිහ. කම්පයිල් කරපු එකක් නම් අන්තිම පියවර විතරක් කරාම ඇති. දැං system එකට මොකක්ද වෙලා තියෙන්නේ?
    ඔයා දන්නවනේ fail safe වලින් ලොග් වෙලා ටර්මිනල් එකෙන් ගොඩ දාගන්න පුලුවන් වෙයි ඕක.. මොකක්ද උනේ කියල පියවර වශයෙන් එවන්න පුලුවන්ද? මට පැහැදිලි නෑ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා..

    ReplyDelete
  6. අැත්තටම වුෙණ් අපිට ෙම් system එකට windows network එෙක් Printer එකක් connect කර ගන්න ඔ්නි වුණා. (ෙම් 10.10 වල හරියට render ෙවන්ෙන් නෑ. සමාෙවන්න.) අපි koha දැම්ෙම් cutomized livecd එකකින්. එ්ෙක් ubuntu වල printer tool එක අයින් කරලා. දාගත්තට හරි ගියේ නෑ. cups configuration අවුලක් නිසා windows printer එක connect වෙන්නේ නෑ. ඉතින් total system upgrade එකක් කරාම ඕවා හරියයි කියලා මකබාස් advice එකක් ලැබුණා. එකට අනුව වැඩ කරලා තමයි මේක වුණේ.

    කරදරයක් නෙවෙයිනම් help එකක් දෙන්න.. ලොකු උදවුවක්

    ReplyDelete
  7. අඩෙ අප්පා 10.4 පාවිච්චි කරන්න එපැයි.. ඔය වගේ වැඩ වලට LTS එකක් පාවිච්චි කරාම ලෙඩ අඩුයි.. System update කරාම හරි යයි කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා, බග්ස් එහෙම ‍ෆික්ස් වෙන නිසා. අප්ඩේට් sources වෙනස් කරාද? මමත් එහෙම කරල update කරල කෙලවුනා මොකද සමහර sources එච්චර reliable නෑ.
    Cups දාන කමාන්ඩ් ටිකනම් දෙන්නම් වැඩක් වෙයිද දන්නෙ නෑ..

    sudo apt-get install cupsys cupsys-client

    මෙන්න මේ ටිකෙන් Cups restart කරල බලන්න.
    /etc/init.d/cups restart
    /etc/rc.d/init.d/cups restart
    /sbin/init.d/cups restart

    error logs මොනවද වෙලා තියෙන්නෙ බලාගන්න.
    more /var/log/cups/error_log
    tail /var/log/cups/error_log
    tail -f /var/log/cups/error_log

    ඇත්තටම මම ඕක පාවිච්චි කරලනම් නෑ..

    මම ඔයාට CUPS වල මැනුවල් එක දෙන්නම්. ශේප් උනා කියල හිතන්න එපා. කොහොමහරි මේක ටිකක් බලන්නකෝ..
    http://www.cups.org/documentation.php

    ReplyDelete
  8. වැඩේ නියමෙට යනවා සහෝදරයා! බොහොම පැහැදිලිව විස්තර කරල තියනව. අපහසුවක් නැත්නම් screenshots ටිකකුත් දාන්න විස්තර කරල තියන දේවල් වලට අදාලව ඒකෙන් කියවන අය තවත් වැඩිවෙයි කියල හිතනව( මේක යෝජනාවක් විතරයි , දැනට යන විදියේත් අඩුවක් නෑ)

    ReplyDelete
  9. mata root widihata log wenna baha. Authentication failure
    kiyala enawa

    ReplyDelete
  10. අනේ අනේ.. පාවිච්චි කරන Distribution එකවත් නොදැන කොහොමද වචනයක්වත් කියන්නේ.. මම හිතන්නේ අනිවා Ubuntu පවුලෙ එකක් වෙන්න ඇති. ඒවගෙ Root එකවුන්ට් එකට ලොග් වෙන්න දෙන්නෙ නෑ.. ඒක අපි කඩාගන්න ඕන.ඒකත් Ubuntu වල එක විදිහක් Kubuntu වල තව විදිහක්..
    ඔයාට root විදිහට ලොග් නොවුනත් root විදිහට වැඩ කරගන්න ඕන විදිහ මේ ලිපිවල තියෙනවා.. පොඩ්ඩක් විස්තර ඇතුව කියන්නකො සහෝදරයා..
    ubuntu වල නම් මේහෙමයි.. මේක කරන්න එපාම කියල තමයි එයාල කියන්නෙ..
    මේක සුට්ටක් කියවන්ඩෝ..
    https://help.ubuntu.com/community/RootSudo

    ඔබ ලිනක්ස් සහ ubuntu වලට ආධුනික නම් කිසිසේත්ම මේය උත්සාහ කරන්න එපා.. තව ටික කාලයක් පාවිච්චි කරල අත්දැකීම් එකතු කරගෙන මේව කරාට කමක් නෑ. කොහොහොමහරි ubuntu wala මෙන්න ක්‍රමය..
    01.Terminal එක ඕපන් කරන්න. ටයිප් කරන්න
    sudo passwd root
    02.“Enter new UNIX password” කිව්වම Password එකක් දෙන්න.
    03.sudo gedit /etc/X11/gdm/gdm.conf කමාන්ඩ් එක දෙන්න,
    04.ඕපන් වෙන ටෙක්ස්ට් එඩිට් එකේ AllowRoot=false කියන ලයින් එක, AllowRoot=true කියල වෙනස් කරන්න..
    05.සේව් කරන්න, වෙන වෙන ඒවට අත දාල වැඩ වැඩි කරගන්නෙ නැතුව gedit එකෙන් අයින් වෙලා Reboot කරන්න..
    (මමත් මේක කරද්දි sudo gedit /etc/X11/gdm/gdm.conf කියන පාත් එක වැඩ කරේ නෑ.. කොහොමහරි මේ file එක හොයාගෙන එඩිට් කරා වැඩේ හරි ගියා.. පොඩ්ඩක් හොයල කරගන්න..)

    ReplyDelete
  11. use this command to locate that file.
    $locate gdm.conf

    then get the correct path of that file and rearrange the characters of given command..

    ReplyDelete
  12. මෙක උඩින් පල්ලෙන් කියවන්න පුලුවන් බ්ලොග් එකාක් නෙවේ...දවසක් නිවාඩු දාලා....කියවන්න ඔන එකක්.......එ තරමට වටිනවා...මරෙ මරු...

    ReplyDelete
  13. api ubuntu tama use karanne, linux walin blog 1ta log wena aya wadi wei tawa tika kalekin. Linux ROX

    ReplyDelete