Tuesday, August 2, 2011

ජංගම දුරකතන තාක්ෂණය 03

පහු ගිය ලිපියෙන් නවත්තපු තැන ඉඳල අද ඉස්සරහට කතා කරගෙන යමු.

Maritime Communication

නාවික කටයුතු සඳහා රේඩියෝ සංඛ්‍යාත පාවිච්චි කිරීම මේවා හොයාගත්ත කාලෙ ඉඳලම පැවතුනා.. කටහඬ එකතු කරල සංනිවේදනය කරන්න කලින් ඉඳලම මෝස් කෝඩ් එක පාවිච්චි කරගෙන පණිවුඩ හුවමාරුව පැවතුනා. මේවට සිස්ටම් Develop කරන්න ගිහින් අලුතින් හොයාගත්ත දේවල් සමස්තයක් විදිහට හැම Communication Field එකකම දියුණුවට හේතු උනා.GPS සහ චන්ද්‍රිකා තාක්ශනය කොච්චර දියුණු උනත් අදටත් මේ වෙන්කරපු බෑන්ඩ් ඒ විදිහටම තියෙනවා. . 2182 kHz  medium-wave frequency අදටත් හදිසි අවස්තා දැනුම් දෙන්න පාවිච්චි කරනවා.Marine VHF radio වෙරළාශ්‍රිත සංනිවේදන කාර්‍යන් සඳහා යොදා ගන්නවා.ජීවිතාරක්ෂක කටයුතු,වරායන් එක්ක සංනිවේදනයට,වගේ දේවල් උදාහරණ.මේ කියපු VHF Radio band එක 156MHz to 174MHz දක්වා තමයි වෙන් කරල තියෙන්නෙ.

Radar (Radio Detection and Ranging)
රේඩාර් කියන දේ අපිටනම් එච්චර අලුත් නෑ නේ. මතක ඇති යුද්ධ කාලෙ කුරුම්බැට්ටි මැශින් රේඩාර්වලට අහු උනේ නෑ..අරක මේක කිය කියා ලොකු කතාවක් ගියා..දැයට කිරුළ,නිදහස් දිනය වගේ බලන්න ගිය අයනම් අපේ ආරක්ශක අංශ පාවිච්චි කරන රේඩාර් දකින්න ඇති..එයාලනම් ගුවන් යානා වගේ ලොකු වස්තු වගේම කාලතුවක්කු උන්ඩයක් හරි ඉලක්කයට පතිත වෙනවද,නැත්තන් සතුරු කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙන්නෙ කොහෙන්ද කියන එක බලා ගන්න පුලුවන් තරම් දියුණු පද්ධති පාවිච්චි කරනවා.. ගුවන් යානා එන උසත් බලාගන්න පුලුවන් ත්‍රිමාන රේඩාර් වගේම සතුරු රේඩාර් අවුල් කරන්න පුලුවන් ජෑමර්ස් පවා තියෙනවා..
රේඩාර්වලට පාවිච්චි කරන්නේ රේඩියෝ හරි මයික්‍රෝ වේව් තරංග. නිදහස් අවකාශයට මුදාහරින මේ තරංග මොකක්හරි වස්තුවක වැදිල පරාවර්තනය වෙලා එන කොටස් නැවත ඇන්ටනාව මගින් ග්‍රහනය කරගෙන තමයි අදාල මැප් එක පෙන්නන්නෙ.. ගොඩක් අය ‍ෆිල්ම් වලින් එහෙම දැකල තියෙන නිසා වැඩ කරන විදිහත් හැමෝම වගේ දන්න නිසා අපි රේඩාර්වලට තිත තියල ඊලඟ කතාවට යන්.මෙච්චරයි දැනගන්න ඕන රේඩාර් බෑන්ඩ් එකනම් ගොඩක් ලොකුයි කොල්ලනේ. ඉහල සංඛාතවලට කාලගුණික තත්වයන්වලින් ගොඩක් බාධා වෙනවා. නමුත් තොරතුරු වල විස්වාශනීයත්වය ඉහලයි.පහල සංඛ්‍යාත වල ඕකෙ අනික් පැත්ත.

මෙන්න විස්තර

Frequency Band Designation
Specific Radar Frequency Assignment
Typical Application
HF
No Specific Bands
Over the horizon radar
VHF
216-225 MHz
Very long range
Ground penetration radar
UHF
420-450 MHz
902-928 MHz
Very long range
Foliage penetration
L
1.215-1.390 GHz
Long range surveillance
S
2.305-2.385 GHz
2.417-2.483 GHz
2.700 - 3.650 GHz
Long range surveillance
Air traffic control
C
5.250-5.85 GHz
Air surveillance
Air traffic control
Airborne altimeter
X
8.5-10.55 GHz
Long range ground surveillance
Airborne weather radar
Weather observation
Marine radar
Police radar
Ku
13.4-14.0 GHz
1.7-17.7 GHz
Guidance
Medium range ground
surveillance
K
24.05-24.25 GHz
Police radar
Ka
33.4-36.0 GHz
Short range ground surveillance
Targeting
Imaging
V
59-64 GHz
Automotive anti-collision
W
76-81 GHz
92-100 GHz
Imaging
Automotive anti-collision
Airborne wire detection

Wi-Fi
මේ සම්බන්දව වැඩි විස්තර නෙට්වර්කින් නාඩගමේ නටන්න තමයි හිතාගෙන ඉන්නෙ. Wired LAN වලට ‍රැහැන් රහිත හොඳ විකල්පයක්.IEEE 802.11 standards වලට දුවනවා කියල දැනට දැනගත්තම ඇති.
Bluetooth,Wi-Max,Satellite Communication Systems ගැනත් වෙන වෙනම දාන්න ගියොත් මාතෘකාවෙන් ගොඩාක් පිට පනින්නවෙන නිසා ඔක්කොම එකතු කරල පොඩි විස්තරයක් පහලින් දාන්නම්..



Band Number
Symbol
Frequency Range
Wavelength range
Typical Sources

1

ELF

3-30 Hz

10,000-100,000 km

Deeply submerged submarine communication

2

SLF

30-300 Hz

1,000-10,000 km

Submarine communication, AC power grids

3

ULF

300-3000 Hz

100-1,000 km

Earth quakes, Earth mode communication

4

VLF

3-30 kHz

10-100 km

Near surface submarine communication

5

LF

30-300 kHz

1-10 km

AM broadcasting, Aircraft Beacons

6

MF

300-3000 kHz

100-1000 m

AM broadcasting, Aircraft beacons

7

HF

3-30 MHz

10-100 m

Skywave long range radio communication, Shortwave broadcasting, Military Maritime, Amateur Radio

8

VHF

30-300 MHz

1-10 m

FM radio broadcast, television broadcast, Professional Mobile Radio, Digital Video Broadcasting – Terrestrial, Magnetic Resonance Imaging

9

UHF

300-3000 MHz

10-100 cm

PMR, Television broadcast, Microwave oven, GPS, Mobile phone communication (GSM, UMTS, 3G, HSDPA), Cordless phones (DECT), WLAN (Wi-Fi 802.11 b/g/n), Bluetooth

10

SHF

3-30 GHz

1-10 cm

DBS satellite television broadcasting, WLAN (Wi-Fi 802.11 a/n), microwave relays, WiMAX, radars

11

EHF

30-300 GHz

1-10 mm

Microwave relays, Intersatellite links, WiMAX, high resolution radar, directed-energy weapon (Active Denial System), Security screening (Millimeter wave scanner)


මේ ටික දැනට බලන්නකෝ.. ඊලඟ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ Cellular Concepts කියන දේ ගැන..Analog,GSM,3G,CDMA....වගේ හැම දේටම අදාල සංකල්ප ටිකක්..වෙලාව තියෙන විදිහට ලියන්නම්.. බලමු කොච්චර කල් යයිද කියලා..

2 comments:

  1. අර ඒ කාලේ ආපු කොටින්ගේ කුරුම්බැට්ටි මැශින් අහුනොවෙන්න ඇත්තටම හේතුව මොකක්වෙන්න ඇද්ද?.උන් ඒවාවල ජෑමර්ස් හයි කරන් ආවද දන්නෑ නේද?

    ලිපිය හොදයි.වයිමැක්ස් ගැනයි වයිෆයි ගැනත් ඉක්මනට දාන්න පුලුවන් නම් මරේ මරු :D

    ReplyDelete
  2. නෑ නෑ උන්ට ජෑමර්ස් හදන්න තරම් තාක්ශනයක් තිබුනෙ නෑ.. ඊට වඩා ගොඩක් සරල ක්‍රමයක් තමයි පාවිච්චි කරේ.. ඒව ආවෙ පොලොවට ගොඩක් ආසන්නයෙන්.. රේඩාර් සිස්ටම්ස් බොහොමයක් පොලොව මට්ටමේ වැඩ කරන්නෙ නෑ.. අනික ගොඩක් වෙලාවට ඒව අපේ රේඩාර් සිස්ටම් වලට අහුවෙලා තියෙනවා. ප්‍රශ්නෙ තිබුනෙ බිම දාන එකනෙ.. ඒකට ගොඩක් හේතු තිබිල තියෙනවා. එයා ඇටෑක් එකක් ආව ගමන් කොළඹ තිබුන ගුවන් යානා නාශක පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවට අපේ එකක් නැංගුවොත් ඒකත් බිම තමයි. මුල් කාලෙ එයා ඇටෑක් වලට අපේ අය හුරු නොවී ඉඳීමත් තව හේතුවක්.පස්සෙ තමයි එයා ‍ටු එයා ගහන්න එහෙම කට්ටිය සෙට් උනේ.. වෙන රටවල එහෙම තර්ජන තියෙන එයා බේස් වල හැම නිතරම ෆයිටින්ග් එයාක්‍රාෆ්ට් එකක් උඩ නංගල තියනවලු.. ඒක බාද්දි තව එකක් නංගනවලු.. අනේ අපිට එව්වා කොරන්න සල්ලි නෑනේ.. මේක ටිකක් දිග කතාවක් යාලු.. මමත් දන්න දේ තමයි කිව්වේ.. ආරක්ෂක අංශවල අය නම් මේ ගැන හරියටම දන්නවා..

    ReplyDelete