Friday, July 29, 2011

ජංගම දුරකතන තාක්ෂණය 02

ඔන්න අද තමයි ටිකක් නිදහස් වෙලාවක් හම්බ උනේ.ඉතිං අපි නව්ත්තපු තැන ඉඳල ආයෙමත් පටන් ගනිමු.පිදුරුතලාගල ගිය ගමනත් මරේ මරු.. ලංකාවෙ උසම තැනට යන්න ලැබීමත් ජීවිතේ ලබපු ලොකු වාසනාවක්.ජාතික රූපවාහිනී,චැනල් අයි,ස්වර්ණවාහිනී,හිරු,ගෝල්ඩ්,සන්,සූර්යන්,ඒයාපෝට් ඒවියේශන් රේඩාර් සිස්ටම් එක වගේ ගොඩාක් වැදගත් තැන් බලන්න ලැබුනා.ඒක ගැන ඒ ඇති.දැන් ආයෙමත් අපේ ප්‍රධාන කතාවට බහිමු..

අපි මොන මොන දේටත් පාවිච්චි කරන්න වෙන්නේ රේඩියෝ සංඛ්‍යාත.රේඩියෝ සංඛාත කියනකොට මේක කියවන අපේ කට්ටියට පොඩි අවබෝධයක්නම් තියෙන්න ඕන..
මේවා සාමාන්‍යය විද්‍යුත්චුම්බක තරංග.Radio Spectrum එක සම්බන්ධවත් සාමාන්‍ය තරමක හරි අවබෝධයක් තියෙනවනම් ගොඩක් හොඳයි..
Radio Spectrum ඉතාම සීමිත සම්පතක්..  ඉස්සරම කාලේ එක එක්කෙනාට ඕන ඕන විදිහට ට්‍රාන්ස්මීටර් රිසීවර් හදාගෙන එක එක සංඛ්‍යාත පාවිච්චි කරන්න පුලුවන් කම තිබුනා..ඒත් එක එක්කෙනා කැමති කැමති සංඛ්‍යාත පාවිච්චි කරන්න ගත්තහම මේව අතර interferences එහෙම ඇති වෙලා වැඩ ඔක්කොම ජෝන් බාස්ට යන නිසා ඕනම රටක මේ දේවල් පාලනය කරන්න නෛතික ව්‍යුහයක් තියෙනවා..
ලංකාවෙනම් TRC එක එහෙම නැත්තන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන ආයතනය තමයි ඉන්නෙ..මේගොල්ල තමයි මේ සම්බන්ධ හැම තීරණයක්ම ගන්නෙ..රේඩියෝ,ටීවී,මොබයිල් ෆෝන් ඔපරේටර්ස්ල වගේ හැම කෙනාටම මේක බෙදල දෙන්නෙ මේ කට්ටිය තමයි..

මං දන්න තරමින් මේ පුංචි රටේ රේඩියෝ වලටනම් දෙන්න ඕන ඔක්කොම වගේ දීල ඉවරයි..ආයේ ඒකෙනම් ඉඩක් නෑ.. විශේෂයෙන් කොළඹ වගේ ප්‍රදේශයක ඉන්න කෙනෙක් මොකක් හරි චැනල් එකක් මැනුවලි කරකවලා අල්ලන්න ගියොත් තියෙන අමාරුව ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..පුදුම තදබදයක් තියෙන්නෙ..මොකද අද මොකක් හරි පක්ශයකට හේත්තු වෙලා ආණ්ඩුවට පොඩි තල්ලුවක් දුන්න නම් රේඩියෝ ලයිශන් එකක් ගන්න එක නතිං..
කොහොම කොහොම් හරි ලෝකෙ මේ දේවල් වලට සම්මුතියක් තියෙනවා.. මේ මේ ඒවා මේ මේ වැඩේට කියල වෙන් කරලතමයි තියෙන්නෙ.. නැත්තන් වැඩේ ෆුල් අස්පට් වෙනවනේ... වෙන රටවල ගුවන් යානා සංනිවේදනයට දීල තියෙන බෑන්ඩ් එකක් අපේ රේඩියෝ චැනල් එකකට දුන්නොත් කොහොම හිටියිද?

අපි පොඩ්ඩක් බලමු කොහොමද මේවා ලෝකෙ බෙදාගෙන පාවිච්චි කරන්නෙ කියලා

01.)Broadcasting Services
Broadcast frequencies:
Longwave AM Radio : 148.5 – 283.5 kHz (LF)
Mediumwave AM Radio : 530 – 1710 kHz (MF)
Shortwave AM Radio : 3 – 30 MHz (HF)
රේඩියෝ ටීවී ගැන ගත්තොත් නම් රටින් රටට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.. අපේ රටේ 87.5 – 108 MHz කියල කස්ටිය දන්නවනේ එෆ් එම් කොත්තු කඩ ටිකට දීල තියෙන්නෙ.

02.)Aeronautical Communication මේක තියෙන්නෙ ගුවන් යානා Aircraft systems වල සංනිවේදන කටයුතු සඳහා..voice වලට පාවිච්චි කරන්නේ මේක තමයි..
Frequencies between 108 MHz and 137 MHz.
Airband එහෙම නැත්තං Aircraft Band කියල කියනවා. Air trafic Controllersල Pilotලට කතා කරන්න එහෙම පාවිච්චි කරනවා..
ඒකත් 108 to 117.975 MHz කොටස නැවිගේශන් වලට පාවිච්චි කරනවා.. විශේෂ කැමැත්තක් මේ සම්බන්දව තියෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න.. ලොකු විෂයක්..
ඔක්කොම civil aircraft  කට්ටිය voice commmunication වලට පාවිච්චි කරන්නෙ 118.000 MHz to 135.975 MHz. කියන බෑන්ඩ් එක..ඒත් මේක simplex සිස්ටම් එකක්.. ඒ කියන්නෙ නිකන් පොලිසිය පාවිච්චි කරන වෝකි ටෝකි වගේ.. දෙන්නෙක් කතා කරද්දි එක වතාවකට කතා කරන්න පුලුවන් එක්කෙනාටයි..
121.5 or 243 MHz පාවිච්චි කරනවා හදිසි ඇමතුම් වලට.. 121.5 MHz  තමයි ක්ෂනික..

මට දැන්නම් නිදි මතයි.. ඉතිරි ටික අපි ඉක්මනටම ලියමු.. මේක පටන් ගත්තට මොකද දැං තමයි තේරෙන්නෙ බරපතල කම මෙක කොච්චර ලොකුද කියලා.. කමක් නෑ අපි ලිනක්ස් වලටයි නෙට්වර්කින් වලටයි ආයෙමත් ඉස්සරහදි අත ගහමුකෝ..

7 comments:

  1. වෝකි ටෝකි වල තියෙන්නෙ Half Duplex නෙවෙයිද ? Simplex කියන්නෙ ඔය TV වල වගේ one way transmission එකක් නේද ?

    ReplyDelete
  2. ඔබ හරි TV,Radio,වල තියෙන්නෙ Simplex තමයි.. මම දන්න විදිහටනම් Half Duplex කියන්නෙ Simplex වලම ක්‍රමයකට තමයි.. ITU-T definition එක බලන්න... නමුත් ප්‍රායෝගික භාවිතයේදිනම් ඔයා කියන විදිහට තමයි පාවිච්චි වෙන්නෙ.. නමුත් Mechanissm එක බැලුවොත් සමානකම් පේනවා නේද?

    ANSI definition
    A simplex circuit is one where all signals can flow in both directions, but only one direction at a time (not simultaneously). These systems are often employed in broadcast networks, where the receivers do not need to send any data back to the transmitter/broadcaster.......

    ITU-T definition
    A simplex circuit is one where signals can flow in only one direction at a time. At other times communications can flow in the reverse direction. A more common term for this application is half-duplex.

    ReplyDelete
  3. "මං දන්න තරමින් මේ පුංචි රටේ රේඩියෝ වලටනම් දෙන්න ඕන ඔක්කොම වගේ දීල ඉවරයි..ආයේ ඒකෙනම් ඉඩක් නෑ"
    මේ සංඛ්‍යාත වැඩි කරගන්න බැරි අයි?

    ReplyDelete
  4. @sudarshana
    TV,Radio,වල තියෙන්නෙ Simplex තමයි. ITU-T definition වල හැටියට Half Duplex කියන්නෙත් Simplex වලම ක්‍රමයකටම තමයි... TV,Radio වල තියෙන්නේ receiving විතරනෙ ඒක නිසා මේවා simplex, නමුත් වෝකි ටෝකිවල transmiting & receiving දෙකම තියෙනවනෙ ඒක නිසා එව්වා Half Duplex. හැබැයි එකපාර පුඵවන් එක පැත්තකට විතරයි. ඒකනේ කතාකරලා ඉවරවෙලා over කියලා කියන්නේ....

    ReplyDelete
  5. @රතු මුහුද
    රේඩියෝ ස්ප්‍රෙක්ටම් එක එක එක වැඩේට එක එක බෑන්ඩ් බෙදල දීල ඉවරයි..මේ දවස්වල මේ ලිපි වල මම ලියන්නේ ඒව බෙදිල තියෙන විදිහ ගැන නේ.. මම ඔතන ඔය කතා කරේ මූලිකවම එෆ් එම් ගැන.. ඒක ගොඩක් එෆෙක්ටිව් නිසා හැමෝම බලන්නේ එෆ් එම් බෑන්ඩ් එකට රිංගන්න.. ඒ බෑන්ඩ් එකට පහල සංඛ්‍යාත හෝ ඉහල ඒවා ගන්න බෑ මොකද යාබද ඒවා වෙන වෙන වැඩ වලට දීලනේ.. බලන්න 108MHz ඉඳල මොකක්ද කියල මේ ලිපියෙම ලියල තියෙනවා..නමුත් සකල සිරින් පිරි සිරි ලංකාවේ මුලු ජන ගහනය රේඩියෝ චැනල් වලින් බෙදුවොත් අපේ උන් මෙච්චර මේව අහනවද කියල හිතෙයි..මම දන්න රහසක් තමයි මේ චැනල් වලින් බොහොමයක් පාඩු ලබන ඒවා.. සමහර ඉතා ප්‍රසිද්ද ඒව පවා. නමුත් ඒව පවත්වගෙන යන්නෙ ඒ හරහා ගොඩනැගෙන බලයට ලංකාවෙ දේශපාලන අධිකාරිය කෑදර නිසා ඒගොල්ල මේව අයිතිකාරයන් පස්සෙ එන නිසා.. ඉතින් එයාලගෙ වෙන වෙන බිස්නස් කරගන්න ඒක ලොකු පහසුවක්.. ඒකයි කොල්ලයි බල්ලයි හැම එකාම මීඩියා එකක් හදා ගන්න බලන්නේ.. මොන චැනල් එකට උනත් ලංකාවටම ඇහෙන්න කියල හයි පවර් ට්‍රාන්ස්මීටර්ස් දෙන්න අමාරුයි..සෞඛ්‍යමය ප්‍රශ්නත් එනවනේ.. ඔයාල දන්න්වනේ එකම චැනල් එකටත් Frqn කිහිපයක් එක එක පලාත්වල තියෙන විත්තිය. ඔය ඔක්කොම යුටිලයිස් කරන්න මේ ඉඩ කෑල්ලේ බෑ මේ පාවිච්චි කරන ඇනලොග් ක්‍රමයට.. ඒත් අපේ ටී වී ඉඩනම් තාම තියෙනවා..ඒ උනත් DVB සිස්ටම් එකට ටී වී ගේන්න තාම සංකල්පමය එකඟතාවක් තියෙනවා.. එතකොට ටී වී චැනල් නම් සීයක් දෙසීයක් ආවත් අවුලක් නෑ.. නමුත් රේඩියෝ වලට එහෙම එකඟතවයක් තියෙනවද කියන්න මම නම් දන්නෙ නෑ.. මචෝ ඔය අහල තියෙන ප්‍රශ්නෙ ඇතුලෙ කතන්දර දාහක් විතර තියෙනවා.. අපි හෙමිහිට එව්වත් අවුස්සල බලමු..එල එල..
    @ධනුශ්ක
    ධනුශ්ක අය්යට ගොඩක් ස්තූතියි..මෙව්වා ගැන අපිට වඩා දන්න ඔයාල වගේ අය ලියනවනම් හැමොටම ප්‍රයෝජනවත් වෙයි..

    ReplyDelete
  6. පිදුරුතලාගලට ගිය ගමනේ ෆෝටෝ කෑල්ලක් තිබ්බා නම් තවත් ශෝක්.අවුලක් නෑ.ලිපිය හොදට ලියලා තියෙනවා.දිගටම ලියන්න.සුභපැතුම්!

    ReplyDelete
  7. @~ Explorer ~
    පිදුරුතලාගල ආරක්ශාව බාරව ඉන්නෙ ආමි එකෙන්. ඉතිං එහෙ කැමරා ගෙනියන්න අවසර නෑ.. හැබැයි අපිනම් තියල ගියෙත් නෑ.. ෆොටෝ නම් තියෙනවා යාලුවා ඇති වෙන්න ඒත් ස්ටාෆ් එකෙන් ඉල්ලීමක් කරා අන්තර්ජාලයට මුදාහරින්න නම් එපා එයාලට ප්‍රශ්නයක් වෙයි කියලා.. ඒත් අපේ යක්කු ඒව මූනුපොතේ දැනටමත් ඔබලා.. මමත් ඒ ‍රැළටම එකතු වෙන එක හරි නැති නිසයි මම නොදැම්මෙ.ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete