Pages

Friday, February 25, 2011

ලිනක්ස් මුල සිටම 08 කොටස

කලින් ලිපි දෙකෙන්ම මම ලිනක්ස්වල පාටිශන් කතන්දරේ අයින් කරලනෙ තිබුනෙ.. ඔන්න අද තමයි එකට හොද දවස.. පාටිශන් ගැන අපිට තේරෙන භාශාවෙන් මුල ඉදලම ඉගෙන ගනිමු.. එතකොට ලිනක්ස්
Fedora ද  Ubuntu ද අරකද මේකද කිය කියා ලත වෙන්න ඕන නෑනෙ.. Theory එක දන්නවනම් ඕන ඕන විදිහට අඹරලා පාවිච්චි කරන්න පුලුවං..

ඇත්තටම පාටිශන් එකක් කියන්නෙ මොකක්ද කියන තැනින්ම පටන් ගනිමුකෝ..

මොකක්ද මේ පාටිශන් එකක් කියන්නේ?

එක Hard drive එකක් logical drives කිහිපයකට කඩන එකට තමයි පාටිශන් කරනවා කියන්නේ.. කොහොම උනත්  system  එක ඒවා අදුරගන්නේ වෙන වෙනම independant disk විදිහටයි.

ඉතිං මොකටද එහෙම කරන්නෙ.. කහනවට නෙවෙයිනේ.. එහෙම කරන්න ගොඩක් හේතු තියෙනවා කිහිපයක් මම පල්ලෙහා දාන්නම්..

01.අපේ ඩේටා Encapsulate කරන්න පුලුවං.. හිතන්න ඩිස්ක් එකම තනී ඒකකයක් විදිහට තිබිලා මොකක් හරි මොන්ගලයක් කෙලල ඩිලීට් හරි ෆෝමැට් හරි උනොත් කාලයක් තිස්සෙ එකතු කරපු වැදගත් ඩිජිටල් කුනු ගොඩවල් ඔක්කොම අපිට නැති වෙනවා නේද?..ඒත් පාටිශන් කරල ඒවා වෙන වෙන බ්ලොක්ස් වලට දාල තිබුනනම් අපිට නැතිවෙන්නෙ ඒ පොඩ්ඩ විතරයි නේ.

02.ඩිස්ක් එකේ ඉඩ කාර්යක්ෂම විදිහට පාවිච්චි කරන්න පුලුවං..

03.System එකේ Virtual මෙමරි එකට වෙනම් කොටසක් දෙන්න පුලුවං.. ලිනක්ස් වල Swap partition කියල කියන්නේ ඒකට තමයි..Swap ගැන පස්සෙ වෙලාවක හෙමිහිට හොදට ඉගෙනගනිමු..

4.Multi boot ඒ කියන්නේ එක පාර OS කිහිපයක් එකම හාඩ් එකේ ඉන්ස්ටෝල් කරන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද?.. තව ඉතිං නා නාප්‍රකාර හේතු සහ වාසි තියෙනවා පොඩ්ඩක් හිතලම බලන්නකෝ..

එතකොට පාටිශන් ජාති ගැනත් පොඩ්ඩක් දැන ගත්තොත් නරකද..

01.Foreign Partition Types කලබල වෙන්න එපා.. අපි ඉන්නේ ලිනක්ස් ලෝකෙ නේ.. ඉතිං ඌට අදාල නැති අනික් උන් ඔක්කොම විදේශ බලවේග තමයි.. තේරෙන විදිහට කිව්වොත් microsof and apple වගේ OS පාවිච්චිකරන පාටිශන් ජාති..FAT වලින් පටන් ගත්තම කීයක්නම් ජාති තියෙනවද..

02.Primary Partitions
ඉස්සර ඉතිං ගිගා බයිට් ටෙරා බයිට් ගනං හාඩ් තිබුනේ නෑනේ.. ඉතිං Intel-based system වල පර්ටිශන් කරන්න පුලුවන් ගාන ගොඩක් සීමිත කරල තමයි තිබුනේ.. original partition table එක ඉන්ස්ටෝල් කරේ boot sector එකේම කොටසක ඊට පස්සෙ එයාල පාටිශන් කරන්න දුන්නෙ ඔක්කොම කොටස් හතරකට විතරයි.(එක ඩිස්ක් එකක් ඇතුලේ). දැං Primary Partitions කියල කියන්නේ මෙව්වටම තමයි.. මෙව්වා ගොඩක් වැදගත් system install කරන්න ගියහම.. අනික ඊලගට කියන්න යන Logical Partitions තියෙන්නේ මේ කියන එකක් අතුලෙම තමයි..

03.Logical Partitions
primary partition එකක් ආයෙම පාටිශන් කරාම හැදෙන්නෙ මුං.. අර කලිං කිව්ව නීතියට අනුව පාටිශන් හදන්න පුලුවං හටරයි නේ.. ඒ සීමාව පනින්න පුලුවං මේ ජාතියෙ එව්වා හදල.. එතකොට primary partition ඇතුලේ තව තව පාටිශන් හද හදා පාටිශන් ගාන වැඩිකරගන්න පුලුවන් කම තමයි ලොකුම වාසිය... Primary Partitions එක එකාගෙන් සම්පූර්නයෙන් වෙන් වෙන් වෙලා හිටියට මුං එහෙම නෑ..එකටම ඉදගෙන වෙන් වෙලා වගේ පෙන්නනවා..සාමාන්‍යයෙන් මෙව්වා ඕන තරමක් හදන්න පුලුවං.. ඒත් ලිනක්ස් කාරයා ඔව්වට සීමා මායිම් දාල තියෙන්නේ.. ඒත් ඉතිං අපේම හොදට තමයි..

04.Swap Partitions
සමහරුන්ට මේක හරිම ප්‍රශ්නයක් මොකක්ද මේ ස්වැප් පාටිශන් එක කිය්න්නේ..මෙන්න මෙතනින් ඒක හරියටම ඉගෙන ගන්න.. system එක වැඩ කරද්දි RAM එකේ Blocks කෑලි කෑලි මතකයට පාවිච්චි කරනවා.. මොකද මේවා හරිම වේගවත්නේ..මේ blocks වලට pages කියල කියනවා.. ඊලගට ඊලගට ඉක්මනට ඉක්මනට ලග ලග පාවිච්චි වෙන process වල page set එකට කියන්නේ working set කියල.. මෙව්වා ටිකනම් පුලුවං තරම් RAM එකේ තමයි තියාගන්න උත්සාහ කරන්නේ.. ඒත් ඉතිං processes ගොඩාක් එක පාර දුවන්න ගත්තහම kernel ලොක්කා උත්සාහකරනවා මෙව්වා කොටසක් (පේජස්) හාඩ් එකට දාන්න.. පොඩ්ඩක් slow උනාට හාඩ් එකත් මතකයක් නේ.. ඉතිං Swap කෑල්ල එන්න ඕන ඔතනදි තමයි..සාමාන්‍යයෙන් RAM එකට වඩා සිය ගුනයක් Slow උනත් මේකෙන් තියෙන වාසිය තමයි, එක පාර run කරන්න පුලුවං process ගාන වැඩි  කරන්න් පුලුවං කම..

හොදයි මේක ටිකක් දිග මාතෘකාවක් උනාට කෑල්ලෙන් කෑල්ල අපි ගොඩ දාගන්න බලමු.. ඔය කියපු පාටිශන් වලින් ලිනක්ස් දාගන්නනම් මොනවද තියෙන්න ඕන..?

අනිවා primary partition එකක් තියෙන්න ඕන..

swap partitions එකක් හරි කිහිපයක් උනත් කමක් නෑ.. (එකක් තිබුනම හොදටම ඇති)

තව අමතර primary/logical partitions ඕනනම් හදාගන්න නැතිඋනා කියල ප්‍රශ්නයකූත් නෑ..

එතකොට අමතර හාඩ් තියෙනවනම් එව්වගෙ  Swap හදන්න යන්න ඕන නෑ.. primary/logical partitions ඕන ඕන විදිහට හදාගන්න එකයි ඇත්තේ..

එතකොට කතාව තව දිගට ඇදගෙන ගියොත් Boot Partition එක වෙන්න ඕන අනිවා  primary partition එකක්ම තමයි.. logical partition එකක බෑ..
Swap එකටනම් ඔය කොයිකත් එකයි..

Swap එක ගැන කියනකොට හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි size එක කොච්චරවෙන්න ඕනද කියන එක.. ලිනක්ස් අතගහපු මුල් කාලෙනම් කියන්නෙ Swap එක RAM එක වගේ දෙගුනයක් වෙන්න ඕන් කියල.. ඒත් RAM එක ගානටම ඒක තිව්වත් අවුලක් නෑ.. මගෙ  System එකෙත් එහෙම තමයි.. දැං තියෙන් ගිගා ගනං ‍රැම් එක්ක Swap එක පාවිච්චි වෙන්නෙ නම් ගොඩක් අඩුවෙන් කියල මමත් නිරීක්ශනය කරල තියෙනවා..

ඕක පැහැදිලිව කොටස් හතරකට කඩල කියන්නම්..

01.අඩු RAM එකයි අඩු HDD එකයි නම් තියෙන්නේ.. (512MB RAM and 30GB HDD වගේ නම් RAM එකට සමානව කඩන්න..

02.1.අඩු RAM එකයි ලොකු HDD එකයි නම් තියෙන්නේ.. (512MB RAM and 80 or 100GB HDD වගේ නම් RAM එකට දෙගුනයක් කඩන්න..1GB විතර එතකොට..

03.ලොකු RAM එකයි අඩු HDD එකයි නම් තියෙන්නේ.. (2GB RAM and 30GB HDD වගේ නම් RAM එකෙන් භාගයක් කඩන්න.1GB විතර එතකොට..

04.ලොකු RAM එකයි දඩ HDD එකයි නම් තියෙන්නේ.. (2GB RAM and 100GB HDD වගේ නම්) 2GB විතර කැඩුවම එළ..

මෙකට ඉතිං නීතියක් නෑ..
 
රායිට්.. අදට ඇතිනේ.. ලබන පාර ලිපියෙන්.. අපි බලමු ඔය
/dev/fd0
/dev/sda
/dev/hda
/dev/hdb කිය කියා අර  ඉන්ස්ටෝල් කරන්න යනකොට මැනුවල් පාටිශන් දැම්ම්මම පෙන්නන එව්වා ගැන.. ඒ ටික දැන ගත්තම දෙය්යනේ කියල ලිනක්ස් ඉන්ස්ටෝල් කරගන්න රූප බල බලා දගලන්න ඕන නෑ..

තව ඔයාල දැන ගන්න ඕන ලිනක්ස් වල පාටිශන් කරන වැඩසටහන් ගැනත් කියල දෙන්නම්.. Graphical user inteface වල නම් කජු කනවා වගේ සරලයි..  command  පාවිච්චි කරල කරන විදිහත් දාන්නම්. ටිකක් දරුනුයි හැබැයි එව්වානම්.. අපි පිලිවෙලට යමු ලිනක්ස් පාටිශන් කරගෙන  OS එක දාල.. software install uninstall  කරල network  පැත්තටත් අතගහන්න බලමු.. ගොඩක් කල් යනවා.. මොකද හැමෝටම තේරෙන විදිහට දාන්න එපැයි.. අනික බොරු දාන්නත් බෑනෙ..  ඔයගොල්ලන්ට හිතෙනවනම් මේ යන විදිහෙ මොකක් හරි වෙනසක් වෙන්න ඕන කියල කමෙන්ට් එකකින් හරි මේල් එකකින් හරි එවන්න..

9 comments:

  1. වැදගත් ලිපි පෙළක්. දිගටම කරගෙන යන්න.
    සුබ පැතුම්.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ප්‍රයෝජනවත් ලිපි පෙළක්... දිගටම ලියන්න...

    ReplyDelete
  4. මම නියම වෙලාවට මේක දැක්කේඑ තව පොඩ්ඩෙන් මග ඇරෙනවා

    ගොඩක් ස්තූතියි මචං ...

    ReplyDelete
  5. niyamai ,,machan

    ReplyDelete
  6. නියමයි,, මට ප්‍රශ්නයක් තියනව,,,
    එකම hard drive එකක partition දෙකකට windos xp හා redhat server එක install කරන්නෙ කොහොමද?

    ReplyDelete
  7. niyamai.. math linux igenaganna hoda blog ekak hoya hoya hitiye, digatama karanna!!

    ReplyDelete
  8. මම අද සිට බලමි, උසස් පෙල ප්‍රතිවල ලදිමි, අවුල ලිහා ඇත, කැම්පස් එමි,අයිටී කරමි, ජනේලය තුලින් ලොව දුටු මට ලිනක්ස් යකා අමුතු සතෙකි, මම රෙඩී, පටන් ගනිමි

    ReplyDelete
  9. ela ela ...magenuth subha pethum....

    ReplyDelete