ලිනක්ස් ගැන ඉගෙන ගනිද්දි ගොඩාක් වැදගත් දෙයක් තමයි එකෙ file system එක ගැන හරි අවබෝධයක් ලබා ගන්න එක. මොකද ඒ මත තමයි ලිනක්ස් අණ්ඩර දෙමළයක් වෙනවද නැත්තන් තේරෙනවද කියන දෙකෙන් එකක් තීරණය වෙන්නෙ.
මුළින්ම කියන්න ඕන අපි බිල් ගෙස්ට් ගෙ වින්ඩෝස් අච්චුවෙ මෙක තෙරුම් ගන්න ගියොත් නන්නත්තාර වෙනවා. ඉතිං අපි ලිනක්ස්, ලිනක්ස් විදිහටම තෙරුම් ගත්තොත් හරි..
මෙතනදි කියන්න ඕන අනික් කාරණය තමයි ලිනක්ස් ලිනක්ස් කියල කෑගැහුවට එයාගෙ අප්පා වෙච්ච යුනික්ස් විදිහට තමයි මෙයත් හැදිල තියෙන්නෙ. ඒ කියන්නෙ මේ කියන්න හදන දේවලින් ගොඩක් දේවල් ඒ දෙන්නටම පොදුයි.හැම දේම නෙවෙයි.
මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්.. මොකක්ද? ලිනක්ස් වලදි හැම දේම ෆයිල් එකක් විදිහට තමයි ගනන් ගන්නෙ.. අර වින්ඩෝස් වල files and directories වගෙ නෙවෙයි.. හැම දේම කිව්වාම හැම දේම... කෑලි බෑලිත් sound card, video card, HDD, FDD, serial port, අරවා මෙව්වා හැම දේම මූ හිතං ඉන්නෙ ෆයිල් කියල..(ටිකක් අමුතුයි නේද?)
මේක විකාරයක් වගේ හිතුනට එහෙම කරල තියෙන්නෙ හේතුවක් ඇතුව.
පොඩ්ඩක් හිතල බලන්න එහෙම උනාම OS එකට මතක තියාගන්නයි කරන්න පුලුවං වෙන්නයි ඕන පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.. එයාට,
01. file ඕපන් කරන්න
02. file කියවන්න
03. file එකක ලියන්න
04. file එකක් වහන්න.... දැනගත්තම ඇති නේද.. මාර සංකල්පයක් තමයි..
දැං හැම දේම file එකක් විදිහටනම් මෙයා ගනන් ගන්නෙ වින්ඩෝස් වලදීට වඩා ෆයිල් වර්ග ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද..?
වින්ඩෝස් හරි ලිනක්ස් හරි ඔව්වා අතුලේ fille types නම් කීයක් ත්යෙනවද ඇත්තට.. 100ක්, 1000ක්, 10000000ක්... ඇත්තටම කියන්න බෑ නේද? පටලවාගන්න එපා ඒවා එක එක විදිහට තිබුනට ඇත්තටම තියෙන්නෙ ජාති දෙකයි.
01. Directories
02. Normal Files තමයි ඒ....
Directories කියන්නෙත් file ජාතියක් කිව්වම නිකං මොකක්දෝ වගෙ නේද, ඒත් ඇත්ත මේකයි.. එව්වත් file තමයි එවවා ඇතුලෙ තව තව files හරි directories වලට හරි ඕන කරන entries තමයි තියෙන්නෙ.. (වැඩේ තේරුනාද මන්දා) ඉතිං ඔය කියන directories හැරුනාම අන්කික්වා ඔකොම normal file තමයි. බලන්න කොච්චර සරලද.. මෙවවා binaries, hexa, executable..... බ්ලා බ්ලා බ්ලා විදිහට තියෙන්න පුලුවං.. දැං හරිනේ..
දැං අයෙමත් ටිකක් අමාරු හරියක්.. හිතන්න මූ හැම දේම හිතන්නෙ file1ක් කියල නම්( මතක් කරගන්න HDD,FDD, Porrts.... etc. ) මුගෙ file වල inputs and outputs තියෙන්නත් ඕන file විදිහටම නේද.. හුටා.. ඔන්න එනව විෂේශ ෆයිල් Special Files කියල හාදයො ටිකක්.. එයාලට කියන්නෙ links (සම්බන්දක) කියල. දැංනං ටිකක් හරි වගේ.. මේගොල්ල ජාති දෙකයි..
01. Hard Links
02. Symbolic Links (sym links)
මෙව්වා ගැන මීට වඩා කියන්න ගියොත් වැඩේ ගොඩක් අයට තෙරෙන්නෙ නැතුව යයි.. වැඩිදුර ඉගෙන ගන්න ඕන අයට පොඩ්ඩක් අන්ත්ර් ජංජාලෙ කරක් ගැහුවනං හොයගන්න පුලුවන්.
ඔය කියපු link හාදයො ඇරුනම තව ඉන්නවා Special කස්ටිය
01. Charictor files මෙයාල අනුමත කරන්නෙ එක වෙලාවකට එක ජාතියක දේවල් විතරයි.. හික්.. උදාහරණ බැලුවම තේරෙයි.. Soun Card, Video Card, Serial Port, Key Board.... etc.
02. Block Files මෙයාලට අනුමත වෙන්නෙ block පිටින් ගත්තම තමයි.. පොඩ්ඩ පොඩ්ඩ බෑ ගොඩක් වෙලාවට දත්ත ගබඩා කරන කස්ටිය.. නිකං CD ROM, HDD, FDD, වගෙ උං..
03. Pipes නමෙම තියෙනවනෙ පයිප්පෙ.. පයිප්පෙ.. මෙයාල තමයි Application අතරෙ තොරතුරු හුවමාරු කරන්නෙ.
04. Sockets මෙයාලත් පයිප්ප වගෙම තමයි හැබැයි ගනු දෙනු කරන්නෙ Network Applications එක්ක තමයි..
හිතල බැලුවම මෙයාල devices තමයි ඒත් system එකේදි files.. (හරිම සාධාරණයි බැලුවම Linux නම් ඇයි ඉතිං කාටවත් වෙනසක් කරන්නෙ නෑනෙ.. ඔක්කොම file තමයි.
මේ කියපුවා වැඩිය තේරුනේ නැති උනාට ගනං ගන්න එපා.. ඊ ලග කොටසෙන් ඔව්ව Linux වල තියෙන විදිහ බැලුවම නොතේරෙන එව්වත් එළ කිරි වාගෙ තේරෙයි..
ela ela comment nathi unata kamak na ban...api balanawa meka..liyanna. "jaya"
ReplyDeleteGodaaaaaaaaak sthuthi. kochchara english ekka weda kalath sinhalen tharam oluwata wetenne
ReplyDeleteඔබට ගොඩාක් ස්තුතියි..
ReplyDeleteniyami mithura digatama liyanna.
ReplyDeleteelaaaaaaaa wadak
ReplyDelete