මේ පාර කියන්න හදන දේවල් ටික පහුගිය ලිපියත් එක්ක කෙලින්ම සම්බන්දයි.. ගියපාර ලිපියෙ file ගැන ඉගෙන ගත්ත දේවල් අපිට පේන විදිහට systemඑක ඇතුලෙ තියෙන විදිහයි අද බලන්න යන්නෙ.
මුලින්ම බලමු microsoft ලෝකෙ root directories ගොඩක් තියෙනවා නේද.. බලන්න හැම volume එකකටම එයාගෙම කියල root directory එකක් තියෙනවා
C:\
D:\
E:\...... කියලා.drive letter එකත් එක්ක root directory එක පටලවා ගන්න එපා \ : back slash එක ගහල අපි යන්නෙ ඔය කියන root directory එකට තමයි.. අන්න ඒවා තමයි microsoft ලොක්කා ගාව එක එක volume එකට එක එක ගානෙ තියෙන්නෙ. ඒත් ලිනක්ස් වලදි කතාව ගොඩක් වෙනස්.. තියෙන්නෙ එක root directory එකක් විතරයි.ඇත්තටම මේක unix වල සංකල්පයක්.. unified directory කියල තමයි unix වල ඕකට කියන්නෙ.
මේ කියන හරුපෙ තවත් හොදට තේරෙන්න google image වලින් search කරල හොයාගත්ත පිංතූරයක් මං දාන්නම්කො පහලින්..
ලිනක්ස් පලවෙනි වතාවට පාවිච්චි කරන්න ගියම ඔලුව අවුල් වෙන්නෙ system එකට ගියාට පස්සේ හැම තැනම files, folders... තමයි පේන්න තියෙන්නෙ.. CD or DVD ROM එක අනික් partitions, Flash drive... අරවා මෙව්වා කොයි ලෝකෙ තියෙනවද කියල හිතාගන්න බැරුව යනවා (ඒත් දැං තියෙන file browsers ගොඩාක් user friendly විදිහට හදල තියෙන නිසා වැඩි අවුලක් නෑ) සමහර විට හිතෙන්න පුලුවං ටිකක් ලිනක්ස් පාවිච්චි කරල තියෙන කෙනකුට graphical file browsers තියෙද්දි මොකට ඕව ගැන හොයනවද කියලත්.. එත් system එක එක්ක හරඹ කරන්න නම් මෙව්වත් ටිකක් දැනගන්න එක හොදයි..
ඉතිං කොහොම හරි root එක අස්සෙ උඩින් තියෙන රූපෙ විදිහට එක එකට විශේෂිත වෙච්ච ව්දියට තව directories සෙට් එකක් තියෙන්න තමයි ලින්ක්ස් යුනික්ස් file system එක ගොඩනගල තියෙන්නෙ.. මේක standard ඒ කියන්න සම්මතයක් විදිහටයි තියෙන්නෙ.මොකද යුනික්ස් එක පාදක කරගෙන ලිනක්ස් එන්න කලින් යුනික්ස් අච්චුවෙ system ගොඩක් ලෝකෙට බිහි උනා, ඒත් ඒව හදපු කට්ටිය එයලට ඕන ඕන විදිහට system එක සැලසුම් කරපු නිසා එවා එක එකක් එක්ක compatibable උනේ නෑ. ඉතිං ලිනක්ස් වලට ඔය සෙතේ වෙන්න කලින් linux community එක මේක standardized සම්මතකරනය කරල තියෙන්නෙ The file system hierarchy standard (FHS) කියල තමයි ඔකට කියන්නෙ.
ලිනක්ස් unified file system එකක් නිසා එයාට තියෙන්නෙ එක root directory එකක් කියල අපි කලින් කිව්වනේ, ඉතිං එතකොට අනික් පාටිශන් කෑලි බෑලි කොහෙද තියෙන්නෙ.. ඒ හැම දෙයක්ම root directory එක යටතෙ තම්යි mount කරල තියෙන්නෙ.. මේ හැම දේම තීරණය කරන FHS එක Linux standards base (LSB) කියන සෙට් එක තමයි පාලනය කරන්නෙ. මෙයාල බලගෙන ඉන්නව ලෝකෙට එන Linux පද්දති වල සම්මතය.. මොකද එයාලගෙ සම්මතයට වැඩ කරොත් තමයි Linux-Linux එක එක පදති අතර compatibility එක තියෙන්නෙ.
හරි අපි බලමු ඔය root අස්සෙ තියෙන එව්වයෙ තියෙන්නෙ මොනවද එව්වයෙන් වෙන්නෙ මොනවද කියලත්...
/
මෙයාගෙන් කියවෙන්නෙ Linux system එකේ root directory එක කියන එකයි.. මෙයා තමයි ලොක්කා.. මෙයා යටතෙ තමයි අනික් හැමෝම mount වෙලා ඉන්නෙ..
/bin
මේක ඇතුලෙ තියෙන්නෙ binary commands මෙව්වා හැම User කෙනකුටම අදාල සෙට් එක..
/boot
ඔන්න මේක අස්සෙ තමයි අර මෙච්චර දවසක් කිව්ව kernel එක තියෙන්නෙ ඊට අමතරව boot loader files ටික තියෙන්නෙත් මෙතන තමයි..
/dev
device files දාලතියෙන්නෙ මේක අස්සෙ.
/etc
අදාල පද්ධතියටම පමනක් විශේෂ වෙච්ච දේවල් දාල තියෙන තැන
/home
ගෙදර වගේ.. අපට ඕන කරන අපි දාන දේවල් තියෙන තැන user home directories තමයි මෙතන තියෙන්නෙ..
/initrd
system එක boot කරද්දි මුලින්ම ගන්න RAM image එක තමයි තියෙන්නෙ.. මොකද අපි හැමොම දන්නවනේ system එක power ඔෆ් උනාම RAM එකෙ තිබුන ඔක්කොම නැතිවෙලා යනව කියල
/lib
පුස්තකාලෙ.. shared program libraries ටිකයි kernel modules ටිකයි..
/media
CD-ROM and floppy drives,removeable media එහෙම තියෙන්නෙ මෙතන..
/mnt
media එකේ තිබුන ඒව ඉස්සර මේකෙ තමයි තිබුනෙ.. ඒත් system එක අලුත් වෙද්දි එව්ව /media එකට දාල..
/opt
අමතර programs එන්නෙ මෙහෙට තමයි.. අපි අලුතින්ම දාන සමහර එව්වා එන තැන,
/proc
system state and processes ගැන තොරතුරු ත්යෙන්නෙ මෙහෙ..
/root
මේක කලින් කියපු root එක්ක පටලගන්න එපා.. මේ තමයි root user ගෙ home directory එක. මෙක directory එකක් මිසක් අර කලින්ම කිව්ව root එහෙම නෙවෙයි..
/sbin
system binary commands ටික
/srv
servers වලට එහෙම ඕන කරන file උදා: FTP and Web
/sys
මේක අලුතින් එකතු වෙච්ච එකක්.. ඉස්සර /proc එකේ තිබුන සමහර එව්වා දැං මේකට දාල
/tmp
පද්ධතිය වැඩ කරද්දි හැදෙන temporary files තියෙන්නෙ මෙහෙ./usr
system commands and utilities තම්යි තියෙන්නෙ.. මේක ඇතුලෙ /usr/bin
/usr/lib
/usr/local
/usr/sbin
/usr/X11R6 (for the X Window system)
කියල තව කට්ටියකුත් ඉන්නව ස්මහර එව්වගෙ /usr/doc හරි /usr/share/doc subdirectory කියල එකකුත් තියෙනවා හැම user කෙනකුටම access කරන පුලුවං docs දාපු.
/var
හැම නිතරම වෙනස් වෙන එව්වා දාන්නෙ මෙහේ.. උදා:/var/mail (holds e-mail in boxes)
/var/spool (holds files waiting for processing, such as print jobs or scheduled jobs)
/var/www (holds www or proxy cache files)
ඔන්න ලාවට ලාවට වගේ මෙව්වා දැන ගත්ත එකේ ලිනක්ස් පාවිච්චි කරන්න කරන විදිහ ගැන ඉදිරි ලිපි වලින් බලාගමු..
niyamai digatama liyanna
ReplyDeleteඑකසිය විස්සට දෙසිය විස්සක්ම ආයුබෝවෙවා!
ReplyDeleteඑළ එළ . Linux පාවිච්චියත් නිකන් කුඩු ගැහුවා වගේ තමා ;)
ReplyDeleteදිගටම ලියන්න. අපි බලනවා. පුලුවන් නම් ඔය word verification code එක අයින් කරලා දාන්න. කමෙන්ට්ස් කරන අයට එතකොට පහසුවක් වෙයි.
ReplyDeleteEla ohoma yan
ReplyDeleteweldone
ReplyDeletecylon lynux දාගත්තා යාලුවා මේකට මොබ්යිල් පර්ට්නර් එක වැඩ නැනේ. සයිට් එකේ කියන විදිහටත් කරා. උදව් කරනවද... ස්තූතී, ජයවේවා..
ReplyDelete