Pages

Thursday, February 24, 2011

ලිනක්ස් මුල සිටම 07 කොටස



පහු ගිය ලිපියෙන් Ubunu ඉන්ස්ටොල් කරන විදිහ ලාවට බලපු එකේ මේ පාර Fdora දාන විදිහ පොඩ්ඩක් බලමු.. Linux Distribution එකෙන් එකට ඉන්ස්ටෝල් කරන විදිහ දාන්න ගියොත් ඒකම තමයි කර කර ඉන්න වෙන්නෙ.ඒක නිසා මේ ලිපියෙන් විතරයි Screenshots භාවිතා කරල කියන්නේ.. ඊලග ලිපියෙ දැනගන්න ඕන මූලික වැදගත් දෙවල් ටික දාන්නම්.. එතකොට Linux යකා කොයි විදිහෙ වෙස් මූනක් දාගෙන ආවත් ඌත් එක්ක ඔට්‍ටු වෙන්න පුලුවං.. හරි ෆෙඩොරා දානකොට එන පලවෙනිම  බයිලාව මෙන්න මෙහෙමයි..



එතනින් text mode එකනම් තොරන්න යන්න එපා දැංමම..  ඊටපස්සෙ වල්කං කියාගෙන ලෝඩ් වෙනවා..

ඊලගට එනව අමුතු එකක් මෙකෙන් පුලුවං අපි ඉන්ස්ටෝල් කරන්න යන CD or DVD එක චෙක් කරගන්න.. මොකද නැත්ත්ං මගදි කියන්න පුලුවන්නෙ අරක දාන්න බෑ මේක දාන බෑ කිය කියා..


ඔන්න අයෙම Graphic මෝඩ් එක රන් වෙනවා..


භාෂාව දාන්න.. (ඕකනං අපේ අයට අමුතුවෙං කියන්න ඕන නෑනෙ.)


යතුරු පුවරුව තොරන්න එනවා..



කොයි පාටිශන් එකටද දාන්න අහනවා( මෙව්වා ගැන වැඩි විස්තර ඊලග ලිපියෙදි බලමු)










මෙන්න අර කලිං කිව්ව Root user කතාව ෆෙඩොරා වල කෙලින්ම එයාව අපිට දෙනවා..
මේකෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඉන්ස්ටෝල් කරන පැකේජ් සෙට් එක අපිට ඕන විදිහට ‍තෝරගන්න පුලුවංකම..

බලන්න ඕන Desktop Env එක උනත්කලින්ම ‍තෝරගන්න දෙනවා..







ඔන්න ඔහොමයි ෆෙඩෝරගෙ කතාව.. Screenshots පාවිච්චි කරාටනම් සමාවෙන්න ඕන.. මම විශ්වාස කරන විදිහටනම් මේ වගේ රූප බල බලා ලිනක්ස් නෙවෙයි ඕන එකක් තෙරුම් ගන්නනම් බෑ කියන එක.. බැරිවෙලා හරි ඊලඟ එකේ රූපේ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් කෙලිය තමයි තාප්පෙටම.. ඉතිං ඒක නිසා අපි ඊලඟ ලිපියෙ ඔය ඔතන වෙච්ච බයිලා ටික තේරුම් ගන්න බලමු.. මට ඕන උනේ පොඩ්ඩක් යකාගෙ හැටි පෙන්නන්න විතරමයි..
තව කාරනාවක් කියන්න ඕන මේ ලියවෙන විදිහෙ වෙනසක් වෙන්න ඕන නම් පොඩි කමෙන්ට් එකක් දැම්මට කමක් නෑ..

3 comments:

  1. මට මේක ගොඩක් වැදගත් . මම හොය හොය හිටපු එකක් .මම උගන්වන Institute එකේ ලමයින්ටත් ෆෙඩෝරා කියලදෙන්න තියනවා . මම හිත හිත හිටියේ කොහොමද මේක කරන්නේ කියලා . මම මේගැන ඇබිත්තක්වත් දන්නේ නෑ . දැන් තමයි දන්නේ .

    උඹට පිං සිද්ද වෙනවා . මේක ඉවර වෙනකම් ලියපං අපිව අතරමං කරන්නම් එපා !!

    ReplyDelete
  2. මම Ubuntu ගැන හා මේ ලිපියේන් කියවන Fedora වල අතිතය ලියනවා. ඹන කේනේක් ඉන්නවානම් පහල ලින්ක් ඒකට යන්න.....

    http://srilankaictchat.blog.com/2011/02/22/open-slurce-%e0%b6%b4%e0%b6%bd%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1-ubuntu-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1/

    ReplyDelete
  3. මාරු අයියේ .......
    මමත් අසාවෙන් කියවන බ්ලොග් 1 ක් තමයි දිගටම ලියන්න ....

    ReplyDelete