Pages

Wednesday, February 23, 2011

ලිනක්ස් මුල සිටම 06 කොටස

ඔන්න අද කතන්දරේ ලිනක්ස් ඉන්ස්ටෝල් කරන විදිහ ගැන. සමහර විට හිතෙයි අය්යෝ ඕකනම් මොකක්ද CDඑක ගත්තා 1st boot CD කියල bios හැදුවා එන එන විදිහට දුන්නා වැඩේ කියලා.. ඒත් ගෙනාව,ගත්ත,දැම්මා කියන්නෙ නිකන් ඔහේ පොට්ටෙ කරන වැඩක්නෙ.එක නිකං අර පෙලක් dialog box වලට yes or no  ඔහේ ක්ලික් කරනවා වගේ වැඩක්නේ.. අදනම් මාත් ලොකු අමාරුවක වැ‍ටුනා මොකද ලිනක්ස් ඉන්ස්ටෝල් කරන විදිහ  එක එක distrubution එකේ එක එක විදිහයි. මේ ලිපි ලිනක්ස් ගැන පොදුවෙ සාකච්චා කරන නිසා  ubuntu හරි Fedora හරි installing screenshots ටිකක් දාල මල්ලෙන් ගහල ශේප් වෙන එක හරි මදි.. ඇත්තටම මේ වගෙ බ්ලොග් එකක ඔහේ මේක කරන්න මෙ command එක ගහන්න අරක කරන්න අර command එක ගහන්න කියල ආතල් දීල තෙරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ..අන්තිමට ගොනා වගේ කවුරුහරි කියන කියන තාලෙට කරන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව තමයි වැඩ කරන්න වෙන්නෙ.. එහෙම නෙවෙයි අපි ඔය කතන්දරේ සරලව තේරුම් ගන්න බලමු screenshots ටිකකුත් දාන්නම්.. හැබැයි තේරුමක් නෑ මොකද ඇස් පේන ඕන කෙනකුට තමුන්ගෙ system එකේ ඒක ආවම කියවල බලල කරනදේ කරන්න පුලුවන්නේ.. ඉස්සරවෙලාම ඉන්ස්ටෝල් කරන්නනම් තමුං කැමති ජාතියේ ලිනක්ස් disteibution එකක් ‍තෝරගන්න එපාය..මම කියන්නෙ නෑ අරක  හොදයි මේක හොදයි කියල, ඒක ඉතිං එක එක්කෙනාගේ කැමැත්ත තමයි.. ‍තෝරාගන්න ගොඩක් distribution තියෙනවා. හිතන්න එපා ලිනක්ස් කියන්නෙ Ubuntu වලට විතරයි කියලා. ඒකට පොඩි උදව්වක් කරන්නම් http://distrowatch.com/ කියන සයිට් එකට ගියානම් තමුන්ට හරියන යකාව ‍තෝරගන්න පුලුවං.. පොඩ්ඩක් අන්තර් ජංජාලෙ කරක් ගහල බැඳගන්න යන යකා ටිකක් කොයි වගේද කියලත් හොයල බලන්න අමතක කරන්න එපා. දැනට ලිනක්ස් පාවිච්චි කරලම නැත්තං එකපාරටම Windows වලට පයිං ගහල ලොක්ක වගෙ ලිනක්ස් විතරක් දාගන්න එපා.. ඊට පස්සේ හුරු නැති නිසා ටික දවසකින් ලිනක්ස් හදාපු අයගෙ අම්මලා තාත්තල විතරක් නෙවෙයි ආච්චිටත් අමතල තමයි නවතින්නේ..
ඉන්ස්ටෝල් හැඳින්වීම පොදුවෙ කරල RedHat පවුලෙන් Fedora සහ Debian පවුලෙන් Ubuntu ඉන්ස්ටෝල් කරන විදිය පෙන්නන්නම්..

සාමාන්‍යයෙන් ලිනක්ස් ඉන්ස්ටෝල් කරද්දි ඕන OS එකක පොදු පියවරවල් ටිකක් තියෙනවා.. සමහර OS වල ඒවා එකින් එක පෙන්නනවා.. සමහර ඒවල නෑ. දැං දැං ලිනක්ස් ගොඩක් desktop usersලවත් ඉලක්ක කරන නිසා ඉන්ස්ටෝල්  ක්‍රියාවලිය ගොඩාක් පහසු විදියට හදල තියෙන්නේ. මම කලින් කිව්වනේ ලිනක්ස් කියන්නෙ එකතු කරපු පැකේජ් සෙට් එකක් කියලා. ඉතිං ඉන්ස්ටෝල් කරද්දි අපට පේන installer එකත් කගෙ හරි නිර්මාණයක්.. ගොඩක් RedHat base ඒවගෙ annaconda කියල එකක් තමයි තියෙන්නේ. හරි මොනවද මේ OS එක ඉන්ස්ටෝල් වෙද්දි වෙන්නේ..

01. Boot in to Linux
ලිනක්ස් වලට බූට් වෙන්න ඕන.. දැංනං ඕකට ගොඩක් ක්‍රම තියෙනවා.. ඉස්සර Bootable Floppy disk හදල එකෙන් බූට් කරා Ms98 එහෙම දැම්ම මතක ඇති සමහරුන්ට.. එතොකොට අපි පොඩි ළමයිනෙ.. CDඑකෙන් එහෙම නැත්තං Network boot හරි USB Flash drive  එකක් පාවිච්චි කරල උනත් ඕක කරන්න පුලුවං..

02. ඊට පස්සෙ ඔය time zone එක ‍තෝරන්න වගෙ පොඩි පොඩි settings ටිකක් දෙන්න ඕන මේ පිලිවෙල එක එක distribution එකට එක එක විදිහක් කියලත් මතක තියාගන්නකෝ.. ඒ බයිල ටික ඉවර උනාම එනවා ගොඩක් වැදගත් තැනකට Partitionig and format..  මෙව්වා ගැන පැහැදිලිව මේ ලිපියෙම පහල තියෙනවා.. මෙතන පොඩි හදින්වීමක් කරේ යන පිලිවෙල.

03. Choose packages and install selected.. මේ පියවර උබුන්‍ටු  CD එකෙන් විතරක් දාපු අයටනම්  පුරුදු නැතුව ඇති.. ඒත් සල්ලි වලට ගත්ත linux distribution හැම එකකම වාගෙයි DVD එක පුරවලා ෆුල් පැකේජ් සෙට් එකත් එක්ක එන එව්වගෙයි අපිට ‍තෝරන්න පුලුවං ඕන කරන පැකේජ් තම තමංට ඕන ඕන විදිහට එතන ඉතිංmultimeadia,office,browsers,විතරක් නෙවෙයි ඕන නං desktop env එක උනත් තොරන්න පුලුවං සමහර එව්වගෙ..Ubuntu studio දාපු අයට අහුවෙලා ඇති නැත්තං fedora

04. සමහර එව්වගෙ නෙට්වර්ක් එකේ සෙටිංස් දෙන්නත් ඕන.

05. X windows configuration තියෙන්න පුලුවං

06. Create root user password
උබුන්‍ටු විතරක් අතගාල තියෙන අයටනම් මේක ටිකක් අලුත්. මොකද එකෙ root යුසර්ව අපිට දෙන්නෙ නැති නිසා. root user ගැන කතාව ඇදිච්ච නිසා මෙතනම කියන්නම් root user කියන්නෙ full administrtive rights තියෙන එකාට ඌට පුලුවං system එකට ඕන කෙලියක් කරන්න.. උබුන්‍ටු කාරය අපිට එක කරන්න දෙන්නෙ නෑ Graphical User interface එකේ.. ඕනම නං කරන්න ක්‍රම සහ විදි තියෙනවා.. rootගෙං ලොග් උනාම terminalඑකෙ වැට්වෙන්නෙ$ මාක් එක නෙවෙයි # මාක් එක..උබුන්‍ටු එහෙම උනාට ෆෙඩෝරා වල එහෙම නෑ.. ඉස්සරහට අපි බලමුකෝ Root බැරිනං බීට් රූට් හරි කමු..

07.  ඔය අලකලංචි පෙරහැර ගියාට පස්සේ අහනවා රිබූට් කරන්න.. එතකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි..

මට මේ පරිච්චේදය ලියන්න හරිම අමාරු උනා මොකද මෙව්වා එක එක එව්වගෙ එක එක විදිහ නිසා
ඉස්සෙල්ලම Ubuntu Graphical mode installation එක බලල ඉම්මු. ඕනනං මෙන්න මේ ලින්ක් එකෙන් වීඩියෝ එකක් තියෙනවා බලන්න : http://www.youtube.com/watch?v=w8a-smrPlvE&hd=1 තව ඉතිං වීඩියෝ ඕන නං youtue එක පැත්තෙ රවුමක් දාන්න.. ඕන තරං ඇති.. බනින්න එපා ලින්ක් එකක් දාල ශේප් උනා කියල පොඩ්ඩක් හි‍ටු..
ඔන්න ඉතිං නමෝ විත්තියෙං මං අර කිව්වා වගේ තමුන්ට ගැලපෙන යකාව තොරගත්ත කස්ටියගෙන් Ubuntu ගත්තනම් පල්ලෙහා විදිහට තමයි වැඩෙ දුවන්නෙ.. අනිවා කරන්න ඕන වැඩේ දන්නවානෙ Boot priority එක CD එකට දෙන්න සමහර PC වල  temporary boot device කියල ‍තෝරන්න පුලුවං එතකොට ඒ සැරෙ විතරයි ඒකෙං බූට් වෙන්නේ
හරි කමක් නෑ කොහොම හරි මුලිං යන බයිලා ටිකට පස්සෙ වල්කං කියාගෙන එනවා උබුන්ටා මෙන්න මෙහෙම
ඊට පස්සෙ time zone එක ‍තෝරමු



ඊට පස්සෙ keyboard layout එක  ‍තෝරන්න ඕන.. සමහරවිට හිතෙයි මොකටද එහෙම පියවරක් කියලා.. ලෝකෙ හැම keyboard එකක්ම එකම ව්දියට නෑ සමහරුනම් දැකල අති අකුරු එහෙ මෙහෙ මාරු වෙලා පිස්සු හැදෙන එව්වා.. ඔය පිටරට පාවිච්චි කරපු කොම්පියුටර් ලඩි වල එහෙම බලාගත්ත හැකි


ඊට පස්සෙ ඩිස්ක් එක සූදානම් කරගන්න එනවා.. මෙතන පලවෙනි එක තේරුවම ඌ කරන්නෙ වින්ඩෝස් පාටිශන් අස්සෙ ඉඩ තියෙන තියෙන හැටි හැටියට  අයිනකින් OS එක දාගන්න එක.. එතකොට වින්ඩෝසුත් තියෙනව අන්තිමට..
දෙවෙනි එකනං පරිස්සමිං ‍තෝරන්නෙ.. මොකද මුලු හාඩ් එක පුරාම ලිනක්ස් ඔබන්නෙ.. කලින් තිබුන ඔක්කොම යනවා... වින්ඩෝස්, සිංදු, ගේම්...ළමා චිත්‍රපට හික්.... ඔක්කොම යනවා..

මැනුවල් පාටිශන් ‍තෝරපුවහම පාර්ටිශන් අපිට ඕන විදිහට කරගන්න පුලුවං..







මෙතනදි මම මැනුවල් පාටිශන් කරන විදිහ ගැන skip කරා. ගොඩක් වැදගත් පියවරක් ඒක ගොඩක් විස්තර ඇතුව හොද පිලිවෙලකට තේරෙන්න ඉගෙන ගන්න ඕන නිසා, එක වෙනමම ලිපියකින් සවිස්තාරාත්මකව කියල දෙන්නම්.. Swap කියන්නෙ මොනවද /sda, /sda1 කිය කියා තියෙන එව්වා ගැන ඉස්සරහට කියන්නම්..

 

user name and password අරවා මෙව්වා අහන එව්වාට උත්තර දුන්නහම ඊලඟට වැඩේ යනවා..






ඔන්න රිබූට් කරන්න අහනවා.. දැං වැඩේ අහවරයි..


බැලුවම ඇති දෙයකුත් නෑ නේද.. මේ ලිපියෙන් මම කියන්න උත්සාහ කරේ ඉතාම කෙටියෙන් උබුන්‍ටු ඉන්ස්ටෝල් පියවර ටිකක්..
මෙහෙම දෙයකුත් තියෙනවා එක එක උබුන්‍ටු ජාති වල මීට වඩා වෙනස් විදි තියෙනවා.. ගොඩක් එව්වා ඕන නම් විඩෝස් වලින් ලොග් වෙලා නිකන් ගේම්1ක් දානවා වගෙ වින්ඩොස් ඇතුලට ඉන්ස්ටෝල් කරන්නත් පුලුවං.. එතකොටනම් add/remove programme ගිහින් ලිනක්ස් එපානම් අයිං කරන්නත් පුලුවං.. නැත්තං virtual machine manager කෙනෙක් දාල එයා හරහා windows අස්සෙ virtually ලිනක්ස් දාන්නත්
පුලුවං.. 
සාමාන්‍යයෙන් ඕන ලිනක්ස් distribution එකක් හොද support එකක් දෙනවා එයාලගෙ යුසර්ලට.. වැඩිදුර විස්තර එයාලගෙ හෝම් පේජ් එකට ගියාම බලාගන්නත් පුලුවං..එහෙනම් හැමෝම එහෙ ගිහිං හැමදේම ඉගෙන ගන්න කියල මම මාරු වෙන්න නෙවෙයි කිව්වේ.. හැම දේම ඉතිං බ්ලොග් එකෙං කියල දෙන්න අමාරුයි නේ.. 

ඉතිං කට්ටිය බලයි කෝ Fedora කියල, එයා දාන විදිහ ඊලග ලිපියෙනුත්.. පාටිශන් කරන විදිහ විස්තර ඇතුව ඊලග ලිපියෙනුත් ලියන්නයි බලාපොරොත්තුව..

ඊට පස්සෙ ගොඩක් දෙවල් තියෙනවා ඉගෙන ගන්න.. Grub Boot loader එක ගැන.. dual boot ගැන වින්ඩෝස් ඉස්සර වෙලා දාල පස්සෙ ලිනක්ස් දාන්න නැත්තං ඕක මාරු කරල කරන්න swap කඩන්න shell commands සොෆ්ට්වෙයා පැකේජ් වර්ග එක එක ජාතියෙ එව්වා දාන අයින් කරන හැටි.. අඩෙ අප්පා කීයක්නම් ජාතිද.. එහෙනම් Fedora install කරන විදිහෙන් හම්බ වෙනකන් අපි ගියා..

5 comments:

  1. Thank you very much දිගටම ලියන්න

    ReplyDelete
  2. අයියේ මම ලිනක්ස් මින්ට් දැම්මේ.. මට පුලුවන්ද වින්ඩෝස් ෆයිල් තියෙද්දි ඒ එක්කම අරකත් දාන්න.. දැනට ඔරකල් වර්වුවල් මැශීන් එකේ ටෙස්ට් කරන්නේ...

    තව ඒකට ගූගල් ක්‍රෝම් දාන්නේ කෝමද කියලා දැන ගන්න පුලුවන්ද?

    marlanfernando1991@gmail.com පුලුවන් නම් මේකට මේල් කරනවද?

    ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  3. pin sidda wena wedak
    inranasingha@gmail.com

    ReplyDelete
  4. නියමයි ලොකු අයියේ නියමයි.. දිගටම කරගෙන යමු ..

    ReplyDelete