Pages

Tuesday, February 22, 2011

ලිනක්ස් මුල සිටම 05 කොටස

ලිනක්ස් මුල සිටම කිව්වට සමහරවිට හිතෙයි කෝ මෙකේ software install/uninstall කරන හැටි partitioning වගේ එදිනෙදාට අවශ්‍යය කරන ටිකක් ජනප්‍රිය මාතෘකා නෑනෙ කියලා. ටිකක් ඉවසල ඉම්මු.. එව්වත් ඉස්සරහට එනවා.. මුල ඉඳලම පිලිවෙලකට යන්න ඕන නිසා අපි පසුබිමින් ඇහෙන වැදගත් කතන්දර ටිකත් දැනගෙනම ගමන යමු.. එහෙම හොඳයි නේ..

අද අපි බලන්න යන්නේ ලිනක්ස් ලොක්කගෙන් ගන්න පුලුවං වැඩ ගැන තමයි..
සාමාන්‍යයෙන් ලිනක්ස් පාවිච්චි කරන්න පුලුවං විදි පල්ලෙහා තියෙන විදිහට කෑලි තුනකට කඩන්න පුලුවං (පරිස්සමිං)

01.Desktop: නිකං ගෙදර පාවිච්චියට වගේ.. සිංදු අහන්න, වීඩියෝ බලන්න, ගේම් ගහන්න, අන්තර්ජංජාලෙ රස්තියාදු ගහන්න වගේම ඔ‍ෆිස් වැඩ ටිකත් කරගන්න තමයි.
එතකොට
Graphical desktop එකක්

Web browser  ඉස්සරනං ගිනි නරියයි KDE ලගෙ එකයි විතරයි වගෙ තිබුනෙ ඒත් දැංනං ඕන තරම් මටනම් හොදටම අල්ලලා ගියෙ Google Chrome තමයි.

Productivity tools  නිකං අර Open officeවගෙ එව්වා..

Sound, graphics, and video support  අනිවා.. ගොලුවො බීරෝ වගේ ඉන්නයැ..
Gaming support  (සමහරු හිනාවෙයි ගේම් නෑ ලිනක්ස් වල හරි හැටි එකක් කියලා.. එත් ම්යික්‍රොසොෆ්ට් ගේම් ගොඩක් දැං ලිනක්ස් වල ගහන්න ක්‍රම තියෙනවා.. wine විතරක් නෙවෙයි ඒක පාදක කරගෙන හදපු පට්ට සිරා emulator දැං තියෙනවා.. ඉස්සරහට බලමුකෝ..)
ඔන්න ඔය ගැජට් ටික අනිවා ඕන..

02.Workstation එකක් විදිහටත් පුලුවං.

03.Server එකක් විදිහටත් පුලුවං
 එතකොට ඔන්න ඔය පල්ලෙහා තියෙන ගැජට් එනවා..
Mail services
Routing
Proxy service
FTP service
Web services
Network file system (NFS) (for file sharing)
Storage (e.g., an appliance server)
Database services (for storing client information, for example)

ඔන්න ඒකත් හරි..
 එතකොට මේ ලිනක්ස් අපි අතට එන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් බලමු..
මයික්‍රොසොෆ්ට් හරි ඇපල් වගෙ නෙවෙයි ලිනක්ස් වල කතන්දරේ.. ලිනක්ස් OS එකක් කියන්නෙ අපි ගනිමු Ubuntu, Fedora, Debian...හරි මොකක් කීවත් ඒක  Linux distribution  එකක්.. ඒ කියන්නෙ  මේක ඇතුලෙ තියෙන කෑලි බෑලි (කලින් ලිපියක පිංතූරයක් දාලම පැහැදිලිව දාල තියෙනවා.) එක එක්කෙනා වෙන වෙනම හදපු ඒවා..
 Ubuntu හරි RedHat හරි මොකා උනත් කරන්නෙ එව්වා ගොඩක් එකතු කරල එක පැකේජ් එකක් හදල බෙදා හරින එකයි. එක එකාල එක එක විදියට හදපු පැකේජ් හසුරුවන්න ගියාම ඔන්න ඉතිං ලොක්කෙක් ඕන වෙනවා.. package manager කියල කියන්නෙ එයාට තමයි.. ඔන්න ගොඩක් වැදගත් තැනකට ආවේ.
ඉතිං ඔය කියන හාදයා හින්දා වෙනස් වෙච්ච ප්‍රධාන ලිනක්ස් පවුල් ගොඩක් අපිට දකින්න පුලුවං.. පල්ලෙහා පොඩි විස්තරයක් තියෙන්නෙ උන් ගැන ..

01RPM කස්ටිය
ඉස්සර ලිනක්ස් ලෝකෙ හොල්ලගෙන හිටියෙ මෙයාල තමයි.. මම්ත් ඉස්සර පාවිච්චිකරපු OS මේ පවුලෙ ඒවා..දැං නං debම තමයි. Red Hat package manager තමයි මෙයාලගෙ පැකේජ් හසුරුවන්නේ.. Red Hat, Fedora, CentOS, Suse වගේ ගොඩක් ඉන්නවා මේ පවුලෙත්..

02Debian පවුල..
කියද්දිත් නිකන් ආතල්.. ඉස්සරම මෙයට හිටියේ Debian OS එකයි Xandros
,Linspire, වගෙ ටික දෙනෙක්.. මමත් කාලයක් Xandros පාවිච්චි කරා, නරකම නෑ. ඔහොම ඉද්දි තමයි මෙයාගෙ පවුලෙන් විප්ලවකාරයෙක් ඇවිත් මුලු ලිනක්ස් ලෝකෙම හෙල්ලුවේ.. (දැං ටික ටික windows ලෝකෙත් මෙයා නිසා හෙල්ලෙන්න පටං අරන්..) වෙන කවුරුත් නෙවෙයි ගෙදරටම නිකං ගෙනත් දෙන Ubuntu ලොක්කා.. හරිනම් නොබෙල් දෙන්න ඕන ඉරාකෙට දාගෙන ගහන ඔබාමට නෙවෙයි මෙන්න මෙයාලට..Debian package manager තමයි කස්ටිය පාවිච්චි කරන්නෙ.. එලම එල OS ගොඩක් දැං තියෙනවා.. මමත් පාවිච්චි කරන්නෙ මෙයලගෙ KDE desktop env එන Kubuntu කියන OS එක.. මටනම් ඉහටත් උඩිං.. (වෙලාවකට පොඩි පොඩි වද දෙනවා ඒත් ඉතිං බිල් ගේට්ස් කියන සුද්දට ණයත් නෑ බයත් නෑනෙ)

03.tar.gz/.tgz/Slackware පවුලට package manager කෙනෙක් නෑ tarball or gzip tarball files පාවිච්චි කරල තමයි පැකෙජ් ගොඩ දාන්නේ.. CollegeLinux, VectorLinux ,SLAX , BuffaloLinux කියල අය ඉන්නවා බොරු කියන්න ඕන නෑ මමනං අතගාලවත් නෑ ( අහන්න එපා අනික් ඒව අත ගෑවෙ කොහොමද කියල)
04Source-based distributions
මෙයාල කෙලින්ම source code එකත් එක්ක තමයි වැඩකරන්නෙ.. ඇප නෑ.. Gentoo කියල හාදයෙක් ලාවටවත් අහල නැද්ද..

ඉතිං ඔය කියපු එව්වයෙ සල්ලි වලට දෙන එව්වා පාවිචිචි කරන්න හරි පහසුයි දැං දැං Ubuntu එහෙම ආවට පස්සෙ කෝකත් එක වාගෙ වේගෙන එන්නේ..

දැං නං නිදිමතයි.. අදට ඇති වගේ.. ඊලඟ ලිපියෙන් අපි බලන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරන විදිහ තමයි. ඊට පස්සෙ තමයි රචනා ඉවර වෙලා කෙලි පටන්ගන්න යන්නෙ..
ඇත්තටම මම හිතුවෙ මේක එච්චර තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියල.. ඒත් ප්‍රතිචාර් එක දෙක එද්දි සිරාවටම ගටක් එනවා.. ලිනක්ස් කෙලියනම් හිතන තරම් ලේසියට ඉවර කරන්න බෑ.. මමපුලුවං තරං සරලව හැම දේම වගේ ආවරණය වෙන විදිහට ලියන්න තමයි උපරිම ට්‍රයි කරන්නෙ..
ඉස්සරහට ලිනක්ස් කියන යකාව බැඳගෙන වැඩ ගන්න මන්තර ටිකක් එහෙම ඉගෙන ගන්නත් තියෙනවා.. ඇත්තටම මගෙ ඊලඟ ආසම මාතෘකාව තමයි Networking ඒ කියන්නෙ Cisco, GSM, 3G ,අරවා මෙව්වා ගොඩක් දේවල් ගැන ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.. ඒත්  මේ අල්ලගත්ත ලිනක්ස් කොටි වලිගෙ අතාරින්න තව ගොඩක් කල් යන එක තමයි ප්‍රශ්නෙ.. ලිනක්ස් ගැන තාම හරියට පටං ගත්තෙවත් නෑ කිව්වොත් හරි.. පියවරෙන් පියවර වෙලාව තියෙන විදිහට අපි ඉස්සරහට යමුකෝ..

6 comments:

  1. මේ විස්තර වලට ගොඩාක් ස්තූතියි. තව ලියන්න.

    ReplyDelete
  2. Ela wedak, linux niyameta therenawa, eelanga post eka danakan balan inne. Thanx !

    ReplyDelete
  3. එලකිරි ආ...
    …මගෙන් ආසිරි..

    ReplyDelete