Pages

Tuesday, January 25, 2011

ලිනක්ස් මුල සිටම 02

අද කතාවෙ දෙවෙනි කොටස.. 

ඇත්තටම ලිනක්ස් OS එක හැදිල තියෙන්නෙ මෙන්න මේ විදිහට කිව්වොත් හරි.. මේක තේරුම් ගන්න පහසු විදිහට හදපු ආකෘතියක්..

පල්ලෙහා තියෙන රූපය ටිකක් බැලුවහම ගොඩක් දේවල් තේරෙයි..





නොතේරෙන ටික තව ටිකක් සරල කරල මෙහෙම කියන්නම්කෝ..

HARDWARE
HARDWARE මෙකනම් නොතේරෙන්න විදිහක් නෑ.. අතට අහුවෙන දේවල් ටිකනේ (අතට අහුවෙන හැම දෙම නෙවේ මෙකට අදාල දේවල් ගැන විතරක් හිතන්න) ඔය හාර්ඩ් එක CPU, RAM, අරවා මෙව්වා එකතු වෙලා OS එකක් දුවන්න ඔන කරන තාලෙට හදාපු දේවල් සෙට් එක..

KERNEL
ඊට පස්සෙ KERNEL (හමුදාවෙ එක්කෙනා නෙවෙයි).. මේක OS එකේ හරය කිව්වොත් හරි..(තෙරෙන භාෂාවෙන් කිව්වොත් මදය,බොක්ක අරක මේක ඕන දෙයක්) මෙයාගෙ වැඩේ තමයි SOFTWARE අනෙක් SOFTWARE කස්ටියයි අතරෙ ඕන කරන සම්බන්ධෙ හදල දෙන එක.. SOFTWARE කස්ටිය හිටියට එයාලට කෙලින්ම ගනු දෙනු කරන්න බෑ අර HARDWARE කස්ටියත් එක්ක.. ඇත්තටම කිව්වොත් ලිනක්ස් කියන්නෙ ඔන්න ඔය කෑල්ලට තමයි.අනික්වා ඔක්කොම ඒකට එකතු කරපු කෑලි බෑලි.. add-ons ඕක හැම නිතරම අප්ඩේට් වෙනවා.. http://www.kernel.org/ එකට ගියොත් අලුත්ම එව්වා පරන එව්වා ඔක්කොම ගන්න පුලුවං.. කොහොම උනත් OS එකේ හදවත කියල කිව්වත් හරි ඕකට..

 SHELL
ඔන්න ඉන්නවා ටිකක් අමුතු හාදයෙක්.. SHELL අර යුද්ධ කාලෙ ගහපුවා නෙවෙයි. හැබැයි කරන්න පුලුවං වැඩ බලපුවහම ඒවත් පරාදයි. මෙයාල සෙට් එක තමයි අපේ නියෝග ටික අරගෙන ගිහින්  KERNELට දෙන්නෙ.. මෙයාල command prompt විදිහට හරි script විදිහට හරි පාවිච්චි කරන්න පුලුවන්.. වින්ඩෝස් පාවිච්චි කරද්දි වැඩ කරපු DOS prompt එක මතක නම් මේත් ඒ වගේ ලිනක්ස් ලොක්කගෙ ගැජට් එක කියල තෙරුනානම් හොදටම ඇති..
මේව්වගෙ ගොඩක්ම ප්‍රසිද්ධ කෙනා තමයි bash (Bourne-Again Shell) කියන්නෙ..ඒක original Bourne shell (sh) එක හැඩ වැඩ කරල ගත්ත එකක්..මළා වින්ඩෝස් වල දන්නෙ එක උනාට මේකෙ අමුතු අමුතු එවුන් ඉන්නවා..
තව තියෙනවා..තව තියෙනවා..
එතකොට tcsh කියලත් එකෙක් ඉන්නවා.. එයා  Berkeley UNIX C-shell (csh)එක හැඩ වැඩ කරල ගත්ත එකක්..
  Daemons 
අර එයාත් එක්කම ඉන්නෙ Daemons  සෙට් එක.. යක්කු.. ඒයාල පසුබිමේ ඉදගෙන OS එක දුවන්න ඕන අඩු වැඩිය හදල දෙන කට්ටිය.. background programs කිව්වත් හරි.. යක්කු කිව්වට නරක නෑ.. මතක නැද්ද වින්ඩෝස්වල Services කියල පැත්තකින් දුවන්නෙ ආ.. වින්ඩෝස් වල එහෙම කිව්වට ලිනක්ස් වල කියන්නෙ යක්කු කියල.. බලාගෙන ගියාම ඔය කොයි යකත් එකයි.. (යක්කු කිව්වෙ මතක තියාගන්න ලේසි වෙන්න මිසක් තාක්ෂණික වචනෙ එහෙම නෙවෙයි..) මෙන්න ඉන්නවා ලිනක්ස් වල එහෙම දුවන යක්කු ටිකක්..
01 SMB/Samba, NFS : ෆයිල්/මුද්‍රණ වලට සම්බන්ධ වැඩ කිඩ..
02.LPR, CUPS : මුද්‍රණ වලට සම්බන්ධව..
03.Apache,Tomcat : වෙබ් සර්වර්..
04.BIND : Domain Name Service (DNS) ඒක තමයි.. සිංහලෙනුත්.
05.Sendmail, Postfix : විද්‍යුත් තැපෑල සම්බන්දව..
06.ipchains, Smoothwall, Astaro, Security Linux : ගිනි බිත්තිය... තේරුනේ නෑ නේ... දන්න විදිහට කිව්වොත්  Firewall එක..
07.Squid : Proxy සර්වර්... ඔය වගේ ඒවා තමයි..


Applications and Utilities
ඊට පස්සෙ Applications and Utilities තමයි ඔය A & U කියල දාල තියෙන්නේ.. මෙව්වයෙන් කොරන්න පුලුවන් වැඩේ තමයි මෙහෙයුම් පද්දතිය අපට ඕන විදිහට වැඩ කරවගන්න පුලුවන් එක.. උදාහරණ දැක්කම නියමෙටම තේරෙයි..
01.Vi, Nano : Text Editors (command-line based)
02.Nautilus GNOMEවල, Konqueror KDEවල : ෆයිල් මැනේජ්ර් නිකන් අර වින්ඩෝස් එක්ස්ප්ලෝරා වාගෙ..
03.OpenOffice, KOffice : නමින්ම තේරෙනවනෙ.. ඔ‍ෆිස් වැඩසටහන් සෙට් එක..
05.GIMP : නිකන් පොටෝශොප් වගේ අයිටම් එකක්..
තව ඉතින් කී දාහක්නම් තියෙනවද..


GUI
GUIඑක කියන්නෙ Graphical User Interface කියන එකට.... අතින් නැතුව මවුස් එකෙන් අත පත ගාන හරිය ඔය අනන් මනං කෑලි බෑලි ඔබල වැඩ කරගන්නෙ.. තවත් ඉතිං පැහැදිලි කරන්නනම් තේරෙන්නෙ නෑ.. wrong යන්නෙ නැතුව ටිකක් හිතල බලන්න.. ලිනක්ස් හැම එකකම වාගෙ වැඩ කරන්නෙ XWindows කියන GUI එක..මේකෙන් ගොඩක් වැඩ කිඩ දාන්න පුලුවං.. එයා වැඩ කරන්නෙ X Client කියන කෙනත් එක්ක.. සර්වර් එකක් විදිහට තමයි දුවන්නත් පුලුවං.. එහෙම වැඩ කරන ගමන් වෙන PCඑකක GUIඑක දුවවන්නත් මෙයාට පුලුවන්.. ගොඩක් ඒවගෙ තියෙන X Client එක තමයි Xfree86 කියන්නෙ.. ලිනක්ස් ඉන්ස්ටෝල් කරලහරි තියෙන අයටනම් මෙව්වා ටිකක් දැකල හරි පුරුදුයි නේද?

 Window Manager/Desktop Environment
Window Manager/Desktop Environment එක කරන වැඩේ තමයි අර කිව්ව X Windows ප්‍රතිදානය GUIඑකට ඕන විදිහට හදල දෙන එක.. අපිට ඕනනම් X Windows output එක වෙනස් කරන්න  window manager වෙනස් කරහම හරි.. මෙව්වා ගොඩක් ම තියෙන්නෙ KDE Kommon Desktop Environment හරි GNOME - GNU Object Model Environment හරි  තමයි..


Windows Emulator
තව තියෙනවා Windows Emulator කියල ජාතියක්.. අපිටනම් මෙව්වා ගොඩාක් ප්‍රයෝජනවත්.. මයික්‍රොසොෆ්ට්ලගෙ ගැජට් වැඩ කරන්නෙ නෑනෙ ලිනක්ස් අස්සෙ.. ඒකට කියාපු ජාතිය තමයි මේ.. මෙයාල කරන්නෙ මයික්‍රොසොෆ්ට්ලගෙ සොෆ්ට්වෙයාර්ස් ගොනාට අන්දන එක.. ඒ කියන්නෙ එව්වාට හිතන්න දෙනවා හා අපි දැං ඉන්නෙ වින්ඩෝස් අස්සෙ.... කියල බොරුවට වින්ඩොස් පරිසරයක් හදල දෙන එක මෙයාලට කරන්න පුලුවන්.. wine කියල නොමිලෙම දෙන එකක් තියෙනවා.. ඒක වෙනස් කරල දියුණු කරපු crossover linux කියල එකකුත් තියෙනවා.. අනේ ඒකනම් නිකන් දෙන්නෙ නෑ.. හැබැයි උත්සාහ කරොත් හොර කොපි හොයා ගන්න පුලුවන්.. බැරි උනොත් කියන්න..ලින්ක් එකක් දෙන්න බැරිය..

Boot Loader
අද අන්තිමට කියන්න හදන්නෙ ගොඩාක් වැදගත් එකෙක් ගැන එයා තමයි Boot Loader ඕන OS එකක තියෙනවා.. BIOS ROM එක බූට් කරාට පස්සෙ (අර ඔන් වෙද්දි යන කලු ස්ක්‍රීන් එකෙ යන මගුල් ටික ගියාට පස්සෙ) මෙයා තමයි බූට් පාටිශන් එකෙන් kernel ලොක්කව ගෙන්නනෙ.. වින්ඩෝස් වැඩ කරන්නෙත් මේ විදිහටම තමයි..
ගොඩාක් ඒවාගෙ වැඩ කරන්නෙ LILO (LInux LOader) කියන එකයි GRUB (GRand Unified Bootloader) එකයි තමයි..

 ඉතිං අදට එච්චරයි... ඊලග සැරේ file type ගැන පොඩ්ඩක් බලමු..

5 comments:

  1. කමෙන්ට් ගැන හිතන්න එපා සහෝ, වැඩේ දිගටම කරගෙන යං අපි ඉන්නවා කියවන්න. අපිට කමෙන්ට් කරන්න තරං දැනුමක් නැති එකයි අවුල
    /කුම්භකර්ණයා

    ReplyDelete
  2. එල........වැඩේ දිගටම කරගෙන යං

    ReplyDelete