Pages

Monday, January 24, 2011

ලිනක්ස් මුල සිටම 01

හරි ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ.. linux මුල සිටම සරලව.. පළවෙනියටම කියන්න ඕන කතන්දරේ තමයි මම ලිනක්ස් ගැන සියල්ල දත් කෙනෙක් නෙවෙයි කියන එක.. වැරදි තියෙයි සමහර තැන්වල.. ලිනක්ස් කිව්වහම එක එක්කෙනාගෙ හිතේ එක එක දේවල් තියෙන්න පුලුවන්.. සමහරුන්ට වාතයක්.. සමහරුන්ට ඒක තමයි දෙයියා.. හරියට බිල් ගෙට්ස් එක්ක ඉඩං නඩුවක් තියෙනවා වාගෙ වින්ඩෝස් වලට වෛර කරන්නෙ.. කමක් නෑ කෝකටත් එක්ක අපි යකා කලුද සුදුද කියල හරි පොඩ්ඩක් බලමුකො.. සමහර විට හිතෙයි තුට්‍ටු දෙකට වින්ඩොස් හොර කොපි තියෙද්දි මොකට මේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නවද කියල..ඒකට උත්තරේ පහු පහු වෙද්දි හම්බ වෙන්නෙ නැතෑ..
ලිනක්ස් කියන්නෙත් එක අතකට අබිං කනවා වගෙ වැඩක්.. ටික කාලයක් ගියහම එකට ඇබ්බැහි වෙනවා.. ලිනක්ස් වලට බැන බැන එකම මත්තෙ නැහෙනවා.. ඇත්තටම ලිනක්ස් කියන්නෙ ලෝකෙ වේගයෙන්ම දියුණුවෙන OS එක කිව්වොත් හරි.. ඒ වගෙම ආරක්ශාකාරී .. ඔක්කොටම වඩා නිකන්ම නිකන් ගෙදරටම ගෙනත් දෙන නැත්තං download කරගන්න දෙන මරු භාන්ඩයක්.. (නිකං දෙන දෙමළ පත්තරෙත් හොදයි වගෙම නිකං දෙන අශ්වයාගෙ දත් ගනං කරන්න යන්නත් හොද නෑ කියලත් ඔය ගමංම පොඩ්ඩක් ඔලුවට දාගන්න..)
ලිනක්ස් ආවෙ ඇත්තටම unix OS එක ආශ්‍රය කරගෙන කිව්වොත් හරි.. 1990 ගනංවල අන්තිම කාලෙ තමයි උපදින්නෙ.. වැඩිදුර ඉතිහාසෙ ඉතිං විකිපීඩියා එක පැත්තෙ කරක්ගැහුවොත් හොයා ගත්තෑකි.. ඇත්තටම ලිනක්ස් මේ විදිහට නොමිලේ ආවේ AT&T එක යුනික්ස් එක අශ්ව ගනං වලට දෙන්න ගියාම මල පනපු හාදයෝ ටිකක් යුනික්ස් වලින් ලිනක්ස් හදපු නිසා.. ඕකට කියන්නෙ වැඩිය කන්න ගිය රටේ කොටිය කෑව .......ටේ කියල තමයි..(හිස්තැන පුරව ගන්න1 අකුරු තුනකින් 18+)
ලිනක්ස් ගැන කතා කරන්න කලියෙං සොෆ්ට්වෙයා ලයිෂන් ගැන පොඩ්ඩක් දැන ගත්තොත් හොදයි නේද.. ( එක අතකට ඊයෙ ගහපු සොෆ්ට්වෙයා එකේ හොර කොපිය අද වෙද්දි බාන රටේ ලයිෂන් කන්නද...  ඒ උනාට නීතියත් පොඩ්ඩක් දැන ගනිමු)
ඉංග්‍රීසියෙන් තියෙන තාක්ශණික වචන එහෙම පිටින්ම සිංහලට හරවන්න ගියොත් ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා.. ඒක නිසා අතරින් පතර කඩු කෑලි එකක් දෙකක් තිබ්බට ගනං ගන්න එපා..
01.Open Source - විවෘත කේත
නම වගේම තමයි සම්පූර්ණයෙන් විවෘතයි. source code එක ඕන කෙනකුට ගන්න පුලුවන්. තමුන්ට ඕන ඕන විදිහට වෙනස් කරගෙන තමුන්ගෙ වගෙ පාවිච්චි කරන්න පුලුවන්. (මරු)
02.Closed Source - සංවෘත කේත
source files කාටවත් දෙන්නෙ නෑ. නිශ්පාදකයා ගාව විතරමයි තියෙන්නෙ. එක් එක්කෙනාට ඕන  ඕන විදිහට කිසිම වෙනස් කිරීමක් කරන්න බැ, අනුමැතියක් නැතිව.. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,ඔ‍ෆිස් පැකෙජ් එක,පොටෝශොප්.. අරවා මේවා.. කොච්චරනම් තියෙනව්ද..
03.Freeware - සංවෘත කේත වෙන්නත් පුලුවන් විවෘත කේත වෙන්නත් පුලුවන් සම්පූර්නයෙන් නොමිලේ තමයි දෙන්නෙ.. දංසැල් වාගෙ.
04.Free Software - මේකෙ Free කියන වචනෙට ‍රැවටෙන්න එපා. Free කියන්නෙ නිදහස් කියන්න. ඒ කියන්නෙ කේත සටහන ගන්න පුලුවන් ඒ වගෙම වෙනස් කරන්නත් පුලුවන් හැබයි නොමිලේ නම් නෙවෙයි දෙන්නෙ.
05.Shareware - නොමිලේ තමයි දෙන්නෙ හැබැයි එක්කෝ කප්පදු කරල කෑලි බෑලි කපල නැත්තන් ඔක්කොම එක්ක සීමිත කාලෙකට තමයි දෙන්නෙ. අනිවාර්යෙන් සංවෘත කේත තමයි. කෑලි බෑලි ඔක්කොම එක්ක හමදාටම ඕන නම් ගාන ගෙවල තමයි ගන්න වෙන්නෙ.. පොඩ්ඩක් රහ බලන්න දුන්නට කන්න දෙන්නෙ නෑ..
05.Artistic License - සංවෘත කේතනම් තමයි වෙනස් කරන්න බෙදාහරින්න ඕන දෙයක් කරන්න පුලුවන් හැබැයි යම් යම් සීමා කිරීම් තියෙනවා.. GNU General Public License එක උදාහරනයක්.. Linux  අයිති වෙන්නෙත් මේ ජාතියට තමයි.. ඉතිං මෙන්න මේ විදිහයි එකෙ හැටි..,
#පාවිච්චි කරාට ගානක් ගන්නෙ නෑ.
#ඕන නම් කේත සටහන උනත් දෙනවා.
#ඕන නම් නොමිලෙ ගත්තට පස්සෙ බෙදාහරින්නත් පුලුවන් නොමිලෙම හරි බෙදා හරිනවට කියල ගානක් කඩා වඩා ගන්න උනත් පුලුවන්.. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
#සල්ලිවලට ගත්තත් නිකන් ගත්තත් අරගෙන ඒවා මෙවා කරල ඇණ ගත්තොත් කවුරුත් වග කියන්නෙ නෑ.. නඩුත් නෑ බඩුත් නෑ.. තම තමන්ම තමයි බලා ගන්න ඕන ( මෙකට බය වෙන්න එපා මොකද සල්ලිවලට දෙන ඒවත් ගොඩක් දුරට එහෙම තමයි.. F8 හරි I Agree හරි ගහල කියවන්නෙවත් නැතිව අපි එකග වෙන කොන්දේසි අස්සෙ නිශ්පාදකයට බේරෙන්න ඕන හරිය දාල තියෙන්නෙ.)
#කපල කොටල හදල අරන් පේටන්ට් එකක් උනත් ගන්න පුලුවන්
#තවත් වැඩි විස්තර ඕනනම් මෙන්න පාර linux.org/info/gnu.html
සාමාන්‍යයෙන් ලිනක්ස් (නෙවෙයි ඕන ජරාවක්) install කරන්න කලියෙං මෙන්න මේ ටිකවත් දැනගන්න ඕන කියල තමයි සම්මතය..
01.Software එකේ තියෙන කෑලි බෑලි අරවා මෙව්වා ටික.
02.තාක්ෂණික සහය,Updates, සහ එකට ඕන කරන අනික් අඩු වැඩිය.
03.Install කරන විදිහ, නඩත්තු කරන විදිහ අබලං වෙලා හරි වැඩේ ජෝන් බාස්ට ගියොත් ආයෙම ගොඩ දාගන්න විදිහ..
ඇත්තටම බැලුවම ඕන දෙයක් ගන්න කලිං ඕන කරන්නෙත් ඔය ටිකම නේද...
හරි අපි වෙන වෙලාවක යකාව කෑලි කරල තියෙන්නෙ මොනවද වැඩ කරන්නෙ කොහොමද කියල බලමුකෝ...

9 comments:

  1. මචං එල වැඩක්

    ReplyDelete
  2. උබම විතරයි Linux යකාව කෑලි කරල හරි කියාදන්න පුලුවන්

    ReplyDelete
  3. නියම්යි සහෝ :) ඔහොමයං, අපි ඉන්නවා දිගටම

    ReplyDelete
  4. මම අද ඉදල මේ ලිපි ටික මුල ඉඳල කියවනව...

    ReplyDelete
  5. මචෝ මමත් මේක ඉදල මුල ඉදලම කියවනව.....
    Linux ඉාගනගන්න මාර ඇම්මක් බං තිබ්බෙ. වැඩේ දිගටම කරපං
    අපිව අමාරුවෙ නොදා....
    අපි ඉන්නව උබත් එක්ක...............

    ReplyDelete
  6. elakiri mcho. math dan linux walata abbahi wela inne. hate windows

    ReplyDelete
  7. elazzzzzzzzzzzzzzzzzz
    digatama karan yan

    ReplyDelete
  8. මාත් මචෝ linux blog එකක් පටන් ගත්තා විතරයි හැබැයි සිංහලෙන් නම් කොටන්න
    අමාරැයි....
    http://doorlinux.blogspot.com/

    ඔහොම යමං එළකිරි.....

    ReplyDelete
  9. Elama ela niyama wadak kollo

    ReplyDelete