Pages

Saturday, October 15, 2011

අවාරෙට වැටෙන අඹ

මේ බ්ලොග් එක පටන් ගත්ත දවස්වලනම් හෝ ගාල පොස්ට් වැ‍ටුනට මොකද දැන්නම් එහෙම නෑ කියන්න මමත් පිලිගන්නවා. ඒත් එකට සාධාරණ හේතු තියෙනවා. මේක පටන් ගද්දි මම ඉගෙනගන්නවා ඒ අතරෙ මට අසනීපවෙලා මාස දෙකක් විතර ඇඳට කො‍ටු වෙන්න උනානෙ. කොහොම හරි ඒ එකතැන් වීමෙ ප්‍රතිඵලයක් තමයි මේ.. ඒකෙනුත් යමක් උනානෙ.. හැබැයි මේ වෙද්දි මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා.. පූර්ණ කාලින අධ්‍යාපනය නිමාකරපු මට හිතන්නවත් බැරි තරම් කෙටි කාලයක් තුල හිතන්නවත් බැරි තරම් ඉන්ටවීව් ගානකට මූන දීල ජොබ් එකකුත් සෙට් උනා කියමුකෝ.. කිව්වට මොකද අම්ම තාත්ත දෙන දේ කාල ඉන්න කාලෙට වඩා තමුන්ම හම්බකරගෙන කන්න ගත්තම තමයි ඒකෙ අමාරුව තේරෙන්නෙ. මේ දවස් වලනම් ඇත්තටම ගොඩක් කාර්‍යය බහුලයි.. හැමදේම අලුත් වටපිටාවකට හැඩ ගැහෙන්න කාට උනත් ටික කාලයක් යනවනේ.. මටත් එහෙමයි.. කමක් නෑ මම කරන්නෙ මොනවද වැඩ කරන්නෙ කොහොද කියන කතන්දර වැදගත් නැති නිස මට එතනින් ගොඩාක් ජාති ඉගෙන ගන්න ලැබෙන එකේ ඒව ගැනවත් ඉස්සරහට ලියන්න බලනවා..ඉතින් මේ සටහන ලියාගන්නවත් වෙලාවක් ඇත්තටම අඩුයි..කමක් නෑ අපි ඉක්මනටම හම්බ වෙමු..

7 comments:

  1. ජීවිතේ කියන්නේ හැමදාම අභියෝග වලට මූන දෙන එක නේ...ටික දවසක් යනකොට ඕවා ඇරිලා යයි...ගනං ගන්න එපා...

    ReplyDelete
  2. ජොබ් 1 ගැන අගය කරන්නැතුව ව්ස්තර කියන්න.....

    ReplyDelete
  3. ඔබට තවතවත් ශක්තිය දිරිය ලැබේවා.!!

    ReplyDelete
  4. මම මේ blog එකට ආවේ අහම්බෙන්. ඒ වුනාට class ගිහින්වත් ඉගෙන ගන්න බැරි ගොඩක් ජාති මේකෙන් ඉගෙන ගත්ත. ඔයාගේ blog එක ඉතාමත් වටිනවා සහෝදරයා. ඒකයි මෙහෙම comment කරන්නේ. පුළුවන් නම් දිගටම ලියන්න. ඔබට ජය වේවා!

    ReplyDelete
  5. උබේ බ්ලොගටත් මම කොහෙන්දෝ කඩා පාත් උනේ...එල ඈ මේක.........ඒ නෙට්වර්කින් ගැන උගන්නහන්කෝ බන්.............

    ReplyDelete