Pages

Friday, April 15, 2011

ලිනක්ස් මුල සිටම 21 කොටස

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...! කියල වැඩේ පටන් ගන්නම්.. මොනව උනත් අපේ ඇත්තම අවුරුද්ද ලබන්නෙ ලබන වෙසක් මාසෙ වෙසක් පෝය දවසට කියල කවුරු කවුරුත් හොඳට හිතට ගන්න.. මේ පාර ඒකෙත් ලොකු විෂේශත්වයක් තියෙනවා.. පෝස්ට් වැටෙන වේගය අඩාල වීමට මගෙ කාර්ය බහුලත්වය වග කියන්න ඕන.. අවුරුදු තුනයි මාස තුනක් තිස්සෙ හදාරපු  තව මාස නවයක් බැහැගෙන හදාරන්න තියෙන එක නිසා දැං නහවත් බේරගන්න බෑ..  හරි අපි පුලුවන් පුලුවන් විදිහට ලිනක්ස් යකා කෑලි කරමු.. මම හිතන්නෙ දැං ඔයාලට හොද ආරම්භයක් ලැබිල තියෙන්නෙ.. දැං වැඩේ අල්ලන් යන්න.. මමත් පුලුවන් සප් එකක් දෙනවා.. මෙහෙමම අපි නෙට්වකිං වලට අද හෙටම අත ගහමු..

මේ ලිපිය එහෙම පිටින්ම ලිනක්ස් මුල සිටම 20 කොටසත් එක්ක සම්බන්ධයි.. ඒක නිසා ඒක බලල තමයි මෙව ට්‍රයි කරන්න ඕන.. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වගේනම් පස්සෙ පොඩි උදව්වක් කරන්නම්.. සරල පැහැදිලි රචනාවක් ලියල බලමු.. හරි කොහොම හරි අද අපි බලන්නෙ Viewing Processes Commands ඒකියන්නෙ  Processes ටික බලාගන්න කමාන්ඩ් ටික.. ඕව බැලුව කියල හානියක් වෙන්නෙ නම් නෑ.. ඒක නිසා ඔය කමාන්ඩ් ඇත්තටම ගහ ගහ බලන්න පුලුවන්නම් කට්ටියට ගොඩක් වටිනවා..

ගොඩ වෙලාවට ps command  කමාන්ඩ් එක තමයි මේකට ගන්නෙ.. නමුත් පොඩි පරහක් තියෙනවා මේ ps command  එකේ.. මෙන්න මේකයි කතාව එක එක Linux distributions වල  එක එක versions තියෙන ගතියක් තියෙනව.. කොහොම හරි හැම එකකටම පොදු වෙන විදිහට ඉගෙන ගනිමු.. කලින් වගෙම තමයි මෙන්න බලාගන්න කමාන්ඩ් ටිකයි විස්තර ටිකයි..

# ps
මෙකෙන් දැනට ලොග් වෙලා ඉන්න් user ගෙ සහ  terminal එකට අදාල processes  ටික බලාගන්න පුලුවන්..

#ps -A
හරි
#ps -e
සියලු processes ටික පෙන්නනවා.. මෙතනම තව දෙයක් කියන්නම් වින්ඩෝස් වල වගේ නෙවෙයි ලිනක්ස් වල කමාන්ඩ් ගහද්දි සිම්පල් කැපිටල් වෙන වෙනම තමයි අදුරගන්නෙ.. මෙතන A සහ a කියන්නෙ දෙන්නෙක් විදිහට තමයි එයා අදුරගන්නේ..

# ps -a
අර  foreground processes කියල ජාතියක් කිව්වෙ.. අන්න ඒ ටික බලාගත්ත හැකි. ඇත්තටම එතන  other users  සෙට් එකේ processes  සෙට් එකයි terminal  එකට attached  වෙච්ච් ටිකයි තමයි පෙන්නන්නේ...


#ps -f
මේකෙන් බලාගන්න පුලුවන් processes වල ඔක්කොම විස්තර ටික..

#ps -u
user ID එකට අනුව processes  ටික බලාගන්න පුලුවන්...

 #ps -l
processes  ටික long format එකෙන් බලාගන්න පුලුවන්.. මෙතන තව විස්තර ටිකක් බලාගන්න ඕන.. මෙහෙමයි මෙතන එක එක processes එක ඉන්නෙ මොන තත්වයෙන්ද කියල කියන්න ඒකට අදාල අකුර බලල කියන්න පුලුවන්...
(S) කියන්නෙ process  එක sleeping  කියන එක ..
(r)  කියන්නේ running  කියන එක..
(t) කියන්නෙ වෙන process එකකින් traced  වෙලා කියන එක..
(Z) කියන එකෙන් මේක zombie (Z) process. එකක්ද කියල උනත් අදුරගන්න පුලුවන්..

#ps -x
controlling terminal එකට ඇතුලත් නැති processes  ටික බලාගන්න පුලුවන්.. terminal association එකක් නැතුව  system start up  එකේදිම පටන් ගන්න  daemon processes  ටික බලාගන්න මේක පාවිච්චි කරන්න පුලුවන්...

#ps -aux
අපි උඩ කතා කරපු  -a ,-u ,-x ස්විචස් ඔක්කොම එක පාර දාල ලියල නේද තියෙන්නෙ, බලන්න එතකොට output එක මොකක්ද කියලා..


# pstree
කමාන්ඩ් එක ගැනත් හොදට දැන ගන්න.. ගොඩාක් දුරට  ps -f  කමාන්ඩ් එකට සමානයි.. ලොකුම වාසිය තමයි  hierarchical display  එකක් දෙන එක.. මේක ගොඩක් වටින්නෙ parent/child process relationships වගෙම ඒව තියෙන විදිය ගැන හොද අවබෝදයක් ගන්න පුලුවන් වීම..  මේ පින්තූරෙ බලලම ඉන්නකෝ..




මෙතන -G option එකත් පාවිච්චි කරල තියෙනවා.. ඒකෙන් තමයි solid lines පාවිච්චි කරල VT100 line-drawing characters  කියන ක්‍රමයට පින්තූරෙ ලස්සන කරල තියෙන්නෙ..

තව හොදට බොක්කටම වදින්න common pstree options ටික මෙන්න බලා ගන්න..

-a
processes සෙට් එක launch  කරද්දි පාවිච්චි කෙරුන command line argument  ටික බලාගන්න ස්විච් එක..
-c
identical subtrees පෙන්නන ස්විච් එක..
-G
මෙන්න අර උඩ කිව්ව VT100 line-drawing characters  ගන්න ස්විච් එක..
-p
මේකෙන් ඔය ඔක්කොම එක්ක  PIDs  ටිකත් බලාගන්න පුලුවන්..

__________________________________________________________________________________



#vmstat
කමාන්ඩ් එකෙන් physical and swap memory  තත්වය බලාගන්න ලේසි කරනවා.. බලන්න පින්තූරය.. ඒත් ඒක ඇත්තටම පාවිච්චි කරන්නෙ information on a number of processes බලාගන්න තමයි..

මෙතන එක එක අකුරෙන් පෙන්නන දේවල් විස්තර සහිතව මම පහල දක්වලා තියෙනවා..


r = The number of processes waiting to run.
b = The number of sleeping processes.
w = The number of processes in swap memory.
swpd = The amount of swap memory (in kilobytes).
free = The amount of free physical memory.
buff = The amount of memory used by buffers (in kilobytes).
cache = The amount of physical memory used by caches.
si = The amount of memory (in kilobytes) swapped in from the disk per second.
so = The amount of memory (in kilobytes) swapped out from the disk per second.
bi = The number of blocks sent to block devices per second.
bo = The number of blocks received from block devices per second.
in = The number of CPU interrupts sent per second.
cs = The number of CPU context changes per second.
us = The CPU user time.
sy = The CPU system time.
id = The CPU idle time.

මේ ටික හොදට පුරුදුවෙලා ඉන්න.. ඊලග ලිපියෙන් මේ බලාගත්ත එව්වාට වැඩ කිඩ දාමු.. එහෙනන් හය්යෙන් මතක තියන් ඉන්න.. ලගදීම තව ලිපියකින් හමු වෙමු..

5 comments:

  1. අදත් බලමින් ..ලිපියනම් මට වෙනදා වගේම වටිනවා .

    ඒ මචං උඹ බිබිලද ? බිබිල මැදගම පලාත දන්නවද බං කියපංකෝ

    ReplyDelete
  2. ගම නම් බිබිල.. ඒ උනාට අඩුවෙන්ම හිටියෙත් එහෙ.. මැදගමට බිබිලෙ ඉදල හැතක්ම් හයයි.. ටිකක් දන්නවා.. ඇත්ත කතාවනම් මම අවුරුදු පහකට හයකට විතර මැදගම නම් ගිහින් නෑ.. මොකක් ද වෙන්න ඕන.. පුලුවන් ඕන උදව්වක් කරන්නම්.. බොක්කෙන්ම..
    දැන්නම් බිබිලෙ තමයි ඉන්නෙ.. අවුරුද්දට ගමේ ආව.. හෙට උදෙම කොළඹ යනවා..

    ReplyDelete
  3. නෑ නෑ මේ කෙලි සීන් එකක් බං ...නිකං කීවේ මම උඹට මේල්ලුවක් දාන්නම් හවහට .

    ReplyDelete
  4. මං හිතුවා චීත්තයක් ඇති කියල කොනක හරි උඹේ ප්‍රශ්නෙ... හරි හරි මොකක් හරි කමක් නෑ අපි අපේ උන්ට උදව් නොකර වෙන කවුරු කරන්නද?

    ReplyDelete