Pages

Monday, April 18, 2011

නෙට්වර්කින් නාඩගම (01 කොටස)

ඔන්න අපි කාලයක් තිස්සෙ ලිනක්ස් යකා කෑලි කර කර හිටියනෙ.. ගොඩක් අයට මේක මතක "ලිනක්ස් මුල සිටම" කියන හෙඩිමත් එක්කනෙ.. කොහොමහරි කමක් නෑ කවුරු හරි හිතනවනම් එක අදින් ඉවරයි කියලා එක වැරදියි..ඉස්සර තරම් සීඝ්‍රයෙන් ලිපි වැටෙන්නෙ නෑ කියන එක නම් මාත් පිලිගන්නවා.. ඒකට ඉතින් ගොඩක් හේතු තියෙනවනෙ.. හැමදාම අසනීප වෙලා ඉන්නවනම් සට පට ගාල ලියන්න පුලුවන්.. හික්ස්.. හරි මේ පටන් ගන්න වැඩේ ගැන පොඩි හැදින්වීමක් තමයි මේ කරන්න හදන්නෙ..මේක "නෙට්වර්කින් නාඩගම" කියල පටන් ගත්ත නිසා එවලට ආස නැති අය හිතන්න එපා මේක තනිකරම එහෙමම රචනාවක් කියලා.. මම හිතන් ඉන්නෙ ලිනක්ස් ලිපි පෙළෙදි මගහැරල දාපු ගොඩාක් සරල කියල හිතෙන ඒත් ගොඩාක් අය හරියටම නොදන්න දෑ ගැනත් ගොඩක් සරලව ලියන්න.. හාඩ්වෙයා, සොෆ්ට්වෙයා, පෝර්ට් මෙකී නොකී සියලුම දෑ ගැන සරලව හෙමි හෙමිහිට අපි ඉගෙන ගනිමු..

නෙට්වර්කින් කියන තැනට අපිට හරියටම බහින්න තව ලිපි පනහක් වත් යයි කියල මේ ලිපියෙන්ම මතක තියාගන්න.. ගොඩාක් දුරට මම හිතල තියෙන්නෙ මේක Cisco පැත්තෙන් දක්කගෙන යන්න, ඕන වෙන තැනදි ලිනක්ස්, වින්ඩෝස් කියන චරිත වගෙම සාමාන්‍ය භාවිතයි තියෙන ADSL Router කෑලි උනත් ඇදල දාමු..

කොහොමහරි කමක් නෑ වැඩේ යන විදිහ බලමුකෝ.. ඔන්න අද අපි කතාවට බහින්නයි හදන්නෙ..ප්‍රශ්නයක් නැද්ද ඇයි දෙය්යනේ මේ Networking කියල මලදානයක් ලෝකෙට ආවෙ කියලා? ඒකටනම් මට එක එල්ලේ උත්තරයක් දෙන්න අමාරුයි.. මොකද පැහැදිලි කරන්න ගියොත් තව ගොඩක් වැල් වටාරම් කියන්න වෙන නිසා.. අද ලෝකෙ හැම තැනම මොකක් හරි නෙට්වර්ක් එකකින් කවර් වෙලා නේද තියෙන්නෙ බලාගෙන ගියාම.. අඩුම රේඩියෝ කෑල්ලක් හරි වැඩ කරනවනෙ..මොබයිල් ෆෝන් එක නැතුව වැසිකිලියටවත් යාගන්න බැරි තරමට අද අපි හැමෝම ලෝකෙත් එක්ක සම්බන්ද වෙලා.. හිතන්න එකම එක මැසේජ් එකක් කෝල් එකක් වත් නාවම, මේල් එකක්වත් නැති උනාම.. වැඩිය ඕන නෑ කා එක්ක හරි වචන්වලින් හරි කතා නොකරම දවසම නිකන් මස්තබාල්දු උනා වගේ නේද? ඕකෙ තියෙන වැදගත් කමනම් ආයෙ කවර කතාද?

කෝකටත් කලින් අපි Computer යන්තරේ ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමු..මේක ගැන නම් කියන්න කොච්චර දේවල් තියෙනවද? ඒත් කියන්න ගියාම මොකවත් නෑ.. එක එක හේතු වලට එක එක තැන් වල එක එක විදිහට නානාප්‍රකාර ජාති ජාති වලින් එක එක සයිස් වලට මේවා තියෙනවනෙ.. මේ මොකේ උනත් මෙන්න මේ කොටස් තුන ගැන අපි මුලින්ම අඳුර ගන්න ඕන..

01.Hardware
ඔන්න ඉතින් මෙව්වා අතගාන්න පුලුවන් ජාතියෙ කොටස් කියල මතක තියාගන්න.. (පාඩමට අදාල දේවල් විතරක් හිතුවොත් හොඳයි..) මීට වඩා යමක් මම කියන්න යන්නෙ නෑ..!

02.Operating System.
මේකත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්.. මේකත් ඇත්තටම computer programs වල එකතුවක්.. ඒකෙන් කෙරෙන්නෙ අර කලින් කිව්ව Hardware ටික හසුරුවල වැඩක් කරගන්න පුලුවන් තත්වයට අර කෑලි බෑලි  manage කරගන්න එක තමයි.. මෙයා හරහා අර උඩ කිව්ව ඒවල සියලු සම්පත් පාලනය කරගන්න පුලුවන් කම ලැබෙනවා.. වින්ඩෝස් මුල ඉදල වින්ඩෝස්7 දක්වා එව්වා.. උබුන්‍ටු,කුබුන්‍ටු,රතුතොප්පි ලිනක්ස් අරව මේව්වා ඔක්කොම අයිති වෙන්නෙ මේ ගොඩට තමයි..

03.Application Software
මොකක් හරි විශේෂ වැඩක් කරගන්න පුලුවන් වෙන විදිහට හදපු, අර දෙවෙනියට කිව්ව කෙනා මත දුවන එව්වා තමයි මේ.. ලියුමක් ටයිප් කරගන්න තැන ඉදල, සින්දු අහන,බලන, නෙට් යන තැන ඉදල අන්තර් මහාද්වීපික මිසයිල පවා පාලනය කරන තැන් දක්වා මේව විහිදෙනවා.. අපිට එච්චර උඩ යන්න ඕන නෑ..

මේ රචනාවෙ අපි අදුරගන්න ඕන Local application සහ Network application කියන දෙක වෙන වෙනම පැහැදිලිව..

 Local application  එකක් කියන්නේ දේශීය කියන එක එහෙම නෙවෙයි.. කොම්පුටර් යන්තරේම දාල තියෙන  hard disk එකේ ඉදන් ඒකෙ විතරක් වැඩ කරන ඒව තමයි මේ..
Network application එකක් කිව්වම කතාව ටිකක් වෙනස්.. මේව හදල තියෙන්නේ  network එකක් පුරා වැඩ කරගන්න පුලුවන් වෙන විදිහට..කොටස් දෙකක් අඳුරගන්න පුලුවන්.. කොටසක් මේ local computer එකේමත් තව කොටසක් remote computer එකකත් දුවනවා.. අද ලෝකෙ තියෙන ගොඩාක් ඒවල මේ කොටස් දෙකම අන්තර්ගත වෙලා තියෙනව දකින්න පුලුවන්..

මේ කියන අරුමෝසම් ප්‍රදාන ජාති කීපයක් අඳුරගන්න අපිට පුලුවන්..
01.Mainframes
02.Servers
03.Desktops
04.Workstations
05.Laptops
06.Hand-held portable devices
මේ කියන එක එකක් ඒ අදාල කාර්ය්‍යට අදාල විදිහට තමයි හදල තියෙන්නේ..

අද ආරම්භය නිසා මෙතනින් නවත්තන්න වෙනවා මට ටිකක් නිදිත් මතයි.. අපි ඉස්සරහට බලමු.. මොනව උනත් ලිනක්ස් වලට වඩා මම ආස සබ්ජෙක්ට් එක තමයි මේ.. වැඩ එන්න එන්නම වැඩි වෙන එක තමයි කරුමෙ..ඊලග ලිපිය ලිනක්ස් ගැන බලමු.. මේකත් හෙමිහිට ඇදගෙන යමු..

10 comments:

  1. මම රතී අයියගේ නෙට්වර්කින් පාඩමට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් . අවුලක් නෑ මට තව නෙට්වර්කිං පාඩමක් තියනවානම් වැඩි නෑ . මේ ලියලා තියෙන්නේ මම ආසම මාතෘකාවක් ගැන . මම ලිනක්ස් වලටත් වඩා නෙට්වර්කිං වලට ආසයි .

    ඔයා මේ පාඩම ගොඩක් දුර ගෙනියනවා කියලා මම විස්වාස කරනවා .එහෙමනම් හොඳයි මම තාම දන්නේ වින්ඩෝස් XP වලින් පරිගණක කීපයක් ෂෙයාර් කරන්න විතරයි . මට ඕන නෙට්වර්කිං මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරලා ජාලයක් හදන්න . අන්න ඒවත් මට ඕන ..

    ReplyDelete
  2. නියමයි දිගටම කරන් යන්න

    ReplyDelete
  3. plwanam mata kiyala danako windows 7 lap akui windows xp lap akui network akak hadana plesee (using RJ45)

    ReplyDelete
  4. මචෝ තව ලොකු උදවුවක් ඕන වෙලා තියෙනවා. අපි OFFICE එකේ SERVER එකට දාපු UBUNTU 9.10 එකේ ADITIONAL HARD එකක් තිබුණා. ඒක මම වෙලාවට REFORMAT කරලා NTFS වලට මාරු කළා. දැන් MACHINE එක RESTART වෙද්දී අරක හොයලා නැති නිසා බූට් වෙන්නේ නෑ. 10.04 වල නම් PARTITION එක SKIP කරලා බූට් කරගන්න පුලුවන් නේ. පස්සේ මවුන් කළාම වැ‍ඩේ ඉවරයි. මේකේ ඒකත් ‍බෑ වගේ. කොහොමද මේ අවුල හදා ගන්නේ.
    මට කර ගන්න ඕන එක්කො ඒ හාඩ් එක ‍නැතුව බූට් කර ගැනීම හෝ ඒ හාඩ් එක පරණ DRIVE එක වෙනුවට REPLACE කරලා බූට් කර ගැනීම යන දෙකෙන් එකකුයි.
    මේක GRUB සෙල්ලමක්ද කියලා මට සැකයි.

    පුලුවන්නම් පිළිතුරක් ලබා දෙන්න. බොහොම පිං.

    ReplyDelete
  5. මචෝ උඹ් අහන එක සිරාවටම මට පැහැදිලි නෑ.. බූට් කරන්නෙ වින්ඩෝස්වලින්ද නැත්තන් ලිනක්ස් වලින්මද කියලයි අවුල.. බූට් ලෝඩර් එකේ අවුලක්නම් ඒක එඩිට් කරන්න පුලුවන්.. ඒක ටිකක් විතර සංකීර්නයි වගේ නිසා වින්ඩෝස්වලින් ලොග් වෙනවනම් BCD Edit වගෙ එකක් පාවිච්චි කරන්න.. මෙන්න ලින්ක් එක..
    http://neosmart.net/downloads/software/EasyBCD/EasyBCD%202.0.2.exe

    දැනට හාඩ් කීයක් ගහල තියෙනවද?
    ඒ එක එක හාඩ් එකේ OS තියෙනවද?
    බූට් ලෝඩර් එක මොකක්ද? වින්ඩෝස්ද? ලිනක්ස් GRUB එකද?
    හාඩ් කන්‍ෆිගරේශන් හරිද?
    අමතර හාඩ් එක ගලවල බූට් කරන්න පුලුවන්ද?
    OS එක detect කරන්නෙ නැති එකද අවුල නැත්තන් හාඩ් එක detect කරන්නෙ නැති එකද?

    වින්ඩෝස් බූට් ලෝඩර් එකනම් උඩින් දීල තියෙන ගැජට් එකෙන් එඩිට් කරගන්න.. ලිනක්ස් නම් මෙන්න මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න සරලව තියෙනවා..
    http://grumpymole.blogspot.com/2007/05/ubuntu-how-to-edit-grub-boot-parameters.html

    ReplyDelete
  6. @Maduka
    මේකට අපි නිතර පාවිච්චි කරන Patch cable එකක් දාල බෑ..
    crossover cable එකක් දාන්න ඕන.. හදාගන්න උනත් ලේසියි.. පොඩ්ඩක් youtube එකේ බැලුවොත් වීඩියෝ උනත් බර ගානක් තියෙනවා..

    වින් 7 මැශින් එකේ
    Open Network and Sharing Center

    double-click the Unidentified network‍ icon

    Turn on network discovery and file sharing

    ඒකේ
    ‍තෝරන්න මේ දෙකෙන් එකක්
    •No, make the network that I am connected to a private network

    •Yes, turn on network discovery and file sharing for all public networks

    xp මැශින් එකේ same workgroup වලට දාගන්න.. ආයෙ file and printer sharing ඔන් කරගන්න..

    Start > Control Panel>System and Maintenance >System > Computer Name, Domain, and Workgroup Settings වල change settings ගන්න


    එතන ‍ෆිල් කරගන්න.. එතකොට හරි..

    ReplyDelete
  7. සරලවම prob එක මේකයි. server එකේ තිබුණු අමතර හාඩ් එක හොයනවා දැන් බූට් වෙන කොට. ඒක තිබුණේ opt/ වලට mount කරලා. මට හිතෙන්නේ grub edit කරලා ඒක remove කළා නම් අවුල හරි යයි. ඒක කර ගන්නයි ඕනේ. ubuntu 9.10 තියෙන්නේ.පුලුවන්නම් help එකක් දෙන්න.

    ReplyDelete
  8. podi help akak karana aiya maga computer 2 network hadagna udu wana plwanada oya kiyna da kara hari giya na...plese mata email akka dana plesee........... madukaperera77@gmail.com....( oyta plwanm teamvewer accese karala hadal dana

    ReplyDelete
  9. නෙට්වර්කින් කියල සීන් එකක් ලෝකෙට ආවේ, මිනිස්සුන්ට නැතුවම බැරි, ඔයා කිව්ව වගේ දවසකට කාත් එක්කවත් කතා කරන්න බැරි උනොත් චාටර් වගේ හිතෙන, සන්නිවේදනය (Communication) කියන පහසුකම කොම්පියුටර් වලටත් ලබා දෙන්නයි.

    ReplyDelete