Pages

Tuesday, April 19, 2011

ලිනක්ස් මුල සිටම 22 කොටස

අපි 21 කොටසෙන් බලාගත්තනෙ කොහොමද Process බලාගන්නෙ කියලා.. ඒක ටර්මිනල් එකෙන් එහෙම උනාට, Graphical ගැජට් එහෙමත් තියෙනව කියල දැනගන්න ඕන.. එවනම් එක එක ලිනක්ස් ඒවල එක එක ජාතියෙ ඒවා තියෙනවා.. හරි කොහොමහරි කමක් නෑ අපි ඔය කියන Process බලාගත්තට විතරක් වැඩක් නෑනෙ, එහෙම නේද?

අපි අද බලන්න හදන්නෙ ඒ Process අපිට ඕන කරන විදිහට හසුරුවගන්නෙ කොහොමද කියන එක.. මේකත් කියන්නම ඕන මේ කරන දේවල් වලින් සීයට අනූවකටත් එහා වැඩ Graphical ගැජට් කෑලි වලිනුත් කරන්න පුලුවන් කියන එක.. නැත්තන් කට්ටිය කෑ ගහයි ඕව කරන්න ඔච්චර මැරෙන්න ඕනද ඕකට අරක තියෙනව මේක තියෙනව කිය කියා.. මොනව උනත් ටර්මිනල් එක පුරුදු උනොත් එහෙ මෙහෙ වැනෙන්න ඕන නෑනෙ.. ඒකයි මම කම්මන්ඩ් වලින්ම මේ ඇදගෙන යන්නෙ..


හරි මෙන්න අද දවසෙ බඩු ටික..
#kill PID
මෙතන PID කිව්වෙ  process ID number නම්බර් එකට මිසක PID කියල ටයිප් කරන්න එහෙම නේවෙයි..මේකෙන් වෙන්නෙ අදාල process  එක (අර නම්බර් එකට අදාල එක) නවතින එක.. නමුත් පොල්ලෙන් ගැහුවා වගේ එක පාරටම මග හිටින්නෙ නෑ.. එයාගෙ execution එක පිලිවෙලකට නවත්තල තමයි මෙයා යන්න යන්නේ.. ඒත් එහෙම කියල ඒකට වරු ගනන් ගන්නෙ නෑ.. තත්පර ගානකදි වෙනවා.. මේ උදාහරණය බලන්න..
#kill 6754
#kill -9 PID
හරි

#kill -s SIGKILL PIDමේක අරකට වඩා වෙනස්.. process  එක නතර වෙනවා තමයි, හැබැයි නිකන් පොල්ලකින් ගැහුවා වගේ එක තැනම හිටිනවා.. එයා මොන තත්වයෙන් හිටියත්, මොනව කර කර හිටියත් ඒ කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව එක පාරටම නවත්තල දානවා..උදාහරණය බලන්න..
#kill -9 6754
හරි
#kill -s SIGKILL 6754
මෙන්න ඊලග කමාන්ඩ් එක...

#killall processname
මේකෙදි වෙන්නෙ නමට අදාල ඔක්කොම processes  ටික නවත්තන එක.. උඩදි පාවිච්චි කරේ PID එක නේ.. මේ නම පාවිච්චි කරල කරන විදිහ... උදාහරණය බලන්න...
#killall atd


#xkillමේකත් මරේ මරු අයිටම් එකක්.. GUI එකේ not responding  වෙන උන්ව නවත්තන්නෙ මේකෙන්..
cursor එක පාවිච්චි කරල වහන්න ඕන වින්ඩොව සිලෙක්ට් කරගන්න පුලුවන්..


ps කමාන්ඩ් එක සහ kill කමාන්ඩ් එක ගැන තව දුරටත් දැනගන්න ඕන ටිකක් තියෙනවා.. මේන්න ඒ ටික..
kill කමාන්ඩ් එක පාවිච්චි කරද්දි උඩ එක කමාන්ඩ් එකක 9 පාවිච්චි කරානේද? ඉතින් හිතෙන්නෙ නැද්ද මොකටද ඒක දැම්මෙ කියලා.. ඒකටත් හේතුවක් තියෙනව කොල්ලනේ..  terminate signal  නම්බර් එක තමයි ඒ.. ඒක අංක1 ඉඳල 64 දක්වා තියෙනවා.. 64 මායම් වගේ.. ඔක්කොමනම් කියන්න මන් දන්නේ නෑ.. අනික දැනගත්ත කියල ඒ හැටි වැඩකුත් නෑ.. ටිකක් දාන්නම්.. ඉතින් අර උඩදි දුන්න කමාන්ඩ් එක වෙනස් වෙනවා අංකයට අනුව මෙන්න මෙහෙම..
1 = process  එක නවතිනවා.. නැවතිලා ඒ PID එකෙන්ම අයෙ පටන් ගන්නවා.. රිස්ටාට් වෙනවා කියල කිව්වත් හරි..
2 = මේකෙදි වෙන්නෙ interrupt signal  එකක් යවනවා process එකට. kill සිග්නල් එක තදබල විදිහට නෙවෙයි යන්නෙ. ඒත් අන්තිමට process එක නවතිනවා..
3 = process එක නවතිනවා.. නමුත් memory එකේ තිබුන  process information  ටික හාඩ් එකට දාල තමයි නවතිනව කියන්නෙ..
15 =  process එක gracefully නවත්තනවා.. මේක තමයි සාමාන්‍ය kill සිග්නල් එක..
9 = මෙක මම උඩත් දීලනෙ තියෙන්නෙ.. වෙඩි තිව්වා වගෙ නවතිනවා..


තව ඉතින් තියෙන්නෙ Power Management Commands ටික දැනගන්න විතරයි.. ඒක එච්චර දිග රචනාවක් නෙවෙයි.. ඒකත් දැනගත්තට පස්සෙ අපි ටිකක් විතර දරුණු කතන්දර ටිකක් බලමු Kernel ලොක්ක ගැන එහෙම.. එහෙනන් අපි ගියා..

Monday, April 18, 2011

නෙට්වර්කින් නාඩගම (01 කොටස)

ඔන්න අපි කාලයක් තිස්සෙ ලිනක්ස් යකා කෑලි කර කර හිටියනෙ.. ගොඩක් අයට මේක මතක "ලිනක්ස් මුල සිටම" කියන හෙඩිමත් එක්කනෙ.. කොහොමහරි කමක් නෑ කවුරු හරි හිතනවනම් එක අදින් ඉවරයි කියලා එක වැරදියි..ඉස්සර තරම් සීඝ්‍රයෙන් ලිපි වැටෙන්නෙ නෑ කියන එක නම් මාත් පිලිගන්නවා.. ඒකට ඉතින් ගොඩක් හේතු තියෙනවනෙ.. හැමදාම අසනීප වෙලා ඉන්නවනම් සට පට ගාල ලියන්න පුලුවන්.. හික්ස්.. හරි මේ පටන් ගන්න වැඩේ ගැන පොඩි හැදින්වීමක් තමයි මේ කරන්න හදන්නෙ..මේක "නෙට්වර්කින් නාඩගම" කියල පටන් ගත්ත නිසා එවලට ආස නැති අය හිතන්න එපා මේක තනිකරම එහෙමම රචනාවක් කියලා.. මම හිතන් ඉන්නෙ ලිනක්ස් ලිපි පෙළෙදි මගහැරල දාපු ගොඩාක් සරල කියල හිතෙන ඒත් ගොඩාක් අය හරියටම නොදන්න දෑ ගැනත් ගොඩක් සරලව ලියන්න.. හාඩ්වෙයා, සොෆ්ට්වෙයා, පෝර්ට් මෙකී නොකී සියලුම දෑ ගැන සරලව හෙමි හෙමිහිට අපි ඉගෙන ගනිමු..

නෙට්වර්කින් කියන තැනට අපිට හරියටම බහින්න තව ලිපි පනහක් වත් යයි කියල මේ ලිපියෙන්ම මතක තියාගන්න.. ගොඩාක් දුරට මම හිතල තියෙන්නෙ මේක Cisco පැත්තෙන් දක්කගෙන යන්න, ඕන වෙන තැනදි ලිනක්ස්, වින්ඩෝස් කියන චරිත වගෙම සාමාන්‍ය භාවිතයි තියෙන ADSL Router කෑලි උනත් ඇදල දාමු..

කොහොමහරි කමක් නෑ වැඩේ යන විදිහ බලමුකෝ.. ඔන්න අද අපි කතාවට බහින්නයි හදන්නෙ..ප්‍රශ්නයක් නැද්ද ඇයි දෙය්යනේ මේ Networking කියල මලදානයක් ලෝකෙට ආවෙ කියලා? ඒකටනම් මට එක එල්ලේ උත්තරයක් දෙන්න අමාරුයි.. මොකද පැහැදිලි කරන්න ගියොත් තව ගොඩක් වැල් වටාරම් කියන්න වෙන නිසා.. අද ලෝකෙ හැම තැනම මොකක් හරි නෙට්වර්ක් එකකින් කවර් වෙලා නේද තියෙන්නෙ බලාගෙන ගියාම.. අඩුම රේඩියෝ කෑල්ලක් හරි වැඩ කරනවනෙ..මොබයිල් ෆෝන් එක නැතුව වැසිකිලියටවත් යාගන්න බැරි තරමට අද අපි හැමෝම ලෝකෙත් එක්ක සම්බන්ද වෙලා.. හිතන්න එකම එක මැසේජ් එකක් කෝල් එකක් වත් නාවම, මේල් එකක්වත් නැති උනාම.. වැඩිය ඕන නෑ කා එක්ක හරි වචන්වලින් හරි කතා නොකරම දවසම නිකන් මස්තබාල්දු උනා වගේ නේද? ඕකෙ තියෙන වැදගත් කමනම් ආයෙ කවර කතාද?

කෝකටත් කලින් අපි Computer යන්තරේ ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමු..මේක ගැන නම් කියන්න කොච්චර දේවල් තියෙනවද? ඒත් කියන්න ගියාම මොකවත් නෑ.. එක එක හේතු වලට එක එක තැන් වල එක එක විදිහට නානාප්‍රකාර ජාති ජාති වලින් එක එක සයිස් වලට මේවා තියෙනවනෙ.. මේ මොකේ උනත් මෙන්න මේ කොටස් තුන ගැන අපි මුලින්ම අඳුර ගන්න ඕන..

01.Hardware
ඔන්න ඉතින් මෙව්වා අතගාන්න පුලුවන් ජාතියෙ කොටස් කියල මතක තියාගන්න.. (පාඩමට අදාල දේවල් විතරක් හිතුවොත් හොඳයි..) මීට වඩා යමක් මම කියන්න යන්නෙ නෑ..!

02.Operating System.
මේකත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්.. මේකත් ඇත්තටම computer programs වල එකතුවක්.. ඒකෙන් කෙරෙන්නෙ අර කලින් කිව්ව Hardware ටික හසුරුවල වැඩක් කරගන්න පුලුවන් තත්වයට අර කෑලි බෑලි  manage කරගන්න එක තමයි.. මෙයා හරහා අර උඩ කිව්ව ඒවල සියලු සම්පත් පාලනය කරගන්න පුලුවන් කම ලැබෙනවා.. වින්ඩෝස් මුල ඉදල වින්ඩෝස්7 දක්වා එව්වා.. උබුන්‍ටු,කුබුන්‍ටු,රතුතොප්පි ලිනක්ස් අරව මේව්වා ඔක්කොම අයිති වෙන්නෙ මේ ගොඩට තමයි..

03.Application Software
මොකක් හරි විශේෂ වැඩක් කරගන්න පුලුවන් වෙන විදිහට හදපු, අර දෙවෙනියට කිව්ව කෙනා මත දුවන එව්වා තමයි මේ.. ලියුමක් ටයිප් කරගන්න තැන ඉදල, සින්දු අහන,බලන, නෙට් යන තැන ඉදල අන්තර් මහාද්වීපික මිසයිල පවා පාලනය කරන තැන් දක්වා මේව විහිදෙනවා.. අපිට එච්චර උඩ යන්න ඕන නෑ..

මේ රචනාවෙ අපි අදුරගන්න ඕන Local application සහ Network application කියන දෙක වෙන වෙනම පැහැදිලිව..

 Local application  එකක් කියන්නේ දේශීය කියන එක එහෙම නෙවෙයි.. කොම්පුටර් යන්තරේම දාල තියෙන  hard disk එකේ ඉදන් ඒකෙ විතරක් වැඩ කරන ඒව තමයි මේ..
Network application එකක් කිව්වම කතාව ටිකක් වෙනස්.. මේව හදල තියෙන්නේ  network එකක් පුරා වැඩ කරගන්න පුලුවන් වෙන විදිහට..කොටස් දෙකක් අඳුරගන්න පුලුවන්.. කොටසක් මේ local computer එකේමත් තව කොටසක් remote computer එකකත් දුවනවා.. අද ලෝකෙ තියෙන ගොඩාක් ඒවල මේ කොටස් දෙකම අන්තර්ගත වෙලා තියෙනව දකින්න පුලුවන්..

මේ කියන අරුමෝසම් ප්‍රදාන ජාති කීපයක් අඳුරගන්න අපිට පුලුවන්..
01.Mainframes
02.Servers
03.Desktops
04.Workstations
05.Laptops
06.Hand-held portable devices
මේ කියන එක එකක් ඒ අදාල කාර්ය්‍යට අදාල විදිහට තමයි හදල තියෙන්නේ..

අද ආරම්භය නිසා මෙතනින් නවත්තන්න වෙනවා මට ටිකක් නිදිත් මතයි.. අපි ඉස්සරහට බලමු.. මොනව උනත් ලිනක්ස් වලට වඩා මම ආස සබ්ජෙක්ට් එක තමයි මේ.. වැඩ එන්න එන්නම වැඩි වෙන එක තමයි කරුමෙ..ඊලග ලිපිය ලිනක්ස් ගැන බලමු.. මේකත් හෙමිහිට ඇදගෙන යමු..

Friday, April 15, 2011

ලිනක්ස් මුල සිටම 21 කොටස

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...! කියල වැඩේ පටන් ගන්නම්.. මොනව උනත් අපේ ඇත්තම අවුරුද්ද ලබන්නෙ ලබන වෙසක් මාසෙ වෙසක් පෝය දවසට කියල කවුරු කවුරුත් හොඳට හිතට ගන්න.. මේ පාර ඒකෙත් ලොකු විෂේශත්වයක් තියෙනවා.. පෝස්ට් වැටෙන වේගය අඩාල වීමට මගෙ කාර්ය බහුලත්වය වග කියන්න ඕන.. අවුරුදු තුනයි මාස තුනක් තිස්සෙ හදාරපු  තව මාස නවයක් බැහැගෙන හදාරන්න තියෙන එක නිසා දැං නහවත් බේරගන්න බෑ..  හරි අපි පුලුවන් පුලුවන් විදිහට ලිනක්ස් යකා කෑලි කරමු.. මම හිතන්නෙ දැං ඔයාලට හොද ආරම්භයක් ලැබිල තියෙන්නෙ.. දැං වැඩේ අල්ලන් යන්න.. මමත් පුලුවන් සප් එකක් දෙනවා.. මෙහෙමම අපි නෙට්වකිං වලට අද හෙටම අත ගහමු..

මේ ලිපිය එහෙම පිටින්ම ලිනක්ස් මුල සිටම 20 කොටසත් එක්ක සම්බන්ධයි.. ඒක නිසා ඒක බලල තමයි මෙව ට්‍රයි කරන්න ඕන.. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වගේනම් පස්සෙ පොඩි උදව්වක් කරන්නම්.. සරල පැහැදිලි රචනාවක් ලියල බලමු.. හරි කොහොම හරි අද අපි බලන්නෙ Viewing Processes Commands ඒකියන්නෙ  Processes ටික බලාගන්න කමාන්ඩ් ටික.. ඕව බැලුව කියල හානියක් වෙන්නෙ නම් නෑ.. ඒක නිසා ඔය කමාන්ඩ් ඇත්තටම ගහ ගහ බලන්න පුලුවන්නම් කට්ටියට ගොඩක් වටිනවා..

ගොඩ වෙලාවට ps command  කමාන්ඩ් එක තමයි මේකට ගන්නෙ.. නමුත් පොඩි පරහක් තියෙනවා මේ ps command  එකේ.. මෙන්න මේකයි කතාව එක එක Linux distributions වල  එක එක versions තියෙන ගතියක් තියෙනව.. කොහොම හරි හැම එකකටම පොදු වෙන විදිහට ඉගෙන ගනිමු.. කලින් වගෙම තමයි මෙන්න බලාගන්න කමාන්ඩ් ටිකයි විස්තර ටිකයි..

# ps
මෙකෙන් දැනට ලොග් වෙලා ඉන්න් user ගෙ සහ  terminal එකට අදාල processes  ටික බලාගන්න පුලුවන්..

#ps -A
හරි
#ps -e
සියලු processes ටික පෙන්නනවා.. මෙතනම තව දෙයක් කියන්නම් වින්ඩෝස් වල වගේ නෙවෙයි ලිනක්ස් වල කමාන්ඩ් ගහද්දි සිම්පල් කැපිටල් වෙන වෙනම තමයි අදුරගන්නෙ.. මෙතන A සහ a කියන්නෙ දෙන්නෙක් විදිහට තමයි එයා අදුරගන්නේ..

# ps -a
අර  foreground processes කියල ජාතියක් කිව්වෙ.. අන්න ඒ ටික බලාගත්ත හැකි. ඇත්තටම එතන  other users  සෙට් එකේ processes  සෙට් එකයි terminal  එකට attached  වෙච්ච් ටිකයි තමයි පෙන්නන්නේ...


#ps -f
මේකෙන් බලාගන්න පුලුවන් processes වල ඔක්කොම විස්තර ටික..

#ps -u
user ID එකට අනුව processes  ටික බලාගන්න පුලුවන්...

 #ps -l
processes  ටික long format එකෙන් බලාගන්න පුලුවන්.. මෙතන තව විස්තර ටිකක් බලාගන්න ඕන.. මෙහෙමයි මෙතන එක එක processes එක ඉන්නෙ මොන තත්වයෙන්ද කියල කියන්න ඒකට අදාල අකුර බලල කියන්න පුලුවන්...
(S) කියන්නෙ process  එක sleeping  කියන එක ..
(r)  කියන්නේ running  කියන එක..
(t) කියන්නෙ වෙන process එකකින් traced  වෙලා කියන එක..
(Z) කියන එකෙන් මේක zombie (Z) process. එකක්ද කියල උනත් අදුරගන්න පුලුවන්..

#ps -x
controlling terminal එකට ඇතුලත් නැති processes  ටික බලාගන්න පුලුවන්.. terminal association එකක් නැතුව  system start up  එකේදිම පටන් ගන්න  daemon processes  ටික බලාගන්න මේක පාවිච්චි කරන්න පුලුවන්...

#ps -aux
අපි උඩ කතා කරපු  -a ,-u ,-x ස්විචස් ඔක්කොම එක පාර දාල ලියල නේද තියෙන්නෙ, බලන්න එතකොට output එක මොකක්ද කියලා..


# pstree
කමාන්ඩ් එක ගැනත් හොදට දැන ගන්න.. ගොඩාක් දුරට  ps -f  කමාන්ඩ් එකට සමානයි.. ලොකුම වාසිය තමයි  hierarchical display  එකක් දෙන එක.. මේක ගොඩක් වටින්නෙ parent/child process relationships වගෙම ඒව තියෙන විදිය ගැන හොද අවබෝදයක් ගන්න පුලුවන් වීම..  මේ පින්තූරෙ බලලම ඉන්නකෝ..




මෙතන -G option එකත් පාවිච්චි කරල තියෙනවා.. ඒකෙන් තමයි solid lines පාවිච්චි කරල VT100 line-drawing characters  කියන ක්‍රමයට පින්තූරෙ ලස්සන කරල තියෙන්නෙ..

තව හොදට බොක්කටම වදින්න common pstree options ටික මෙන්න බලා ගන්න..

-a
processes සෙට් එක launch  කරද්දි පාවිච්චි කෙරුන command line argument  ටික බලාගන්න ස්විච් එක..
-c
identical subtrees පෙන්නන ස්විච් එක..
-G
මෙන්න අර උඩ කිව්ව VT100 line-drawing characters  ගන්න ස්විච් එක..
-p
මේකෙන් ඔය ඔක්කොම එක්ක  PIDs  ටිකත් බලාගන්න පුලුවන්..

__________________________________________________________________________________



#vmstat
කමාන්ඩ් එකෙන් physical and swap memory  තත්වය බලාගන්න ලේසි කරනවා.. බලන්න පින්තූරය.. ඒත් ඒක ඇත්තටම පාවිච්චි කරන්නෙ information on a number of processes බලාගන්න තමයි..

මෙතන එක එක අකුරෙන් පෙන්නන දේවල් විස්තර සහිතව මම පහල දක්වලා තියෙනවා..


r = The number of processes waiting to run.
b = The number of sleeping processes.
w = The number of processes in swap memory.
swpd = The amount of swap memory (in kilobytes).
free = The amount of free physical memory.
buff = The amount of memory used by buffers (in kilobytes).
cache = The amount of physical memory used by caches.
si = The amount of memory (in kilobytes) swapped in from the disk per second.
so = The amount of memory (in kilobytes) swapped out from the disk per second.
bi = The number of blocks sent to block devices per second.
bo = The number of blocks received from block devices per second.
in = The number of CPU interrupts sent per second.
cs = The number of CPU context changes per second.
us = The CPU user time.
sy = The CPU system time.
id = The CPU idle time.

මේ ටික හොදට පුරුදුවෙලා ඉන්න.. ඊලග ලිපියෙන් මේ බලාගත්ත එව්වාට වැඩ කිඩ දාමු.. එහෙනන් හය්යෙන් මතක තියන් ඉන්න.. ලගදීම තව ලිපියකින් හමු වෙමු..

Tuesday, April 5, 2011

ලිනක්ස් මුල සිටම 20 කොටස

අන්තිම පෝස්ට් එක දැම්ම දවසවත් මට මතක නෑ.. ICC World Cup එක වෙනුවෙන් දවස් ගානක් නාස්ති උනානෙ. අන්තිමට වෙච්ච දේකුත් නෑ.. ඊටපස්සේ එක දිගට කරදර වැලක් ආව නිසා මුකුත්ම කරගන්න වෙලාවක් තිබුනේ නෑ.. කට්ටිය බය උනේ නෑනෙ ලිනක්ස් මුල සිටම අතරමග හිට්ටා කියල එහෙම?බයවෙන්න එපා මේවා එහෙම හිටින්නේ නෑ..

ආ තව දෙයක් මමත් ආව සිහින බක් මහ සීන් එකට.. ඒක ගැන ගොඩක් අය කතා කරල තියෙන නිසා මම මෙතන අමුතුවෙන් පට්ට ගහන්න ඕන් නෑනෙ..ඒක නිසා වැල් වටාරම් නවත්තල අපි කෙලින්ම වැඩෙට බහිමු...

අද කතාව Managing Processes ගැන තමයි..
මෙතන කතා කරන්න තියෙන්නෙ ඔය කියන  Processes and Applications පාලනය කරගන්න එක තමයි.. ඒක Service එකක් වෙන්නත් පුලුවන්.. එහෙම නැතුව Application එකක් වෙන්නත් පුලුවන්... මොනව උනත් ඔය ඔක්කොම System එක අඳුරගන්නෙ Process ID (pid) එකෙන් තමයි.. ඒකේ එක එක එක්කෙනාට ආවේනික වෙච්ච pid එක ගානෙ තියෙනවා.. ඉතින් ඒක් කරන්නෙත් OS එකෙන්ම තමයි.. අපි මෙතන processes කිය කියා කෑ ගහන එක් ඇත්තටම program එකක් තමයි.. එයාල memory and in the CPU කියන දෙකේම දුවනවා.. ලිනක්ස් වල අපි මෙව්වා ජාති දෙකක් අඳුරගන්න ඕන..


01.)User processes
මේවා ඇත්තටම Users ල program file එකක්  execute කරාම තමයි හැදෙන්නෙ..
උදාහරණයක් කිව්වොත් ඔයාල shell command එකක් execute  කරහම මේ කියන ජාතියෙ එකක් තමයි ආරම්භ කරන්නෙ..


02.)Daemon processes
අපි මුලම හරියෙ පාඩමක කතා කරා මෙයාල ගැන.. යක්කු කියල කිව්වෙ.. මතකද දන්නෙ නෑ.. මේවනම් රන් කරන්නේ system එකෙන්ම තමයි..ගොඩක් වෙලාවට system boot up වෙනකොටම තමයි.. ඕන නම් manually කරන්නත් පුලුවන්..

මේවා තවත් විදිහකට අඳුරගන්න පුලුවන්,

01.)Foreground processes
මේවා terminal එකට attached වෙලා ඒකෙ තමයි දුවන්නෙ..

02.)Background processes
මේවත් එක්ක සහ සම්බන්ද වෙන එකනම් ටිකක් සීමා සහිතයි.. මේවටම job කියලත් කියනව කියල හොඳට මතක තියාගන්න හරිද?
හරි.. දැං කතාව තවත් පැත්තකට හරවගනිමු.. අපි කලින් කතා කරානෙ pid කියල එව්වා ජාතියක් ගැන..අපි තව ටිකක් පැහැදිලි කරගනිමු ඕක..


01.)The process ID (PID) එකකින් එක එක  process එක uniquely අඳුරගන්නවා.. System-started processes  වලට ගොඩාක් වෙලාවට ටිකක් අඩු අංකයක් තමයි ලැබෙන්නේ.. user-started processes  වලට ටිකක් ඉහල අගයක අංකයක් එනවා..

02.)The parent process ID (PPID) කියල ජාතියකුත් තියෙනවනෙ.. ඒව ඇත්තටම නමේ විදිහටම තමයි හැසිරීමත්..

03.) ඒ එක්කම  job number එකකුත් භාවිතා වෙනවා  running job අඳුරගන්න..


processes ටික manage කරගන්න ගියහම PIDs, PPIDs, and job numbers  කියන ඒව ගොඩාක් වැදගත් වෙනවා.. මේව භාවිතාකරල processes අඳුරගන්න විතරක් නෙවෙයි, ඒවට commands රන් කරන්න.. ඒව නවත්තන්න වගේ ගොඩාක් වැඩ කිඩ දාන්න පුලුවන්.. මතකනෙ අපි මේ ලිනක්ස් යකා බැඳගෙන වැඩ ගන්න නේ හදන්නෙ.. ඉතින් උට වැඩ කරන යන්තර මන්තර වැඩිපුර දන්න තරමට ඌව මට්‍ටු කරගන්න එක ලේසියි..

අපි මීට කලින් කතාකරපු Init කියන එක තමයි system එකෙන් පටන් ගන්න  first process එක වෙන්නෙ.. එයාගෙන් තමයි අනික් ඔක්කොම බෙදිල විහිදිල යන්නෙ..
  • එතකොට එක Processes එකකට පුලුවන් තව Processes එකක් පටන් ගන්න..
  • එක Processes එකක් නවත්තන්න නම් kill command  එක ගහන්න ඕන process ID number එකත් එක්ක..
  • මේකත් මතක තියාගන්න මොකක් හරි process එකක් නැවැත්තුවොත් එයාගෙ ළමයි ටික ඒ කියන්නේ child processes  ඔක්කොම ටිකත් ඒ එක්කම හිටිනව.. ඕන නම් මොකක් හරි child processes  එකක් ඉතුරු කරල අනික්වා නවත්තන්නත් පුලුවන් ක්‍රම තියෙනවා..
  • Core processes  වලට අනිවා  lowest pid numbers  තමයි තියෙන්නෙ..
  • zombie process කියල ජාතියක් තියෙනවා... එයාලට  parent process එකක් නෑ.. මේක වෙන්නෙ parent process  එකට  child processes  එක හරියට නවත්තගන්න බැරි උනාම..

 Processes Commands කොටස් තුනකට කඩා ගන්න පුලුවන්..
01.)Viewing Processes Commands
 කියෙව්වම තේරෙනවනේ.. බලාගන්න පාවිච්චි කරන ඒව..
02.)Process Management Commands
03.)Power Management Commands
කියල තමයි ඒ..


මොකද කියන්නෙ කොල්ලනේ.. අපි ඒ ටික වෙන වෙනම ලිපි ටිකකින් ලස්සනට ඉගෙන ගනිමු නේ...
දැන්නම් නහටත් අඟල් දෙක තුනක් උඩට වතුර ඇවිත් එරිල ඉන්නේ.. වෙලාව ලැබෙන ලැබෙන විදිහට ලියන්නේ.. අපි මේ පටන් ගත්ත කතාව පිලිවෙලකට ඊලඟ ලිපි සෙට් එකෙන් බලා ගනිමු.. කමෙන්ට් දාන, මේල් දාන, මාව දිරිමත් කරන ඔය හැමෝටම ගොඩක් ස්තූතියි.. එහෙනම් අපි ආයෙමත් අලුත් දෙයක් එක්ක හම්බ වෙමු..